නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම

අපේ රටේ, අවුරුදු දෙදහස් පන්සියකට එහා සිට පැවත එන විශිෂ්ට අධ්‍යාපනයක් තිබුණා. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍යයන්ගේ විෂය මූලික, න්‍යායාත්මක කරුණුවලට යට වෙලා විශිෂ්ට අධ්‍යාපනය හානියට පත් වුණා. 1948 වෙන කොට අපට ඉතිරි වෙලා තිබුණේ ඉංග්‍රිසින් විසින් මෙරටට හඳුන්වා දුන් අධ්‍යාපනයයි. එහෙත් අවුරුදු හැත්තෑ හතරක් ගිහිල්ලත්, අපේ ම අධ්‍යාපනයක් මෙරට ක්‍රියාත්මක කරන්න තව […]
2023 මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කෙරෙනවා ද

ඉදිරියේ දී පාසල් විෂයමාලාව ප්‍රතිසංස්කරණය වීමට නියමිත බව පැවසෙනවා? පාසල් විෂයමාලාව ප්‍රතිසංස්කරණය කරනව නම් එහෙම කරන්න සිදු වෙලා තියෙන්නෙ ඇයි කියන එක තමයි මූලික ම ගැටලූව වෙන්නේ. පවතින විෂයමාලාව නරක හෝ දුර්වල විෂයමාලාවක් නෙවෙයි. යම් යම් අඩුපාඩු සකසා ගන්න, ඒ කියන්නෙ අදාළ විෂයමාලාව ඉගෙන ගෙන පාසලින් පිට වන පිරිස අතර බාහිර කාර්යක්ෂමතාව දුර්වලකම් නැති කරන්න […]
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී පාර්ශ්වකරුවන් කරගත යුත්තේ කවුරුන් ද

අපි 21 වැනි සියවසේ තෙවැනි දශකයේ ජීවත් වෙමු. අපේ අධ්‍යාපන ක්‍රමය කාලයේ තාලයට ගළපා ගත යුතු ව තිබේ. එනිසා ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අවශ්‍යතාවකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවේදී විෂයයක් බව තේරුම් ගැනීම අසීරු නැත. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ බොහෝ අවස්ථාවල දී මතු වූ අභියෝග විමසා බැලීමෙන්, මේ තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා ගත […]
ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය සහ ලාංකේය සාම්ප්‍රදායික අධ්‍යාපන උරුමය

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යනු කුමක් ද? මෙම සංකල්පයේ පදනම වන්නේ ‘ඉගෙනීම’ යන පදයේ නිර්වචනයයි. තත්කාලීන අර්ථකථනවලට අනුව ඉගෙනීම යනු “අවබෝධය, අත්හදා බැලීම් සහ අත්දැකීම්වලින් රැස් කර ගත යුතු කුශලතාවක්” විනා කෙනෙකු විසින් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කළ හැකි අමුද්‍රව්‍යයක් නො වේ. ඉගෙනීම, ගුරුවරයකුගෙන් ශිෂ්‍යයකුට නිෂ්ක්‍රීය ව ගලා යන අමුද්‍රව්‍යයක් නම්, ශිෂ්‍යයන් කණ්ඩායමක් පන්ති කාමරයක සිර කර, […]
නිදහස් අධ්‍යාපනය සමඟ බැදුණු සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර නාමය

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර 1931 – 1947 යටත් විජිත පාලන යුගයේ අවසාන දශකයේ රාජ්‍ය මන්ත්‍රණ සභා දෙකෙහි අධ්‍යාපන ඇමතිවරයා විය. එම වකවානුව, එතෙක් ශත වර්ෂයකට වැඩි කාලයක් පැවති යටත් විජිත අධ්‍යාපන ප්‍රතිපත්තිවල හැරවුම් ලක්ෂයක් විය. මීට සමාන්තර ව 1931 දී සර්වජන ඡන්ද බලය හිමිවීම ද සටහන් කිරීම වැදගත් ය. 1939 දී ඉදිරිපත් කළ අධ්‍යාපන පනත […]
සංස්කාරක සටහන – පශ්චාද් ගෝලීය කොරෝනා වසංගතය සහ අධ්‍යාපනය

පශ්චාද් ගෝලීය කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපනය පෙළ ගැස්විය යුතු උපාය මාර්ගික ප්‍රවේශය සහ එහි දිශානතිය පිළිබඳ ව සාකච්ඡා කිරීමට මෙවර ගවේෂණ කලාපය වෙන් කොට ඇත. පූර්ව ළමා වියේ සිට මරණ මංචකය දක්වා වූ යාවජීව අධ්‍යාපනය පිළිබඳ ව පුළුල් සහ ගැඹුරු සාකච්ඡාවක් සමාජගත කිරීම එහි අරමුණයි. ගෝලීය කොරෝනා වසංගතය විසින් සමස්ත ලෝකය ම කරකවා අත හැර […]