මෙරට දේශීය සංගීත කලාව ගොඩ නැංවීමේ සුවිශේෂ ම පුරෝගාමියකු ලෙස ‘ආනන්ද සමරකෝන්’ හැදින්වීම අවිවාදිත ය. විසි වන ශතවර්ෂයේ මැද භාගය ආසන්න වන තෙක් ඉන්දියානු සම්ප්‍රදායට නතු ව තිබූ මෙරට ගීත කලාව අපට ම ආවේණික ගීත කලාවක් බවට පත් කරන්නට පසුබිම සැකසුණේ එක්දහස් නමසිය හතළිස් ගණන්වල පමණ සමරකෝන් කලාවේදියාගේ දේශීය උරුවට නිමැවුණු ගීත සම්ප්‍රදායෙන් ඇති වූ ප්‍රබෝධයත් සමග ය.
1940 දී සමරකෝන්, ‘එන්ඩ ද මැණිකේ මමත් දියඹටා කඩන්න කෙකටිය මල්’ නමින් ශ්‍රී ලංකාවට ආවේණික වූ සංගීතමය ආකෘතියේ ගීතයක් එළි දැක්වූවේ ය. ආදරය තේමා කර ගත් එම ගීතය, ගමක තරුණ ගැහැනු ළමයකු හා පිරිමි ළමයකු අතර ඇති වන දෙබසක් ආකාරයට දිග හැරෙන අපූර්ව ගීතයකි. දේශීය ඌරුවට නිමැවුණු එම ගීතය එකල ගීත රසික සමාජය ඉතා ඉක්මනින් වැළඳ ගත්තේ ය. ඉන් ඇති වූ ප්‍රබෝධයත් සමග සමරකෝන් විසින් පසු ව නිර්මාණය කළ ‘ඇසේ මධුර ජීවනයේ ගීතා’, ‘බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ’, ‘නමෝ නමෝ මාතා’, ‘විලේ මලක් පිිපිලා කදිමයි’, ‘පුංචි සුදා සුදු කැටියා’, ‘කොයිබද උදයේ’, ‘පුදමු මේ කුසුම්’, පොඩිමල් එතනෝ සුරතල් එතනෝ’ වැනි ගීත ද රසිකයාට සෞන්දර්යය හා ජීවන මාධුර්යය එක් කළේ ය. ඒ සෑම එකක් ම එක සේ ජනප්‍රිය විය.
යටත් විජිත සමයේ අපි මුහුණ දුන් ඛේදනීය සිදුවීම් අළලා දේශාභිමානී ගීත රැුසක් ද ඔහු විසින් ලියා ඇත. ‘රම්‍ය නගරේ අනුරාධපුරේ’, ‘දෙව්දුවණිය නිදහසේ’ ඒ සඳහා කදිම නිදසුන් ය. ‘නමෝ නමෝ මාතා’ ගීතය දේශාභිමානි ගීතයක් වශයෙන් කොතරම් ජනප්‍රියත්වයට පත් වී ද යත් එය ශ්‍රී ලංකාවේ ‘ජාතික ගීය’ ලෙස 1951 දී නිල වශයෙන් පිළිගන්නා ලදී.
එතුමා හොඳ චිත්‍රපට ගී තනු නිර්පාකයෙක් මෙන් ම පසුබිම් ගායකයකු ද වේ. ‘කෙල්ලනි නුඹලා දන්නේ නටන්නයි (සැඩ සුළං)’, ‘මන රංජන දර්ශනීය ලංකා (සුජාතා), ‘ජීවන මේ ගමන සංසාරේ (සැඩ සුළං)’, ‘පෙම් කැකුළ පිපී එනවිට මහදේ (සැඩ සුළං)’ යන ඔහු රචනා කළ ගීත තවමත් රසික සිත් සතන් අතර ළබැඳි ගීත වේ. ලේඛකයෙක් ලෙස ද ඔහු ‘සිළුමිණ’, ‘ලංකාදීප’ පුවත්පත්වලට ලිපි ලිවී ය. එමෙන් ම ගුවන් විදුලි සරල ගී වැඩසටහන් ද නිෂ්පාදනය කළේ ය. චිත්‍ර ශිල්පයෙන් ද ඉමහත් දක්ෂතා දක්වා ඇති හෙතෙම ඉන්දියාවේ ගත කළ සමයේ චිත්‍ර ප්‍රදර්ශන රාශියක් පවත්වා ඇති බැව් කියවේ.
ඔහුගේ ගීත රචනා ජන සාහිත්‍යයෙන් ආභාසය ලැබ රචිත අව්‍යාජ නිර්මාණ ය. එතුමා විසින් ඔසවා තබන ලද දේශීයත්වය පණ පෙවුණු ස්වතන්ත්‍ර ගී තනු කලාව පසුකාලීන ව විශාරද සුනිල් ශාන්තයන් සහ පණ්ඩිත් අමරදේවයන් විසින් ඉදිරියට ම ගෙන ආහ. අද වන විට ද මෙරට සංගීත ක්ෂේත්රයේ මහා සංගීතවේදීන් තිදෙනා ලෙස හැදින්වෙන්නේ ‘ආනන්ද සමරකෝන්’, ‘විශාරද සුනිල් ශාන්ත’ සහ ‘පණ්ඩිත් අමරදේව’ යන තිදෙනා ය.
ආනන්ද සමරකෝන් මහතා ඉපදී ඇත්තේ 1911 ජනවාරි 13 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශයේ ලියන්වල නම් ගමේ දී ය. ඔහු සිවු දෙනකුගෙන් යුත් පවුලේ තෙවැන්නා විය. පියා ලිපිකරුවකු වූ අතර, මව ගුරුවරියක් වූවා ය. 1936 දී ඔහු ඉන්දියාවට ගොස් ශ්‍රේෂ්ඨ ඉන්දියානු සංගීතඥයකු වන රබීන්ද්‍රනාත් තාගොර් තුමාගේ ආභාෂය ලබා ගනී. ‘නන්දලාල් ගෝස්’ චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍ර ශිල්පය ද හැදෑරී ය. 1937 දී ලංකාවට පැමිණ පාසල් කිහිපයක චිත්‍ර හා සංගීත ශිල්පියකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු ගීත රචනයට එළැඹෙන්නේ එකල වඩාත් ප්‍රචලිත ව තිබූ ගැමෆෝන් ගී තනුවලට සින්දු ලිවීමෙනි. 1939 දී ඔහු H. M. V. තැටි සඳහා ගීත ගැයූ ගායකයෙකි. මෙරට නාඩගම්, නූර්ති, ටීටර්වලින් පසු ව උදා වූ ග්රැමෆෝන් ගී යුගයේ දී ද හින්දි, දෙමළ, බෙංගාලි ගී තනු කොපි කිරීම අඛණ්ඩ ව සිදු කෙරුණේ ය. ආනන්ද සමරකෝන් සංගීත ක්ෂේත්රයට පිවිසෙන්නේ මෙබඳු කොපි ගීත කලාවක උත්කර්ෂවත් අවස්ථාවේ ය. ඔහු එම කොපි ගීත කලාවේ උත්කර්ෂය මැඩ පවත්වා ස්වතන්ත්‍ර ගී තනු කලාව උත්කර්ෂයට නැංවූහ. ආනන්ද සමරකෝන් මහතා ගේය පද කාව්‍යයෙන්, ගී තනුවෙන්, ගායනයෙන් පමණක් නො ව චිත්‍ර ශිල්පයෙන් ද සමත්කම් දැක්වූ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියෙකි. අලූත් දේ සොයමින් අපේකම ඉස්මතු කරලූ සංගීතවේදියා ලෙසින් ද එතුමා ගරුබුහුමන් ලබයි.
පළමු විවාහය අසාර්ථක වී දෙ වන විවාහයෙන් උපන් පුතා මිය ගිය සොවෙන් ඔහු නැවත ඉන්දියාවට ගිය බව පැවසේ. ඔහු මිය යන්නේ 1962 අපේ‍්‍රල් මස 06 වන දින දී ය. ඒ ජාතික ගීයේ ප්‍රශ්නයක් නිසා නිදිපෙති බී අසාධ්‍ය වීමෙන් යැයි කියනු ලැබේ. ලාංකේය කලා ක්ෂේත්රයට ඔහුගේ මරණය මහත් කනගාටුදායක සිදුවීමක් විය.
අරුණ ප්‍රශාන්ත වලිසුන්දර