සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබද පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ නව කාර්යාලයේ දී පැවැත් වූ ඓතිහාසික සාකච්ඡාවක් පිළිබඳව මේ සටහන ලියා තබමි.
පසුගිය අගෝස්තු මාසේ දහවෙනිදා සිට දොළොස් වැනි දා දක්වා ජාත්යන්තර නිවුන් සංගමයේ සැසිවාරය ලංකාවේ පැවැත් වූවා. රටවල් 32 නියෝජිතයන් සහභාගි වුනු එහි සුවිශේෂ දිනයක් වූයේ ජාන තාක්ෂණය සහ ජෛව තාක්ෂණය පිළිබඳ අගෝස්තු 10 වැනිදා පැවැත්වුණු සැසිවාරයයි. එහිදී මෙරට මෙන්ම විදේශීය විශේෂඥයන් පැවැත්වූ දේශන අතර විශේෂ තැනක් ගත්තේ ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ විසින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ එය මිනිස් සෞඛයට බලපාන ආකාරය පිළිබඳ කරන ලද දේශනයයි. සිය ගණනින් පිරී ගිය මේ දේශනයට පැමිණ සිටී අය අතර ඉතාමත්ම ළාබාල වයසේ තරුණ විද්යාඥවරියක් වන නිපුණි හෙන්නදිගේ මේ දේශනයට ආසක්තව. ඇය අපට මේ පිළිබදව ලියා එව්වා. ඇයගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වූ මෙම දේශනයත් සමඟ මෙම තේමාව මුල් කරගනිමින් තමාගේ ඉදිරි පර්යේෂණ කටයුතු මෙන්ම පර්යේෂණ වල බලපෑම ජනතාව සඳහා වන ප්‍රතිලාබ වෙනුවෙන් කැප කරන්න ඇය සූදානම් බව එහි සටහන්ව තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ, සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබද පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ අතුල සුමතිපාල සහ නිපුනි හෙන්නදිගේ වගේම අප ආයතනයේ වෛද්‍ය රිසිත වාකිෂ්ඨආරච්චි, පර්යේෂණ අංශයේ නායිකාවක් වන ඕෂනි ජයසිංහ, මාධ්‍ය ප්‍රධානී ඉංජිනේරු විදත් සමරක්කොඩි යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව අප මේ පිළිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කළ යුතු බවට තීරණය කෙරිණි.
ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපගේ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබද සහ එහි ඇති බරපතළ තත්ත්වය පිළිබඳ අප කවුරුත් තේරුම් ගත් නිසා ම අප මෙම සාකච්ජාවට ආරාධනය කලා තවත් සුවිශේෂ පුද්ගලයෙකුට අපි හා සම්බන්ධ වන ලෙස ඔහු මේ වනවිට සමුද්‍රීය පරිසර අධිකාරිය (Marine Environment Protection Authority (MEPA) නැමැති ආයතනයේ සභාපති සමන්ත ගුණසේකර මහතායි.
මෙම සාකච්ඡාවේ දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජනතාවගේ සෞඛ්‍යයට කරන බලපෑම පිළිබඳව බැරෑරුම් කරුණු රාශියක් ඉදිරිපත් කලා. අවාසනාවකට මෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිළිබඳ පර්යේෂණ මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදු නොවුනු පසුබිමක අප සාකච්ඡා කලේ මේ පිළිබඳ ඊළඟ පියවර ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලඥයන් මේ සියලු දෙනාටම මේ කටයුත්තේ දී තිබෙන වගකීම් සහගත කාර්යභාරය පෙන්වා දෙන්නටයි. මෙහි ඇති තවත් බරපතළ ප්‍රශ්නයක් නම් වෛද්‍ය සජිත් පැවසූ විදිහට ක්ෂුද්‍ර ප්ලාස්ටික් විසින් ඩිමෙන්ෂියා නමැති මානසික රෝගයට කරන බලපෑම.
මේ වන විට අපේ රටේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩිවෙමින් යනවා එතකොට ඉදිරි කාලයේදී වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතය තරුණ ජනගහනයට වඩා වැඩි වෙනවා. එවිට ඒ අය යැපෙන උදවිය බවට පත් වෙනවා. ඒ වැඩි කොටසක් ඩිමෙන්ෂියා රෝගීන් බවට පත් වුණොත් ඔවුන් රැකබලා ගැනීම පිළිබඳ රජයට මෙන්ම දූ දරුවන්ට දැරීමට සිදුවන බරපතල වගකීම් සියල්ල සලකා බලා අපි තීන්දු කළා අපේ පර්යේෂණ ආයතනයේ සුවිශේෂ තේමාවක් ලෙස මයික්රෝ ප්ලාස්ටික් සහ සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩ කටයුත්තට සම්බන්ධවෙන්න මේ එහි පළවෙනි පියවර පමණයි.
IRD මාධ්‍ය අංශය
