වර්ෂ 7කට අධික කාලයක් පර්යේෂණ සහායිකාවක ලෙස පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සේවයට එක්වෙමින් දක්වා සිදු කළ බොහොමයක් පර්යේෂණ කටයුතු සඳහා දායකත්වය ලබා දීම මා ලැබූ විශාල භාග්‍යයකි. එම අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමට මා අදහස් කළේ, පර්යේෂණයක ආරම්භයේ සිට අවසානය දක්වා එනම් දත්ත රැස් කිරීම, දත්ත ගබඩා කිරීම හා දත්ත විශ්ලේෂණය යන ක‍්‍රියාවලියේ සාර්ථකභාවය සඳහා පර්යේෂණ සහායකයකු කෙබඳු දායකත්වයක් ලබාදේ ද, එම දායකත්වය ලබාදීමේ දී මුහුණ පෑමට සිදුවන ගැටලූ හා ඒවා නිරාකරණය කරගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමට ය. එසේම පර්යේෂණයක දී වූ පර්යේෂණ සහායකයකු විසින් දරන සමාජ වගකීම් කෙතරම් ද යන්න අවබෝධයක් ලබා දීමට ය.
පර්යේෂණ සහායකයකු ලෙස සැලකිලිමත් විය යුතු කරුණු අතර අදාළ පර්යේෂණයේ මූලික අරමුණු, පර්යේෂණ ආචාර ධර්ම පිළිබඳ දැනුවත්භාවය හා සම්මුඛ සාකච්ඡුා මගින් ප‍්‍රශ්නාවලි ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා මනා පුහුණුවක් ලබා තිබීම ප‍්‍රධාන ස්ථානයක් ගනී.
ප‍්‍රථමයෙන් මා ඉහතින් සඳහන් කළ පර්යේෂණ සිදු කිරීමේ අරමුණ පිළිබඳ ඇති දැනුවත්භාවය යන ඉහතින් මා සඳහන් කළ පරිදි පර්යේෂණ සහායකයකුට අදාළ පර්යේෂකයෝ අරමුණු පිළිබඳ ව මනා අවබෝධයක් තිබිය යුතු ය. මෙයට හේතුව නම් පර්යේෂණ සහායකයාගේ මෙම දැනුවත්භාවය හා ඔහු එය සමාජයට පැහැදිලි කිරීමෙන් ලබාදෙන අවබෝධය සමස්ථ පර්යේෂණ කටයුත්තටම බලපාන බැවිනි.
ඉහත සඳහන් කරුණ නිදසුනක් ලෙස පැහැදිලි කිරීමට මා ද සහභාගී ශ‍්‍රී ලංකාවේ බහුල ව පවතින මානසික තත්ත්වයන් පිළිබඳ නිවුන් පුද්ගලයන් හා නිවුන් නොවන පුද්ගලයන් ඇසුරෙන් සිදු කළ අධ්‍යයනය සලකමු.
මෙම පර්යේෂණයේ ප‍්‍රධානතම අරමුණ වූයේ බහුල ව පවතින මානසික තත්ත්වයන්, මත්පැන් භාවිතය හා සියදිවි හානි කර ගැනීම ආදියට ජානමය සහ පාරිසරික සාධකවල බලපෑම සොයා බැලීමයි. මේ සඳහා නිවුන් පුද්ගලයන් සහ නිවුන් නොවන පුද්ගලයන් 6000කට ආසන්න ප‍්‍රමාණයක් කරවා ගන්නා ලදි.
මෙහි දී නිවුන් පුද්ගලයන් ඒ සඳහා තෝරාගනු ලැබුවේ ජානමය සාධකයක් ඉහත සඳහන් කරුණුවලට බලපායි ද යන්න සොයා බැලීමට ය. එනම් නිවුන් පුද්ගලයන්ගෙන් ලබා ගන්නා තොරතුරු එකිනෙකට සංසන්දනය කිරීමට හැකියාව ඇති බැවිනි. මෙවැනි දේ ගැන මනා අවබෝධයක් සේ ම, එය අදාළ පුද්ගලයාට පැහැදිලි කිරීමේ හැකියාවක් ද පර්යේෂණ සහයකයාට තිබිය යුතු ය.
පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ ඇති දැනුවත්භාවය පර්යේෂණ කර්තව්‍යයේ මුල සිට අග දක්වා ම ඇති ඉතා වැදගත් සාධකයකි. ඕනෑම පර්යේෂණයක් සිදු කරනු ලබන්නේ ආචාරධර්ම පද්ධතියක් අනුව ය.
පර්යේෂණ සහායකයකු විසින් පර්යේෂණයක් සඳහා දායකත්වය ලබා දීමේ දී සැලකිය යුතු මූලික කරුණ ලෙස මා විශ්වාස කරනු ලබන්නේ අවංකභාවයයි. මෙම අවංකභාවය දත්ත ලබාගැනීමේ දී, ලබාගත් තොරතුරුවල රහස්‍යභාවය සුරැුකීමේ දී, මෙන්ම වාර්තා පිළියෙළ කොට ඉදිරිපත් කිරීම දක්වා ම තිබිය යුතු වැදගත් සාධකයකි. පර්යේෂණ සහායකයකුටත් අවංකභාවය ඉතා වැදගත් සාධකයක් ලෙස මා දැක්වීමට ප‍්‍රධානතම හේතුව වන්නේ පර්යේෂණ සහායකයකු විසින් ලබාදෙන සියලූ තොරතුරු මත සමස්ථ පර්යේෂණයේ අවසන් ප‍්‍රතිඵලය පදනම් වන හෙයිනි. අසත්‍ය තොරතුරු ලබාදුන හොත් එමගින් අසත්‍ය තොරතුරු වාර්තාවක් පිළියෙළ වන අතර ඉන් සමාජයට සිදුවන හානිය ඉමහත් ය.
පර්යේෂණ කිරීමේ දී ක්ෂේත‍්‍ර පර්යේෂණ නැතහොත් ප‍්‍රමාණාත්මක ගණයේ පර්යේෂණවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ක්ෂේත‍්‍ර පර්යේෂණවල දී පොදු ජනතාව වෙතට ම ගොස් සිදු කිරීමේ දී ඔවුන් සමග කටයුතු කරන ආකාරය ලබා ගන්නා දත්තවල ගුණාත්මක භාවය කෙරෙහි දැඩි ලෙස ම බලපායි. එවැවින් ක්ෂේත‍්‍ර පර්යේෂණවල නියැළුණු අයගේ අත්දැකීම් මෙවැනි ආකාරයේ පර්යේෂණ කිරීමට මෙන් ම කිරීමට බලාපොරොත්තු වන අයට ඉතා වැදගත් වනු ඇත. මෙම ලේඛිකාව පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ සාහායිකාවක් ලෙස ක්ෂේත‍්‍ර කටයුතුවල නිරත වී අත්දැකීම් ඇති අයෙකි. මෙම ලිපියෙහි පළමු කොටස පසුගිය කලාපයේ පළවිණි.
මීළඟට අපි පර්යේෂණය සඳහා පුද්ගලයන්ගෙන් තොරතුරු රැුස් කිරීමට පෙර හා ඉන් පසු අනුගමනය කළ යුතු ක‍්‍රියාවන් මොනවාදැයි බලමු. පර්යේෂණය සඳහා තෝරා ගත් ප‍්‍රදේශයේ සිටින ක‍්‍රියාකාරී පුද්ගලයන් වන, ග‍්‍රාම නිලධාරීවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, පොලීසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීම මූලික පියවරකි. අදාළ නිලධාරීන් රාජකාරි කටයුතුවල නියැලෙන දින හඳුනාගෙන එහි ගොස් ඔවුන් ව මේ පිළිබඳ ව දැනුවත් කළ හැක. එය පර්යේෂණ සහායකයාගේ ආරක්ෂාව කෙරෙහිත්, තොරතුරු ලබා දෙන පුද්ගලයාට කිසිඳු සැකයකින් තොරව තොරතුරු ලබා දීමට මෙන් ම තොරතුරුවල නිරවද්‍ය තොරතුරු ලබා ගැනීම කෙරෙහි අතිශය වැදගත් වේ.
පර්යේෂණයට අදාළ තොරතුරු රැුස්කිරීම සිදුකරන්නේ ඉන් අනතුරුව ය. අහඹු ලෙස හෝ අහඹු නොවන මෙය පර්යේෂණයට අදාළ ව මුලින් තීරණය කරනු ලැබේ. ලෙස තෝරා ගත් පුද්ගලයන්ට පර්යේෂණය පිළිබඳ පැහැදිලි කර දීමක් මෙහි දී පර්යේෂණ සහායකවරයා විසින් සිදු කරනු ලබයි. මෙහි දී පර්යේෂණය පිළිබඳ තොරතුරු පත‍්‍රිකාව ලබා දීම කළ යුතු ය. පසුව සහභාගීවන්නාට ප‍්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දිය යුතු ය. එහි දී සහභාගීවන්නා අසන ප‍්‍රශ්න සඳහා පැහැදිලි පිළිතුරු ලබා දීම පර්යේෂණ සහායකයකුගේ ඉතා වැදගත් වගකීමකි.
එසේම ඔහු/ඇය මෙම පර්යේෂණය සඳහා සහභාගී කරගන්නේ කුමන හේතුවක් සඳහා ද යන්නත්, සහභාගීවීමේ වැදගත්කම කුමක් ද යන්නත්, මෙම සහභාගීවීම අනිවාර්ය නොවන බවත් සහභාගී වීම හෝ නොවීම තීරණය කිරීමේ නිදහස එම පුද්ගලයාට තිබෙන බවත් අවබෝධ කර දිය යුතු වේ.
ඒ සඳහා සැකසූ “කැමැත්ත ලබා ගැනීමේ ලියවිල්ලක්” ඉදිරිපත් කර කියවා අවබෝධ කර ගත් පසු සහභාගීවන්නාගෙන් අත්සනක් ලබා ගැනීම සිදු කරනු ලබන්නේ පර්යේෂණ ආචාරධර්මවලට අනුකූල ව ය. අවශ්‍ය නම් එහි පිටපතක් ද සහභාගීවන්නාට දෙන අතර පර්යේෂණය හා තොරතුරු ලබා දීමේ දී යම් ගැටලූ සහගත තත්ත්වයක් හෝ සැකයක් පැන නැගුණහොත් ඒ සඳහා විමසා බැලීමට අදාළ සියලූ ම තොරතුරු එහි අඩංගු වේ.
ප‍්‍රමාණාත්මක වර්ගයේ පර්යේෂණයක දී පුද්ගලයන්ගෙන් තොරතුරු ලබාගැනීමේ දී ඒ සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය වන්නේ ප‍්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබා ගැනීම යි. මෙලෙස ප‍්‍රශ්නාවලි භාවිත කරමින් දත්ත ලබා ගැනීමට පර්යේෂණ සහායකවරයකුට ඉතා හොඳ පුහුණුවක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ ම පර්යේෂණ සහායකවරයාට අදාළ විෂය කෙරෙහි නිපුනතාවයක් තිබීම වැදගත් කරුණකි. නිදසුනක් ලෙස දැක්වුවහොත් මානසික සෞඛ්‍යය පිළිබඳ අධ්‍යයනයක් කරනවා යැයි සිතමු. එහි දී පර්යේෂණ සහායකවරයාට මානසික රෝග පිළිබඳ ව හා එම රෝග වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නා ආකාරය පිළිබඳ යම් දැනුවත්භාවයක් තිබිය යුතු ය. මේ සඳහා විශේෂ පුහුණුවක් ලබා තිබීම ඉතා වැදගත් වේ. එමෙන් ම විෂයට අදාළ පොත්පත් පරිශීලනය කිරීම ද වැදගත් ය.
සම්මුඛ සාකච්ඡුාව පැවැත්වීමේ දී ඉවසිලිවන්ත ව සහ සහභාගීවන්නාට පැහැදිලි වන පරිදි ඉතා සරල ව ප‍්‍රශ්න ඇසීම සිදු කළ යුතු අතර, ලබා ගත් තොරතුරුවලට හානියක් නොවන පරිදි එම තොරතුරු ඒ ආකාරයෙන් ම සටහන් කරගත යුතු ය.
ලබාගත් තොරතුරුවල රහස්‍යභාවය සුරැුකීම පර්යේෂණ සහායකයාගේ ප‍්‍රධාන වගකීමකි. පර්යේෂණයට සහභාගීවන්නා සම්මුඛ සාකච්ඡුාවේ දී ගොඩ නැගෙන විශ්වාසය මත පදනම් ව පර්යේෂණ සහායකයාට තොරතුරු ලබා දෙන්නේ රහස්‍යභාවය ආරක්ෂා කරාවිය යන විශ්වාසය මත ය.
ක්ෂේත‍්‍ර පර්යේෂණ සහායකයකු ලෙස මා ලැබූ අත්දැකීම වූයේ ඉතා ම සුළු පිරිසක් පමණක් ‘කැමැත්ත ලබා ගැනීමේ ලියවිල්ල’ සඳහා දක්වන බියසුලූ භාවය යි. මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ තම අත්සන යොදා ගනිමින් යම් කිසි වංචනික ක‍්‍රියාකාරකම් සිදු වේ යැයි පවතින බියයි. මෙහි දී ඔවුන් බොහෝ විට කිසිඳු ලියවිල්ලකට තම අත්සන යෙදීමට අකමැති වුවත් තොරතුරු ලබා දීම ප‍්‍රතික්ෂේප කරන්නේ ද නැත. බොහෝ විට ඉඩම් හා දේපළ නඩු තිබෙන පුද්ගලයන් මේ සඳහා වැඩිපුර බියක් දැක්වූ අය අතර සිටින බව ද දැක්විය හැකි ය. සහභාගීවන්නාගේ පූර්ණ කැමැත්ත මත පමණක් තොරතුරු ලබා ගන්නා බැවින් ඔහුට/ඇයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කිසිඳු හේතුවක් නොදක්වා පර්යේෂණයෙන් ඉවත්වීම සිදු කළ හැකි ය.
මෙම කර්තව්‍ය සිදු කරන විට පර්යේෂණ සහායිකාවක ලෙස ක්ෂේත‍්‍ර කටයුතුවල දී මා හට මුහුණ දුන් අනෙකුත් ගැටලූ වූයේ ලබාගන්නා තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වෙන්නේ ද?, තොරතුරු ලබා දීමෙන් සහභාගීවන්නාට තිබෙන වාසි මොනවා ද? හා අප පර්යේෂණ ආයතනය අයත් වන්නේ රාජ්‍ය අංශයට ද? පෞද්ගලික අංශයට ද? එසේත් නැතිනම් රාජ්‍ය නොවන සංවිධාන අතරට ද? යන්නයි.
සමහර පුද්ගලයන් විමසා සිටි කාරණය නම් මෙම පර්යේෂණය සිදු කරනු ලබන්නේ “රාජ්‍ය නොවන සංවිධානයක්” නම් ඊට සහභාගීවීමට ඔවුන් ප‍්‍රතික්ෂේප කරන බවයි. මෙලෙස සැකමුසු අයුරින් සමාජයේ ජීවත්වන පුද්ගලයන් අප වෙත ලබාදෙන පණිවුඩය වන්නේ ඔවුන් ඉතා සුපරික්ෂාකාරීව සිටින බවයි. සත්‍ය වශයෙන් ම සතුටු විය යුතු කරුණ වන්නේ ද එය යි.
ක්ෂේත‍්‍ර කටයුතුවල දී මුහුණ පාන ගැටලූ අතර පර්යේෂණ සහායකයාගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය වැදගත් ස්ථානයක් ගනී. එහි දී තොරතුරු රැස් කිරීම සඳහා විවිධ ප‍්‍රදේශවලට යන විට තනි තනි ව නොගොස් කණ්ඩායමක් ලෙස ගොස් තොරතුරු එක්රැස් කිරීම සුදුසු බව අප ලද අත්දැකීම්වලින් යෝජනා කළ හැක.
එසේ ම යම් පර්යේෂණ සහායකයකු තොරතුරු ලබා ගැනීම සඳහා නිවෙස්වලට යාමට පෙර එම නිවෙස්වලට පෙර දැනුම් දීමක් කිරීම ද අප විසින් ගත් තවත් පියවරකි. මෙහි දී අප බලාපොරොත්තු වූයේ පර්යේෂණ සහායකයාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලූවලට පිළියමක් ලෙසත්, පර්යේෂණයට සහභාගීවන්නාගේ යම් සැකයක් ඇත්නම් එය දුරැලීම සඳහා ද එය රුකුලක් වන නිසා ය. පෙර දැනුම් දීම බොහෝ විට සිදු කළේ පර්යේෂණය පිළිබඳ තොරතුරු පත‍්‍රිකාවක් සහිත ව ලිපියක් අදාළ නිවාසවලට යැවීම හෝ දුරකථන පණිවිඩයක් මගින් දැනුවත් කිරීමෙනි.
වර්තමාන සමාජයේ සිදු වන විවිධ අකටයුතුකම් නිසා ප‍්‍රජාව මූලික කොට ගෙන සිදු කරන මෙවැනි අධ්‍යයනවල දී ඒ දෙස සැකයෙන් බැලීම පුදුම විය යුතු කරුණක් නො වේ. අපගේ යුතුකම වන්නේ ඔවුන්ට නිවැරදි තොරතුරු ලබා දෙමින්, දත්තවල විශ්වාසවන්තභාවය සුරකිමින්, පර්යේෂණ ආචාර ධර්මවලට අනුකූල ව කටයුතු කිරීම ය. එමගින් මෙවැනි අධ්‍යයනවල දී මුහුණ දීමට සිදුවන ගැටලූ අවම කරගත හැකි වනු ඇත.
මනීෂා චතුරංගි ජයවීර
පර්යේෂණ හා සංවර්ධන ආයතනය