ග්‍රෙගර් මෙන්ඩල් ()

නුතන ජාන විද්‍යාවේ පිය ලෙස ග්‍රෙගර් මෙන්ඩල් සැලකේ. ගවේෂණ තෙ වන කලාපයේ පළ වූ මෙම ලිපියේ මුල් කොටසින් ඔහුගේ ජීවිත වතගොත හා අධ්‍යාපනික පසුබිම කතා බහට ලක් කැරුණු අතර ඔහු විසින් බෝංචි ශාක යොදා ගනිමින් සිදු කැරුණු පර්යේෂණ විශ්ලේෂණයකට භාජනය කැරිණි.

මෙන්ඩල්ගේ මුලධර්ම (නියම)

  1. වෙන්වීමේ මුලධර්මය (Principle of segregation)

ඉහත සඳහන් කල ආකාරයට ලක්ෂණ තීරණය කරන සාධක යුගල වශයෙන් පවතින්නේ නම්, ජීවීන් දෙදෙනකු එකතු වී නව පරම්පරාවක් බිහි කරන විට එම සාධක යුගලයක් එකතු වී සාධක සංක්‍යාවත් දෙගුණයක් වීම වැළක්වීමේ කිසියම් යාන්ත්‍රණයක් ජීවින් තුළ ක්‍රියාත්මක විය යුත් බව මෙන්ඩල් උපකල්පනය කළේ ය.

 

අලුත් ජීවියකු බිහි වීමේ දී පළමු ව සිදුවන්නේ මවගේ ජන්මාණු (ඩිම්බ සෛල) පියාගේ ජන්මාණු සමඟ එක්වීම යි. එසේ එක් වී සෑදෙන සෛලය (යුක්තානුව) බෙදී වර්ධනය වී අලුත් ජීවියෙක් බිහි වේ. මෙන්ඩල් තීරණය කළේ ජන්මාණු සෑදීමේදී මව හෝ පියා ජීවියා තුළ යුගල වශයෙන් ඇති ලක්ෂණ තීරණය කරන සාධක එකිනෙකින් වෙන වී ඒ ඒ ජන්මාණු තුළ ට යන බව යි. මෙහි දී ඒ ඒ ජන්මාණුවලට ලැබෙනුයේ සාධක යුගලයෙන් එකකි.

 

ජන්මාණු සෑදීමේ දී සාධක යුගලයේ වෙන වීම:-

වෙන් වීමේ මුලධර්මය (Principle of segregation) මෙන්ඩල්ගේ පළමු නියමය ලෙස හැඳින්වේ.

 

 

hacklink jojobetGrandpashabetcasino levantBetimdeneme bonusu veren yeni sitelerPusulabet GirisPusulabet Giriskralbet