එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ සභාවේ මුල්‍යාධාර පදනම් කර ගත් එක් වාර්ෂික ව්‍යාපෘතිය අනුව කොළඹ සහ වවුනියාව දිස්ත්‍රික්කවල දත්ත පදනම් කර ගෙන .ළදරු, ළමා සහ යොවුන් නිවුන් සහ නිවුන් දරුවන් ලැබීමට සිටින මව්වරුන් පිළිබඳ ලේඛනාගාරය. පිහිටුවනු ලැබේ. මේ ලේඛනාගාරය භාවිත කරනුයේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල් තුනක (බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය* මානසික රෝගවලට පදනම් වන හේතු සහ මානසික රෝගවලට බලපාන මුල්කාලීන මොළයේ සංවර්ධන රටා පිළිබඳ පර්යේෂණ කිරීමටත් ඒ හා සම්බන්ධ ශක්‍යතා සංවර්ධනයටත් ය.
ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් ලෙසල අනාගතයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත, .අඩු සහ මධ්‍ය ආදායම්ලාභී රටවල මහා පරිමාණ, බහු විනය සහ බහු රාජ්‍ය සබැඳි ගෝලීය මානසික සෞඛ්‍ය පර්යේෂණය. සැලසුම් කිරීමේ ව්‍යාපෘතිය දින 5ක් (2018 ඔක්තෝබර් 8-12 යන දිනවල)ශ්‍රි ලංකාවේ පැවති අතර, එයට ලෝකයේ මානසික සෙෘඛ්‍යය, පර්යේෂණ ක්‍රම, ආචාරධර්ම, රෝගීන් සහ මහජනතාව පර්යේෂණවල පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම හා නිවුන් ක්රමවිද්යාව පිළිබඳ පුමුඛ පර්යේයෝ සහභාගි වූහ. නියෝජනය වු රටවල් වූයේ මහා බි්රතාන්යය, ඔස්ටේ්රලියාව, සහ ඉන්දියාවයි.
“දකුණු ආසියාවේ පූර්ව ළමා විය වර්ධනය සහ පර්යේෂණ හැකියා ප්‍රවර්ධන ව්‍යාපෘතිය”, 1997 දී ශ්‍රි ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය ඇරඹු නිවුන් පර්යේෂණ වැඩසටහනේ තවත් වැදගත් ඉදිරි පියවරකි. අනාගතයේ දී විවිධ රටවල් විවිධ විෂය සමඟ යා කර ගත්, මහා පරිමාණයේ පර්යේෂණ සහයෝගිතා සඳහා වේදිකාවක් සැකසීම මේ ව්‍යාපෘතියේ පරමාර්ථයයි. එමගින් දකුණු ආසියාවේ පර්යේෂණ ප්‍රමුඛතා හඳුනා ගෙන, ප්‍රදේශීය තත්ත්වවලට අවකාශය සලසමින්, දේශීය පරිසරය හා සබැඳි නිවුන්නන් පිළිබඳ පිරිසැලසුම අනුව පර්යේෂණ කරනු ලැබේ. මේ විෂය ක්ෂේත්රයේ ශක්‍යතා සංවර්ධනය නාභි කර ගත්, විවිධ පර්යේෂණ මූලලේඛ, නියැදි රටා සහ රූපානුදර්ශ දත්ත එනකු කරන වේදිකාවක් ලෙස ද ව්‍යාපෘතිය සැලකිය හැකි ය.
ව්‍යාපෘතියේ දැක්ම
අන්වායාම අධ්‍යයන ක්‍රමය යටතේ මුළනු අධ්‍යයන සඳහා විශිෂ්ට වූ තාත්වික මධ්‍යස්ථානයක් පිහිටුවීමෙන් ශ්‍රි ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රතිපත්තිමය ලෙස බලපෑම් කළ හැකි පර්යේෂණ ජාලයක් ගොඩ නැගීම
ව්‍යාපෘතියේ මෙහෙවර
බහු විනය පර්යේෂණ කිරීම, පර්යේෂණවලින් ප්‍රයෝජන ලබන මහජනයා සමඟ වැඩ කිරීම, උපායමාර්ගික සහයෝගිතා දියුණු කිරීම සහ ප්‍රතිපත්ති සඳහා බලපෑම් කළ හැකි පරිදි ක්‍රියා කිරීම
ව්‍යාපෘතියේ උපායමාර්ග සහ මුල් පියවර
x සෞඛ්‍ය සහ සමාජ සේවා පර්යේෂණ තලය ව්‍යාප්ත කිරීම
වැඩිහිටි නිවුන්නුන් පිළිබඳ පර්යේෂණවල සිට, ළදරු, ළමා සහ යොවුන් නිවුන්නන් පිළිබඳ පර්යේෂණවලට යොමු වනු ලැබේ. මෙමගින් මානසික රෝගවලට සම්බන්ධ හේතු සහ මොළයේ සංවර්ධනයට සම්බන්ධ සාධකවලට අදාළ පර්යේෂණ තේමා සහ පර්යේෂණ හදාුනා ගනු ලැබේ.
x ශක්‍යතා සංවර්ධන ක්‍රියාකාරකම් පළල් කිරීම
දැනට පවතින උතුරු-දකුණු සහ දකුණු-දකුණු සහයෝගිතාව පදනම් කර ගෙන, ළමා සහ යොවුන් මානසික සෞඛ්‍ය, නිවුන් ක්‍රම-ජාන පර්යේෂණ සහ ආචාරධර්ම පිළිබඳ ව දැනට පවතින ශක්‍යතා සංවර්ධන ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම මගින් කනිෂ්ඨ සාමාජිකයන්, අනාගත පර්යේෂණ නායකයන් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
x ළදරු, ළමා සහ යොවුන් නිවුන් සහ නිවුන් දරුවන් ලැබීමට සිටින මව්වරුන් පිළිබඳ ලේඛනාගාරය පිහිටුවීම
මේ වන විටත් පිහිටුවා ඇති සාමාජික යුගල 9500ක වැඩිහිටි නිවුන් ලේඛනාගාරය පදනම් කර ගෙන පර්යේෂණ දෙකක් නිම කර ඇති අතර, පළමු වන පර්යේෂණයේ දී, සීහුම්
කළ නිවුන් නො වන 2311ක නියැදියකින් ද දත්ත රුස් කරන ලදී. අලූතින් ඇති කරන ළදරු, ළමා සහ යොවුන් නිවුන් ලේඛනය පදනම් කර ගෙන, මානසික රෝගවලට හේතු ද ඒ සඳහා බලපෑ හැකි ජානමය, සංවර්ධනමය, පරිසරමය, සමාජමය සහ සංස්කෘතිකමය සාධක ද හඳුනා ගනු ලැබේ.
සම සහ අසම නිවුන්නන් පර්යේෂණයට බඳුන් කිරීමෙන්, මානසික රෝගවලට බලපාන ජානමය සහ පරිසරමය සාධකවල සාපේක්ෂ දායකත්වය ද ගැන තීරණ ගන්නට පුඵවන.
මුළනු අධය්‍යන සඳහා වන පදනම් වන කුඵණු
අන්වායාම අධ්‍යයන ක්‍රමය යටතේ කෙරෙන මුළනු අධ්‍යයන සඳහා පදනම් කර ගත හැකි විශිෂ්ට මධ්‍යස්ථානයක් පිහිටුවීම දිගුකාලීන අපේක්ෂාවයි. මේ සඳහා පදනම් කර ගන්නා පදනම් රේඛා හෙවත් කුඵණු තුනකි.
- ඉහළ ප්‍රමිතියකින් යුත් පර්යේෂණ,
- පර්යේෂණ ආචාරධර්ම
- රෝගීන් සහ මහජනතාව පර්යේෂණවල පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම
මේ පදනම මත 2018-2019 වර්ෂවල පර්යේෂණ යෝජනා දෙකක් සංවර්ධනය කරනු ලැබේ. වෙසෙසින් .රෝගීන් සහ මහජනතාව පර්යේෂණවල පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම. දකුණු ආසියාවට නව සංකල්පයක් නිසා ශ්‍රි ලාංකික සන්දර්භයෙහි, නිවුන් සමාජිකයන් පදනම් කර ගෙන, .රෝගීන් සහ මහජනයාගේ සම්බන්ධතාව. ඇති කිරීමේ සංස්කෘතියක් සඳහා පදනමක් සකස් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
පර්යේෂණ සහයෝගි කණ්ඩායම්
එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලය, කිංග්ස් කොලේජ්- ලංඩනය සහ බි්රස්ටල් විශ්වවිද්‍යාලයට අමතර ව දකුණු ආසියාවේ පහත සඳහන් ආයතන පර්යේෂණ ජාලයට සම්බන්ධ ය.
x ස්වාධීන විශ්වවිද්‍යාලය- බංග්ලාදේශය
x වෛද්‍ය විද්‍යා පිළිබඳ සමස්ත ඉන්දීය ආයතනය
x සෙෘඛ්‍ය සේවා ඇකඩමිය- ඉස්ලාමබාද්, පකිස්තානය
පළමු වන වර්ෂයේ අපේක්ෂිත ප්‍රතිඵල
x පර්යේෂණ සහ ශාස්ත්‍රීය බලපෑම් – ඉහළ ගුණාත්මක බවින් යුතු පර්යේෂණ ජාලයක් ගොඩ නැගෙන අතර, මානසික සෙෘඛ්‍යය පිළිබඳ ව සරු අන්වායාම දත්ත සමූහයක් රුස් වනු ඇත. නිවුන් පර්යේෂණ ප්‍රචලිත වනු ඇත. කනිෂ්ඨ පර්යේෂක ශක්‍යතා වැඩිදියුණු වී, පර්යේෂණ ආචාරධර්ම හා “රෝගීන් සහ මහජනතාව පර්යේෂණවල පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම” යන සංකල්ප ද ඉදිරියට ගමන් කරනු ඇත.
x සේවා, ප්‍රතිපත්ති, ජීවන ගුණාත්මකභාවය සහ සෞඛ්‍යය සඳහා වන බලපෑම –
– නිවුන්නකු වීමෙන් ලැබෙන අතිරේක ප්රතිලාභ ගැන දැනුම්වත් වේ.
– නිවුන්නන් සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු ගැන අවධානය වැඩි වේ.
– රෝගීන් සහ මහජනතාව පර්යේෂණවල පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම. යන සංකල්පය සමාජ සංස්කෘතියේ කොටසක් වේ
– සාමාන්‍ය ජනතාව, පර්යේෂණ ගැන දැනුම්වත් වීම වැඩි වේ.
– නිවුන්නන් සම්බන්ධ පත්‍ර කලාවේදීන්ගේ දැනුම්වත්භාවය වැඩි වේ.
– “ගවේෂණ” ත්‍රෛභාෂා සඟරාව මගින්, පාසල් ජාලය මේ පිළිබඳ ව දැනුම්වත් කරනු ලැබේ.
x පර්යේෂණ ආචාරධර්ම කෙරෙහි බලපෑම
ද පර්යේෂණ ආචාරධර්ම කෙරෙහි අවධාරණය කරන අතර පර්යේෂණවල විද්‍යාත්මක දැඩි බව ද රුක ගෙන කටයුතු කිරීම
ද අවදානම් කණ්ඩායම්, ළමයින්, මානසික රෝගීන් පිළිබඳ ආචාරධර්ම ජාලය පුඵල් වීම, බලාධිකාරී විම සහ ඒ පිළිබඳ අන්තර්ජාතික සහයෝගය ස්ථාවර වීම