ශක්තිය යනු පදාර්ථය යි. පදාර්ථය යනු ශක්තිය යි. ඉතා ඈත අතීතයේ භාරතීය විඥානවාදියා හෙවත් අධ්‍යාත්මවේදී විද්‍යාඥයා එසේ ප්‍රකාශකර ඇති බව ඉහත ලිපියක දී ගවේෂණ සඟරාව මගින් පෙන්වා දුනිමි. එය අයින්ස්ටයින්ලාගේ යුගය එන්නට පෙර වසර තුන්දාහකට පමණ ඉහත දී පෙරදිග දී ද්‍රව්‍ය සමිබන්ධ ව හඳුනාගත් නිශ්චිතාර්යකි. එවැනි ම නිශ්චිතාර්තයකි, ලොව සියළු ම ද්‍රව්‍යය පංචමහා භූතකිය යන්න. සර්ව්යාංද්රවයං පංචමහා භෞතික මස්චින්ත්ය වේ. යනුවෙන් එය සංස්කෘත භාෂාවෙන් විස්තර කරයි. මෙය පෙරදිග විද්‍යාත්මක දැනුමෙහි සුවිශේෂයකි. ලෝක නිර්මාණය සම්බන්ධ සියළු දේ සැක හැර දැනගත් විට ය එවැනි ප්‍රකාශයක් නොබියව නිශ්චිතාර්තයක් ලෙස, පළකල හැක්කේ. ඒ කෙසේ ලබා ගත්තේ ද අධ්යාත්වේදි ඥානය මගින් ලෝක නිර්මාණය සම්බන්ධව විශ්ලේෂණාත්මක අධ්‍යයනයකට පත් කළ හෙයිනි. රසායනාගාර පර්යේෂණ තුළින් නොවේ. ද්‍රව්‍යයේ හා ශක්තියේ හැසිරීම් රටාව සම්බන්ධ පුළුල් දැනීමක් තිබුණු බවට පෙරදිග විද්‍යාව විෂය තුලින් ලැබෙන සාක්ෂි අපමණ ය.
උදාහරණ කිහිපයක් ගෙන බලමු. ද්‍රව්‍යයක් යනු කුමක්ද? යන්න පෙරදිග විද්‍යාව විස්තර කරන්නේ කි්රයාවක් හා ගුණයක් එකිනෙකට වෙනස් නො කළ හැකි සේ බැඳී ඇති ස්වභාවය ද්‍රව්‍යය වශයෙනි. නවීන විද්‍යාව ද ස්වකීය රසායන විද්‍යාව නැමති පුළුල් විෂය ධාරාව යටතේ පරමාර්ථ වශයෙන් හඳුනාගෙන ඇත්තේ් මෙයම ය. එනම් රසායනිකයක රසායකික ක්‍රියාවක් ඇත. රසායනික ස්වභාවයක් ද ඇත යන්න යි. එසේම පෙරදිග විද්‍යාව ද්‍රව්‍යයක් ක්‍රියාත්මක වන්නේ ද්‍රව්‍යය ප්‍රභාවයෙන් හා ගුණ ප්‍රභාවයෙන් බව ප්‍රකාශ කරයි. මේ කුමක්ද? නවීන විද්‍යාව රසායන විද්‍යාව තුළ ප්‍රකාශ කරන්නා වූ රසායනිකයක රසායනික ලක්ෂණ හා භෞතික ලක්ෂණ පැවතීම ය.
රසායනිකයක් තවත් රසායනිකයක් හඳුනා ගන්නේ ඒ ඒ රසායනික වලට අයත් රසායනික හා භෞතික ලක්ෂණ මගිනි. රසායනික හා භෞතික ලක්ෂණ ද්‍රව්‍යයක මූලික ලක්ෂණ යි. පෙරදිග විද්‍යාඥයා ගුණ ප්‍රභාව යැයි කීවේ මෙම රසායනික ලක්ෂණයට ය. ද්‍රව්‍ය ප්‍රභාව යනුවෙන් සඳහන් කරන්නේ භෞතික ලක්ෂණයට ය. මෙහි ලා ප්‍රභාව යනු, මූලික ම පැවැත්ම යන්නයි. එනම් මූලිකම ලක්ෂණ යන්න යි.
අපි තවත් උදාහරණයකට යමු. එනම් ද්‍රව්‍යයක් ක්‍රියා කරන ආකාරය යි. ද්‍රව්‍යයක් ක්‍රියා කිරීමේ දී එම ද්‍රව්‍යයන්හි සංයෝගය ද වියෝගය ද ද්‍රව්‍ය ආශි‍්‍රත කාරණයි. එම දෙකම එකට සිදු වන අවස්ථාව කර්මය යි. මෙහි ලා කර්මය යනු ක්‍රියාව යි. ද්‍රව්‍යය ආශි‍්‍රතව සංයෝග (එක්වීම* හා වියෝග (වෙන්වීම* එකට සිදු වන අවස්ථාව කර්මය වේ. එනම් රසායනිකයක් තවත් රසායනිකයක් සමඟ ප්‍රතික්‍රියා කරන අවස්ථාව යි. එනම් නවීන විද්‍යාව හඳුනාගන්නා රසායනික ප්‍රතික්‍රියාව ද්‍රව්‍යයන්ගේ කර්මය ලෙස, පෙරදිග විද්‍යාව හඳුනාගෙන රසායනික ප්‍රතික්‍රියාවක සිදු වන දේ එලෙසින් ම අවබෝධ කොට ඇත.
රසායනික ප්‍රතික්‍රියාවක දී රසායනික නිර්මාණයට හේතු වන කැටායන හා ඇනායන වෙන් වී නැවත වෙනත් ආකාරයකින් සංයෝග වන බව නවීන විද්‍යාව හඳුනාගෙන ඇත. එනම් එක් ප්‍රතික්‍රියාවක් තුළ එක් වීම හා වෙන්වීම එකට සිදු වේ.
මෙය කිය වූ ඔබට පෙරදිග විද්‍යාව මෙසේ රසායනිකයත් වෙන් වශයෙන් ඇති බව තේරුම් ගෙන තිබුනේ ද යන්න ගැන සැකයක් උපදී. එයට බොහෝ වූ උදාහරණ අතරින් එක් උ‘ාහරණයක් පමණක් සටහන් කරමි.
එනම් ජීව ශරීරය නිර්මාණය වී ඇත්තේ ගිණිය නොහැකි ඉන්ද්රිිිය සංඛ්‍යාවකින් (අපරිසංඛ්යෙය) යන්න යි. මෙහි දී ඉන්ද්‍රියක් යනු එක් සුවිශේෂ කාර්යයකට යොමු වූ කොටසක් යන්න යි. එමගින් පෙරදිග විද්‍යාව හඳුන්වා දෙන්නේ මෙම ජීව ශරීරය නිර්මාණයට හේතු වූ රසායනික සමූහයකි.
ඉහත විස්තරයන් අධ්‍යයනය කරන විට අපට පෙනී යන්නේ් ඈත අතීතයේ භාරතීය විද්‍යාඥයා අධ්‍යාත්ම වේ දී ඥාණය හරහා ද්‍රව්‍යය හා ශක්තිය විශ්ලේෂණය කර ප්රතක්ෂ ලෙස දැනගත් දේ එසේ සටහන් කර ඇති වග යි. මෑත වසර 500ක තරම් සුගයක යුරෝපය පසුබිම් කොට ගොඩ නැගුණු නවීන විද්‍යාව නම් දැනුම් සම්ප්රදාය ද්‍රව්‍යය හා ශක්තිය විශ්ලේෂණය කිරීමෙහි ලා ද්‍රව්‍යය හා ශක්තිය උපයෝගී කර ගොඩ නගා ගත් විවිධ මෙවලම් උපකරණ හා උපක්‍රම ගොඩ නගා ඇත. එසේ හඳුනාගත් දේ එකක්ම වීම පුදුමයට කරුණක් නොවේ. ස්වභාව ධර්මයේ ක්‍රියාව පිළිබඳ සත්‍යය එකක්ම වන බැවිනි.
එසේ ම අධ්‍යාත්ම වේ දී ඥාණය මගින් විශ්ලේෂණය කළ අතීත දැනුම ද්‍රව්‍යය හා ශක්තිය උපයෝගී කර ගත් ශිල්පීය ක්‍රමය හරහාද පර්යේෂණයට බඳුන් වී ඇති බව ශී‍්‍ර ලංකාවේ පර්යේෂණ සම්බන්ධ ආයතන දන්නේ නැත. හේතුව මෙම න්‍යායික පර්යේෂණ අංශයට අත නොගැසීම නිසාය. එනිසා සංවර්ධනය සඳහා දැනුම් උපයෝගී කර ගැනීමේ හි ඇති ශක්‍යතාවය කොතරම් ගිලිහී ඇත් දැයි කල්පනා කළ යුත්තකි.
දැන් අපගේ මූලිකම ප්රශ්නය වෙත නැවත හැරෙමු. එනම් පංච මහා භූත සිද්ධාන්තය යි. මෙහිලා සිද්ධාන්තය යන වචනය මැනවින් තේරූම් ගත යුතු ය. සිද්ධාන්තය යනු බොහෝ කරුණු මගින් සිද්ධ කරගන්නා ලද යන අදහසයි. සිද්ධ යනු, වෙන්කර හඳුනා ගැනීම යි. පංචමහා භූත සම්බන්ධව කථා කරන විට, ශි‍්‍ර ලංකාවේ ඇතැමුන් මෙය පංච මහා භූත වාදය ලෙස හඳුන්වා ඇත. එය වරද කි. අවරදිග විද්‍යාව දෙස බලා හරි යමක් නොදැන මෙය ඊට ප්රතිපක්ෂව ප්රකාශවන වාදයක් ලෙස ගෙන එසේ ව්‍යවහාර කරති. එහෙත් පෙරදිග විද්‍යාවට අනුව පංච මහා භූත යනු සිද්ධාන්තය කි. එය අවබෝධයෙන් ප්‍රකාශ කරන ලද සිද්ධාන්තය කි.
පංච මහා භූත සිද්ධාන්තය පෙර දිග අධ්යාත්මවේ දී ගුරුකුල එනම් සංඛ්‍යා, න්‍යාය, වෛශෙෂික, බෞද්ධ යන ගුරුකුල එකසේ පිළිගනී. බුදුන් වහන්සේ මෙහි එන ආකාශ මහා භූතය අතහැර වඩාත් යථාර්ථවාදීව චතූර් මහා භූත ගැන කථා කරන සේක.
මෙම සිද්ධාන්තයෙ හි භූත යනු පවතින යන අදහස යි. මහා යන්නෙන් සියල්ලටම මුලික වන්නේ ය යන්න ප්‍රකාශ වේ. පංච යනු පහන් යන්න යි. එනිසා මුලික සාධක පහක් යනුවෙන් සරලව ගත හැක. එනිසා පංච මහා භූත යනු ලෝකයේ සියළුම දේ නිර්මාණය වීමට ‘යක වන නැතහොත් ඔීනෑම නිර්මිත ද්‍රව්‍යයක පවතින මූලික සාධක පහ යි. මෙම මූලික සාධක විවිධ සංයුතීන්ට භාජනය වීමෙන් අප හඳුනා ගන්නා ද්‍රව්‍යමය ලෝකය හෙවත් රූප වේදය උප දී. විවිධ අනුපාතයන් හේතු කොට විවිධ ද්‍රව්‍යයන්ගේ විවිධ ගති ලක්ෂණ මතුවේ.
අප දැන් නවීන විද්‍යාත්මක දැනුම ද උපයෝගී කර ගනිමින් මෙම පංච මහා භුත හඳුනාගැනීමට උත්සාහ කරමු. පංච මහා භූත යනු. පටවි, ආපෝ, තේජෝ, වායු ආකාශ යන සාධක පහ යි. ලෝකය තුළ රූපවේදයට ප්‍රවේශ වුණු ශක්තිය හෙවත් ද්‍රව්‍යය සමඟ මෙම පංච මහා භූත පවතී. එනම් සෑම නිර්මිත ද්‍රව්‍යයකම මෙම භූත පහම පවතී. එය එකිනෙකින් වෙන්කළ නොහැකි ය. පැවැත්ම එකිනෙකට අනුපාතික වශයෙන් ප්‍රකට වේ. එම අනුපාතික වෙනස්කම අනුව ද්‍රව්‍යයේ ගති ලක්ෂණ වෙනස් වේ. ජලය යකඩ වලින් වෙනස් වන්නේත් යකඩ තඹ වලින් වෙනස් වන්නේත් එම අවස්ථාවෙහි ප්‍රකට වන ඇතැම්විට පවතින පංච මහා භූත සමායෝජනය අනුව ජලය රත් කළ විට එහි ඇති ආප්මහා භූත ගුනය වෙනස් වී වායු ගුණය ප්‍රකට වන හුමාලය බවට පත් වේ. මෙහිදී ජලය රත්කිරීම මගින් තාපය ලබා දීම නිසා තේජෝ ගුණය අනුපාතික වශයෙන් එම අවස්ථාවේ දී වෙනස් වේ. නව අධ්‍යයනයකට උනන්දුවන අය මෙහිදී ක්‍රියාත්මක වන වාෂ්පීකරණ ගුප්ත තාපය ගැන සිහිපත්කර ගැනීම වටී. රත්කිරීම මගින් තාපය වැඩි වීම මගින් අ‘ාල ද්‍රව්‍යයේ (ජලය* තේජෝ ගුණයේ අධික බවත් ඇති වේ. ඒ සමඟ ආප් මහා භූත ලක්ෂණ ඉවත් ව ගොස් (අප්‍රකට වී* වායු ස්වභාවය ඉස්මතු වේ. ඒනිසා හුමාලයෙහි අනු අතර :්ය2ධඅණු* චල්‍යතාවය හෙවත් ගමන වැඩි වී සම්බන්ධතාවය ඉහිල් වී හුමාලය තුළ වායු තත්ත්වය වැඩි වේ. එනම් හුමාලය තුළ වායු මහා භූතය එකිනෙකට සංසන්දනාත්මක ව වැඩි වේ. එහෙත් සිසිල් වීමේ දී නැවත ජලය බවට පත් වී ජලයට අදාල උචිත පංච මහා භූත සමායොජනය වී ජලයට උරුම ප්‍රකට පංච මහා භූත ලක්ෂණය වන ආප් ස්වභාව ඉස්මතු වේ. එනම් ජලය තුළ අපෝ මහා භූතය ප්‍රකටම ලක්ෂණය. ඉහත සංසිද්ධීන් හි පෙනීයන්නක් නම් පංච මහා භූත සමායෝජනය වෙනස් වූ විට ප්‍රකට ලක්ෂණය වෙනස් වීම සිදු වුව ද යළි සමාන්‍ය තත්ත්වයට පැමිණිම මගින් අදාළ ප්‍රකට ලක්ෂණය ආප් භූතය (ජලය) ඉවත් නොවූ වග ය්ි. ජලය හුමාලය අයිස් යනු එකම ද්‍රව්‍යයක් බව මෙහිි ලා මතක තබා ගත යුතු ය. ජලය හයිඩ්රජන් සහ ඔක්සිජන්වලට වියෝජනය කළ විට අපට හමුවන්නේ ජලය නොව වෙනත් ද්‍රව්‍යයන් ය.
ජලය සිසිල් වූ විට අයිස් තත්වයට පත් වේ. මෙහිදී ද ගුප්ත තාපය කි‍්‍රයාත්මක වේ. අයිස් ඝණ තත්වයකි. මෙහි දී අයිස් වල පරිමාව අදාල ජල පරිමාවට වඩා වැඩි වේ. එනිසා අයිස් ජලයේ පා වේ. මෙසේ අදාල ජල ප්‍රමාණය අයිස් බවට පත්වීමේ දී පරිමාව වැඩි වීමට හේතුව අනු අතර අවකාශය ඩැඩි වීම යි. අවකාශය වැඩි වීම යනු සැබැවින්ම ආකාශ මහා භූතය එම ඝණයෙහි (අයිස් වල* වැඞීම කි. අනු අතර පරතරය වැඩි වේ. එම ඝණයෙහි ජලයට වඩා පඨවි ලක්ෂණ පෙන්වන අතර ආප් ලක්ෂණය නොපෙනී යයි. එහෙත් එහි එය පව තී. එනිසා ජලය අයිස් වීම තුල සිදු වී ඇත්තේ පංච මහා භූත තත්ත්වය වෙනස් ආකාරයකට සමායෝජනය වී මයි. මෙහි දී එකම ද්‍රව්‍යයක් විවිධ සමායොජන ක්‍රම වලට භාජනය වූ විට පඨවි, ආප්, වායු, තේජෝ, ආකාශ මහා භූත වල ලක්ෂණ ප්‍රකට කරයි.
පංච මහා භූත වල මෙම සාධක පහ අප වෙන් වශයෙන් ගත් කල ද්‍රව්‍යයක තද බව ඝණ බව ස්ථිර හැඩයක් ඇති බව ආදී වශයෙන් ලක්ෂණ බිහි කරන්නේ පඨවි ගුණය යි. නමුත් එම ලක්ෂණ පිටතට ප්‍රකට නොකරමින් ඔීනෑම ද්‍රව්‍යයක් තුළ එම පඨවි මාහා භූත ශක්‍යයතාවය පව තී. ද්‍රව්‍යයන් ද්‍රවීකරණ තත්ත්වයේ පවතින විට ප්‍රකට කරන්නේ ආප් මහා භූත ලක්ෂණය යි. වායු මහා භූතය යනු ඉහිල්ව නිදහස්ව හැසිරීමට ඇති ස්වභාවය යි. යම් ද්‍රව්‍යයක් ඉතා ඉක්මණින් රසායනික වශයෙන් හෝ භෞතික වශයෙන් කැඞී බීදී වෙන් වී යාමට ඇති ඉඩ කඩ වායු මහා භූතයේ අධික බව නිසා ඇති වන්න කි.
නවීන රසායන විද්‍යාව ලෝකය නිර්මාණයට දායක වී ඇති මූල ද්‍රව්‍ය 107ක් පමණ හඳුනාගත හැක. ඇතැම්වා රසායනාගාර පර්යේෂණ මගින් නිෂ්පාදනය කරන ලද ඒවා ය. එම සියළු මූලද්‍රව්‍යයන්ගේ පරමාණුුවක රසායනික ලක්ෂණ හා භෞතික ලක්ෂණ අනෙක් මූල ද්‍රවයේ රසායනික හා භෞතික ලක්ෂණ වලි්න් වෙනස් ය. පරමාණුවල සංයුතියෙහි ද වෙනස් කම් පව තී. එනිසා එවා මූල ද්‍රව්‍ය ලෙස නම් කෙරේ. එසේ නම් පෙරදිග විද්‍යා නීයමය අනුව සෑම මූල ද්‍රව්‍යයක පරමාණු මගින් නිර්මාණය වන මූල ද්‍රව්‍යය හා එවායේ සංයෝග මගින් පංච මහා භූත බව ප්‍රකට විය යුතු යි. රසායන විද්‍යාව ස්වකීය පර්යේෂණ මගින් ඕනෑම මූල ද්‍රව්‍යයක් හා සංයොගයක් ඝණ ද්‍රව වායු අවස්ථාවලට පත් විය හැකි බවත් එය උෂ්ණත්වය හා පීඩණය මත බල පවත්වන බවත් ප්‍රකාශ කර ඇත. මෙහි දී උෂ්ණත්ව වෙනස් කම් වලින් නියොජනය වන්නේ තේජෝ මහා භූතියෙහි වෙනස්කම්ය. පීඩනය මගින් නියෝජනය වන්නේ ආකාශ මහා භූතය සම්බන්ධ අඩුවැඩි කම් ය. ඉහත දී සඳහන් කළ අයුරු සෑම මූල ද්‍රව්‍යයක්ම ඝණ ද්‍රව වායු අවස්ථාවලට පරිවර්ථනය කල හැකිය යනු යම් යම් අවස්ථාවල පඨවි, ආප්, වායු යන මහා භූත ලක්ෂණ පෙන්වණ බව ය.
නවීන රසායණ විද්‍යාව සියළු මූල ද්‍රව්‍යයන් තුලින් හා සංයෝග තුලින් මෙම තත්ත්වයන් දුටුවේ වුව ද? ස්වකීය විෂය පථය තුළ මෙම හැසිරීමේ රටාව ද්‍රවයේ ක්‍රියා කාරිත්වය සම්බන්ධ ඇගයුම් පද්ධතියක් ලෙස, වෙන්ව හඳුනාගෙන නැත. එහෙත් පෙරදිග විද්‍යාව එම හැසිරීම් රටාව පංච මහා භූත තත්ත්වය ලෙසින් ඇගයුම් පද්ධතියක් ලෙස හඳුනා ගනී. ද්‍රව්‍යයේ හා ශක්තියේ හැසිරීම් රටාව තුළ අප මෙතෙක් දුටු දෙයෙහි පෙර දිග හා අපර දිග වෙනස එයයි. පෙරදිග විද්‍යාව මෙම පංච මහා භූත තත්වයේ සිට ඇගයුම් පද්ධති විකාශණයක යෙදෙයි.
පෙරදිග හා අපර දිග රසායන විද්‍යාව විෂයානුබද්ධ දැනුම එකක් මිස දෙකක් නො වේ. ස්වභාව ධර්මය සම්බන්ධ දැනුම හා පරම සත්‍යය එකක්ම වන බැවිනි.
පෙරදිග විද්‍යාවෙහි එන පංච මහා භූත සිද්ධාන්තය සහ එය නවීන රසායන විද්‍යාවට ඇති සම්බන්ධතාවය සම්බන්ධ ඉතාම කුඩා වූ ලිපියක් අවුරුදු ගණනකට ඉහත සිළුම්ණ පුවත්පතෙහි පළ විය. එය ලියා තිබුණේ පෙරාදෙනිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා ඉංජිනේරු අංශයේ මහා චාර්ය නොඑල් ප්‍රනාන්දු මහතා ය. එයින් වැඩි යමක් ප්‍රකාශ නොවු බව මාගේ මතකය යි. එහෙත් රසායන විද්‍යා මාහාචාර්්යවරයෙක් ගත් උත්සාහය මෙහිලා සඳහන් කිරීම වටී. එම කුඩා ලිපිය දැනට මා සතුව නැති නිසා ඒ ගැන ඊට වැඩි යමක් ප්‍රකාශ කළ නොහැකි ය. එතුමාම පෙරදිග තාක්ෂන විද්‍යාව සම්බන්ධ ගණිතමය සූත්‍රයක් ක්ෂෙත්රයට විද්‍යාත්මක අර්ථ දැක්වීමක් යනුවෙන් 1993 මැයි 9 වැනි දින ඉරිදා සිළුමිණ පත්‍රයට ලියා තිබණි. එම කරුණ මෙහිලා සටහන් කළේ ශි‍්‍ර ලාංකික විද්‍යාවක් සදහා අප දුටු පියසටහන් මතක් කර ලීමට යි. අප ද මෙම ලිපියෙන් කරනුයේ ඇගයුම් පද්ධතීන් එක රීතියක් තුළ හදුනා ගැනීම යි.
අප ඉහතින් සාකචිචා කළ පංච මහා භූත තත්ත්වය ප්රකටවන්නේ ශක්තිමය අවස්ථාව රූපවේදයට හෙවත් රූප අවස්ථාවට පත් වූ විටය. ශක්්තිමය අවස්ථාව ප්රකා්තිය ලෙසත් එය රූප වේදයට පත් වීමේ දී ප්රකා්තිය විකෘත අවස්ථාවට පත් වීම සිදු වන බවත් විස්තර කර යි. එය තව දුරටත් තේරුම් ගන්නේ නම් ප්රකා්තිය යන වචනයේ තේරුම වන්නේ මුල් තත්ත්වය යන්න ය. මෙය ග්‍රහ ලෝකයක් විනාශ වී නැවත නිර්මාණය වන අවස්ථාව යි. ශක්තිමය අවස්ථාව ප්රකා්තිය ලෙසත් එය රූප වේදයට පත් වීමේ දී ප්රකා්තිය විකුර්ති අවස්ථාවට පත් වන බවත් ප්‍රකාශ කර යි. එනම් ප්රකා්තියේම වෙනත් හැඩයක්ය. ස්වභාවයක් යන්නයි. එනිසා ශක්තිමය අවස්ථාව පරමාණු අවස්ථාවට පත් වීම ප්රකා්තියේ විකා්තියක් ලෙස පෙර දිග විද්‍යාව ප්‍රකාශ කර යි.
පංච මහා භූතවල ඉදිරි අධ්‍යනයන්හි දී වැදගත් තවත් කරුණක් නම් පංච තත්මාත්‍ර යි. මේ පිළිබඳව ප්‍රකාශ කිරීමේ දී පෙරදිග විද්‍යාව පංච තත්මාත්‍ර අප්‍රධාන බවත් පංච මහා භූත ප්‍රධාන බවත් කිය යි. මෙම පංච තත්්මාත්ර පංච මහා භූත මුල්කොට ගොඩනැගෙන නිසා ය. ර්ණතාතොනි ඉතිමාත්රං” යන සංස්කෘත නිරුක්තිය අනුව එහිම මාත්රවූයේ තත්මාත්‍ර යිි. එනම් එහිම අල්ප වූ දෙය තත්මාත්‍ර යි. මෙම තත්ත්වය බුදුන් වහන්සේගේ ධර්මයෙහි විස්තර වන්නේ උපාදය රූප වශයෙ නි. එනම් පංච මහා භූත රූප අවස්ථාව පදනම් කොට ඇති වන්න කි. කෙසේ වෙතත් තත්මාත්‍ර මගින් පංච මහා භූත නිර්මාණය වන බව පෙරදිග විද්‍යාව ප්‍රකාශ කර යි. මෙම තත්ත්වයද අද නවීන විද්‍යාව ප්රත්යක්ෂ කර ඇත.
උ‘හරණයක් ලෙස ගත හොත් ජල අණුව :්ය2ධ* තවත් ජල අණුවක් සමග එක් වන්නේ එම පරමාණු සම්බන්ධ වන ආකාරය මත ඇති වන උපශක්ති විශේෂ මත ය. එනම් හයිට්රජන් :්ය* පරමාණු වල ඇතිවන උපශක්ති විශේෂ මත ය. එනම් ඩෙල්ටා චාජස් හෙවත් කුඩා, ධන, රින, බල ශක්තීන් සම්භව වීම යි. එනිසා ජලයෙහි ආප් මහා භූත ස්වභාවය එම උප බල ඉතා වැදගත් ය. එනම් ජල අණු උපබල මගින් එකිනෙකට බැඳී පව තී. එනිසා පෙරදිග විද්‍යාව තත්මාත්‍ර ගැන කරන සඳහන එම උපබල මගින් පැහිදිලි වේ.
සෝඩියම් ක්ලෝරයිඩි සථිටිකයක (ලූණු කැටයක* ඝණ බව රැුඳෙන්නේ මුළු සථිටිකය පුරා පැතිරීගිය සථිතික විද්‍යුත් ආකර්ෂණ හා විකර්ෂණයන් ය. එකිනෙකෙින් වෙනස් වූ භ්ක්ක අණු එහි නැති නිසා මුළු සථථිකය පුරා පැතිරී ගිය ප්‍රබල හා ශේෂ ආකර්ෂණ නිසා මුළු මථථිකයම යොධ අණුවක් ලෙස ක්‍රියා කර යි. මෙය නවීන රසායණ විද්‍යාත්මක අවබෝධය යි. මෙහි එන ශෙෂ ආකර්ෂණ පෙරදිග විද්‍යාවේ එන තත්මාත්‍ර ලක්ෂණ සිහිපත් කර යි.
ලොහ සඳහා නවීන විද්‍යාව ඉදිරිපත් කරන බන්ධන ක්‍රමය නම් ලොහවල ඉතා කිට්ටුවෙන් සකස්වුන පරමාණු සහිතව තාපාංක, ද්‍රවාංක හා වාෂ්පී භවන තාප ඉහළ වීම යනාදිය සලකා බැලීමේ දී ලොහ බන්ධනය ගැන විස්තර කර යි. ලොහයක් දැඩි ධන අයන දැලිසකින් බැඳී ඇති අතර, එම පරමාණු වල ශක්තිය ඉහළම ඉලෙක්ට්‍රෝන වලින් එනම් නිදහස් ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලී ඇත යන්න යි. එනිසා ප්‍රධාන ව්‍යුහයෙන් නි්දහස් වූ ඉලෙක්ට්‍රෝන පෙරදිග විද්‍යාව ප්‍රකාශ කරණ තත්මාත්‍ර ස්වභාවය පෙන්වා දෙ යි.
ලෝහ බන්ධන සම්බන්ධ ඉලෙක්ට්‍රෝණ ජලාශ ආකෘතිය උපකල්පණාත්මක විග්රහයකි.
එක්තරා ශ්‍රී ලාංකික මහා චාර්්යයවරයෙක් ශ්‍රී ලාංකික සමාජය තුල නවීන විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි චින්තනයක් යැයි. කරුණූ වරදවා හේතු යුක්ති නැතිව උපකල්පණ සම්ප්‍රදායෙන් කරුණු දැක්වුව ද නවීන විද්‍යාව පෙරදිග විද්‍යාවට සපයන ටීකාවක් ලෙසින් අර්ථකතනය කරණ බව ප්‍රකාශ කළ යුතු ය.
ඉහතින් දැක්වෙන්නේ ආවර්තිතාව වගුවයි. නවීන රසායන විද්‍යාව හඳුනාගත් මූල ද්‍රව්‍ය එකසිය ගණනක හැසිරීම් රටා ඉන් පැහැදිලි කර ඇත.
මෙහි එන සියළු මූල ද්‍රව්‍යය පෙරදිග විද්‍යාව හඳුන්වන ප්රකා්තියේ විකෘතීන් ය. සෑම මූල ද්‍රව්‍යයකම පරමාණුවක පෙරදිග විද්‍යාව හඳුන්වන පංච මහා භූත සමායෝජනය නිසා පවතින ඒකීය තත්වය හඳුන්වන මහත් තත්වය පවතී. සෑම මූලද්‍රව්‍යයකම පඨවි, ආපෝ, තේජෝ, වායු, ආකාශ යන තත්ව සමායෝජනය පවතී. මූල ද්‍රව්‍යයක ඝණ අවස්ථාව පඨවි ගුණය පෙන්ව යි. මූල ද්‍රව්‍යයක ද්‍රව අවස්ථාව ආප් ලක්ෂණය පවතී. මූල ද්‍රව්‍යයක වායු අව සටාබ් පෙරදිග විද්‍යාව හඳුන්වන වායු ලක්ෂණය පවතී. සෑම මූලද්‍රව්‍යයකම පරමාණුවක් ශක්තිමය එ්කකයකි. එනිසා එහි තේජෝ භූතය පවතී. පරමාණුවක නිර්මාණය තුල පවා ආකාශයීය පැවැත්මක් ඇත. එය ආකාශ මහා භූතයයි.
එම මහා භූත සමායොජණය වී ඇති ආකාරය අනුව ඒ ඒ මූලද්‍රව්‍යය හා ඒවායේ පරමාණු විවිධ ගති ලක්ෂණ වලින් යුතුය.
පසු සටහනඃ
ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන විෂය ධාරාව තුළ පෙරදිග විද්‍යාව මෙන් ම නවීන විද්‍යාව අන්තර් ගතකොට ඇත. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල පාඨමාලා දක්වා විසිරී ඇති මෙම දැනුම් පද්ධති. ඇතැම් අවස්ථාවල ශිෂ්‍ය මනසෙහි භිත්ත පෞරුෂයක් ඇති කරන අන්දම අත්දැකීමෙන්ම දන්නෙමි. නමුත් විශ්ව විද්‍යාල පර්යේෂණ මගින් දැනුම් පද්ධති සමායෝජනයට පියවර ගෙන නැත. මෙම ලිපිය හා පර්යේෂණය ඉටු කරන්නේ එම මෙහෙවරයි. මෙයටත් වඩා පුළුල්ව ආවර්තිතා වගුව හරහා පරමාණුන්ගේ රසායණික ලක්ෂණ හා භෞතික ලක්ෂණ අධය්‍යනය කිරීමෙන් ඉතා පැහැදිලිව පංච මහා භූත න්‍යාය අධ්‍යයනය කළ හැක.
වෛද්‍ය හේමචන්ද්‍ර පතිරත්න, සභාපති, ජාතික වෛi පදනම