
No development without health: no development without researchපූර්ණ සෞඛ්‍යසම්පන්න බව’ යනු කාර්යක්ෂ ම ජීවත් වීමටත්, උපරිම ලෙස සේවය කිරීමටත්, හැකියාවක් ලබා දෙන, කායික හා මානසික යෝග්‍යතාවයි. කය හා මනස නිරෝගි වූ විට පුද්ගලයා චිත්තවේගි ස්ථාවර බවින් ද සදාචාරාත්මක බවින් ද යුක්ත වේ. පුද්ගලයාගේ ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, නිවැරදි චලන, නම්‍යතාව ඔහුගේ ක්‍රියාශිලිභාවයට හා කාර්යක්ෂමතාවට බලපායි. ක්‍රියාශිලි බව හා කාර්යක්ෂමතාව සඳහා පේෂි, ස්නායු ක්‍රියාකාරිත්වයත්, රුධිර සංසරණයත්, ස්වසන ක්‍රියාවලියත් සමෝධානික ව ක්‍රියාත්මක විය යුතු ය.
සෞඛ්‍ය ගැන කතා කිරීමේ දී, අපට සිරුරෙන් මනස වෙන් කළ නො හැකි ය. නිවැරදි තීරණ ගැනීම, යහපත් ආකල්ප දැරීම, නිර්මාණාත්මක ව චින්තනය මෙහෙයවීම, තාර්කික බවින් යුක්ත වීම, තෘප්තිමත් බවින් යුක්ත වීම මානසික නිරෝගිතාවේ ලක්ෂණයි. ශාරීරික හා මානසික නිරෝගිතාවෙන් යුත් පුද්ගලයා සෞඛ්‍යසම්පන්න පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකි ය. එවැනි පුද්ගලයෙකු මනා පෙනුමෙන් හා යහපත් ඉරියව්වලින් යුක්ත ය. ප්‍රසන්න ය; ප්‍රකෝපකාරි බවින් හා සහයෝගිතාවෙන් යුක්ත ය; යහපත් සිරිත් විරිත් ඇත්තෙකි. සදාචාර බවින් හා සාමකාමී හැසිරිමෙන් යුක්ත ය. එවැනි පුද්ගලයින්ට කාර්යක්ෂම ව ජීවත් වීමටත්, සමාජයට උපරිම අන්දමින් සේවය කිරීමටත් හැකියාව ලැබේ. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විෂයමාලාව මුළු රටට ම ඒකාකාරී ව ක්‍රියාත්මක වන මධ්‍යගතවූවකි.
ප්‍රාදේශීය වශයෙන් විවිධ විෂමතාවන්ගෙන් යුත් රටකට, එවැනි මධ්‍යගත විෂයමාලාවක් කොහෙත් ම නොගැලපේ. එබැවින් අප රටේ ප්‍රාදේශිය වශයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර, ඒ ඒ ප්‍රදේශයේ පවතින යටිතල පහසුකම් හා සමාජ ආර්ථික රටාවට ගැලපෙන, වෙන් වෙන් විෂයමාලා සැලසුම්කර ක්‍රියාත්මක කළ යුතු ය.
දැනට ක්‍රියාත්මක වන විෂයමාලාව ගෙන බැලුව ද එය ප්‍රායෝගික බවින් ඈත් වූ ශාස්ත්‍රිය, කඨෝර විෂය කරුණුවලින් පිරුණු, දරුවන් දැඩි සේ වෙහෙසට පත් කරන, විභාග කේන්ද්‍රිය වූ වැඩපිළිවෙළකි. එය දරුවන්ගේ ශාරිරික හා මානසික සෞඛ්‍යට කොහෙත්ම ගැළපෙන්නක් නො වේ. ගුරුවරුන් වුව ද දරුවන්ට යෝග්‍ය අන්දමට මෙම විෂයමාලාව ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි වික්ශිප්තභාවයට පත් ව සිටිති. දරුවන්ට පාසල් කාලයේ දී මෙන් ම, පාසලෙන් පසු කාලයේ දී ද ලබා එදෙන ගුරු උපදෙස් වන්නේ විෂය කරුණු කටපාඩම් කොට විභාග සඳහා සූදානම් වීමටයි. දෙමාපිය බලපෑමවන්නේ ද එය ම ය.
පාසලේ දී වැඩි වශයෙන් ඇගයීමට භාජනය වන්නේ දරුවන්ගේ ශාස්ත්‍රීය ප්‍රවීනතාවයි. විවිධාකාර දස්කම් ඇති සිසුන් සිටිය ද ඔවුන් ප්‍රමාණවත් ඇගයීමට භාජනය නො වේ. එක ම සිසුන් කිහිප දෙනෙකුට, නොකඩවා ශාස්ත්‍රීය ප්‍රවීණත්වය සලකා ත්‍යා්ග – සහතික පත් ලබුණු විට, සුවිශේෂි දක්ෂතා සහිත අනෙකුත් සිසුන් තුළ ඇතිවන්නේ කලකිරීමකි. එය ඔවුන්ගේ සෞඛ්‍යට දැඩි සේ බලපානු ලබයි.
පාසලේ පන්ති නායක, ශිෂ්‍යනායක ආදි තනතුරුවලට සිසුන් තොරා ගැනීමේ දී වුව ද ප්‍රධාන තැන හිමි වන්නේ ශාස්ත්‍රීය අංශයෙන් ප්‍රවීණතාව ලබා ගත් සිසුන්ට ය. මෙම ක්‍රමය වහා වෙනස් විය යුතු ය. සෑම සිසුවෙකුගේ ම කවර හෝ හැකියාවක් එළි දක්වා, එම හැකියාව අගය කිරීමෙන්, සියලු දරුවන් ප්‍රබෝධයට පත් කළ හැකි ය. එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වේ.
අධ්‍යාපන පර්යේෂණවලින් හෙළිවන අනාවරණ ඔස්සේ අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමෙන්, මිනිස් සම්පත ශක්තිමත් කර ගත යුතු බව වටහා ගත්තේ අද ඊයේ නො වේ. නිදහස ලැබීමට පෙර පවා එහි වැදගත්කම අවධානයට ලක් වූ බව, 1943 අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටු වාර්තාවෙන් ‘අධ්‍යාපන පර්යේෂණ පිළිබඳ කවුන්සිලයක්’ ස්ථාපිත කිරීමට නිර්දේශ කිරීමෙන් පැහැදිලි වේ.
එන්. එම්. මාලා ආර් ද සිල්වා
විශ්‍රාම ලත් උප පීඨාධිපති
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ