අපි රූප දෙකක් අධ්‍යයනය කරමු. 1 වන රූපයෙන් පැහැදිලි වන්නේ පර්යේෂණ කිරීමේ ප‍්‍රධාන අරමුණු දෙකක් පවතින බව ය. අප දැනටමත් දන්නා දැනුම සත්‍යය ද? යන ප‍්‍රශ්නයට පිළිතුරු දීම පර්යේෂණයේ එක අරමුණකි. දෙ වන අරමුණ වන්නේ පවතින දැනුම වැරදි නම් හරි දැනුම කුමක් ද? යන්න සොයා බැලීම යි. මේ අරමුණු දෙක අනුව පැහැදිලි වන්නේ පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයේ වැදගත්කම යි. පවතින දැනුම ගබඩා වී ඇත්තේ පර්යේෂණ සාහිත්‍යය තුළ ය. පර්යේෂණ සාහිත්‍යය නමැති ගබඩාව අධ්‍යයනය කිරීමෙන් මිනිසා දැනට සතු කර ගෙන ඇති දැනුමේ හැඩරුව කුමක් දැ යි අවබෝධ කර ගත හැකි ය.
1 වන රූපය : පර්යේෂණ කිරීමේ අරමුණු
දැනුම් ගබඩාව ඇත්තේ කොහේ දැ යි යන ගැටලූව දැන් මතු වේ. මේ දැනුම් ගබඩාව තැන්පත් වී තිබෙන්නේ, පසුගිය ලිපියේ පැහැදිලි කළ පරිදි, ප‍්‍රකාශිත ලේඛනවල ය, ප‍්‍රකාශිත විද්‍යුත් පටවල ය. ඒවා අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයකු මේ ආකාරයෙන් පවතින දැනුමේ හැඩරුව අධ්‍යයනය කර ගෙන යන විට ඔහුට/ඇයට මාන දෙකක දැනුම් රටාවක් හඳුනා ගන්නට ලැබේ 2 වන රූපය.
2 වන රුපය, දැනුමේ මාන
දැනුමේ ද්විමාන හැඩයක් තිබේ. එක් මානයකින් ඔහුට දැනුමේ ඓතිහාසික සංවර්ධනය හඳුනා ගන්නට ලැබේ. හෙවත් දැනුමේ ඓතිහාසික ගැඹුර ඔහුට හඳුනා ගන්නට අවකාශ ලැබේ. අනෙක් මානයෙන් දැනුමේ වර්තමාන හැඩරුවේ පළල හඳුනා ගන්නට අවකාශ ලැබේ. හෙවත් මිනිසා සතු ව වර්තමානයේ පවතින දැනුමේ පළල හඳුනා ගන්නට ඉඩ ලැබේ.
මේ අනුව මතු වූ ගැටලූවක් පිළිබඳ ව දැනට කර තිබෙන පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය කිරීමේ දී, අතීත මිනිසා සතු ව තිබූ මෙතෙක් සංවර්ධනය වූ අතීත දැනුම හා වර්තමාන මිනිසා සතු වර්තමාන දැනුම, පර්යේෂකයකුට හඳුනා ගන්නට ලැබේ. මේ හඳුනා ගැනීමෙන් පර්යේෂකයකුට තම ගැටලූවට සම්බන්ධ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ බහුශ‍්‍රැතභාවයක් එනම් බොහෝ ඇසූපිරූ තැන් ඇති බව යි ලැබේ. ඒ බහුශ‍්‍රැතභාවයෙන් පර්යේෂණ ගැටලූව පිළිබඳවත් ඊට තමා විසින් දිය යුතු පිළිතුරේ ස්වභාවය පිළිබඳවත් ඊට තමා විසින් දිය යුතු පිළිතුර කරා ළඟා වීමට යා යුතු මග පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ලැබේ.
දැන් අපි ‘ගුරුත්වාකර්ෂණය’ පිළිබඳ නියම ඉදිරිපත් කළ ‘සර් අයිසෙක් නිව්ටන්’ ඉදිරිපත් කළ අදහසක් මතකයට නඟා ගනිමු. ඔහු පැවසුවේ ”මා සිටින්නේ අතීතයේ සිටි අනෙකුත් විද්‍යාඥයන්ගේ උර මත නැග ගෙන” බව යි. එනිසා අලූත් දේ දකින්නට පුළුවන් වූ බව යි. මෙයින් ‘අයිසෙක් නිව්ටන්’ අදහස් කළේ ඔහු සොයා ගත් දෑ සඳහා, ඔහුට පෙර සිටි විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබුණු දේ පදනම් වූ බව යි. එසේත් නැති නම් පෙර දැනුම අඩංගු ‘පර්යේෂණ සාහිත්‍ය’ පදනම් වූ බව යි. පර්යේෂණ දැනුම වැඩි වර්ධනය වන්නේ පවතින දැනුම පදනම් කර ගෙන ය. පර්යේෂණ දැනුම ගොඩ නැගීමට අදාළ මේ ලක්ෂණයට සමුච්චිත දැනුම යන වචනය භාවිත වේ. මේ අනුව දැනුම සමුච්චිත ය. කිසි ම විද්‍යාඥයකුට පවතින දැනුම පදනම් කර නො ගෙන නව දැනුමක් ඉදිරිපත් කළ නො හැකි ය. පවතින දැනුම හා නොසසඳා, අලූතින් සොයා ගත් දැනුම නව දැනුමක් බව අප පෙන්වන්නේ කෙසේ ද?
‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ නමැති සාංකල්පික දැය හෙවත් දැනුම් ගබඩාව, භෞතික වශයෙන් නිරූපණය වී තිබෙන ලේඛන ආකෘති ගත කර 3 වන රූපයේ දැක්වේ. 3 වන රූපයේ තිබෙන ලේඛන, එක ස්ථානයක තැන්පත් වී තිබේ ද? කිසිසේත් ම නැත. ඒවා විවිධ පුස්තකාලවල, පර්යේෂණ ආයතනවල, ලේඛනාගාරවල, පල්ලි, පන්සල්, පාර්ලිමේන්තු වැනි ආයතනවල විසිරී-විහිදී තිබේ. මෙසේ විසිරී-විහිදී තිබෙන ලේඛන පිළිබඳ ව ක්ෂණික ව හඳුනා ගැනීම සඳහා පර්යේෂකයින්ට උපකාරී වන තවත් උපකරණ/ලේඛන තිබේ.
3 වන රූපය
මේවා පළල් ව හා ගැඹුරට විහිදෙන, එසේ ම විසිරී පැතිරී පවතින, සාහිත්‍යය හඳුනා ගැනීමට උපකාර වන උපකාරක ලේඛන වැනි ය. නැත හොත් දැනුම් සාගරයේ කිමිදීමට පෙර ඇඟ ලා ගන්නා කිමිදුම් ඇඳුම් කට්ටල වැනි ය. ග‍්‍රන්ථ නාමාවලියක ඇත්තේ කිසියම් විෂයයකට අදාළ ව ලියැවී ඇති පොත්පත්වල නම් හෝ පර්යේෂණවල නම් ය. උදාහරණයක් වශයෙන් ‘ජාතික අධ්‍යාපන ආයතනයේ’ ‘ඒකාබද්ධ පර්යේෂණ නාමාවලිය’ 1986-1994 ගත හොත් එහි 1986-1994 කාලයේ ‘ජාතික අධ්‍යාපන ආයතනය’ විසින් පළ කළ සියලූ පර්යේෂණවල නම් අඩංගු වේ. එමගින් ‘ජාතික අධ්‍යාපන ආයතනය’ සතු ලේඛන ඉක්මනින් හඳුනා ගැනීමට පහසුවක් ලැබේ. ඒ ඒ ලේඛනය පිළිබඳ මූලික කරුණු ලූහුඬින් සැපයීම ග‍්‍රන්ථ නාමාවලිවල ස්වරූපය යි 4 වන හා 5 වන රූප.
4 වන රූපය : ග‍්‍රන්ථ නාමාවලියක පිටුවක්
5 වන රූපය : ග‍්‍රන්ථ නාමාවලි පිටුව කියවීමට උපදෙස්
ග‍්‍රන්ථ නාමාවලිය පරිහරණය කර තමාට මතු වී ඇති පර්යේෂණ ගැටලූවලට අදාළ පොත්, ජාතික අධ්‍යාපන ආයතනය සතු වේ දැ යි පර්යේෂකට තීරණය කළ හැකි ය. මෙයාකාරයට විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන, ග‍්‍රන්ථ නාමාවලි සකස් කර පර්යේෂකයනට තම ආයතනවල ඇති පර්යේෂණ ලේඛන හඳුනා ගැනීමට පහසුකම් සලසනු ලැබේ. මේ ආයතනවලට අදාළ ග‍්‍රන්ථ නාමාවලි පිරික්සීමෙන් ද බාහිර පර්යේෂකයකුට තම පර්යේෂණ ගැටලූවට අදාළ ලේඛන එම ආයතන සතු වේ දැ යි තීරණය කර අදාළ ආයතනය වෙත ගොස් එම ලේඛන පරිහරණය කළ හැකි ය. එසේ ම තමා පදිංචි ස්ථානයට ආසන්න පුස්තකාලයක් මගින් එවැනි ලේඛන ගෙන්වා ගෙන පරිහරණය කිරීමේ විධිමත් ක‍්‍රමයක් ද : සමහර පුස්තකාල විසින් සංවර්ධනය කරනු ලැබ තිබේ. එවැනි ක‍්‍රමයකින් පර්යේෂකගේ ‘පර්යේෂණ සාහිත්‍යය’ සඳහා ගත වන ගමන් කාලය අඩු කර ගත හැකි ය.
සුචි ග‍්‍රන්ථවලින් කරනුයේ කිසියම් විෂයයකට අදාළ පර්යේෂණ වාර්තාවල සඳහන් වන මූලික වචන මගින්, එම වචන සහිත ලේඛන මොනවා දැ යි පෙන්වා දීම ය. උදාහරණයක් වශයෙන් අධ්‍යාපන සුචිය ගත හොත්, 1929 සිට ඇමරිකා එක්සත් ජනපදයේ පළ වූ අධ්‍යාපනයට සම්බන්ධ ලේඛනවල සඳහන් වූ මූලික වදන් ලේඛනයක් එහි අඩංගු වේ. එම මූලික වදන්වලින් එම වදන් සඳහන් වූ ලේඛන මොනවා දැ යි පහසුවෙන් හඳුනා ගැනීමට පර්යේෂකයකුට අවකාශ ලැබේ.
මේ අනුව ග‍්‍රන්ථ නාමාවලි හා සුචි ග‍්‍රන්ථ අනුසාරයෙන් ‘පර්යේෂණ සාහිත්‍ය’ විමර්ශනයට අවශ්‍ය ලේඛන සොයා ගැනීමේ කුසලතාව පර්යේෂකයකු සතු විය යුතු වේ. නූතන පරිගණක හා තොරතුරු තාක්ෂණ දියුණුව අනුව ‘පර්යේෂණ සාහිත්‍යය’ සඳහා වූ මූලික ලේඛන හඳුනා ගැනීම පහසු කරන තව ක‍්‍රමයක් බිහි වී තිබේ. එය අන්තර්ජාලයයි. අන්තර්ජාලයේ ද ලෝකයේ විවිධ පර්යේෂණ ආයතනවල පර්යේෂණ පිළිබඳ මූලික තොරතුරු, එම ආයතන සඳහා වූ වෙබ් අඩවිවල ගබඩා වී තිබේ. නැත හොත් දත්ත පාදක ලෙස ගොනු කර තිබේ උදා: හෙදකම සඳහා වූ දත්ත පාදක ය. ඒවා පරිහරණයෙන් ද පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයට අවශ්‍ය ලේඛන හඳුනා ගත හැකි ය.
‘ගවේෂණ සඟරාව’ 2006 සැප්තැම්බර්-දෙසැම්බර් / 09 වන කලාපය