පූර්ව හා පසු ප්‍රසව විශාදය. (perinatal depression) පිළිබඳ ව නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍ය රූපගත කිරීම් අතරතුර

ලාංකේය සමාජයේ මවුවරුන් මුහුණ දෙන මෙම සෞඛ්‍යමය ගැටලු‍වට පිළියමක් උදෙසා මහජනතාවගේ මේ සම්බන්ධයෙන් පවතින දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන (ENHANCE) ව්‍යාපෘතිය මගින් මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනු ලබයි.

පූර්ව හා පසු ප්‍රසව විශාදය යනු අපේ රටේ කාන්තාවන් බහුල ව මුහුණ දෙන මානසික රෝග තත්ත්වයකි. අවාසනාවකට ස්වාමි පුරුෂයන්, දෙමාපියන් ඇතුළු ඇයගේ සමීපතමයන් මෙන් ම පොදු මහජනතාවට මෙවැනි රෝග තත්ව සම්බන්ධයෙන් පවතින අල්ප දැනුම නිසා අදාළ කාන්තාවන් බලවත් අපහසුතාවට මුහුණු දෙන සිදුවීම් අප සමාජයේ බහුල වශයෙන් සිදු වේ.

ඉතා ඉක්මනින් මෙම නිර්මාණ කටයුත්ත අවසන් කොට එළි දැක්වීමට නියමිතව ඇත
IRD මාධ්‍ය ඒකක