නව චීනයේ පිබිදීම මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලදුව ඔහුගේ අභාවයෙන් පසුව 2006 වසරේදී ප්‍රකාශ කරන ලද්දකි. 1959 දී නව චීනයේ දසවැනි සංවත්සරයට සංස්කෘතික නියෝජිතයකු ලෙස සහභාගි වූ වික්‍රමසිංහයන් එහි භෞතික හා අධ්‍යාත්මික ප්රබෝධය පිළිබඳ ලිපි පෙළක් ලියන ලදි.
සිළුමිණ පුවත්පතේ පළවූ මෙම ලිපිපෙලේ එකතුව මහාගත්කරුගේ අභාවයෙන් පසුව පළවූ ඔහුගේ පස්වැනි ග්‍රන්ථයයි. මා හට මේ පොත මුණගැසුනේ අහඹුවෙනි. මාර්ටින් වික්‍රමසිංහයන් ලියු ලිපි ලේඛන සංරක්ෂණය කොට අලූත් පරපුරට කියවීමට මංසලසා දීමෙන් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය කරනුයේ මහඟ කාර්යයකි. මෙම ග්‍රන්ථය පරිච්ඡේද එනම් ලිපි 9 කින් සමන්විතය.
ඔහුගේ පොතේන් එක් ඡේදයක් උපුටා දක්වනු මැනවැයි මට සිතේ. “චිනය බටහිර විද්‍යාවෙන් හා බටහිර ක්‍රමවලින් ප්‍රයෝජන ගනිති. ඔවුහු බටහිරට වහල්ව නොසිතති. ඔවුන්ගේ යකඩ හා වානේ කර්මාන්ත දියුණුවීමටත් ප්රචණ්ඩ ගංඟා මෙල්ලකොට වාරිමාර්ග තැනීමටත් මේ මේ අදීන සිතුම් විදිය ප්‍රධාන හේතුවක් විය”.
මෙම ඡේදයේ දැක්වෙන අදහස් අදටත් වැදගත්වේ යැයි මම සිතමි. ජාතික අර්ථකතනයක් බිහිකිරිම් ලා උපදෙස් මෙහි අඩංගු වේ.
වික්‍රමසිංහයන් චීනයේදී බෞද්ධ විහාර හයක් හතක් බලන්නට ගිය බව චීනයේ බුදුසසුන නැමැති ලිපියේ පැහැදිලි වේ. නව චීනය බෞද්ධ ශසනයට දක්වන සැළකිල්ල මොනවට පැහැදිලි වේ. සමහර ශ්‍රී ලාංකිකයන් චීනය විසින් ටිබටයේ බෞද්ධ ශාසනය විනාශ කරන බව මෑතකදී කරන ලද ප්‍රකාශයෙහි සත්‍ය අසත්‍ය බව පිළිබඳ මේ ලිපිය කියවීමේ දී මා තුළ කුකුසක් ඇති විය. චියැංතායිෂෙන් විසින් පිහිටුවන ලද තායිවානයේ අද කිතුණු දහම බලවත්ව නැගී සිටියි. දලයිලමා තුමා නව චීනය පගා දැමීමට බටහිරයන් සමඟ එකතු වී ඇතැයි මට සිතේ.