“ආර්ථීකයක් තුළ බලශක්ති පරිභෝජන මට්ටම, එහි වර්ධන මට්ටම සෘජු ව ම තීරණය කරන බව” ඍ්සෙබා්ාස සහ ධ’එමරන පවසති. ඒ අනුව මිනිසා බලශක්තිය මත දැඩි ව රඳා පවතින සත්ත්වයෙකි. බලශක්තිය මිනිසාගේ වේගවත් කාර්මික වර්ධනයට සහ තාක්ෂර්‍ණක සංවර්ධනයට හේතු වූ ස්වර්ණමය යතුරක් ද වේ. එනිසා ඒ පිළිබද ගවේෂණය අත්‍යවශ්‍ය ම කරුණකි.
ආදි මානවයන් ගින්දර භාවිත කිරීමට පටන් ගත් දා සිට, මිනිසාගේ පැවැත්ම සඳහා ශක්තිය අත්‍යවශ්‍ය සම්පතක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ ආදි මිනිසා ද ශක්ති ප්‍රභවවල වැදගත්කම හොඳින් දැන සිටි අතර බලශක්ති භාවිතය සඳහා පුරුදු ව සිට ඇති බව, පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වේ. සූර්යයාගෙන් ලැඛෙන ශක්තිය, සුළං ශක්තිය, දැවවල තාප ශක්තිය හා පොසිල ඉන්ධන පිළිබඳ ව ගවේෂණය කිරීමටත් එම ශක්ති ප්‍රභව තම අභිමතය පරිදි හසුරුවා ගැනීමටත් ඔවුන්ට හැකි වී තිබේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා දඩයම හා ඵල වැල එකතු කිරීම (්‍යමබඑැර ්බා ඨ්එයැරසබට) මගින් තම ජීවිකාව ගෙන ගිය අතර සතුන් පුලූස්සා ආහාරයට ගැනීමට ද පුරුදු විය. ක්‍රමයෙන් මානවයා දියුණු වීමත් සමග ආහාර පිසීමටත්, ශරීරය උණුසුම් ව තබා ගැනීමටත්, විවිධ අභිචාර ක්‍රම හා අවමංගල්‍ය චාරිත්‍රවලටත් දැව ඉන්ධනයක් ලෙස භාවිත කොට තිබේ.
පුරාණ අරාබි සටන් බිමේ තියුණු සහ ශක්තිමත් ම ආයුධයක් වූ ඩමස්කස් කඩු සෑදීමට මෙරටින් වානේ ලබා ගත් බවට ලිඛිත සාක්ෂි ඇත. මෙය මෙරට වැසියන් යකඩ නිස්සාරණ තාක්ෂණය දැන සිටි බවට සාධකයකි. සීගිරිය අසල අලකොළවැව දෙහිගහ ඇළ කන්ද ප්‍රදේශයෙන් යකඩ නිස්සාරණ උදුන් 139ක් පමණ සොයා ගෙන තිබේ. මෙම උදුන්, මයිනහම ආධාරයෙන් ද සුළං බලය යොදා ගනිමින් ද යකඩ නිස්සාරණය කර තිබේ. තවත් එවැනි ම උදුන් බලංගොඩ, සමනළවැව ප්‍රදේශයෙන් ද හමු වී තිබේ. එහි දී මීටර් 10 ං 10 ප්‍රමාණයේ උදුන් හතරක් සොයා ගෙන ඇති අතර මේ එක උදුනක් මීටර් 2ක ගැඹුරින් යුක්ත වේ. මේ උදුන් දැල්වීමට භාවිත කර ඇත්තේ නිරිත දිග මෝසම් සුළං බලයයි. කඳු මුහුණතක පිහිටා ඇති මෙම උදුන් පැය 12කට ආසන්න වේලාවක් නො නිවී දැල්වේ. 7 -10 සියවස්වලට අයත් මෙම උදුන් ආශ්‍රිත ව, යකඩ නිෂ්පාදනයේ දී අපද්‍රව්‍යයක් වශයෙන් පිට වන යබොර, උදුනෙන් ඉවත් කිරීමට භාවිත කරන ලද මැටි කළ ද හමු වී තිබේ (1 වන රූපය).
ස්වාභාවික පරිසරයේ ඇති යකඩ සහිත පස්වලින් ලෝහය වෙන් කර ගැනීමට නම් අධික උෂ්ණත්වයකට, එනම් සෙල්සියස් අංශක 1538ක ප්‍රමාණයට, රත් කළ යුතු ය. ඉහත සඳහන් උදුන් දැල්වීම සදහා ඉන්ධන ලෙස යොදා ගෙන ඇත්තේ ‘මරං ශාකයයි’යි. ‘යකඩ මරං’ නමින් හැදින්වෙන මෙම ශාකය පුළුස්සා ලබා ගන්නා අඟුරු මෙම උදුන් දැල්වීමට යොදා ගෙන තිබේ. සමනොළ වැව පෙදෙසේ යකඩ නිස්සාරණය කිරීම සදහා, ලිමොනයිට් හා හෙමටයිට් යන පාෂාණ වර්ග යොදා ගෙන තිබේ. උදුනේ පතුලට පිදුරු හා දහයියා දමා ඊට උඩින් ප්‍රධාන ඉන්ධනය ලෙස මරං ශාඛයෙන් ගත් අගුරු දමා මතුපිටින් යපස් තැන්පත් කර දහනයට ලක් කර තිබේ. උදුන පැය 5ක් පමණ දැල්වෙද්දී යපස් දිය වී යකඩ ලෝහය වෙන් කර ගැනීමට හැකියාව තිබිර්‍ණ. ස්වාභාවික සුළං බලය හා පාරිසරික සාධක මූලික කර ගෙන, මෙලෙස යකඩ නිස්සාරණය කිරීමේ ක්‍රමයක්, ලොව වෙනත් කිසිදු රටකින් වාර්තා වී නොමැත. පසුගිය දා ඩොලර් හිඟය නිසා පිටරටින් යකඩ ගෙන්වීම ගැටලූවක් බවට පත් වී තිබුර්‍ණ. එමෙන් ම යකඩ නිෂ්පාදනවල මිල වැඩි වීම ද දක්නට ලැබුර්‍ණ. අද කතුර, පිහිය, යකඩ ඇණය, කොණ්ඩ කටුව පවා පිටරටින් ගෙන්වන අප, අදින් අවුරුදු 3000කට පෙර යකඩ නිපදවා, පිටරටට අලෙවි කළ ජාතියක් බව පුරාවිද්‍යා සාධකවලින් ද හෙළි වී තිබේ.
මෙලෙස බලශක්ති ප්‍රභව පිළිබද අතීත ආවර්ජනයක නියැළෙන විට එහි ආරම්භය සනිටුහන් වන්නේ ප්‍රධාන බලශක්ති ප්‍රභව එකක් හෝ දෙකක් මත පමණක් රඳා සිට නමුත් මෑත කාලින ව එහි පැහැදිලි වර්ධනයක් දැකිය හැකි ය. එනම් ගල් අඟුරු, තෙල්, ගෑස්, න්‍යෂ්ටික, ජල විදුලිය, සූර්ය, සුළං හා ජෛව ඉන්ධන ආදී බොහොමයක් බලශක්ති ප්‍රභව පවතී. දැවවලින් අරඹා තම බලශක්ති අවශ්‍යතා සපුරා ගත් මිනිසා එතැන් සිට ගල් අඟුරු දක්වා බලශක්ති භාවිතයේ පළමු අවධිය ගත කළේ ය. අනතුරු ව තෙල් සහ ගෑස් භාවිතය දක්වා විහිදී ගිය දෙ වන අවධියට පරිවර්තනය විය. තෙල් සහ ගෑස් භාවිතයේ සිට අනාගතයේ දී නව බලශක්තිය දක්වා තුන් වන ප්‍රධාන පරිවර්තනය දකිනු ඇත (2 වන රූපය).
- දැව සිට ගල් අඟුරු දක්වා වූ පළමු පරිවර්තනය ගෝලීය ප්‍රාථමික බලශක්ති පරිභෝජනය 1800 වර්ෂය දක්වා දිවෙන අතර 19 වන ශතවර්ෂයේ මැද භාගය වන තෙක්, සාම්ප්‍රදායික දැව, බෝග අපද්‍රව්‍ය හෝ අඟුරු (ජෛව ස්කන්ධය) වැනි ඝන ඉන්ධන දහනය කිරීම ලොව පුරා භාවිත කරන ලද ප්‍රමුඛතම බලශක්ති ප්‍රභවය විය. ගල් අඟුරු කැණීමේ තාක්ෂර්‍ණක දියුණුවත් සමඟ වැඩි ශක්ති ඝනත්වයක් ඇති ගල් අඟුරු බහුල ව භාවිත විය. 1769 දී වාෂ්ප එන්ජිම සහ 1875 දී අභ්‍යන්තර දහන එන්ජිම සොයා ගැනීමත් සමග බලශක්ති උත්පාදනය, නව මාවතකට යොමු විය. මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය ගල් අඟුරු කර්මාන්තයේ දියුණුව වේගවත් කළ අතර කල් යත් ම දැව අභිබවා යාමට ප්‍රාථමික බලශක්ති මිශ්‍රණයේ විශාලතමයා වූ ගල් අඟුරුවලට හැකි විය. 1831 දී ෆැරඩේ විසින් විද්‍යුත් චුම්භක ප්‍රේරණය සොයා ගැනීමෙන් පසු ව, විද්‍යුත්කරණය සඳහා බලශක්ති භාවිතයේ යුගය ආරම්භ කරමින්, විදුලි බලය සඳහා ශක්තිය භාවිත කරන ලදී. දැව සිට ගල් අගුරු දක්වා වූ පළමු පරිවර්තනය මෙයයි.
- ගල් අඟුරු සිට, තෙල් හා ගෑස් දක්වා දෙවන පරිවර්තනය 1886 දී ඩේම්ලර් විසින් අභ්‍යන්තර දහන එන්ජිමක් නිර්මාණය කළ අතර, එය කාර්යක්ෂම බලශක්ති සම්පත් ලෙස තෙල් හා ගෑස් සඳහා ඇති ඉල්ලූමේ විශාල වැඩි වීමක් උත්තේජනය කළේ ය. භූ විද්‍යාත්මක න්‍යායයේ ප්‍රගතිය සහ කැණීම් සම්පූර්ණ කිරීම සහ පිරිපහදු කිරීමේ තාක්ෂණය, තෙල් හා ගෑස් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හේතු විය. ඒ අනුව ප්‍රාථමික බලශක්ති මිශ්‍රණයේ තෙල් හා ගෑස් කොටස, 1965 දී, 50%කට වඩා වේගයෙන් වර්ධනය විය. මෙම බලශක්ති සම්පත් ලෝකයේ විශාලතම බලශක්තිය ලෙස ගල් අඟුරු ප්‍රතිස්ථාපනය කළ අතර ගල් අඟුරු සිට තෙල් හා ගෑස් දක්වා දෙ වන පරිවර්තනය වාර්තා කෙරිර්‍ණ.
- ෆොසිල ඉන්ධනවල සිට පොසිල නො වන නව බලශක්තිය බලශක්තිය සඳහා තිරසර සංකල්පය යොදා ගැනීමත් සමග කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු බලශක්ති ප්‍රභව සමාජයට පැමිණීමෙන් සාම්ප්‍රදායික ෆොසිල ඉන්ධනවල සිට පොසිල නො වන නව බලශක්තිය දක්වා තුන් වන ප්‍රධාන පරිවර්තනය එනම් පොසිල ඉන්ධනවල සිට පොසිල නො වන නව බලශක්තියට යොමු විය. මෑත වසරවල දී ගල් අඟුරු, තෙල් සහ අනෙකුත් ඉහළ කාබන් බලශක්ති සම්පත් භාවිතය නිසා ඇති වන පාරිසරික ගැටලූවලට ද එමගින් විසදුම් ලැබිර්‍ණ.
20 වැනි සියවසේ ආරම්භය වන විට ලෝකයේ බලශක්තියෙන් අඩක් පමණ ලැබුණේ ගල් අඟුරු මගින් වන අතර ගල් අඟුරු සහ අනෙකුත් අධි-කාබන් බලශක්ති සම්පත් (තෙල් හා පොසිල) දැඩි ලෙස භාවිත කෙරිර්‍ණ. එහෙත් හරිත පරිසර සංකල්පයට යොමු වීමත් සමග, ස්වාභාවික වායු සහ නව බලශක්ති වැඩි වන විට, අඩු කාබන් බලශක්ති (සූර්ය, සුළං, ජෛව ස්කන්ධ, උදම්, ජීව වායු) සදහා යොමු වූවත් තවමත් තෙල්, ගෑස්, ගල් අඟුරු සහ නව බලශක්ති සම්පත් එක් එක් ගෝලීය බලශක්ති පරිභෝජනයෙන් හතරෙන් එකක් සඳහා දායක වේ. එසේ ම ඒකක කැලරි අගයක කාබන් අන්තර්ගතය ගල් අඟුරුවල 26.37 එරැඔනල බොරතෙල්වල 20.1 එරැඔන සහ ස්වභාවික වායුවේ 15.3 එරැඔන වේ. එරැඔන = ක‍්කදරසසෙජ ඩ්කමැ චැර මබසඑ$ඒකක ද්‍රව්‍ය ප්‍රමාණයක් සම්පූර්ණයෙන් දහනය වූ විට ජනනය වන කැලරි ප්‍රමාණයයි). එහෙත් ජල විදුලිය, සුළං බලය, න්‍යෂ්ටික බලය සහ සූර්ය බලශක්තිය කාබන් රහිත ය. ඉහළ කාබන් සිට අඩු කාබන්, හෝ පොසිල සිට ෆොසිල නො වන බලශක්ති ප්‍රභව දක්වා ශක්ති ප්‍රභව භාවිතයට යොමු වීම මගින් ලොව හරිත මාවතකට යොමු වෙමින් පවතී. ගල් අඟුරු සිට හයිෙඩ්‍රාකාබනය (පෙට්‍රෝලියම් හා ස්වාභාවික වායු) දක්වා සහ හයිෙඩ්‍රාකාබනයෙන් නව බලශක්ති ප්‍රභව හෙවත් අඩු කාබන් බලශක්ති වෙත සංක්‍රමණය වීමේ දී විවිධ වර්ගයේ බලශක්ති ප්‍රභව මගින් ජනනය වන දූෂක (කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්) සහ කාබන් විමෝචනය වැඩි වැඩියෙන් අඩු වී ඇත. එමඟින් පාරිසරික හරිත සංවර්ධනයේ අවශ්‍යතා සපුරාලයි.
ලෝකයේ බලශක්ති සංවර්ධනයේ ප්‍රවණතාවට අනුව අතීතයේ ජීවත් වූ ප්‍රාථමික මිනිසා ස්වභාව ධර්මයෙන් කෙළින් ම දැව ලබා ගත් අතර, පසු කාලයේ දී, ගල් අඟුරු කැණීමේ සිට තෙල් බිම් සංවර්ධනය දක්වා ඉංජිනේරු තාක්ෂණයට වැඩි වැඩියෙන් නැඹුරු විය. වර්තමානයේ දී න්‍යෂ්ටික, සුළං, සූර්ය සහ අනෙකුත් නව බලශක්ති සම්පත් සංවර්ධන ක්‍රියාවලියේ දී තාක්ෂණයේ වැදගත්කම ද අවධාරණය කළ හැකි ය. උදාහරණයක් ලෙස මුල් වසරවල තෙල් ලබා ගැනීම සඳහා සිරස් ළිං කැණීම හා තිරස් ළිං කැණීම භාවිත කරන ලද අතර පසුව හයිෙඩ්‍රාලික් ඛණ්ඩනය කිරීමේ ඉහළ තාක්ෂණය යෙදීමෙන් අඩු අස්වැන්නක් සහිත ළිං විශාල සංඛ්‍යාවක් මගින් ඵලදායී සංවර්ධනයක් ලබා ගැනීමට හැකි විය (3 වන රූපය).
සමාජ ශිෂ්ටාචාරයේ, විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමග,
තෙල් සහ ස්වාභාවික වායු
සාම්ප්‍රදායික ශක්තිය සහ සාම්ප්‍රදායික නො වන ශක්තිය
ෆොසිල ශක්තිය සහ ෆොසිල නො වන ශක්තිය
අතර සම්බන්ධීකරණ ඇති වීම සංවර්ධනයේ නව රටාවකි. සාම්ප්‍රදායික පොසිල ශක්තිය පුනර්ජනනීය නො වන අතර පුනර්ජනනීය පොසිල නො වන බලශක්ති සම්පත්, සාම්ප්‍රදායික බලශක්තිය මත ‘අවසාන විප්ලවය’ සම්පූර්ණ කරනු ඇත (4වන රූපය)
මේ අනුව නිරන්තරයෙන් වෙනස් වන සමාජ ශිෂ්ටාචාරයේ වර්ධනය බලශක්ති ඉල්ලූමට මග පාදන බව පැහැදිලි ය. එසේ ම ප්‍රාථමික සමාජයේ පැවැත්මේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රධාන වසයෙන් බලශක්ති භාවිතය ද සිදු විය. වැඩවසම් සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රාථමික කාර්මික නිෂ්පාදනය වැඩිදියුණු වීම හේතුවෙන් බලශක්ති ඉල්ලූම විශාල ලෙස වැඩි විය. කාර්මික විප්ලවයෙන් පසු සමාජ ශිෂ්ටාචාරයේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ප්‍රවාහනය, තොරතුරු සහ සංස්කෘතික විනෝදාස්වාදය සඳහා මානව ඉල්ලූම සැලකිය යුතු ලෙස වැඩි වූ අතර නවීන කර්මාන්තයේ බලශක්ති ඉල්ලූම පෙර නො වූ විරූ මට්ටමකට පැමිර්‍ණයේ ය.
මෙම ගෝලීය බලශක්ති භාවිතයේ වසර 200ක ඉතිහාසයෙහි කැපී පෙනෙන කරුණ නම් බලශක්ති සංක්‍රාන්තිය ඉතා මන්දගාමී වීමයි. නිශ්චිත බලශක්ති ප්‍රභවයක් ප්‍රමුඛ වීමට දශක ගණනාවක් හෝ සියවසක් ගත වුව ද මෑත කාලීන බලශක්ති සංක්‍රමණ ඉතා ශීඝ්‍රයෙන් සිදු විය. එක්සත් රාජධානියේ 1990 දී තුනෙන් දෙකකට ආසන්න විදුලි බලයක් ලැබුණේ ගල් අඟුරු බලයෙනි. 2010 වන විට මෙය තුනෙන් එකකට වඩා පහත වැටුර්‍ණ. ඊළඟ දශකය තුළ එය 1% දක්වා පහත වැටි ඇත. මේ අනුව තෙල් කර්මාන්තය වසර 300ක සංවර්ධන චක්‍රයක් බව පෙනෙයි. එය 1859 දී ලෝක තෙල් කර්මාන්තය ආරම්භ වී වසර 150ක් ගෙවා ඇති අතර ඉතිරි වසර 150, ෆොසිල ශක්තියේ ජීවන චක්‍රය විය හැකි බවට මත පවතී. සුළං, සූර්ය, භූ-තාප ශක්තිය, ගබඩා කරන ලද ශක්තිය සහ ශීඝ්‍රයෙන් වර්ධනය වන හයිඩ්‍රජන් ශක්තිය යහපත් අපේක්ෂා පෙන්නුම් කර කොළ එළි දල්වනු ඇත. සමහර විට ‘නව බලශක්ති විප්ලවය’ පොසිල ශක්තිය ක්ෂය වීමට පෙර පැමිණෙනු ඇති බවට විද්වත්හූ මත පළ කරති.
චතුරිකා ආර්. හෙට්ටිවත්තගේ
සහකාර කථීකාචාර්ය
සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය
නිරංගා බණ්ඩාර
සහකාර කථීකාචාර්ය
අධ්‍යාපන තාක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය
40-12