
බහු සංස්කෘතික සමාජය
කිසියම් සමාජයකට අයත් පුද්ගලයන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට අත්පත් කර ගෙන, ඉගෙන ගෙන සහ බෙදා හදා ගන්නා විශ්වාස පද්ධති, වටිනාකම්, සම්ප්‍රදායයන්, චාරිත්‍ර, ආහාර, ඇඳුම්, සංකේත, භාෂා රටා, නීති, කලා, ජීවන රටා සහ සමාජ හැසිරීම් රටාවල සම්පූර්ණ එකතුවක් ලෙස සංස්කෘතිය නිර්වචනය කළ හැකි ය. බහු සංස්කෘතික සමාජය යනු විවිධ ජාතික, ආගමික, භාෂාත්මක හා සංස්කෘතික පසුබිම් ඇති පුද්ගලයන් එක් සමාජයක සහජීවනයෙන් ජීවත් වන ඒකකයකිග බහු සංස්කෘතික සමාජයක ජීවත් වන පුරවැසියා එවැනි සමාජයක ස්ථාවරත්වය හා සාමය රඳාපැවැත්ම සදහා වගකීම් සහගත ලෙස පුද්ගලයාගේ පුරවැසි වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු වෙයි. ශ්‍රී ලාංකික ජන සමාජය ද එවැනි බහු සංස්කෘතික ස්වභාවය සහිත සමාජයකි. මේ අනුව බහුසංස්කෘතික සමාජය යනු සංස්කෘතික විවිධත්වය සමාජ සම්පතක් ලෙස පිළිගනිමින්, එයට ගරු කිරීම, ආරක්ෂා කිරීම සදහා අවකාශ සලසන, සාධාරණ හා සමබර පුරවැසිත්වය ප්‍රවර්ධනය කරන සමාජ ව්‍යූහයකිBanks(2008). මෙරට ප්‍රාථමික විෂය මාලාවේ සිට මල බහුභාෂීය, බහු ආගමික, බහු සංස්කෘතික ජන සමාජයකල තම සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් අන්‍ය සංස්කෘතීන්ට ද ගරුත්වය ඇති ව කටයුතු කිරීමට හා ඒවාට ගරු කිරීමට උත්සාහ ගෙන ඇත. 21 වන සියවසේ අධ්‍යාපනයෙන් පූර්ණ පුරවැසියකු නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. පූර්ණ පුරවැසියකු යනු රාජ්‍යය විසින් නීතිමය ලෙස සපයන සිවිල්, දේශපාලනික සහ සමාජීය අයිතිවාසිකම්ස ම්පූර්ණයෙන් භුක්ති විඳින අතර, ඒවාට අදාළ වගකීම් සහ කාර්යභාරයන්ල සමාජයේ සාධාරණත්වය, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයයන් ආරක්ෂා කරමින් සක්‍රීය ව හා වගකීම් සහිත ව ජීවිකාව ගත කරන පුද්ගලයකු ලෙස අර්ථ දැක්විය හැකි ය (Marshall 1950). පූර්ණ පුරවැසියකු තමාගේ අයිතිවාසිකම් පමණක් නො ව අනෙකාගේ අයිතිවාසිකම්වලට ද ගරු කරමින්, සංස්කෘතික විවිධත්වය පිළිගනිමින් ක්‍රියා කරන පුද්ගලයෙකි (Kymlicka 1995). කිසියම් රටක අධ්‍යාපනයේ කාර්යභාරය විය යුත්තේ පූර්ණ පුරවැසියකු නිර්මාණය කිරීමයි. එමගින් අභ්‍යන්තර සහ ජාතීන් අතර පවත්නා යුධ ගැටුම් ආදිය නිරාකරණය කිරීම වැදගත් වේ.
බහු-සංස්කෘතිකත්වය සහ පුරවැසි වගකීම්
21 වන සියවස ගෝලීයකරණය, තාක්ෂණික දියුණුව, බහු- සංස්කෘතිකත්වය සහ දැනුම මූලික සමාජ ව්‍යූහයන්ගෙන් යුත් යුගයකි. එවැනි සමාජයක පුද්ගලයාගේ වගකීම සීමා වන්නේ පුද්ගලික ජීවිතයට පමණක් නො වන අතර, සමාජීය, ජාතික සහ ගෝලීය මට්ටම් දක්වා විහිදෙයි. 21 වන සියවසේ පුද්ගලයකු නීතිගරුක, සදාචාරාත්මක සහ සමාජීය වගකීම් සහිත වීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සමඟ ම තාක්ෂණය වගකීම් සහිත ව භාවිත කිරීම, තොරතුරු විමර්ශනාත්මක ව ඇගයීම සහ ඩිජිටල් පුරවැසිත්වය ප්‍රදර්ශනය කිරීම ද අත්‍යවශ්‍ය වේ (Fadel 2009). තව ද, ගෝලීය පරිසර අභියෝග, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ සංස්කෘතික ඉවසීම පිළිබඳ අවබෝධය සහ ක්‍රියාශීලී දායකත්වය මෙම පුද්ගලයාගෙන් අපේක්ෂා කෙරේ. එබැවින්, 21 වන සියවසේ පුද්ගලයා යනු දැනුමෙන් සන්නද්ධ, කුසලතාත්මක අගයයන් ගත් සහ ගෝලීය වගකීම් සහිත පුරවැසියකු ලෙස සමාජ සංවර්ධනය සඳහා දායක වන පුද්ගලයකු බව හඳුනා ගත හැකි ය. මෙවැනි පුරවැසියකු නිර්මාණය කිරීමේ වගකීම විෂයමාලාවට පැවරී ඇත.
වර්තමාන ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විෂයමාලාව පූර්ණ පුරවැසියකු නිර්මාණය කිරීමේ ප්‍රධාන මෙවලමක් ලෙස සැලකේ. බොහෝ රටවල ජාතික විෂයමාලා සැලසුම් කර ඇත්තේ සිසුන්ට විෂය දැනුම පමණක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදී අගයයන්, නීතිගරුකභාවය, මානව අයිතිවාසිකම්, සමාජ වගකීම් සහ සදාචාරාත්මක ආකල්ප වර්ධනය කර දීමේ අරමුණින් යුතු ව ය Marshall 1950. එමගින් පාසල් අධ්‍යාපනය සමාජයට වගකීම් සහිත, සක්‍රීය පුරවැසියන් බිහි කිරීමේ ක්‍රියාවලියක් බවට පත් ව ඇත. ද්විතීයක භාෂාවක් හැදෑරීම මෙරට විෂයමාලාවට මෙන් ම සියලු ම රාජ්‍ය සේවකයින් සදහා අනිවාර්ය කර ඇත්තේ බහු සංස්කෘතිය අනන්‍යතාව ආරක්ෂා කිරීමේ අරමුණ ඇති ව ය. එමෙන් ම ජාතීන් අතර සංහිදියාව බිද වැටීමට හේතු වන සංවේදී සිදුවීම් ඇතුළත් විෂය කොටස් මෙරට විෂය මාලාව මගින් ද ඉවත් කර ඇත. මෙම පූර්වාදර්ශය ඇමරකාව ආද බහු-සංස්කෘතිකත්වය දැකිය හැකි රටවලින් ද ලබා ද ඇත.
ලොව මිනිසුන් සතුටින් ම ජවත් වන ප්‍රදේශය ලෙස සැලකෙන ෆින්ලන්තය වැනි රටවල විෂයමාලාව තුළ හරස් කුසලතා අන්තර්ගත කර ඇති අතර, ඒවා මගින් සිසුන්ට සමාජ සහභාගිත්වය, සංස්කෘතික අවබෝධය, පරිසර වගකීම සහ ආචාරධර්මීය චින්තනය වර්ධනය කරයි (Finnish National Agency for Education).
එක්සත් රාජධානියේ විෂය මාලාව තුළ පුරවැසි අධ්‍යාපනය නියමිත විෂයයක් ලෙස අනිවාර්ය කර ඇති අතර, එමගින් සිසුන්ට ප්‍රජාතන්ත්‍රය, නීතියේ ආධිපත්‍යය, පුද්ගල නිදහස සහ සමාජ වගකීම් පිළිබඳ දැනුම හා කුසලතා ලබා දේ (අධ්‍යාපන අමාත්‍යංශයල 2014).
එසේ ම, කැනඩාව වැනි බහු-සංස්කෘතික රටවල විෂය මාලාව තුළ සංස්කෘතික විවිධත්වය, සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය වැනි අගයයන් විශේෂ අවධානයට ලක් කර ඇත. එවැනි විෂය මාලා සැලසුම් මගින් සිසුන්ට වෙනස් සංස්කෘතික පසුබිම්වල පුද්ගලයන් සමඟ ඉවසීමෙන් සහ එකමුතුවෙන් ජීවත් වීමට අවශ්‍ය ආකල්ප වර්ධනය කරයි. තව ද, (UNESCO 2015) විසින් ප්‍රවර්ධනය කරන ගෝලීය පුරවැසි අධ්‍යාපන රාමුව මගින්, ජාත්‍යන්තර මට්ටමේ බොහෝ රටවල විෂයමාලා තුළ සාමය, තිරසාර සංවර්ධනය සහ ගෝලීය වගකීම අන්තර්ගත කරමින් පූර්ණ පුරවැසිත්වය ගොඩ නැගීමට දායක වී ඇත.
ඇමරිකානු අධ්‍යාපනයේ ප්‍රතිඵලය ලෙස ස්වාධීන, කුසලතා සහිත, ප්‍රජාතන්ත්‍රවාදී සහ ගෝලීය තරගකාරී පුද්ගලයෙකු නිර්මාණය කළ යුතු ය. එසේ ම ජපාන අධ්‍යාපනයේ ප්‍රතිඵලය ලෙස කුසලතා සහිත වගකීම් සහිත, සහජීවනයට කැප වූ හා ගෝලීය අවධානයෙන් යුක්ත ක්‍රියාශීලී පුද්ගලයෙකු නිර්මාණය වීම පෙන්වා දි ඇත. ජපාන පුරවැසියා තමන්ට නො ව තම රටට අයත් පුද්ගලයකු ලෙස නිර්වචනය කෙරෙයි.
බහු-සංස්කෘතික සමාජයක පූර්ණ පුරවැසියකුගේ ප්‍රධාන වගකීමක් වන්නේ සංස්කෘතික විවිධත්වය පිළිගැනීම සහ ඒ සඳහා ගරු කිරීමයි. Tylor (1994) සඳහන් කරන පරිදි, වගකිම හෙවත් අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාව
පිළිගැනීම සමාජ සාධාරණත්වයට මූලික වේ. එමගින් වෛරය, වංචාව සහ විෂමතාව අඩු වී සමාජ එකමුතුව ශක්තිමත් වේ. පූර්ණ පුරවැසියකු සමාජයේ පවතින සංස්කෘතික වෙනස්කම් අභියෝගයක් ලෙස නො ව සමාජ සම්පතක් ලෙස දකින්නේ මෙය හේතුවෙනි.
බහු-සංස්කෘතික සමාජයක සාමකාමී සහජීවනය සඳහා නීතිගරුකභාවය අත්‍යවශ්‍ය වේ. Marshall (1950) අනුව පුරවැසිත්වය සමාජීය, දේශපාලනික හා නීතිමය වගකීම් එකතුවකි. එබැවින් පූර්ණ පුරවැසියකු නීතියට ගරු කිරීමෙන් ම නො ව නීතිය සියලු සංස්කෘතික කණ්ඩායම්වලට සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු බව පිළිබඳ සවිඥානයක් ද පෙන්විය යුතු ය. මෙය සමාජ විශ්වාසය හා ඒකාබද්ධතාව වර්ධනය කරයි.
බහු-සංස්කෘතික සමාජයක පූර්ණ පුරවැසියකුගේ තවත් වැදගත් වගකීමක් වන්නේ සංවාදය සහ ඉවසීම දරා ගැනීම සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමයි. පුරවැසි අධ්‍යාපනය තුළින් පුද්ගලයන්ට විවිධ සංස්කෘතික
අදහස් සමඟ විවෘත මනසකින් සංවාදයට පිවිසීමට හැකි විය යුතුය. එවැනි සංවාද සමාජ ගැටුම් අවම කරමින් සාමකාමී එකමුතුවක්ගොඩ නඟයි.
බහු-සංස්කෘතිකත්වය පිළිබද මාර්ගෝපදේශ
තිරසාර සංවර්ධන ඉලක්ක (2030) දැක්ම යටතේ, පුරවැසි අධ්‍යාපනය, සමාජ සාධාරණය, පරිසර සුරක්ෂිතතාව සහ ආර්ථික සංවර්ධනය එක් කොට සලකා බලන ජාත්‍යන්තර රාමුවකි. මෙම SDGs පාසල්, විශ්වවිද්‍යාල හා විදුලිමය අධ්‍යාපන ක්‍රමවේද තුළ පුද්ගලයන්ගේ පුරවැසි වගකීම්, සමාජීය සහභාගීත්වය සහ ගෝලීය වගකීම වර්ධනය කිරීමට මූලික බලපෑමක් ඇත (UNESCO 2017).
තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ අධ්‍යාපන ක්‍රියාවලියක් තුළ, සිසුන්ට ඉගෙනුම පමණක් නො ව සමාජීය, ආචාරධර්මීය හා පරිසර වගකීම් පිළිබඳ අවබෝධය ලබා දීම ප්‍රමුඛතාවක් වේ. විශේෂයෙන් ම, හතර වන ඉලක්කය මගින් කිසිදු වෙනස් කිරීමකට ලක් නො කොට සෑම දෙනාට ම අධ්‍යාපනයට ඇතුළත් වීමට, නිරත වීමට, ඵල ලැබීමට අයිතිවාසිකමක් ඇත.
ඒ අනුව ජාති, ආගම්, කුල, වර්ණ භේදයකින් තොර ව අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර ඇත. එය සිසුන්ට සමාජ සහභාගිත්වය, විවේචනාත්මක චින්තනය, ජාතික හා ගෝලීය වගකීම් පිළිබඳ අවබෝධය ඇති පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරයි. තව ද තිරසාර සංවර්ධන ඉලක්කවලින් (5,) (10,) (13) යන ඉලක්ක (ලිංගික සාධාරණත්වය, අසමානතාව අඩු කිරීම, ජාත්‍යන්තර පරිසර වගකීම) මගින් සිසුන්ට ගෝලීය හා ප්‍රාදේශීය අභියෝග පිළිබඳ අවබෝධය සහ ඒ පිළිබඳ ක්‍රියාශීලීභාවය ද ලබා දේග ඉතිරි තිරසාර සංවර්ධන ඉලක්ක සමස්ත ජෛව ප්‍රජාවගේ ම සාමය යුක්තිය සහ ප්‍රබල සමාජ සාධාරණත්වය මගින්, නීතිය ගරු කිරීම, සාමය ප්‍රවර්ධනය කිරීම සහ සමාජ සාධාරණය පිළිබඳ වගකීම් වර්ධනය කර, පූර්ණ පුරවැසියකුගේ මූලික ගුණාංග සකස් කරයි. එබැවින් තිරසාර සංවර්ධන ඉලක්ක යනු අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් පූර්ණ පුරවැසියකු ගොඩ නැගීම සඳහා විශේෂිත රාමුවක් සපයන ජාත්‍යන්තර මාර්ගෝපදේශයකි. එහෙත් 2030 වර්ෂය අභිමුඛ ව සිටින ලෝකය තවමත් එම ඉලක්ක සාධනය කර නොතිබීම ගැටලු සහගත ය.
කථිකාචාර්ය
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය
අනුරාධපුර
ආශ්‍රිත ග්‍රන්ථ
UNESCO. (2017). Education for Sustainable Development Goals: Learning Objectives. Paris: UNESCO.
United Nations. (2015). Transforming our world: The 2030 Agenda for Sustainable Development. New York: UN.
Trilling, B., & Fadel, C. (2009). 21st Century Skills: Learning for Life in Our Times. San Francisco: Jossey-Bass.
Banks, J. A. (2008). Diversity, group identity, and citizenship education in a global age. Educational Researcher,
Kymlicka, W. (1995). Multicultural Citizenship: A Liberal Theory of Minority Rights. Oxford: Oxford University Press.
Taylor, C. (1994). Multiculturalism and the Politics of Recognition. Princeton: Princeton University Press.
Parekh, B. (2000). Rethinking Multiculturalism: Cultural Diversity and Political Theory. London: Macmillan.
United Nations. (2015). Transforming our world: The 2030 Agenda for Sustainable Development. New York: UN.
Trilling, B., & Fadel, C. (2009). 21st Century Skills: Learning for Life in Our Times. San Francisco: Jossey-Bass.
Banks, J. A. (2008). Diversity, group identity, and citizenship education in a global age. Educational Researcher,
Kymlicka, W. (1995). Multicultural Citizenship: A Liberal Theory of Minority Rights. Oxford: Oxford University Press.
Taylor, C. (1994). Multiculturalism and the Politics of Recognition. Princeton: Princeton University Press.
Parekh, B. (2000). Rethinking Multiculturalism: Cultural Diversity and Political Theory. London: Macmillan.