“බුද්ධි ගලනය” බුද්ධි කළමනාකරණය බවට

ලාංකික විද්වතුන් විසහල ලෙස තාක්ෂණික වශයෙන් දියුණු රටවල් තුළ කේන්ද්‍රගත වී ඇති බව ප්‍රචලිත ය. මෙම සංසිද්ධිය සඳහා බලපාන කරුණු රාශියක් ඇති නමුදු මෙතෙක් මේ පිළිබඳ ව සෑහීමකට  පත විය හැකි අයුරින් ගැඹුරින් සලකා බලා නැති බව අපගේ අදහස යි. තව ද මේ පිළිබඳ ව  මෙතෙක් රට පාලනය කළ කිසිවකුට නිශ්චිත වැඩ පිළිවෙලක් තිබුණු බවට ද සාක්ෂ්‍ය නොමැත.

 

විදේශගත විද්වතුන් හා බුද්ධි ගලනය පිළිබඳ ව සිදුකැරෙන දෝෂාරෝපණයක් හා පදනම් විරහිත ද්වේශ සහගත විග්‍රහයන් අලුත් දේ නො වේ. ඒ සම්බන්ධයෙන් වරින්වර ඉදිරිපත් කැරෙන සීමා බන්ධන ද පදනම් විරහිත ආකල්ප මත සකස් වූ නිෂ්පල උත්සාහයන් පමණක් ලෙසින් අපි දකිමු.

බුද්ධි ගලනය නමැති මෙම සංසිද්ධිය පිළිබඳ ව පුළුල්  ලෙස සලක බැලීමත්, ප්‍රයෝගික වුත් සාධාරණ වුත් ක්‍රියාමාර්ග යෝජනා කිරීමත්, එම යෝජනා විද්වතුන් අතර සාකච්ඡාවට ලක් කිරීමත් අරමුණු කර ගෙන මෙම කෙටුම්පත සකස් කර ඇත.

කෙටුම්පත හා සබැඳි මෙම විග්‍රහයේ අරමුණ, මෙම සන්සිධිදිය යතාර්ථවාදී ලෙස තේරුම ගැනීම මිස, එය සාධාරණීකරණය හෝ විවේචනය කිරීම නො වේ. මෙම සංසිද්ධිය පාදක වන මුලික කරුණු තේරුම ගෙන “විදේශ ගත විද්වතුන්ගේ දායකත්වය ජතියේ උන්නතිය වෙනුවෙන්, ඔවුන්ගේ හැකියාවන් හා වුවමනාවන් මත පදනම් ව, දින දින ගැනීම අද ප්‍රධාන අවශ්‍යතාවක් බවට පත් ව ඇත” යන පදනමේ සිට කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. එහෙත් වත්මන් සමාජ අර්බුදය හමුවේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉටු විය යුතු කාර්යභාරය සැලසුම් සහගත ව සිදු කෙරෙන බවක් දක්නට නො ලැබේ. ඒ වෙනුවට රජයේ සහාය හා මැදිහත් වීම මඳ බව හේතු කොට ගෙන එය විද්වතුන් විසින් තනි තනිව ම කරනු ලබන කාර්යයක් බවට පත ව ඇත. මේ වූ හේතුව නිසා ම ඒ ගැන යම කලකිරීමක් ද හුදකලා වීමක් ද විද්වතුන් අතර පවතින් බව ද නො රහසකි. විදේශ ගත විද්වතුන් ආපසු නො පැමිණ, විදේශයන්හි රැඳෙන අතර මවුබිම වෙත කළ හැකි දායකත්වය පුද කිරීම දැරීම ද මේ නිසා ඉස්මතු වේ.

“මෙම සංසිද්ධිය විග්‍රහ කිරීමට‍ සරල ක්‍රමයක්‌ හෝ පිළිතුරක් නැත. එකකට වැඩ සංකීර්ණ හේතු මේ සඳහා බලපායි. ඒ අතර සමාජ, ආර්ථික, දේශපාලනික, විද්‍යාත්මක, අධ්‍යාපනික හා අතීශය පෞද්ගලික මෙන් ම මුල්‍යමය හේතු ද වේ.”

විද්වතුන් විදේශ ගත වන්නේ අයි?

සමාජ සම්බන්ධතා හා හැකියාවන් මත වැඩ හොඳ ජීවන මට්ටමක ලබා ගැනීමේ පෞද්ගලික වුවමනාව මත ම පමණක් විදේශගත වීම්, සහමුලින්ම බැහැර කිරීමර අපි උත්සුක නො වෙමු. එහෙත් අධ්‍යාපනික හේතු මත, දැනුම පුළුල් කර ගැනීම හා දැනුම අව්‍යාජ  ලෙස ක්‍රියාවට නැගීමට ඇති ජාතික සීමා තුළ කොටු වෙනු අකැමැති, දැනුම හා තාක්ෂණික නිදහස සොයා විදේශ ගත වන සෑහෙනපරිසක් සිටින බව ද  අවධාරණය කරමු. තව ද දශක දෙකක්  තිස්සේ රට තුල තීව්‍ර කරනු ලැබූ ජාතිකත්ව ගැටලුව හා සිවිල් අර්බුදය නිසාත් රටේ පවතින පොදු දේශපාලන අර්බුදත් හමුවේ විශාල වශයෙන් විද්වතුන් රට හැර ගිය බව ද කටුක යථාර්තයක් සේ දකිමු. මෙම සංඛයව ලක්ෂ  10 ක්  පමණ වේ. යැයි ඇස්තමේන්තු කර ඇත.

ඉහත ඉතා ම කෙටියෙන් සටහන් කරනු ලබූ යතාර්ථය හමුවේ අද අවශ්‍ය ව ඇත්තේ ප්‍රයෝගික වැඩ පිළිවෙලකි. එම වැඩ පිළිවෙළ සැලසුම් කිරීමේදී ලාංකේය ජාතියේ ඉදිරි ගමන මෙන්ම විදේශ ගත විද්වතුන්ගේ පාර්ශවයෙන්  ද කරුණු සලකා බලා සැලසුම් කිරීම අත්‍යවශ්‍ය දෙයකි. තව දුරටත් විදේශ රටවල් තුල රැඳෙමින් ඔවුන්ගේ දායකත්වය පුද කරනවා ද, නැතිනම් ආපසු තම මවු රටට පැමිණෙනවා ද යන තීරණ අතරින් තීරණයක් ගැනීමේදී ඔවුන්ට කළ හැකි මෙහෙවර හා එම මෙහෙවර වඩා කාර්යක්ෂම ලෙස කළ හැක්කේ කොතැනක සිටිමින් ද යන්න, තීරණය කිරීමේ නිදහස ඔවුන්ට දීම හා එම තීරණ ගැනීම සඳහා ඔවුන් දිරිගැන්වීම වඩා නිවැරදි ක්‍රමය වනවා ඇත. විදේශ ගත විද්වතුන් ආපසු පැමිණෙන්නේනම්, එම විද්වතුන්ට මුහුණ දීමට සිදුවන සුවිශේෂ ප්‍රශ්න, ගැටළු සාකච්ඡා කිරීමත්, ඒවාට  විසඳුම්  ඉදිරිපත් කිරීමත් මෙම ප්‍රයෝගික ක්‍රියාමාර්ගයේ අත්‍යවශ්‍ය සාධකයක් වනවා ඇත. තව ද ආපසු පැමිණෙන විද්වතුන්, නිශ්චිත සංවිධානාත්මක වැඩපිළිවෙළක් හරහා සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය  වන අතර, ඔවුන් යළි පැමිණීම ඉහළ ම කාර්යක්ෂමතාවෙන් හා ඔවුන්ගේ සේවය පිලිබඳ ඔවුන් තෘප්තිමත් වන ආකාරයෙන් ද සැලසුම් කළ යුතු ව ඇත.

විද්වතුන් සංක්‍රමණයට බලපාන හේතු සාධක තේරුම ගන්න අපි “බුද්ධි  ගලනය” නැවැත්වීමේ අරමුණින් නීතිරීති සම්පාදනය කිරීමත් නිදහසේ දේශ සීමා තරණය කිරීම සඳහා ඔවුන්ගේ ඇති මුලික මිනිස් අයිතිවාසිකම් සඳහා වැට කඩලු බැඳීමත් නිශ්ඵල පටු ක්‍රියාමාර්ග ලෙස සලකමු. ඔවුන් ලෝකයේ කොතැනක සිටියත් ඔවුන්ගේ දායකත්වය ලංකේය සමාජයේ ඉදිරි ගමනට යොදා ගැනීමට අව්‍යාජ උත්සාහයක් දැරීමටත් කිසිදු දෙගිඩියාවකින් තොර ව කළ හැකි බව ද අවධාරණය කරමු.

ජාතිය අද මුහුණ පා ඇති ගැඹුරු ආගාධයෙන් ඉවතට ගෙන අභිමානවත් ජාතියක්, ශක්තිමත් රටක ලෙස යළි ගොඩ නඟා ඉදිරියට ගෙන යාම සඳහා විද්වතුන් හට කළ හැකි මෙහෙවර හා කාර්යභාරය උදෙසා කෙටිකාලීන මෙන් ම  දිගුකාලීන  පදනමක් මත සකස් වූ වැඩපිළිවෙළක්  යෝජනා කිරීම සඳහා මෙම මුලික කෙටුම්පත ප්‍රකාශයට පත කරන්නෙමු.

විද්‍යා තාක්ෂණ දැනුමේ දියුණුව ද ඉදිරි ගමන ද ජාතික සීමාවන් ඉක්මවා ප්‍රචලිත වන බව හොඳාකාර ව ම දන්නා අපි, මෙම විද්‍යාත්මක දැනුම, තාක්ෂණය, විශේෂඥ ඥානය නොයෙක්  ෙඑයිතිහාසික හේතු මත දියුණු බටහිර රටවල්  සතු ව පවතින් බව ද හොඳාකාර ව ම තේරුම ගෙන සිටිමු. මෙම ෙඑයිතිහාසික සත්‍යතාව මත දැනුම් සම්භාරය වෙත ළඟා වීම සඳහා ජාතික සීමාවන් අභිබවා යෑමේ අවශ්‍යතාව ද පවතින බව අවධාරණය කර සිටිමු.

තව ද රටේ අනාගතය, තාක්ෂණික දැනුම හා දියුණුවට සැබෑ ලෙස දායක වීම සඳහා, එම භුමියේ කායික ව රැදීම අනිවාර්ය කොන්දේසියක් යන අදහස ඒ ලෙසින් ම වැළඳ ගැනීමට මැලි වෙමු. සන්නිවේදන  විප්ලවයකට මුල පුර ඇති ලෝකයට සම දායකත්වය පුද කිරීම සඳහා පවතින විද්‍යාත්මක පහසුකම් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ද අවධාරණය කරමු. දුරස්ථ අධ්‍යාපනික, දුරස්ථ ප්‍රතීකර ක්‍රම පවතින ලෝකයක අත්‍යවශ්‍ය එක ම කොන්දේසිය වන්නේ නිශ්චිත වැඩ පිළිවෙලක අවශ්‍යතාව පමණ යි.

විදේශයන් පුරා විහිද සිටින හා තව දුරටත් රැඳෙන විද්වතුන්ගේ “සංචිතයක්” සෑදීම හා ඔවුන් සංවිධානය කිරීම අද දවසේ ප්‍රධාන අවශ්‍යතාවක් හා හෙට ලොවට ශක්තිමත් පියවරක් වශයෙන් දකින අපි මේ සඳහා විද්‍යුත් මාධ්‍ය හරහා දත්ත ගබඩාවක් (Data Base) සකස් කිරීමට යෝජනා කරමු. මෙම දත්ත ගබඩාව මගින් ඔවුන්ගේ විශේෂඥ දැනුම අයිති ක්ෂේත්‍රය හා ඔවුන්ට කළ හැකි  මැදිහත්වීම ගැන මනා අවබෝධයක් ලබා ගත හැකි ය. මෙම දත්ත ගබඩාව සහමුලින් ම ස්වේච්ඡාවෙන්කරනු ලබන දෙයක් පමණක් වනවා ඇත. ජාතියේ ඉදිරි ගමන සැලසුම් කිරීම සඳහා අත්‍යවශ්‍ය දායකත්වය මේ මගින් ලබා ගැනීමටත් එය ප්‍රතිපත්ති සම්පාදනයට දායක කර ගැනීමටත් ඇති හැකියාව පිළිබඳව සලකා බැලීමටත් දේශපාලකයන්ට බල කර සිටිමු. සාක්ෂ්‍ය හා පර්යේෂණ දත්ත මත පදනම් වූ තීන්දු ගැනීමට මෙම ජාත්‍යන්තර දැනුම හා බුද්ධිය යොදා ගැනීමට ඇති හැකියාව හා වැදගත්කම අවධාරණය කරමු. පවතින සමාජ අර්බුදය හමුවේ විශේෂයෙන් ද කලින් සඳහන් කළ හේතු නිසා පොදුවේ ද මෙම සංසිද්ධිය දිගුකාලීන ව ඉදිරියටත් පවතින බව යථාර්ථය යි. විද්වතුන් විදේශ ගත වීම යථාර්ථය නම් විද්වතුන්ගේ විදේශ ගත වීම සැලසුම් සහගත ලෙස සුසාධ්‍යගතකරණයත් (Facilitate) එමගින් ලෝක “බුද්ධි භාණ්ඩාගාරයක්” සකස් කිරීමේ ඇති වැදගත්කම හා හැකියාවත් අපි අවධාරණය කරමු. ලෝකයේ ඉහල ම තාක්ෂණික ඥානය හා දැනුම කේන්ද්‍රගත වී ඇති සෑම තැනක ම ශ්‍රී ලාංකික විද්වතුන් රැඳවීමටත්, එමගින් රටට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම වක්‍ර ව ලබා ගැනීමට හා ඒවා රටට ගැළපෙන ලෙස සකස් කර ගැනීමටත්, ඇති හැකියාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. රට තුළ තිබෙන අධ්‍යාපන හා දැනුම පිපාසාව සංසිඳවීමට වැඩි වැඩියෙන් විද්වතුන් බිහිකිරීමට අධ්‍යාපන සුදුසුකම් පුළුල් කිරීමටත් ඒ හරහා විද්වතුන් හිඟ තුන වන ලෝකයේ රටවල් සඳහා විද්වතුන් සැපයීම මගින් ජාත්‍යන්තර කාර්ය භාරයක් ඉටු කිරීමටත් ඇති හැකියාවත් අවධාරණය කරමු. මේ මගින් දැනට කෙරෙන නුපුහුණු ශ්‍රමය අඩු මුදලට රට පැටවීම වෙනුවට පුහුණු ශ්‍රමය හරහා වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව ද අවධාරණය කරන අතර උගතුන් හා බුද්ධිමතුන්ගේ විදේශ ගත වීම ගැටළුවක් වීම වෙනුවට ආයෝජනයක් බවට හැරවීම ජාතික වශයෙන් වැදගත්කමක් ඇති බවත් ඒ මගින් අවාසිය වාසියට හරවා ගැනීමට ඇති හැකියාවත් යෝජනා කරමු.

ඉහත දැක්වූ යෝජනාවන් තුළ පවතින තත්ත්වයන් විග්‍රහ කිරීමෙන් පමණක් සෑහීමකට පත වීම වෙනුවට එම ගැටළු සඳහා විද්‍යාත්මක විසදුම් ලබා ගත හැකි ආකාරය ගැන අදාළ සමාජ ස්ථරයන් තුළ සාකච්ඡා කිරීම සඳහා ක්‍රියාමාර්ග යෝජනා කොට ඇරඹිම සඳහා වූ මුලික පියවරක් ලෙස මේ ප්‍රකාශනය එළි දක්වන අතර ඔබගේ අදහස්, යෝජනා මෙන් ම ක්‍රියාකාරී ලෙස මැදිහත් වීම ද ඉතාමත් අගය කොට සකලමු.

විදේශ ගත ලාංකික විද්වතුන් හා බුද්ධි ගලනය පිළිබඳව හා ඔවුන්ගේ දායකත්වය ජාතියේ උන්නතිය වෙනුවෙන් යළි දිනා ගැනීමේ වැඩ පිළිවෙළක් සඳහා වූ මුලික කෙටුම්පතක් ලෙස මෙම ලිපිය පදනම් කර ගනිමින් මෙම විෂයය සාකච්ඡා කිරීමට දේශයේ රැදුණු හා විදේශගත විද්වතුන්ට මෙසේ ඇරයුම් කරමු.

විශේෂඥ වෛද්‍ය

අතුල සුමතිපාල