යහපත් මනසකින් හෙබි පුරවැසියන් ගොඩ නැගීම උදෙසා
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන පරිදි —සෞඛ්‍යයෙන් තොර සංවර්ධනයක් නැත¦ එසේ ම මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් ද නැත˜. zයහපත් මානසික සෞඛ්‍යයZ රටක පුද්ගලයකුගේ මානව අයිතියකි. එසේ ම යහපත් මානසික සෞඛ්‍යයෙන් හෙබි පුරවැසියකු බිහි කිරීම යනු රටකට කරන්නා වූ සුවිශේෂ ආයෝජනයකි.
2020 වසරේ සිට, එනම් පසුගිය වසර තුනේ දී කොවිඩ් වසංගතය ද ආර්ථීක, සමාජ සහ දේශපාලන අර්බුදය ද හේතු කොට ගෙන අපේ රටේ සමස්ත ජනතාවගේ ම මානසික සෞඛ්‍යයට දැවැන්ත බලපෑමක් එල්ල විය. මෙහි දී අපගේ අවධානයට ලක් වන්නේ මානසික රෝග පමණක් නො වේ. එහෙත් zමානසික සෞඛ්‍යයZ එහි දී වැදගත් තැනක් උසුලනු ලබයි. මානසික සෞඛ්‍යය හා මානසික රෝග යන්න එකක් නො ව දෙකක් බව ද අප මතකයේ තබා ගත් යුතු ය.
රටේ ආර්ථීක, සමාජ හා දේශපාලන අර්බුදය හමුවේ ඇති වූ අස්ථාවර භාවය, අවිනිෂ්චිත භාවය සහ අපේක්ෂාභංගත්වය නිසා මතු වූ සමාජ පීඩනය ද මෙහි කොටසකි. zමානසික ඒකාග්‍රතාවZ මෙම අර්බුදවලින් ගොඩ ඒමේ අත්‍යවශ්‍ය ම සාධකයකි.
එහෙයින් ඊට අවශ්‍ය උපාය මාර්ග සැකසීමේ දී අප මූලික ව සැලකිය යුත්තේ මොනවා ද යන්න ගැන අවධානය යොමු කළ යුතු ය. අපට අවශ්‍ය එක දවසින් ගොඩ යන සැලසුම් නො වේ¦ එවැන්නක් මේ මහ පොළවේ යථාර්ථවාදී සහ ස්ථාවර නො වේ. යථාර්ථය අවබෝධ කර ගනිමින් ක්රමානුකූල සැලසුම් යොදමින් පුරවැසියාගේ සහ සමාජයේ සංවර්ධනයත් සමග අපේ ම දැනුමින් සැකසුණු සැලසුම් අපට අවශ්‍ය ව තිබේ. අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර එවැනි විධිමත් ප්‍රධාන සැලසුම්වල පෙර ගමන් කරුවන් බව නොකිවමනා ය.
මානසික සෞඛ්‍යය එහි දී අපට සුවිශේෂ අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්රයකි. අපට අවශ්‍ය වන්නේ අපේ ම සංස්කෘතික මිනිසෙක් සහ හොඳ මානසික සෞඛ්‍යයෙන් හෙබි පුරවැසියෙකි. අන්තර්ජාතික නිර්දේශ, ඒ තුළ ගැබ් විය හැකි ය සහ යුතු ය. මේ පදනම මත අපේ රටේ පුරවැසියාගේ මානසික සෞඛ්‍යය පිළිබඳ තක්සේරුව කුමක් ද? සහ එහි දිශානතිය කෙසේ විය යුතු ද? යන්න අප කතිකාවට ලක් කළ යුතු ව තිබේ. මෙවර කලාපය වෙන් කොට ඇත්තේ ඒ කතිකාවට ය.