රටේ වත්මන් බලශක්ති අවශ්‍යතාව සහ ඊට රටේ පුනර්ජනනීය බලශක්තියේ ඇති දායකත්වය කෙබඳු ද?

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින බලශක්ති අර්බුදය අතරවාරයේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තරම් කාලීන මාතෘකාවක් නොමැති තරම් ය. දශකයකටත් වැඩි කාලයක් මුළුල්ලේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් බලශක්ති නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා සමාජයේ සිදු වුණු අතර, වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ම නව පනත් හා නීති ආධාරයෙන් 2030 වන විට මුළු බලශක්ති සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ජනනයට සැලසුම් කරන ලදී. එම කටයුත්තේ ඉදිරියේ සිට ක්‍රියා කරනුයේ ‘ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය’යි. එහි සභාපති ඉංජිනේරු රංජිත් සේපාල මහතාගෙන් අපි ඒ පිළිබඳ ව වැඩිදුර කරුණු විමසුවෙමු.

 

සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කළොත්?

සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවූයේ 2007 අංක 35 දරන පනතින්. ඊට කලින් ඒක ැබැරටහ දෙමබා්එසදබ කියලා තමයි හැඳින්වූයේ. ඒකෙන් කළේ බල ශක්තිය ඉතුරු කිරීම සම්බන්ධ  දේවල් විතරයි. එහෙත් 2007 අංක 35 දරණ පනතින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවා එහි බලය තව වැඩි කරලා තිඛෙනවා. එහි කාර්ය වඩා ව්‍යාප්ත කිරීමේ අරමුර්‍ණන් තමයි එවකට සිටි රජය වැඩ කටයුතු කළේ. එහි දී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණ කාරණාව වුණේ අප ළඟ තිඛෙන බලශක්තිය උපරිම ආකාරයෙන් භාවිතයට ගැනීමයි. ඒ තුළින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ නාස්තිය අවම කිරීම තමයි මූලික වුණේ.

ඊට අමතර ව ලෝකයේ දියුණු වීමත් සමග පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් පද්ධතියට සම්බන්ධ කර ගැනීමත්, එසේ සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද දියුණු කිරීමත් සහ ඒ සඳහා ආයෝජකයින්ට අවස්ථාව දීලා කෙසේ ද ඉතා ඉක්මනින් හා නිවැරදි ව පරිසරයට හානියක් නොවන විදිහට පුනර්ජනනීය බලශක්තිය ජාතික බල පද්ධතියට සම්බන්ධ කර ගන්නේ කියන එක තමයි ප්‍රධාන තේමාව වන්නේ. එහි දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ සඳහා එන ආයෝජකයන්ට අවශ්‍ය කරන ඉතා පහසු ක්‍රමවේදයක් ලබා දීලා, පුනර්ජනනීය බලශක්තිය ජාතික බල පද්ධතියට එකතු කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

 

රටේ වත්මන් බලශක්ති අවශ්‍යතාව සහ ඊට රටේ පුනර්ජනනීය බලශක්තියේ ඇති දායකත්වය කෙබඳු ද? ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ අනාගත සැලසුම් හා ව්‍යාපෘති මොනවා ද?

වර්තමාන රජය බලයට පත්වීමත් සමග, ප්‍රතිපත්තියක් ගෙන ආවා, 2030 දී අවශ්‍ය කරන විදුලි බලයෙන් සියයට 70%ක් පුනර්ජනනීය බලශක්තිය විය යුතුයි කියලා. පුනර්ජනනීය බලශක්තිය ලෙස දැනට ප්‍රධාන ලෙස ම මහා හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර, සුළං බලාගාර, සූර්යශක්ති බලාගාර හා ජෛව ස්කන්ධ බලාගාර භාවිතයේ පවතිනවා. මේවායේ එකතුවක් තමයි පුනර්ජනනීය බලශක්ති කියන්නේ. ඊට අමතර ව දැනට වියදම අධික වුණත් රළ මගින් පුනර්ජනනීය බලය උත්පාදනයට යොමු වෙන්න පුළුවන්. මේ සියල්ලෙන් ම නිපදවන බලශක්ති ප්‍රමාණය මුළු බලශක්ති ප්‍රමාණයෙන් 70%ක් විය යුතුයි කියන එක තමයි රජයේ ප්‍රතිපත්තිය වුණේ.

දැනට මහා පරිමාණ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 1300ක් පමණ සපයනවා. සුළං හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 1300ක පමණ විදුලි ධාරිතාවක් එකතු වෙනවා.  මේ ඔක්කොම එක්ක මෙගාවොට් 2600ක් පමණ පුනර්ජනනීය විදුලිබල ශක්තිය තියෙනවා. 2030 වෙද්දි අපි බලාපොරොත්තු වෙනවා මෙගාවොට් 8000ක් අනිවාර්යෙන් ම පද්ධතියට එකතු විය යුතුයි කියන එක. ඊළඟ බලාපොරොත්තුව තමයි 2050 දී ජ්රඉදබ බැමඑර්කඑ ඒ කියන්නෙ කාබන් උදාසීන බලශක්ති නිෂ්පාදනය කියන කර්තව්‍යයට යන එක. ලෝකය දැනට ඒ සඳහා තමයි ගමන් කරන්නේ. ඒ හා සමගාමී ව අපිත් යනවා. 2030 දී 70%ක් සපුරා ගැනීමේ බලාපොරොත්තුවෙන්  සැලසුම් යොදලා තියෙනවා. කොයි කොයි බලශක්තිවලින් කොතරම් ප්‍රමාණ ලබා ගත යුතු දැයි යන්න, අපේ ලේසිය සහ පහසුව සඳහා සිතියම් ගත කරලා තියෙනවා. ඊට අමතර ව විදුලි බල මණ්ඩලයත් මේ ඉලක්ක කරා යන්න සිතියම් හදලා තියෙනවා. ඒකට වඩා අපේ සිතියම් විශාලයි. මොක ද අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ ප්‍රවාහන පද්ධතියත් විදුලි බලශක්තිය මගින් පවත්වා ගෙන යන්න. ඒ දේවලූ‍ත් අපි සැලසුම්වල ඇතුළත් කරලා තියෙනවා.

 

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් දැනට ලංකාවේ සිදු වන පර්යේෂණවල තත්ත්වය කෙබඳු ද?

අද වෙන කොට පුනර්ජනනීය  විදුලි බලශක්ති ගත්තට පස්සේ මහා හා කුඩා පරිමාණ ජල ව්‍යාපෘති හැරුණා ම සුළං හා සූර්ය බලශක්ති කියන දේ වෙනස් වෙනව කියලා අපි කියනවා. ඒ වෙනස් වුණත් ඒක සමතුලිත කර ගත යුතුයි. පද්ධතියට සම්බන්ධ කර ගැනීම සහ සම්බන්ධ කර ගැනීමෙන් පසු ව ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද තියෙනවා. අද වෙන කොට තාක්ෂණය දියුණුයි. උදාහරණයක් ලෙස ගත්තොත් කාට හරි කියන්න පුළුවන් සූර්ය පැනලයක් උඩින්  වලාකුළක් යද්දී ඒකෙන් නිපදවන බල ශක්තිය අඩුවෙනවා කියලා, නමුත් ඒක හැම තැනට ම යන්නේ නැහැ. මෙතන නැතිව තව තැනක වලාකුළු අයින් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට බලපෑමක් වෙන්නේ නැහැ. අනිත් එක අද තියෙන තාක්ෂණයෙන් අපට තීරණය කරන පුළුවන් තව පැය භාගයෙන් කොච්චර බලශක්තිය ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ද  විනාඩි 10 කින් කොච්චර ලබා ගන්න පුළුවන් ද කියලා. ඉතින් ඒ වගේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා.

දෙවැනි එක තමයි මේ වෙනස් වන බල බලශක්ති සමතුලිත කරන්න අවශ්‍ය ක්‍රමවේදය නම් අද ලෝකයේ පවතිනවා. උදාහරණ ලෙස කිව්වොත් බැටරි ආරෝපණය කර තියා ගෙන පද්ධතිය සමතුලිත කරලා තියා ගන්න පුළුවන්. ඒ වගේ තවත් තියෙනවා ලෝකයේ භාවිත කරන තාක්ෂණික කාරණා. අපට ඒවා භාවිත කරන්න පුළුවන්. පද්ධතිය සමතුලිතතාවෙ තබා ගැනීමට. පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ කර ගැනීමේ දී එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් නමුත් ඒක කරන්න පුළුවන්. අනිත් එක ඊට වඩා ඒක නිකං ලැඛෙන බලශක්තියක් නිසා.

සුනිත්‍ය බල ශක්ති අධිකාරිය තමයි පළමුවෙන් ම මේ වගේ වැඩපිළිවෙළක් පිහිටුවූයේ. 2010 දි විතර අපේ අධිකාරියට ජපානයෙන්  ආධාරයක් ලැබුණා පොළොව මත පූර්ව සූර්ය පැනල සවි කිරීමට. අපි ඒක හම්බන්තොට අන්තර්ජාතික බලශක්තිය උද්‍යානයක පිහිටුවලා තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවට ප්‍රථම වශයෙන් මහා පරිමාණයෙන් සූර්ය පැනල ව්‍යාපෘතියක් ආරම්භ වුණේ. ඒ කාලයේ දී ඒකෙ වියදම අධිකයි. එහෙත් ඒ හරහා විශාල ප්‍රමාණයේ  අධ්‍යාපනයක් අපි ලැබුවා. මොනව ද කොහොම ද මේක වෙන්නේ කියලා. අදටත් ඒක සාර්ථක ලෙස ක්‍රියාත්මකයි. ඊට අමතර ව මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ ආයතන මැදිහත්වෙලා පර්යේෂණ කර ගෙන යනවා අනිත් රටවල තියෙන ආයතන එක්කත් එකතු වෙලා.

 

වර්තමාන ශ්‍රී ලංකාවේ මතු වී ඇති ආර්ථීක හා බලශක්ති අර්බුදය හමුවේ ආයතනයේ සාමාන්‍ය ක්‍රියාවලිය හා සැලසුම්වල යම් වෙනසක් සිදු වී ඇති ද? වත්මන් අර්බුදවලට පුනර්ජනනීය බල ශක්තියෙන් ගත හැකි දායකත්වය කෙබඳු ද?

සුනිත්‍ය බලශක්ති ආයතනය පිහිටුවූවේ රටේ ආර්ථීකය නගා සිටුවීමට. මොක ද මම එහෙම කියන්නේ පුනර්ජනනීය බල ශක්තිය නිපදවීමට බල ශක්තියක් අවශ්‍ය වන්නේ නැහැ. අපට ආදේශකයක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් පිහිටුවීමට වියදමක් යනවා. මූලික පිහිටුවීමට යන මේ වියදම, ගල් අඟු‍රු හෝ වෙනත් බලාගාරයක් පිහිටුවීම සඳහා වුව ද වැය වෙනවා. අපි ඒකට කියන්නේ මූලික ව අවශ්‍ය වන වියදම කියලා. එහෙත් එතනින් එහාට අපිට වියදම් අවශ්‍ය වන්නේ නැහැ. ඉන්ධන අවශ්‍ය වන්නේ නැහැ. සුළං හා ආලෝකය විතරයි වැදගත් වන්නේ. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් ම කාලීන ව විදුලි බලය පුනර්ජනනය කරනවා. ඇත්තට ම අපට තව අවුරුදු ගණනාවකට අවශ්‍ය බල ශක්තිය නිපදවා ගන්න පුළුවන් අපේ රටේ. මොකද ඒකට හේතුවක් තියනවා. අපට අවුරුද්දෙ දවස් 365ම පැය 12ක් සූර්ය බලය ලැඛෙනවා අඩු හෝ වැඩි වශයෙන්. ඊට අමතර ව අපට මාස අටක්වත් අඛණ්ඩ ව හුලං බලය ලැඛෙනවා. මාස හතරක පමණ කාලයක් සුළං වෙනස් වීමක් වෙනවා නිරිතදිග හා ඊසානදිග මෝසමත් එක්ක ඒ ඒ අදාළ කාලවලට. තව ද ජලවිදුලිය අපිට ලැඛෙනවා වසර  පුරා ම. ඉතින් අපි අනාගතයේ දී බලාපොරොත්තු වෙනවා මුහුද මත පිහිටුවූ ටර්බයින්  මගින් මුහුදු හුලං බල ලබා ගැනීමට. ලාභදායී තත්ත්වය කෙසේ වෙතත් විදුලි ජනනය ඉතා වැඩි තත්ත්වයක තබා ගනීමට පුළුවන්. අපි මේ හැම සම්පත ම උපරිමය ගන්න බලනවා. මොක ද අද වෙන කොට අපේ රටේ තෙල් ආනයනයට යන සම්පූර්ණ වියදම අපට නවත්වන්න පුළුවන්. අපි හිතමු තෙල් ආනයනයට අපට ඇමරිකානු ඩොලර් බිලියන පහක් යනවා කියලා. තව අවුරුදු ගානකින් අපට ඒ ඇමරිකානු ඩොලර් බිලියන පහ ම නවත්තන්න පුළුවන්. අපට ඒක ලංකාවේ සංවර්ධනයට යොදා ගන්න පුළුවන්. නැත්නම් අපේ සංචිත ගොඩ නගා ගැනීමට යොදා ගන්න පුළුවන්. මම හිතන්නේ අදටත් අපි පරක්කු වැඩියි මේ දෙය කරන්න බැරි වීම සම්බන්ධයෙන්. ඒ වන විට අපට නෛතික ප්‍රශ්න තිබ්බා. අපේ පනත්වල වෙනස් විය යුතු තැන් තිබ්බා. අප ඉතා මෑතක දි තමයි ඒ දේවල් වෙනස් කළේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි අවුරුද්ද ඇතුළත කාලයේ දී පුනර්ජනනීය බලශක්තිය භාවිත කරලා මේ පවතින අර්බුදකාරී අවස්ථාවෙන් එළියට එන්න.

 

සාකච්ඡාව සහ සටහන – ප්‍රමොත් විෙජ්වන්ත

 

ඉංජිනේරු රංජිත් සේපාල

සභාපති

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය