රට වෙනුවෙන් පර්යේෂණ ඩොලර් බවට දේශීය මිනිරන්

මිනිරන් යනු අප රට තුළ ඇති අනර්ඝ ගනයේ ස්වභාවික සම්පතකි. එම පතල් වැඩිපුර ම පිහිටුවා ඇත්තේ දිවයිනේ වයඹ සහ නිරිතදිග ප්‍රදේශවල වන අතර, වැඩ කරන වළවල් අළුකැටිය, මීගහතැන්න, මතුගම සහ අගලවත්ත යන ප්‍රදේශවල පිහිටුවා ඇත. මින් වඩාත් ප්‍රසිද්ධිය උසුලන්නේ බෝගල හා කහටගහ පතල් ය.

        මිනිරන් (graphite) යනු කාබන් මූලද්‍රව්‍යයේ ස්ඵටික බහුරූපී ආකාරයකි. මිනිරන් කෘත්‍රිම හා ස්වභාවික ස්වරූපවලින් පවතින අතර, flake හා vein යනු ඒවා ස්වාභාවික ව පිහිටන ආකාර වේ. ඒ අතරින් vein මිනිරන් යනු ඉතා වටිනා ස්ඵටික හෙවත් ඝන ආකාරයකි. ලෝක වෙළඳපොළට vein මිනිරන් සඳහා එකම වාර්‍ණජ සැපයුම්කරු ශ්‍රී ලංකාවයි. කෙසේ වෙතත්, එය දැනට නිසි අගය එකතු කිරීමකින් තොරව කිලෝ ග්රෑම් 1ක් ඩොලර් 1-2 වැනි මිලකට අපනයනය කෙරේ.

    ග්‍රැෆීන් ඔක්සයිඩ් (GO) හා අගය එකතු කරන ලද කරන ලද ග්‍රැෆීන් ඔක්සයිඩ් (rGO) යනු ඉලෙක්ට්‍රොනික, බලශක්ති ගබඩා කිරීම සහ ජෛව වෛද්‍ය විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රවල ඇති සුවිශේෂී ගුණාංග සහ විභව යෙදුම් හේතුවෙන් සැලකිය යුතු අවධානයක් දිනාගත් දෙයකි.

      මිනිරන්, ලෝහ කර්මාන්තයේ සිට ලිහිසි තෙල් දක්වා වෙනස් වන සාමාන්‍ය කාර්මික යෙදුම් ගණනාවක් සඳහා භාවිත වේ.

      කෙසේ වෙතත්, අධි තාක්ෂර්‍ණක කාර්මික යෙදීම් සඳහා ඒවායේ භාවිතයට,  මිනිරන් භෞතික හා රසායනික ක්‍රියාවලිවලින් දැඩි පිරිසිදු  කිරීමකට ලක් කළ යුතු ය. ‘ඉහළ සංශුද්ධතා මිනිරන්’ යනු සාමාන්‍යයෙන් 99.99%ට වඩා වැඩි කාබන් ප්‍රතිශතයක් අඩංගු  මිනිරන් වේ. තව ද එලෙස සංශුද්ධ කළ මිනිරන් සියුම් අංශු, රළු අංශු හා අල්ට්රාෆයින් අංශු මිනිරන් ලෙස ආකාර තුනකට වෙන් කළ හැකි ය.

ඉතා පිරිසිදු මිනිරන්

Highly purified graphite

මෙය ඉහළ අගයක් එකතු කළ උසස් ද්‍රව්‍යයකි (advanced material). උසස් නැනෝ තාක්ෂණික සහ අධි තාක්ෂණික කාර්මික යෙදුම් සඳහා ස්වාභාවික මිනිරන් භාවිත කිරීමේ දී මෙම ඉහළ සංශුද්ධතාව අත්‍යවශ්‍ය වේ. මෙම මිනිරන් කිලෝ ග්රෑම් එකක් ඩොලර් 100-200 පමණ මිලකට වෙළෙඳ පොළේ අලෙවි කළ හැකි ය.

ඉතා ඉහළ මට්ටමින් අගය එකතු කළ, ගුණාත්මක භාවයෙන් ඉහළ මිනිරන් කිලෝ ග්‍රෑමයකට ඩොලර් 500-3,000 දක්වා මිලකට අලෙවි කළ හැකි ය.

විශේෂ ස්තූතිය

ජාතික මුලික අධ්‍යයන ආයතනයේ

1 මහාචාර්ය කේ.ජි.ඊ. කුමාර

2 මහාචාර්ය අතුල වි ෙජ්සිංහ