ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂය මාලාව ‘ව්‍යවසායකත්වය සහ මූල්‍ය කළමනාකරණය’ යන විෂය මොඩියුලය හඳුන්වා දීම ඵෙතිහාසික පියවරකි. මෙම විෂයය, හුදෙක් පෙළපොතකට සීමා නො වී, එහි සැබෑ ප්‍රායෝගික අරුත සහ දරුවන් තුළ ඇති කළ යුතු නිවැරදි ආකල්ප පිළිබඳ ව, මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ‘Regan Renewables’ සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි මේ.

වර්තමාන ලෝකය මුහුණ දෙන ආර්ථික අවිනිශ්චිතතාවල, පාරිසරික ගැටලු සහ තාක්ෂණික වෙනස් වීම් හමුවේ, ව්‍යවසායකත්වය යනු හුදෙක් ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා වූ මාවතක් පමණක් නො වේ. එය සැබෑ ලෝකයේ ගැටලුවලට විසඳුම් සෙවීමටත්, ප්‍රජාව සඳහා අවස්ථා නිර්මාණය කිරීමටත් භාවිත කළ හැකි ප්‍රබල මෙවලමකි.
ඕනෑ ම ව්‍යවසායකත්ව ගමනක් ආරම්භ වන්නේ අවිනිශ්චිතතාවට මුහුණ දීමට ගන්නා නිර්භීත තීරණයකිනි. 2006 වසරේ දී එක්සත් රාජධානියට ගිය ආචාර්ය ප්‍රනාන්දු, එහි දී රැකියාවක් සොයනවා වෙනුවට තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකාවේ නිපදවන ‘Lion Blueberry Beer’ බ්‍රිතාන්‍ය වෙළඳපොළට හඳුන්වා දීමේ දී, ඔහුට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු විය. විශේෂයෙන් ම නීති විරෝධී ආනයන මගින් එල්ල වූ අහිතකර තරගකාරිත්වය හමුවේ ඔහු පසුබට නො වී, එරට රේගු බලධාරීන් සමඟ එක් ව එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තේ ය. වසර හතරක් ඇතුළත ව්‍යාපාරය විශාල ලෙස වර්ධනය කිරීමට සමත් වූ ඔහු පවසන්නේ, සාර්ථකත්වයේ රහස මූල්‍යමය ලාභය නො ව, තමන් කරන දේ කෙරෙහි ඇති අචල විශ්වාසය සහ නිර්භීතකම බවයි.
2011 වසරේ දී ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට පිවිසියේ ය. එකල එය නවක ක්ෂේත්‍රයක් වුව ද, අනාගත ලෝකය බලශක්තිය මත රඳා පවතින බව ඔහු වටහා ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘Regan Renewables’ ආයතනය බිහි වූ අතර, අද වන විට එය මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් අතරට පැමිණ ඇත. මෙම ගමනේ දී ඔහුගේ දැක්ම, ලාභය පමණක් අරමුණු කර ගත් තැනක සිට සදාචාරාත්මක පාලනය, පාරිසරික වගකීම සහ සමාජීය වටිනාකම් නිර්මාණය කිරීම දක්වා පරිවර්තනය විය.
ව්‍යවසායකත්ව ගමන යනු කිසි විටෙකත් සුමට මාවතක් නො වේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි රටක ව්‍යාපාරිකයන්ට ත්‍රස්තවාදය, දේශපාලන අස්ථාවරත්වය මෙන් ම, කොවිඩ්-19 වැනි ගෝලීය වසංගත තත්ත්ව ඇතුළු විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වී ඇත. ආචාර්ය ප්‍රනාන්දු විශ්වාස කරන්නේිඔරොත්තු දීමේ හැකියාව’ යනු ව්‍යවසායකයකු සතු විය යුතු අතිශය තීරණාත්මක ගුණාංගයක් බවයි.
ඔහුට අනුව, සාර්ථක ව්‍යවසායකයකු සහ අසාර්ථක වන්නකු අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ වෙනස් වන තත්ත්වයන්ට වේගයෙන් අනුගත වීමේ හැකියාවයි. ඕනෑ ම මොහොතක අනපේක්ෂිත අර්බුද මතු විය හැකි රටක, ඔරොත්තු දීමේ හැකියාව යනු තේරීමක් නො ව අත්‍යවශ්‍යම සාධකයකි.
ශ්‍රී ලංකාව සතු ව ඉතා බුද්ධිමත් සහ දක්ෂ තරුණ පිරිසක් සිටිය ද, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය සඳහා නිසි දිරිගැන්වීමක් නොමැති නිසා එම විභවතාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තවමත් ප්‍රයෝජනයට ගෙන නොමැත. කුඩා කල සිට ම නිර්මාණශීලී චින්තනය පෝෂණය කිරීමෙන් රටට විශාල අවස්ථා රාශියක් විවෘත කර ගත හැකි බව ඔහුගේ විශ්වාසයයි.
බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වන්නේ ඔවුන්ගේ අදහස්වල දුර්වලතාවක් නිසා නො ව, දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙනි. ව්‍යවසායකයින් අතින් සිදු වන පොදු වැරැද්දක් නම්, ව්‍යාපාරයට ලැබෙන සියලු ම ආදායම තමන්ගේ පෞද්ගලික මුදල් ලෙස සැලකීමයි.
ප්‍රවේශම් සහගත මූල්‍ය සැලසුම්කරණයකින් තොර ව ඕනෑ ම සමාගමක් ඉතා ඉක්මනින් මූල්‍ය අර්බුදයකට මුහුණ දිය හැකි ය. දුර්වල මූල්‍ය පාලනය නිසා ව්‍යාපාර රාශියක් කඩා වැටෙනු තමන් දැක ඇති බව පවසන ආචාර්ය ප්‍රනාන්දු, ව්‍යවසායකයකු මුදල් ප්‍රවාහය (cash flow), මූල්‍ය විනය සහ වගකීම් සහගත තීරණ ගැනීම පිළිබඳ ව මනා අවබෝධයක් වර්ධනය කර ගත යුතු බව අවධාරණය කරයි.

ව්‍යවසායකත්වය සහ සමාජ වගකීම ආචාර්ය ප්‍රනාන්දු පවසා සිටින්නේ, ව්‍යාපාරයක් යනු හුදෙක් ලාභය මත ම පමණක් පදනම් ව ක්‍රියාත්මක වන්නක් නො විය යුතු බවයි. ඒ වෙනුවට ව්‍යාපාරික ලෝකයේ පිළිගත් ‘ත්‍රිවිධ පදනම’ (Triple bottom line ) නමැති ප්‍රවේශය අනුගමනය කළ යුතු බව ඔහු විශ්වාස කරයි. මෙම ප්‍රවේශය ප්‍රධාන කරුණු තුනක් අවධාරණය කරයි.
3. ලාභය (Profit) : ව්‍යාපාරයේ මූල්‍යමය තිරසාරත්වය.
සමාජ අසමානතාව පිටු දැකීමට
ව්‍යවසායකත්වයේ දායකත්වය ආචාර්ය ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන වඩාත් ප්‍රබලතම තර්කයක් වන්නේ සමාජ අසමානතාව (Social inequality) අවම කිරීමට ව්‍යවසායකත්වය සෘජු ව ම දායක වන බවයි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ධනවත් සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවන් අතර පවතින දැවැන්ත පරතරයයි. බලශක්ති පරිභෝජන දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ මෙරට ජනගහනයෙන් විශාල පිරිසක්ිබලශක්ති දරිද්‍රතාවෙන්’ (energy poverty) පෙළෙන බවයි. එනම්, ඔවුන් මසකට පරිභෝජනය කරන්නේ ඉතා අවම විදුලි ඒකක ප්‍රමාණයකි.මෙම පරතරය පියවීමට ව්‍යවසායකත්වය උපකාරී වන්නේ මෙලෙසිනි :
■ නවෝත්පාදනය: නව තාක්ෂණය සහ ක්‍රමවේද හඳුන්වා දීමෙන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ හැකි ය.
■ ආර්ථික වර්ධනය: නව ව්‍යාපාරවලින් රටේ සමස්ත ආර්ථිකයට දායකත්වයක් සැපයීම.
සැබෑ නායකත්වය පදනම් විය යුත්තේ විශ්වාසය (trust) සහ අවංකභාවය (integrity) මත ය.’පොරොන්දු විය යුත්තේ ඔබට ඉටු කළ හැකි දේ පමණි, එහෙත් සැම විට ම පොරොන්දු වූවාට වඩා යමක් ලබා දීමට උත්සාහ කරන්න.’ මෙම දර්ශනය ගනුදෙනුකරුවන්, සේවකයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන් අතර දීර්ඝකාලීන පිළිගැනීමක් සහ විශ්වාසයක් ගොඩ නැඟීමට උපකාරී වේ. පොරොන්දු වැඩියෙන් ලබා දී, ඉටු කිරීමේ දී පසුබට වන සමාගම්වලට තම කීර්තිනාමය ඉතා ඉක්මනින් අහිමි වේ. එබැවින්, නායකයකු සදාචාරාත්මක ප්‍රමිතීන් පවත්වා ගනිමින් තම කැප වීම් අකුරට ම ඉටු කරන්නේ නම්, ඔහුට ශක්තිමත් සහ තිරසාර සබඳතා ජාලයක් ගොඩ නඟා ගත හැකි ය.
ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු හට තරුණ පරපුර වෙත ලබා දීමට ඇති වැදගත් ම පණිවිඩය වන්නේ, “වෙනස් විදිහට සිතීමට බිය නො වන්න” යන්නයි. ව්‍යවසායකත්වය යනු හුදෙක් ව්‍යාපාරික උපක්‍රමයක් නො ව, එය අනාගතය හැඩගැස්වීමට භාවිත කළ හැකි ප්‍රබල මෙවලමකි. තරුණ ව්‍යවසායකයින්ට ඔහු දෙන විශේෂ උපදෙස වන්නේ, “ප්‍රාග්ධනය යනු බාධාවක් යැයි නොසිතන්න, නිවැරදි අදහසක් ඔබ සතු ව ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නිතැතින්ම ඔබ සොයා එනු ඇත” යන්නයි.
අවසාන වශයෙන්, සැබෑ සාර්ථකත්වය යනු පෞද්ගලික ජයග්‍රහණ හෝ ධනය රැස් කිරීම පමණක් නො වේ. සැබෑ සාර්ථකත්වය පවතින්නේ අන් අයට යහපතක් වන, සමාජයේ ගැටලුවලට විසඳුම් සපයන සහ ශක්තිමත් දේශයක් ගොඩ නැඟීමට දායක වන නිර්මාණ තුළ ය.
මේරියන් රනීෂා විමලසූරිය