වැඩිහිටියන්ගේ සුභසාධනය සහ සමාජ සංරක්ෂණය සඳහා වූ වැඩපිළිවෙළ

 

 

අපේ රටේ සමාජ ආර්ථික සැකැස්ම වේගයෙන් වෙනස් වෙමින් පවතී. එය බටහිරකරණය වෙමින් තිබේ. නාගරික ප‍්‍රදේශ කරා වැඩිවැඩියෙන් ජනයා සංක‍්‍රමණය වෙමින් නැත හොත් පළවා හරිමින් පවතී. පවුල්වල සැකසුම ද සාම්ප‍්‍රදායික ජීවන රටා ද වෙනස් වෙමින් පවති. එසේ ම සාක්ෂරතාව දියුණු වීම නිසා ද ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රම නිසා ද වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ද මිනිසුන්ගේ ආයුෂ දීර්ඝ වෙමින් තිබේ. මේ නිසා අපේ වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් පැවතුන ද සමාජ ක‍්‍රමයේ සිදු වන වෙනස්කම් නිසා වියපත් වියේ දී වැඩිහිටියන්ට ලැබිය යුතු රැුකවරණය ද ආදරය ද දරුවන්ගෙන් මෙන් ම සමාජයෙන් ද නොලැබෙමින් පවතී. වේගවත් තරගයකට ඇද දමා ඇති සමාජයක සිදු වන්නේ දුබලයින් අසරණ වීම යි. මෙම වාතාවරණය තුළ අවශ්‍යතාව සහ  ඕනෑකම තිබුනත් දරුවන්ට ද දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට සැලකීමට ඉඩ ප‍්‍රස්තා අහිමි වී තිබේ. මේ නිසා වැඩිහිටියන් අසරණ වී ඇත්තාක් මෙන් ම දරුවෝ් ද මානසික පීඩනයකට ගොදුරු වී සිටිති. සිය ජීවිතයේ දී වැඩි කාලයක් කිසියම් සමාජ මෙහෙවරක යෙදුණු පුද්ගලයින්ට වියපත් වියේ දී අසරණ වීමට සිදු වීමත් සමස්තයක් ලෙස එය සමාජ ප‍්‍රශ්නයක් බවට පත්වීමත් ඛේදවාචකයකි. මෙම ප‍්‍රශ්නයේ සමාජීය වේදනාව සහ පීඩනය අවම කිරීම සඳහා ද වියපත් විය සැනසීමෙන් සහ ප‍්‍රීතියෙන් ගත කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සැකසිය යුතු ය. එසේ නැත හොත් ඉදිරියේ දී එය බරපතළ අර්බුදයක් බවට පත් වනු ඇත.

මෙහි දී වැඩිහිටියන් මුහුණ දෙන ප‍්‍රශ්නවල සැබෑ ස්වරූපය පිළිබඳ ව වැටහීමක් ලබා ගත යුතු වේ. මෙම ප‍්‍රශ්න පොදු සාමාජික ප‍්‍රශ්න මෙන් ම පුද්ගල විශේෂිත ගැටලූ ද වේ. වෙනත් රටවල ක‍්‍රියාත්මක වන වැඩිහිටි සමාජ සංරක්ෂණ ක‍්‍රම පිළිබඳ ව අප අවබෝධයක් ලබා ගත යුතු ව ඇති නමුත් ඒ ක‍්‍රම එලෙස ම අනුගමනය නො කළ යුතු යි. බොහෝ ගැටලූ සමාජ සංස්කෘතික සබඳතා නිසා ඇති වී තිබෙන අතර ඒවාට විසඳුම් ද අපේ සමාජ සංස්කෘතික රටාවන්ට අනුකූල ලෙස සොයා ක‍්‍රියාත්මක කළ යුතු යි.

මෙහි දී අවධාරණය කළ යුතු කාරණයක් නම් වැඩිහිටියන්ට සැලකීම හෝ සහනය සැලසීම ඒ පුද්ගලයන්ගේ දරුවන්ගේ හෝ රජයේ කාර්යයක් පමණක් නො වන බව යි. ඒ සමස්ත සමාජයේ ම යුතුකමකිත වගකීමකි.

දැන් අපි වැඩිහිටියන් මුහුණ දෙන ප‍්‍රශ්න සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් ගැන සාකච්ඡුා කරමු.

 

  1. තනිකම / හුදෙකලාව

නිරෝගී වැඩිහිටියකු වුව ද මුහුණ දෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් නම් තනිකම හෝ හුදෙකලාව යි. දරුවන්ගේ නිවසක සිටිය ද මේ අය මානසික හුදකලාභාවයට ගොදුරු වෙති. මෙය වැඩිහිටියන් අතර වේදනා ගෙන දෙන ප‍්‍රශ්නයක් බවට පත් වී තිබේ. තම දෙමාපියන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් ලෙඩට බෙහෙත් ලබා දුන් විට තම යුතුකම් ඉටු කළා යැ යි දරුවෝ සිතති. එහෙත් තම සිතැඟි පැවසීමට කෙනකු නොමැති වීමෙන් වැඩිහිටියෝ තැවෙති. ඔවුන්ට සම වයසේ අය ඇසුරු කිරීමට අවස්ථාවක් නොලැබෙන අතර දරුවන් සහ මුනුබුරන්ට ද ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදීමට වේලාවක් නොමැති වේ. අධිවේගී ජීවන රටාව ද පරම්පරාවක දුරස්ථභාවය ද නිසා දරුවන් දෙමව්පියන් සමග ගත කරන කාලය අඩු වන අතරිචමින්දලා’ සමග මොන කතා දැ යි ඇතැම් මුනුබුරෝ සිතති.

වැඩිහිටියන් වෙනුවෙන් කැප වූ ස්වේච්ජා සංවිධානයකට විශේෂ මෙහෙයක් ඉටු කළ හැකි ය. වැඩිහිටියන් හමු වන ස්ථානවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මගින් එකිනෙකා හමු වී අදහස් හුවමාරු කර ගත හැකි ය. මෙය පන්සල පල්ලිය ප‍්‍රජාශාලාව හෝ නගරයේ පුස්තකාලය විය හැකි ය. මේ ස්ථානවල දී වැඩිහිටියන්ගේ ප‍්‍රශ්න හඳුනා ගැනීමෙන් සමාජ ක‍්‍රියාකාරීත්වයට ඔවුන් වැඩදායක ලෙස දායක කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු ය. උදා: වන්දනා ගමන් සහ චාරිකා සංවිධානය කිරීම.

සාකච්ජා සඳහා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු. සාමූහික ව පැවැත්වෙන සාකච්ජාව මසකට වරක් අනිවාර්යයෙන් ම පැවැත්විය යුතු යි. මෙහි දී ප‍්‍රශ්න නොමැති නම් ධර්ම සාකච්ජාවක් හෝ කාලීන ව පවතින සමාජ ප‍්‍රශ්නයක් පිළිබඳ ව ඔවුන්ගේ අදහස් හා උපදෙස් ලබා ගැනීමක් කළ හැකි ය. තනි තනි ව කරන සාකච්ජාවේ දී හඳුනා ගත් ප‍්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය ස්ථානවලට යොමු කිරීම ද ගත හැකි පියවරකි. මෙය සෞඛ්‍ය ප‍්‍රශ්නයක් හෝ නීතිමය ගැටලූවක් විය හැකි ය

 

  1. අත්දැකීම් / දැනුම් සම්භාරය

අතීතයේ දී වැඩිහිටියෝ සමාජයේ ඉමහත් ගෞරවයට ලක් වූහ. ශිල්ප ශ්‍රේණි ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ එකල වැඩිහිටියා විශ‍්‍රාම නො ලබන ගුරුවරයෙක් විය. ඔවුන්ගේ අත්දැකීම් ද උපදෙස් ද ඊළඟ පරපුර වෙත නොකඩවා ගලා ගියේ ය. එහෙත් අද ජීවිත කාලය තුළ වැඩිහිටි මනස් තුළ ගොනු වන අත්දැකීම් හා දැනීම් සම්භාරය විශ‍්‍රාම යෑම සමග ඔවුන්ගෙන් සමාජයට නො ලැබේ. මේ අත්දැකීම් සහ දැනීම් වෘත්තීයමය ඒවා පමණක් නො විය හැකි ය. ඒවා ගහකොළ, පරිසරය ගැන ඇතැම් ඓතිහාසික සිදුවීම් පිළිබඳ දැනීම හෝ පරම්පරා තිස්සේ රැුක ගෙන ආ දැනුම විය හැකි ය. ඒවා අනාගත සමාජයට උචිත ලෙස ඔවුන්ගෙන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතු ය.

 

  1. විශ‍්‍රාම යාමේ දී ඇති වන මානසික කම්පනය

අවුරුදු 30ක් හෝ 40ක් රැකියාවේ යෙදී විශ‍්‍රාම යෑමට සිදු වීම කම්නයකි. රැුකියාව ආශ‍්‍රිත සුපුරුදු සමාජ හා ජීවන රටාවෙන් හදිසියේ ඉවත් වී නිවසට වී සිටීමට වීම බොහෝ වැඩිහිටියන්ට මානසික කම්පනයක් ඇති කරයි. විශ‍්‍රාමික දිවියේ දී ඇති වන ප‍්‍රශ්නයට විසඳුම් සහ උපදෙස් ලබා දීමටත් වඩාත් ඵලදායී සමාජ ජීවිතයක් ගත කළ හැකි වාතාවරණයක් උදාකිරීමටත් කටයුතු කළ යුතු ය. විශ‍්‍රාමික වයසට එළඹුන ද ඇතැම් අය ජීව විද්‍යාත්මක ව වයස්ගත වූවෝ නො වෙති. බොහෝ අය නිරෝගී, සමාජ මෙහෙවරක යෙදීමට හැකි අය වෙති. එහෙත්ිතමන් විශ‍්‍රාමිකයන් ය’ යන හැඟීම ද, එවැනි අයගේ හැකියාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමට හෝ සැඟවී ඇති දක්ෂතා ඉස්මතු කර ගැනීමට හෝ වැඩ පිළිවෙළක් නොමැති කම ද හේතුවෙන් ඔවුන්ට පසුතැවිල්ලෙන් යුතු ව කල් ගෙවීමට සිදු වී තිබේ. මේ වැඩපිළිවෙළ සැකසීම ගැන දීර්ඝ ලෙස සාකච්ජා කළ යුතු යි.

බොහෝ දේ වෙනස් වී ඇති සමාජයට නව දැනුම ද නව තාක්ෂණය ද එකතු වෙමින් තිබේ. පරිගණක දැනුම පිළිබඳ ව ඉගෙනුමක් ලබා ගැනීමට, තොරතුරු තාක්ෂණයෙන් ප‍්‍රයෝජන ගැනීමට, පුහුණුවක් ලබා ගැනීමට, අද වැඩිහිටියකුට පහසුකම් තිබේ ද? විශ‍්‍රාමික දිවිය විවේකයෙනුත් විනෝදයෙනුත් ගත කිරීමට, ඡුායාරූප ශිල්පය හෝ චිත‍්‍ර ශිල්පය ඉගෙනීමට, වැඩිහිටියන්ට පහසුකම් තිබේ ද? වෙනත් රටවල මෙවැනි දෑ සඳහා පුහුණුව සපයන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. :ක්‍ැබඑරුි දෙර කසෙැ කදබට ිඑමාසැි * හොඳින් සංවිධානය වූ ස්වේච්ඡුා සංවිධානයකට මෙවැනි මධ්‍යස්ථාන ඇති කළ හැකි ය.

 

  1. වැඩිහිටි නිවාස

වැඩිහිටි නිවාසවල අද ජීවත් වන්නේ ආර්ථික දුෂ්කරතාවලට පත් වූ පවුල්වල වැඩිහිටියන් හෝ ආර්ථික වශයෙන් ශක්තිමත් වුවත් ¥ දරුවන් විසින් සම්පූර්ණයෙන් ම අත්හැර දමන ලද දෙමව්පියන් ය. ඇතැම් විට මෙසේ අත්හැර දැමීමට කිසියම් හේතුවක් තිබිය හැකි ය.

උදා: රැකියා සඳහා විදේශගත වීමට සිදු වීම.

විදේශගත වූ දරුවන් පිළිබඳ ව සමාජය සලකන්නේ ඉතා දුෂ්ටයින් පිරිසක් ලෙස ය. එම නිසා තමන්ගේ දෙමාපියන් එවැනි නිවාසවල සිටින බව හැඟවීමට දරුවෝ බිය වෙති. ප‍්‍රතිඵලය වී ඇත්තේ ඔවුන් සිය දෙමාපියන් බැලීමටවත් නො පැමිණීම යි. වැඩිහිටි නිවාසවල පැවැත්වෙන උත්සව පිංකම් ආදියේ දී කතා පවත්වන කථිකයින් ද මේ දරුවන්ට නින්දා අපහාස කරමින් කැපී පෙනීමට උත්සාහ දැරීම නිසා මේ තත්ත්වය ව්‍යාකූල වී තිබේ. වැඩිහිටි නිවාසවල ජීවත් වුව ද තම දරු මුනුබුරන් තමන් දකින්නට පැමිණෙන්නේ නම් මේ වැඩිහිටියන්ට එය මහත් සැනසිල්ලක් වනු ඇත. වැඩිහිටි නිවාසවල පවතින ඒකාකාරී රටාව වෙනස් කර හිතවතුන්ට නෑදෑයින්ට හමු විය හැකි සැනසිලිදායක පරිසරයක් ඇති කිරීමට කටයුතු කළ යුතු යි. දරුවන්ට එරෙහි ව දෙමාපියන් තුළත් දෙමාපියන්ට එරෙහි ව දරුවන් තුළත් වෛරයක් ඇති වන ප‍්‍රකාශ කිරීමටිසෝබනකාරයන්ට’ ඉඩ නො දිය යුතු යි. වැඩිහිටියන්ට හැකි සෑම විටක ම තමන්ට හුරුපුරුදු පරිසරය තුළ සිටීමට හැකි ලෙස කටයුතු කළ යුතු ය. වැඩිහිටි නිවාස, ප‍්‍රශ්නයට තාවකාලික විසඳුමක් පමණි. මෙහි දී දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ ප‍්‍රශ්න සැබෑ ලෙස අවබෝධ කර ගත හැකි, බුද්ධිමය පෙරදැරි බවකින් සමාජ රටාවට නො ගැළපෙන්නේ යැ යි සලකා අමතක කර දමන ගුණමකුවන් හෙළිදරව් කළ යුතු යි. එහෙත් මෙය ඉහත කාරණය සමග පටලවා නො ගත යුතු යි.

 

  1. ප‍්‍රවාහන සහ කාර්යාල කටයුතුවල දී සිදු වන අපහසුතා

ප‍්‍රවාහන කටයුතුවල දී වැඩිහිටියෝ ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දෙති. වෙනත් රටවල වැඩිහිටියන් සඳහා නොමිලේ ගමන් බලපත‍්‍ර සැපයීම ආදිය මගින් ඒ සඳහා සහන සලසා ඇත. එහෙත් පොදු ප‍්‍රවාහන පහසුකම් අතුරුදහන් වෙමින් පවතින අපේ රටේ වැඩිහිටියන් පමණක් නො ව ශක්තිමත් තරුණයින් පවා අසරණ වී ඇති බැවින් නැවත හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් ඇති කිරීම පොදු සමාජීය වගකීමක් බවට පත් ව තිබේ. ීය්කක ඇ රුපදඩැ එයසි ච්රඑ? චක ්ාඩසිැග

 

  1. වැඩිහිටියන් සඳහා රෝහල් සහ සෞඛ්‍ය පහසුකම්

වැඩිහිටියන් සඳහා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල විශේෂිත සායන ඇති කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් කළ යුතු ය. ස්වේච්ඡුා සංවිධාන මගින් ද මෙවැනි සායන ඇති කිරීමට කටයුතු කළ යුතු ය. මෙහි දී ඇතැම් විශ‍්‍රාමික සංගම් කටයුතු කරන ආකාරයෙන් මේ තත්ත්වය අවුල් වී තිබේ. සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් කර පෝලිම් නැතු ව විශ‍්‍රාමිකයන්ට පමණක් සායනවලට යා හැකි ලෙස චක‍්‍රලේඛ සකස් කර තිබේ. විශ‍්‍රාමිකයන් යනු වැඩිහිටි ජනගහනයෙන් අතලොස්සකි. මෙම විශ‍්‍රාමිකයන් තමන්ට වඩා හැම අතින් ම අසරණ තම සමකාලීනයන් ගැන නොසලකා හැර තිබේ. මේ නිසා වෛද්‍යවරු ද සෞඛ්‍ය සේවකයෝ ද නොයෙක් අප‍්‍රසන්න අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටිති. කළ යුත්තේ සමස්ත වැඩිහිටි ජනගහනයට ම සේවාවන් සපයන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම යි. අනෙකුත් කාර්යාලීය කටයුතුවල දී වැඩිහිටියන්ට මුහුණ පෑමට සිදුවී ඇති ප‍්‍රශ්න සහ ඒවාට සැපයිය හැකි විසදුම් පිළිබඳ ව දීර්ඝ ව සාකච්ඡුා කළ යුතු ය.

විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නම් අපේ සෞඛ්‍ය සහ සමාජ සේවා ආයතනවල වැඩිහිටියන් බහුල ව සිටියත් ඔවුන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය උපකරණ හෝ අවශ්‍ය තරම් භෞතික චිකිත්සකයින් අපේ රෝහල්වල නැති වීම යි. මෙම උපකරණ කිසිසේත් මිල අධික ඒවා නො වේ. අංශභාග රෝගයට ගොදුරු වු වැඩිහිටියන් නිසා වන සාමාජීය වියදම ඊට වඩා බොහෝ වැඩි ය.

 

 

 

වැඩහිටි සමාජ සංරක්ෂණ වැඩපිළිවෙළ

වැඩහිටි සමාජ සංරක්ෂණ වැඩ පිළිවෙළක් ඇරඹීමෙන් අපි පරමාර්ථ කීපයක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙමු. වැඩහිටියන්ගේ දැනුම සහ අත්දැකීම් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සඳහා දායක කර ගැනීම එහි ප‍්‍රධාන අරමුණකි. වැඩිහිටියකු යනු වයසට යාම නිසා දුර්වල සහ අසරණ භාවයට පත් වූවකු නො ව දීර්ඝ කාලයක් පුරා බොහෝ ඇසූ පිරූ දේ ඇති අත්දැකීම් සම්භාරයක් රැුස් ව ඇති දැනුම් ගබඩාවක් යැ යි අපි විශ්වාස කරමු. පරම්පරාවක් තිස්සේ රැුක ගෙන ආ ඇතැම් දැනුම් සම්භාරයක් ද ඔහු හෝ ඇය තුළ තිබේ. බොහෝ වැඩිහිටියන් තුළ පරිසරය පිළිබඳ ව ඇති ආදරය සහ කැප කිරිම අපේ ජන කතා තුළින් ද හෙළි වේ. අද සිදු වනුයේ මෙම දැනීම් සම්භාරයත් සමග මෙම වැඩිහිටියන් හුදකලා වී පසු ව මිය යාම යි. අප මෙම දැනුම් පරිසර සංරක්ෂණය සඳහා උපයෝගී කර ගත යුතු යි. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු යි. එය ඔවුන්ට කරන උපකාරයක් මෙන් ම උපහාරයක් ද වන්නේ ය.

වැඩිහිටියන්ට සැලකීම දු දරුවන්ගේ පමණක් නො ව සමාජයේ ම වගකීමක් ය යන අදහස ද අප මේ තුළින් ඒත්තු ගැන්විය යුතු යි. බොහෝ වැඩිටියන් තම ඵලදායී ජීවිත කාලය තුළ සේවය කළේ තම ¥ දරුවන්ට පමණක් නො ව මුළු සමාජයට ම ය. රියදුරකු කම්කරුවකු ගොවියකු වෛද්‍යවරයකු හෝ කවර වෘත්තියක යෙදුනකු වුව ද ඔහුගේ හෝ ඇයගේ සේවය මුළු සමාජයට ම ගලා ගියේ ය. මෙහි දී ¥ දරුවන්ට විශේෂ වගකීමක් පැවරී ඇති නමුදු එය පොදු සමාජයේ ම වගකීමකි.

මෙම කාර්යයේ දී වැඩිහිටියන් මෙන් ම දු දරුවන් ද මුහුණ දෙන ගැටලූ හඳුනා ගෙන ඒවාට උදව් සහ විසඳුම් ලබා දීමට සමාජය ක‍්‍රියා කළ යුතු යි.

අද සමාජයේ මිනිස්සු හුදකලා වෙති. මෙය වැඩිහිටියන්ට පමණක් නො ව අනෙක් අයට ද පොදු ය. පැරණි සාමූහික ජීවන රටාව බිඳ වැටීමත් ඒ වෙනුවට බටහිර ජීවන රටාව පැතිරීමත් නිසා බොහෝ අය තුළ මෙම මානසික හුදකලා බව ඇති වී තිබේ. මේ නිසා දහස් ගණන් ජනයා පිරි ස්ථානවල දී පවා මිනිසුන්ට තමන් හුදකලා වී ඇති බව දැනේ. හුදකලා මිනිසුන්ගේ මනස් තුළට ජනමාධ්‍ය හරහා බටහිර සමාගම් සිය ප‍්‍රචාරණයන් අපහසුවකින් තොර ව ඇතුළු කරයි. යහපත් වැඩක් සඳහා සාමූහික ප‍්‍රයත්නයක යෙදීමෙන් මිනිසුන් අතර සුහද හා සහෝදරාත්මක සම්බන්ධතාවක් නැවත ගොඩ නැගීමට ද අපි මේ තුළින් බලාපොරොත්තු වෙමු.

 

පුනරාගමනය

සමාජ කටයුතුවල දී නායකත්වය සැපයීමටත්, තරුණයන් දිරිමත් කිරීමටත්, වැඩිහිටියන් පෙරට ආ යුතු ය.

පෙරදිග සමාජය වැඩිහිටියන්ට ගරු කළා පමණක් නො ව, ඔවුන්ගේ මග පෙන්වීම හා අවවාද අනුශාසනා ද ඉහළින් පිළිගත් බව අපි දනිමු. එය පෙරදිග සියලූ ආගම් කර්තෘවරුන්ගේ උගැන්වීම ද විය.

අපේ සුන්දර දිවයින මංකොල්ල කෑමට පැමිණි අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව අපේ වැඩිහිටියෝ සටන් කළහ.

එහි ප‍්‍රතිඵලය වුයේ වැඩිහිටි සමාජයේ නායකත්වය අහිමි කොට ඔවුන් නින්දාවට හා හාස්‍යයට ලක් කොට තරුණයන් සමඟ භේද භින්න කිරීමට නොයෙකුත් උපක‍්‍රම යෙදීම යි.

එහි එක් උපක‍්‍රමයක් වුයේ, ගැමිනායකයන්, වැඩිහිටියන් හාස්‍යයට ලක් කිරීමේ කතා ගෙතීම යි. අද එම කතා උච්ච ස්ථානයට පත් වී තිබේ.