හැදින්වීම
මිලියන 23ක ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාවේ වත්මන් බලශක්ති නිෂ්පාදනය පහත වගුවේ සාරාංශ කර ඇත. ශ්‍රී ලංකාව තුළ කිසිදු ෆොසිල ඉන්ධන නිෂ්පාදනයක් සිදු නො කරන නමුත් බලශක්ති නිෂ්පාදනයේ ප්‍රධාන කොටසක් වන, එනම් 66%ක (~66%) ප්‍රමාණයක් සදහා ආනයනය කරන ලද ෆොසිල ඉන්ධන භාවිත කරයි. දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව රාශියකින් මෙය ආවරණය කරගත හැකිමුත්, අඩු කාබන් බලශක්ති උත්පාදනය සඳහා මෙම ප්‍රභව තවමත් ඵලදායී ලෙස භාවිත කිරීමක් සිදු නො වේ. ඉංජිනේරු විමලසුරේන්ද්‍ර මහතාගේ පර්යේෂණ මත වර්ෂ 1950 දී ලක්ෂපාන ප්‍රදේශයේ පළමු ජල විදුලි බලාගාරය ආරම්භ වූ අතර එතැන් සිට බොහෝ ජල විදුලි බලාගාර ඉදිකර ඇත්තේ සමස්ත නිෂ්පාදනයෙන් 31%ක (~31%) දායකත්වයක් ලබා දීමෙන් ය. කෙසේ වෙතත්, මෙම අංශයේ වර්ධනය පහත වැටී ඇති බව පෙනී යන අතර සුළං, සූර්ය සහ ජෛව ස්කන්ධ භාවිතයෙන් ජල නො වන බලශක්ති උත්පාදනය අතිශයින් අඩු වී ඇත (~3%).
අඩු කාබන් බලශක්ති උත්පාදන තාක්ෂණ රාශියක් පවතින අතර ඒවා න්‍යෂ්ටික, භූතාප, උදම් සහ තරංග, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධය ලෙස පෙන්වා දිය හැකි ය. ශ්‍රී ලංකාවේ ෆොසිල ඉන්ධන ආනයන වියදම අඩු කිරීමට සහ රටේ තිරසර සංවර්ධනය සඳහා පහත නිර්දේශ ඉදිරිපත් කළ හැකි ය.
නිර් දේශ
- ශ්‍රී ලංකාවට තමන්ගේ ම ෆොසිල ඉන්ධන සංචිත සමඟින් දියුණු විය හැකි ද?
මන්නාරම් ද්‍රෝණියේ ගෑස්/ තෙල් ගවේෂණය වර්ෂ 1970 ගණන්වල මුල් භාගය දක්වා දිව යයි. වසර 50ක් තිස්සේ එකම කතාව නැවත නැවතත් අපට ඇසුණත් ගවේෂණය තව ම අවසන් වී නැත. තෙල් සමාගමක් මෙම රක්ෂිතයේ වැඩ කිරීමට එකඟ වුව ද ඛෙදා හැරීමේ කාලය දශක දෙකකට වඩා ගත විය හැකි ය. දූෂිත දේශපාලන ක්‍රමයක් පවතින රටක ව්‍යාපෘතිය සාර්ථක වුවත් ව්‍යාපෘතියේ ප්‍රතිඵලවලින් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභයක් අත්වන බවට විශ්වාසයක් නැත. නයිජීරියාව මේ සඳහා හොඳ නිදසුන් සපයයි; එම රටේ තෙල් ගලායාමත් සමඟ යුද්ධයක් ආරම්භ විය. තෙල් සමාගම සහ බලවත් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලැබූ අතර තෙල් ආදායමෙන් වැඩි ප්‍රමාණයක් නයිජීරියාවෙන් පිටතට ගෙන යන ලදී. තෙල් කාන්දුවෙන් සිදුවන දූෂණයෙන් සාමාන්‍ය ජනතාව පීඩා විඳිමින් සිටින අතර තවත් ගැටලූ නිර්මාණය වී තිබේ.
ගෝලීය වශයෙන්, සියලූ ම රටවල් ඒවායේ දූෂිත බලපෑම් හේතුවෙන් කාබන්-ආර්ථීකයෙන් (ෆොසිල ඉන්ධන) ඉවත් වීමට කටයුතු කරයි. එහි ප්‍රවණතාව වන්නේ, කාබන්-උදාසීන-ආර්ථීකය දෙසට ගමන් කිරීම සහ පසුව හයිඩ්‍රජන්-ආර්ථීකයක් කරා ගමන් කිරීමයි. එබැවින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මන්නාරම පදනම් කරගත් තෙල් සංචිත භාවිත කිරීම ඉතා ම මන්දගාමී වන අතර එය බොහෝ දුරට ඉඩ නො දිය හැකි තත්ත්වයකි.
- න්‍යෂ්ටික බලශක්තිය ශ්‍රී ලංකාවට විකල්පයක් නො වේ.
න්‍යෂ්ටික තාක්ෂණවේදීන් න්‍යෂ්ටික ශක්තිය, ‘අඩු කාබන්, පිරිසිදු ශක්තියක්’ ලෙස වර්ගීකරණය කරයි. මෙය සත්‍ය වන්නේ විදුලි උත්පාදනයේ ජීව කාලය තුළ පමර්‍ණ. කෙසේ වෙතත්, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සිදු වන්නේ, යුරේනියම් කැණීම් සහ පවිත්‍රකරණයේ දී සහ අවම වශයෙන් දශකයක පමණ කාලයක් තුළ බලාගාරය ගොඩ නැගීම සහ ක්‍රියාත්මක කිරීම මෙන් ම වැඩ කරන කාලය අවසානයේ බලාගාරය අක්‍රිය කිරීම මගින් ය. අවට ඇති සියලූ ම ද්‍රව්‍ය විකිරණශීලී බැවින් ඉවත් කිරීම න්‍යෂ්ටික බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට වඩා බොහෝ ගුණයකින් දිගු හා මිල අධික විය හැකි ය.
මෙම තාක්ෂණය සමඟ නො විසඳුණු ආරක්ෂිත ගැටලූ රාශියක් ඇත. විකිරණශීලී අපද්‍රව්‍ය හැසිරවීම සතුටුදායක නො වේ. සාම්ප්‍රදායික විඛණ්ඩන බලාගාර මානව දෝෂ, ත්‍රස්තවාදී ප්‍රහාර සහ මිනිසුන් පාලනය කළ නො හැකි භූමිකම්පා හෝ සුනාමි නිසා සිදුවන හානිය නිසා සමාජයට විශාල ව්‍යසන ඇති කළ හැකි ය; ෆියුෂන් ප්‍රතික්‍රියාකාරක තවමත් පර්යේෂණාත්මක ය. මානව දෝෂ හේතුවෙන් සිදු වූ චර්නොබිල් අනතුර හා හොඳින් සංවර්ධිත හා මනා විනයකින් යුත් ජපානයේ සුනාමි හානි මේ සදහා හොඳ ම උදාහරණ වේ. මෙම තාක්ෂණය සම්පූර්ණයෙන් ම සංවර්ධිත රටවලට උපකාර විය හැකි නමුත් ශ්‍රී ලංකාවට එය විකල්පයක් නො වේ.
- භූ-තාප ශක්තිය ශ්‍රී ලංකාවට සුදුසු නො වේ.
භූ-තාප ශක්තිය ද පුනර්ජනනීය බලශක්ති ලැයිස්තුවේ දක්නට ලැබේ. එහෙත් දැනට ලොව පුරා ඇත්තේ බලාගාර 22ක් පමණක් වන අතර ඒවායින් නිෂ්පාදනය කරන්නේ ඨඋ 15ක් පමර්‍ණ. මෙම තාක්ෂණයේ විවිධ ගැටලූ හේතුවෙන් වේගවත් අනුකරණයක් සිදු නො වේ. එයට විශාල ප්‍රාග්ධන පිරිවැයක් අවශ්‍ය වන අතර බලාගාරයක් ඉදිකිරීමට බොහෝ කාලයක් ගත වේ. මෙම තාක්ෂණයට භූ-තාප ශක්තිය ලබා ගැනීම සඳහා පෘථීවි පෘෂ්ඨයේ ගැඹුරට අධි පීඩන ජලය පොම්ප කිරීම අවශ්‍ය වේ. මෙය ඇත්තෙන් ම අනවශ්‍ය භූමිකම්පා ඇති වීමට ප්‍රධාන හේතුවකි.
උදාහරණයක් ලෙස, පෘථීවි පෘෂ්ඨයෙන් සිර වී ඇති ස්වභාවික වායුව (ෂේල් වායුව) ලබා ගැනීමට එක්සත් රාජධානියේ මෑත කාලීන උත්සාහයන්, .තර්ජනසබට. ලෙස හඳුන්වන තාක්ෂණය භාවිත කරන ලදී. ලැන්කෂයර්හි, ෂේල් ගෑස් නිස්සාරණය කිරීම සඳහා එක් පද්ධතියක් ඉදිකරන ලද නමුත් සතියකට අඩු කාලයක් තුළ කුඩා භූමිකම්පා තුනක් වාර්තා වීමෙන් පසු එහි ක්‍රියාකාරිත්වය නතර කිරීමට සිදු විය. මෙම තාක්ෂණය මගින් පීඩන ජලය පෘථීවි පෘෂ්ඨයේ නො ගැඹුරු ස්ථරවලට පමණක් පොම්ප කරයි. කෙසේ වෙතත්, භූ-තාප බලශක්ති තාක්ෂණය මගින් ජලය වාෂ්ප බවට පත් කිරීම සඳහා පෘථීවි පෘෂ්ඨයේ (සැතපුම් 2-3ක් පමණ) ගැඹුරට පීඩන ජලය පොම්ප කරයි. ස්විට්සර්ලන්තයේ බාසල්හි භූ-තාප ව්‍යාපෘතිය මගින් අවට ගොඩනැගිලිවලට හානි කරමින් රික්ටර් මාපකයේ 3.4ක භූමිකම්පා ඇතුළු භූමිකම්පා රාශියක් ඇති කර ඇත. මෙම බරපතල පාරිසරික හානි සහ අවදානම් හේතුවෙන් මෙම ව්‍යාපෘති අතරමග නතර කර ඇත.
භූ විද්‍යාව සහ භූ කම්පන විද්‍යාව පිළිබඳ පර්යේෂණ ඉතා සංකීර්ණ වන අතර මෙම කරුණු පිළිබඳ ව ඇත්තේ ඉතා සුළු අවබෝධයක් පමර්‍ණ. කෙසේ වෙතත්, සරල විද්‍යාවේ ඉහත ක්‍රියාවලිය ගැන සිතා බැලීමෙන් පෙනී යන්නේ වාෂ්ප නිපදවීමට පීඩන ජලය යටින් උණුසුම් පාෂාණවලට පොම්ප කිරීම ඇත්තෙන් ම භයානක ක්‍රියාවලියක් බවයි. සරල භෞතික විද්‍යාව අපට පවසන්නේ, තාපය කැලරි 540ක් එක් වායුගෝලයක පීඩනයක දී 100ºක දී ජලය ඝන සෙන්ටිමීටර 1ක වාෂ්ප ඝන සෙන්ටිමීටර 1671ක වාෂ්ප බවට පරිවර්තනය කරන බවයි. මෙම ගැඹුරු මට්ටම්වල දී 100 ºක ට වැඩි ඉතා ඉහළ උෂ්ණත්වවල දී තාප ශක්තිය (කැලරි) ඕනෑ තරම් තිබේ. පීඩනය අධික වුව ද, වාෂ්ප සෑදීම හේතුවෙන් පරිමාව වෙනස් වීම සැලකිය යුතු ලෙස සිදු විය හැකි අතර පාෂාණ ස්ථර අතර ලිස්සා යාමෙන් කම්පන ඇති විය හැකි ය.
මෙම හානිකර අවිනිශ්චිතතාවන්, විශාල ප්‍රාග්ධන පිරිවැයක් අවශ්‍ය වීම සහ භූ-තාප බලාගාරයක් ඉදිකිරීමට ගතවන කාලය නිසා ශ්‍රී ලංකාවට මෙවැනි තාක්ෂණයන් දැරිය නො හැකි ය.
- උදම් සහ තරංග ශක්තිය මෙම තාක්ෂණය තවමත් ශ්‍රී ලංකාව තුළ භාවිතය සදහා සුදුසු නො වේ.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ දූපතක් බැවින් මෙම තාක්ෂණයන් දෙක ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, උදම් බලාගාර ඉදිකිරීමට විශාල ප්‍රාග්ධනයක් සහ සුදුසු ස්ථාන අවශ්‍ය වේ. තරංග ශක්තිය සම්බන්ධයෙන් යම් පර්යේෂණයක් සිදු කර ඇතත්, වාර්‍ණජකරණය සහ පරිමාණය තවමත් සිදු වී නොමැත. එබැවින් නුදුරු අනාගතයේ දී රටේ ආර්ථීක සංවර්ධනය සඳහා මෙම තාක්ෂණයන් දායක නො වනු ඇත.
- ශ්‍රී ලංකාව බල ගැන්වීම සඳහා වඩාත් සුදුසු “බලශක්ති තාක්ෂණ මිශ්‍රණය” වන්නේ ෆොසිල ඉන්ධන, ජල විදුලිය, සූර්ය, සුළං, ජෛව ස්කන්ධ (සහ ජීව වායු).
ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ආර්ථීක පරිවර්තනයක් උදෙසා රට තුළ පැහැදිලි සහ දීර්ඝ කාලීන (~1-2 දශක) බලශක්ති නිෂ්පාදන සැලැස්මක් සහිත ව ඉහත තාක්ෂණ මිශ්‍රණය භාවිත කිරීම අවශ්‍ය වේ. පවතින ෆොසිල ඉන්ධන බලාගාර භාවිත කරන අතරතුර පුනර්ජනනීය ද්‍රව්‍ය හඳුන්වා දීම වේගවත් කළ යුතු ය. නව ෆොසිල ඉන්ධන බලාගාර රට තුළ ඉදිකිරීම නුවණට හුරු නැත. ජල විදුලිය සංතෘප්ත වන නමුත් ධාරිතාව වැඩි කළ හැකි සමහර ප්‍රදේශ තිබිය හැකි ය. ජල විදුලි ධාරිතාව පවත්වා ගැනීම සඳහා ගස් සිටුවීමෙන්, වනාන්තර සහ රට පුරා විසිරී ඇති ස්වභාවික වැව් සංවර්ධනය කිරීමෙන් ජල කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මීට අමතර ව, දේශගුර්‍ණක විපර්යාස බලපෑම් හේතුවෙන් අනාගත නියඟ වළක්වා ගැනීමට මෙය උපකාරී වේ.
සූර්ය සහ සුළං හොඳින් ස්ථාපිත වී ඇති අතර, ජලය ඛණ්ඩනය කිරීම මගින් නිපදවන හයිඩ්‍රජන්, බලශක්ති සහ ඉන්ධනවල අනාගතය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙමගින් සූර්ය සහ සුළං අතරමැදිබව ඉවත් කර බලශක්ති නිෂ්පාදනය ස්ථාවර කරනු ඇත. ලොවපුරා සූර්ය බලය ඔඋ පරිමාණයට (දැනට ඨඋ 900ට වැඩි) ළඟා වෙමින් පවතින අතර වර්තමාන ගෝලීය ඡඪ සූර්ය ස්ථාපන අනුපාතය වසරකට 140ඨඋ ඉක්මවයි.
සමකයට ආසන්න රටක් ලෙස සූර්ය බලශක්තිය බහුල වන අතර, කිලෝවොට් 5ක සූර්ය වහල මිලියනයක් සවි කිරීමෙන් දිවා කාලයේ 5ඨඋක් නිපදවිය හැකි ය. මෙය අද රටේ සමස්ත බලශක්ති නිෂ්පාදනයට වඩා (~4 ඨඋ) ඛෙහෙවින් වැඩි වන අතර රටේ බලශක්ති අවශ්‍යතාව සමතුලිත කිරීම සඳහා ජල විදුලිය සහ සූර්ය බලශක්තිය භාවිත කළ හැකි ය. දිවා කාලයේ සූර්ය බලශක්තිය භාවිත කරන අතර ම ජලාශවල ජලය රාත්‍රී කාලයේ භාවිත කිරීමට ඉතිරි කර ගත හැකි ය. රට වටා ඇති වෙරළ ආශ්‍රිත සුළං බලාගාරවලින් ද රටට අවශ්‍ය තරම් බලශක්තිය නිපදවිය හැකි ය.
කෘෂිකාර්මික රටක් ලෙස ජෛව ස්කන්ධ විභවය අතිශයින් ඉහළ ය. සැබවින් ම ජීව වායු තාක්ෂණය විශ්වවිද්‍යාලවල සහ රටේ බොහෝ ස්ථානවල පවතින අතර මෙමගින් ව්‍යවසායකයින්ට සෑම නිවසකට ම ජීව වායු පද්ධති ඉතා ඉක්මනින් නිෂ්පාදනය කර විකිණීමට අවස්ථාව සැලසේ. රටේ සියලූ ම ගෑස් පෝලිම් ඉවත් කර රජයේ ආනයන වියදම ඩොලර් මිලියන ගණනකින් අඩු කිරීමට මෙමගින් හැකි ය. අනෙකුත් තාක්ෂණයන් හා සසඳන විට සූර්ය, සුළං සහ ජීව වායු ඛෙදා හැරීමේ කාලය දින, සති සහ මාස වේ. පුනර්ජනනීය ද්‍රව්‍ය මගින් රටට ප්‍රමාණවත් බලශක්තියක් නිපදවන විට, ෆොසිල ඉන්ධන බල ජනක යන්ත්‍ර (ඇම්බර්වලින් උද්දීපනය කර ඇති) ක්‍රමයෙන් ඉවත් කිරීමට යෝග්‍ය කාලයක් වනු ඇත. මුළු රට ම එකමුතුව කටයුතු කළ හොත් සැලකිය යුතු කෙටි කාලයක් තුළ මෙය සාක්ෂාත් කරගත හැකි ය.
ප්‍රවාහනය සඳහා විශාල ආනයන වියදමක් දරමින් රට තුළට පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම සිදුවන අතර මෙම වියදම අඩු කිරීම සඳහා විදුලි වාහන (ෑඪි) හඳුන්වා දීම සහ දහන එන්ජින් සහිත වාහන ආනයනය කිරීම තහනම් කිරීම සිදු කළ හැකි ය. තම වාසස්ථානයේ සූර්ය වහලක් සවි කර ඇති පුද්ගලයින් සඳහා ෑඪ ආනයනය කිරීමට බදු සහන ලබා දීම මගින් රට තුළ සූර්ය වහල සවිකිරීම වේගවත් වන අතර එමඟින් ඔවුන්ගේ ෑඪ ආරෝපණය කිරීමට හැකි වේ. බ්‍රසීලය ඉතා සාර්ථක ලෙස සිදු කරන පරිදි, ශ්‍රී ලංකාවට එතනෝල් (ක2්‍ය5ධ්‍ය) නිපදවා එය පෙට්‍රල් සමඟ මිශ්‍ර කර සංක්‍රාන්ති කාලය තුළ තම වාහන ධාවනය කළ හැකි ය. වාහනවලට කිසි ම ගැටලූවක් නොමැතිව එතනෝල් 15% දක්වා එකතු කිරීමට හැකි ය.
- දරිද්‍රතාව අඩු කරමින් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සංවර්ධනය කිරීම සඳහා ‘සූර්ය ගම්මාන’ සංකල්පය අනුගමනය කිරීම.
සූර්ය ගම්මාන නිර්මාණය කර, නිසි ලෙස නියාමනය කර, දැනට ශ්‍රී ලංකාව තුළ නැවත ප්‍රතිනිර්මාණයක් සිදු කර ඇත. සූර්ය බලශක්ති ගම්මාන පහක් ස්ථාපිත කර ඇති අතර තවත් ගම්මාන හතරක් දැනට සංවර්ධනය වෙමින් පවතී. මෙම ව්‍යාපෘති අවශ්‍යතා ඇති ප්‍රජාවන් ‘බලගැන්වීම’ සහ ඔවුන්ගේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම හරහා දරිද්‍රතාව පිටුදැකීමට ඔවුන්ට හැකියාව ලබා දීම, සූර්ය ගම්මාන තුළ සිදුවන සියලූ ම ක්‍රියාකාරකම් හරහා හානිකර දේශගුර්‍ණක විපර්යාස බලපෑම් අවම කිරීමට දායක වීම යන ආදිය ළගා කරගත හැකි ය. මෙම ප්‍රජාවන්, සෑම ගමක ම පුද්ගලයන් 1000ක් පමණ, ‘දූෂණයෙන් තොරව’ එකට වැඩ කිරීමට මඟ පෙන්වනු ලැබේ. සූර්ය ගම්මාන පිළිබඳ වැඩි විස්තර පහත සැබැදිය හරහා සොයා ගත හැකි ය.
යඑඑචිථරැරැාය්රපැිඉකදටගඅදරාචරුිිගජදපරැ සහ යඑඑචිථරැරැහදමඑමගඉැරැ8-යඊණ0_ංයX8ග
ශ්‍රී ලංකාවට තමන්ගේ ම ෆොසිල ඉන්ධන සංචිත සමඟින් දියුණු විය හැකි ද?
න්‍යෂ්ටික බලශක්තිය ශ්‍රී ලංකාවට විකල්පයක් නො වේ.
භූ-තාප ශක්තිය ශ්‍රී ලංකාවට සුදුසු නො වේ.
උදම් සහ තරංග ශක්තිය මෙම තාක්ෂණය තවමත් ශ්‍රී ලංකාව තුළ භාවිතය සදහා සුදුසු නො වේ.
ශ්‍රී ලංකාව බල ගැන්වීම සඳහා වඩාත් සුදුසු “බලශක්ති තාක්ෂණ මිශ්‍රණය” වන්නේ ෆොසිල ඉන්ධන, ජල විදුලිය, සූර්ය, සුළං, ජෛව ස්කන්ධ (සහ ජීව වායු).
මන්නාරම් ද්‍රෝණියේ ගෑස්$ තෙල් ගවේෂණය වර්ෂ 1970 ගණන්වල මුල් භාගය දක්වා දිව යයි. වසර 50ක් තිස්සේ එකම කතාව නැවත නැවතත් අපට ඇසුණත් ගවේෂණය තව ම අවසන් වී නැත. තෙල් සමාගමක් මෙම රක්ෂිතයේ වැඩ කිරීමට එකඟ වුව ද ඛෙදා හැරීමේ කාලය දශක දෙකකට වඩා ගත විය හැකි ය. දූෂිත දේශපාලන ක්‍රමයක් පවතින රටක ව්‍යාපෘතිය සාර්ථක වුවත් ව්‍යාපෘතියේ ප්‍රතිඵලවලින් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභයක් අත්වන බවට විශ්වාසයක් නැත.
සමකයට ආසන්න රටක් ලෙස සූර්ය බලශක්තිය බහුල වන අතර, කිලෝවොට් 5ක සූර්ය වහල මිලියනයක් සවි කිරීමෙන් දිවා කාලයේ 5ඨඋක් නිපදවිය හැකි ය. මෙය අද රටේ සමස්ත බලශක්ති නිෂ්පාදනයට වඩා ~4 ඨඋ- ඛෙහෙවින් වැඩි වන අතර රටේ බලශක්ති අවශ්‍යතාව සමතුලිත කිරීම සඳහා ජල විදුලිය සහ සූර්ය බලශක්තිය භාවිත කළ හැකි ය. දිවා කාලයේ සූර්ය බලශක්තිය භාවිත කරන අතර ම ජලාශවල ජලය රාත්‍රී කාලයේ භාවිත කිරීමට ඉතිරි කර ගත හැකි ය. රට වටා ඇති වෙරළ ආශ්‍රිත සුළං බලාගාරවලින් ද රටට අවශ්‍ය තරම් බලශක්තිය නිපදවිය හැකි ය.
සිංහල පරිවර්තනය- රජින්ද්‍රා සිරිවර්ධන