පසුගිය “ගවේෂණ” කලාපයේ දී සිංහල ගීතය, එහි විකාශනය හා ආකෘතිය පිළිබඳ ව විමර්ශනය කළෙමු. මෙම කලාපයේ සිට අවධානය යොමුවන්නේ සිංහල ගීතයේ දක්නට ලැබෙන විවිධ සංගීතාභාස පිළිබඳ ව ය.
සිංහල ගීතයේ ප‍්‍රධාන පෝෂක ධාරා
සිංහල ගීතයේ ප‍්‍රධාන පෝෂක ධාරා වූයේ ජන සංගීතය (දේශීය හා විදේශීය), උත්තර භාරතීය සංගීතය (වංග හෙවත් බෙංගාලි සංගීතය ද ඇතුළත් ව), දක්ෂිණ භාරතීය සංගීතය හා බටහිර සංගීතය යි. මෙම ලිපියෙන් බටහිර සංගීත ආභාසය පිළිබඳ ව සාකච්ඡා කෙරේ. පූර්වෝක්ත සංගීතාභාස අඩු වැඩි වශයෙන් ලබාගැනීමට දේශීය සංගීත ශිල්පීහු සමත් වූහ. එසේ වීමට ප‍්‍රධාන වශයෙන්
X අදාළ සම්ප‍්‍රදායට අයත් මුල් ගීතවල තනුව එලෙස ම ගෙන ඊට සිංහල වචන යෙදීමත්
X නිර්මාණකරණයේ දී තමන් හැදෑරූ හා ගුරුකොට ගත් සංගීත සම්ප‍්‍රදායයේ සංගීතමය හා ශානරීය (Genres) ලක්ෂණ ආභාසය කොට ගැනීමත් බලපා තිබේග
සිංහල සරල ගීතය ලද බටහිර සංගීත ආභාසය හතර ආකාර වේ. එනම්, බටහිර ගී තනු
පූර්ණ වශයෙන්
අර්ධ වශයෙන්
ඡායාත්මක ව හා
බටහිර ශෛලිය අනුකරණය කිරීම වසයෙනි.
පූර්ණ වශයෙන් අනුකරණය
බටහිර ගී තනු පූර්ණ වශයෙන් අනුකරණය කළ ගීත බොහෝ ප‍්‍රමාණයක් ලාංකේය ගීත නිර්මාණවලින් හමුවේ.
උදා:- 1. “My Favorite things” (Rain drops on Roses) – “Sound of Music” චිත‍්‍රපටය
“මල් රේණු නටලා” – සුසිල් පේ‍්‍රමරත්න
- “Lazy Mary” – Lou Monte
“හා මල් පිපෙන්නේ ගග ගලන්නේ” – ක‍්‍රිස්ටෝපර් පෝල්
සැලකිය යුතු බටහිර ගීත ප‍්‍රමාණයක් ඒ ආකාරයෙන් ම සිංහල වචන යොදා ගයනු ලැබූයේ කි‍්‍රස්ටෝපර් පෝල් සහ මොරිස් දහනායක විසිනි. මෙවැනි ගීතවල හදුන්වාදීමේ සංගීතය හා අතුරු වාදන (Introduction and Interlude music) අනුකාරක ගීතයට ගැළපෙන අයුරින් මෙරට සංගීතඥයින් විසින් නිර්මාණය කර ඇත.
අර්ධ වශයෙන් අනුකරණය
එවැනි සිංහල චිත‍්‍රපට ගීත බොහොමයක් බටහිර සංගීත ආභාසය ලැබ ඇත්තේ වක‍්‍ර ආකාරයෙනි. භාරතීය සංගීතඥයින් තම චිත‍්‍රපට ගීත නිර්මාණ සඳහා ද එවකට ප‍්‍රසිද්ධ බටහිර ගීතවල නාද මාලා යොදාගත් අතර එවැනි භාරතීය චිත‍්‍රපට ගී තනුවලට මෙරට දී ගී පද රචනා කොට ගායනය කිරීම හේතුවෙන් බටහිර ආභාසය වක‍්‍ර ව ලැබ ඇත.
උදා:- “Marguerita” ගායක (Elvis Presley) – බටහිර ගීතය
“Kaun Hai Jo Sapnon Mein Aaya” – හින්දි ගීතය
“සුදු පාට මීදුම් ගළාලා” – සිංහල ගීතය
සිංහල ගීත නිර්මාණය කිරීම සඳහා බටහිර ගීතවලින් කොටස් උපුටා ගත් අවස්ථා ද පවති. ගීතයේ ස්ථායි කොටස උපුටා ගත් අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
Isle of Capri – “හිටියා කපුටෙක් අපේ වහලේ” (ප්‍රෙඞී සිල්වා)
Lambada – “ආදරේ ඔබ මා හට ඇද්ද කියා” (මරියසෙල් ගුණතිලක)
Que sera, sera – “මා සොයා ආ නිසා වාසනා” :චිත‍්‍රපටය -ශ‍්‍රී 296)
සිංහල ගීතයේ අන්තරා කොටස බටහිර ගීතවලින් ගත් අවස්ථා කීපයක් පහත දැක්වේ.
“Old day all night” – “මං ආවා මං ආවා” (චිත‍්‍රපටය -ශ‍්‍රී 296), ගායනය: එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක
සිංහල ගීතයේ ස්ථායි කොටස සඳහා පමණක් මෙන් ම සිංහල ගීතයේ අන්තරා කොටස සඳහා පමණක් බටහිර ගීතවලින් කොටස් යොදා ගත් අවස්ථාවල දී අදාළ ගීතවල ඉතිරි කොටස්වලට මෙරට සංගීතඥයින් විසින් තනු නිර්මාණය කරනු ලැබීය. මෙවන් ගීතවල දී අදාළ සංගීත ඛණ්ඩයක් (Phrase) පමණක් ගත් අවස්ථා ද හමුවේ.
උදා:- “Sukiyaki” නම් ජපන් ගීතයේ හඳුන්වාදීමේ සංගීතයේ මුල් කොටස සී. ටී. ප‍්‍රනාන්දු විසින් ගයන ”බේරෙන පැණි බිඳු” ගීතයට යොදා ගෙන ඇත.
සමහර ගීතවල හඳුන්වාදීමේ සංගීතය (Interlude) සදහා ද බටහිර ගීත යොදාගෙන තිබේ.
උදා:- “සිහින අහසේ වසන්තේ” (ගායනය: ගේ‍්‍රෂන් ආනන්ද) ගීතයේ Interlude කොටස සදහා උපන්දින සාදවල දී ගයන “Happy Birthday to you” නම් ගීතයේ නාද රටාව යොදාගෙන තිබේ.
බටහිර ගීත දෙකක කොටස් එකතු කිරීමෙන් ලාංකේය ගීත නිර්මාණය කළ අවස්ථා ද දක්නට ලැබේ.
උදා:- “සුරතලී” චිත‍්‍රපටයේ එන “ආලෝකේ දේය මා හදේ” නම් ගීතයේ ස්ථායී කොටස Interlude නම් ගීතයෙන් ද එහි අන්තරා කොටස “Anna” නම් ඉතාලි චිත‍්‍රපට ගීතයෙන් ද ගෙන එකතු කොට තිබේ.
ඡායාත්මක ව අනුකරණය
සැලකිය යුතු සිංහල ගීත ප‍්‍රමාණයක බටහිර ගීතවල ඡුායාව දක්නට ලැබීම විශෙෂත්වයකි. එහෙත් එවැනි ගීත ශ‍්‍රවණය කරන විට දී පිළිබිඹු වන්නේ එකී ගීතවල වෙනත් ගීතයක ඡායාවක් ද දක්නට ඇති බව යි. සමහර ගීතවල එවැනි ඡායාත්මක ලක්ෂණ දක්නට ලැබුණ ද ඒවා එක්කෝ ස්වර ඛණ්ඩ (Phrase) කිහිපයකින් සමන්විත වූ ඡායාත්මක ලක්ෂණයක් විනා මුල් ගීතයේ ම ඡායාවක් නොවන්නේ ය.
උදා:- 1. Richard Wagner, සංගීතඥයාගේ “Bridal Chorus” (Lohengrin) “ගඟ අද්දර” චිත‍්‍රපටි ගීතයේ දැකිය හැකි ය (ලියෝ ප‍්‍රනාන්දු (2007. 24) පවසන්නේ එම ගීයේ ඡායාව “රන් ටිකිරි සිනා” ගීතයේ ද දැකිය හැකි බව ය. එහෙත් ”රන් ටිකිරි සිනා” ගීතයේ පූර්වෝක්ත සංගීත කෘතියේ ඡායාව දක්නට නොලැබේ).
බටහිර ශෛලිය අනුකරණය
ග‍්‍රැමෆෝන් ගී තැටිවල (HMV) ඇතුළත් වූ ගීත හැඳින්වීමේ දී “original music” සහ “music” යන වචන යොදා ගෙන තිබූ අතර “original music” යනුවෙන් හැඳින්වූයේ ස්වාධීන ගී තනු බවත් “music” යනුවෙන් හැඳින්වූයේ විදේශීය ගීතවලින් උපුටා ගත් ගී තනුවලට මෙරට දී පද රචනා කළ ගීත බවත් සඳහන් වේ (අබේසේකර, 2007. 149)
ගීතවල තනු උපුටා ගැනීම් හා ඡායාත්මක ලක්ෂණ විද්‍යමාන වුව ද දේශීය සංගීතඥයින් විසින් නිර්මාණය කරන ලද ගීත බොහොමයකට ම බටහිර සංගීත ශෛලියේ ආභාසය ලබා ගෙන තිබේ. ස්වර සංයෝජන රටාව, සංගීත භාණ්ඩ භාවිතය ආදී මූලික අවස්ථා ඇසුරින් හා ගායන හා වාදන ශෛලීන්හි ස්වරූපය ඇසුරින් සෑම නිර්මාණයකට ම බටහිර සංගීතයේ ආභාසය ලබා ගෙන ඇත.
බී. එස්. පෙරේරාගේ ගීත නිර්මාණ ප‍්‍රධාන වශයෙන් බටහිර ශෛලියට අනුව නිර්මාණය කොට ඇත.
උදා:-“දුර පෙනෙන තැනිතලා” (ගායනය: විවියන් ද සිල්වා බොරලැස්ස හා කාන්ති වක්වැල්ල)
“සෝබන සැන්දෑවේ” (ගායනය: රෝහිත ජයසිංහ)
”පැලේ වසන රන්මලී” (ගායනය: සිඞ්නි ආටිගල)
ලාංකේය සංගිතඥයින් විසින් නිර්මාණය කරන ලද ඇතැම් ගීතවල බටහිර ආභාසය ප‍්‍රබල ව පෙනෙන්නේ සංගීත සංයෝජනය හේතුවෙනි. භාරතීය හා දේශීය ජන සංගීත ලක්ෂණ ඇසුරු කොට නිර්මාණකරණයෙහි යෙදුණු පණ්ඩිත් අමරදේව වැනි සංගීතඥයින්ගේ නිර්මාණවලට සරත් ප‍්‍රනාන්දු වැනි බටහිර සංගීතය හදාළ සංගීතඥයින්ගේ සංගීත සංයෝජනය මුසු වීමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් එවැනි ගීතවල බටහිර ආභාසයක් දක්නට ලැබේ. එලෙස ම එකී ගීතවලට බටහිර සංගීත ලක්ෂණ යොදාගෙන ඇත්තේ අදාළ ගීතයේ සංදර්භයට උචිත ආකාරයෙනිග
උදා:- “ගයන ගැයුම් නටන නැටුම්” (“දෙළොවක් අතර” චිත‍්‍රපටය) (සංගීතය- ඩබ්.ඞී.අමරදේව, සංගීත සංයෝජනය- සරත් ප‍්‍රනාන්දු, ගායනය ලොස් කැබැල්ලෙරොස් කණ්ඩායම)
ශ‍්‍රී ලාංකේය ගීත නිර්මාණ, ඒවායෙහි සංගීත භාවිතය හා සංගීතාභාසය පිළිබඳ ව ඉදිරිපත් වී ඇති සාවද්‍ය අර්ථ විග‍්‍රහ හා මත භේදයට තුඩුදෙන කරුණු පවතී. බොහෝ විට බටහිර ශෛලිය රැුගත් ගීත නිර්මාණ පවා බටහිර ගීතවල තනු උපුටා ගැනීම් ලෙස අර්ථ දැක්වූ අවස්ථා දක්නට ලැබේ.
“සිරිපාදේ සමනල කන්ද පෙනේ” ගීතය Galway Bay නම් ඉංගී‍්‍රසී ගීතයේ අනුකරණයක් බවත් “සැළලිහිණි කොවුල් හඬ රැව්දෙන්නා” ගීතය There’s a Tavern in the Town නම් ඉංගී‍්‍රසි ගීතයේ අනුකරණයක් බවත් මහාචාර්ය සරච්චන්ද්‍ර පවසතත් :මකුලොලූවල 1970. iii )එකි ඉංග‍්‍රීසි ගීත හා සිංහල ගීත අතර කිසිදු සබඳතාවක් දක්නට නොලැබෙන බව අදාළ ගීතවල ස්වර ලිපි විමසීමෙන් ප‍්‍රත්‍යක්ෂ කොට ගත හැකිවේ.
පූර්වෝක්ත ගීත උද්ධෘත කරගනිමින් තවදුරටත් කරුණු දක්වන මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන්නේ “සිරිපාදේ සමනල කන්ද පෙනේ” ගීතය හා එකී ඉංගී‍්‍රසි ගීතය අතර සාම්‍යයක් පවතින බව යි. එහෙත් එවැනි සබඳතාවක් අදාළ ගීතවල දක්නට නොමැති බව එකී ගී තනු පරීක්ෂා කරන සංගීතය පිළිබඳ ශික්ෂණයක් තිබෙන හෝ නොතිබෙන ඕනෑ ම කෙනකු හට තහවුරු වේග
එපරිදි ම මාලනී ප‍්‍රැක්සි ද මෙල් ගායනා කළ “වැදේ සුගන්දේ වෙළී සුළං හා පිපේ රම්‍ය මාලා” නම් ගීතය, ලතින් ඇමෙරිකානු ජනප‍්‍රිය ගීතයක් වන “Lapaloma” නම් ගීතයේ ඡුායානුවාදයක් බව තිස්ස අබේසේකර :2007. 151) පැවසූව ද එම ගීතය හා ලතින් ඇමරිකානු ගීතය අතර ඡායාමාත‍්‍රයක හෝ සම්බන්ධයක් දැකිය නොහැකි ය.
තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ “මහගෙදර” චිත‍්‍රපටයට යොදාගත් “නිල් අහස් තලේ අගේ” ගීතය ශ‍්‍රවණය කිරීමේ දී බේතෝවන්ගේ Pastoral Symphony ( No 06) හි ඡායාව ඇසෙන බව තිස්ස අබේසේකර :2007. 140) පවසා තිබුණත් එවැනි ලක්ෂණයක් පූර්වෝක්ත ගීතයෙන් ධ්වනිත නො වේ.
මෙවැනි මතවාද රැසක් තිබුණ ද බොහෝ ලාංකේය නිර්මාණ ශිල්පීහූ බටහිර ශෛලිය අනුව යමින් සැලකිය යුතු ගීත සංඛ්‍යාවක් නිර්මාණය කළෝ ය. ඒ අතර බටහිර ජනප‍්‍රිය ගීත හෙවත් පොප් ශෛලිය ද අනුගමනය කොට තිබේ. පේ‍්‍රමසිරි කේමදාස නිර්මාණය කළ “රජවැඩ” කැසට් පටයේත්, හර්ෂ මාකලන්දගේ “අංජලී” කැසට් පටයේත්, රූකාන්ත ගුණතිලකගේ “දිගන්තයේ” කැසට් පටයේත් අඩංගු ගීත මේ සදහා නිදර්ශන සපයයි.
ලාංකේය සහ පෙරදිග සංස්කෘතිය පිළිබ`ද මහත් අභිමානයෙන් කථා කළ මහාචාර්ය සරච්චන්ද්‍ර, එම්.ජේ. පෙරේරා, ඩන්ස්ටන් ද සිල්වා විද්වත්හු සහ සංගීතඥයින් බොහෝ විට ලාංකේය සංගීතයේ බටහිර ශෛලීය ලක්ෂණ හා ශිල්ප විධීන් භාවිතය පිළිබ`ද පිළිකුලින් යුතු ව හෙළා දැක්කාහ. බී.එස්. පෙරේරා, පී.එල්.ඒ. සෝමපාල, සී.ටී. ප‍්‍රනාන්දු වැනි නිර්මාණ ශිල්පීන්ගේ ගීතවල අන්තර්ගත වූ බටහිර සංගීත ලක්ෂණ තදින් ම විවේචනය කළෝ ය. මෙවැනි මතවාද කෙරෙහි ප‍්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ තමන් අනුදත් සංගීත සම්ප‍්‍රදාය පිළිබඳ ව පවතින අධිපතිවාදී දෘෂ්ටියත් එවකට පැවති බටහිර විරෝධී දෘෂ්ටියත් ය.
සංගීත සම්ප‍්‍රදායයන් වශයෙන් බෙදුණ ද සෑම සංගීතයකට ම පොදු නාදමාලා තිබේ (සාන්ත, 1987. 01). එහෙත් සමහර නාද මාලා ශ‍්‍රවණය කළ පමණින් ඒවා බටහිර යැයි ප‍්‍රතික්ෂේප කිරීම නුසුදුසු ය (සාන්ත, 1987. 01). එය තවදුරටත් පහදා දීම ස`දහා ගුවන් විදුලියේ “මධුර මධු” වැඩසටහනකට ගැයූ ගීතාවලියක් උපයෝගි කොට ගත්තේ ය. එහි දී භූපාලී රාගයේ ආලාප ගායනයකින් පසු ව O Bernadin නම් ගීතය කෝරසය ලෙස ගෙන Swanee river, Auld lang syne නම් ගීත ගායනා කොට එකී ගී තනු අතර පවතින සමානතා පෙන්වා දෙනු ලැබී ය.
බටහිර සංගීත ශෛලිය ආභාසයට ගත්ත ද සමහර අවස්ථාවල දී බටහිර සම්ප‍්‍රදායට අයත් වූ ගීත පෙරදිග උරුවට ගැයීමට ද උත්සාහ ගෙන තිබුණි. Ba Ba Black Sheep නම් ගීතය ටියුඩර් ක`දනාරච්චි භාරතීය ශෛලියට ගායනා කොට ඇත්තේ ආලාප වැනි අංග එකතු කරමිනිග ඒ අතර ම සැමුවෙල් රොද්‍රිගෝ නම් විකට ශිල්පියා Twinkle Twinkle Little Star ගීතයේ පදමාලාව සිංහල කවියක තාලයට ද ගායනා කොට ඇත (අබේසේකර, 2007. 129).
මෙවැනි ගීතවලට අමතර ව බටහිර ශෛලිය අනුව මෙරට ශිල්පීන් නිර්මාණය කළ ඉංග‍්‍රීසි ගීත ද වේ.
උදාථ- Cock -A-Doodle do – ලා බම්බාස් කණ්ඩායම (La Bambas)
City of Colombo – නොයෙලින් හොන්ටර් (Noelene Honter)
My dreams are Roses – සුනිල් සාන්ත (රෝමියෝ ජුලියට් චිත‍්‍රපටය සඳහා මෙම ගීතය නිර්මාණය කළේ ෂෙල්ටන් පේ‍්‍රමරත්න ය.)
පූර්වෝක්ත සංගීත ආභාසවලට අමතර ව ගීත නිර්මාණකරණයේ දී බටහිර සංගීත ශිල්ප ක‍්‍රම, බටහිර සංගීත ශෙලීන් හී ලක්ෂණ, බටහිර සංගීත භාණ්ඩ හා එකී සංගීත භාණ්ඩ වාදනය හා බැඳි ශිල්ප ක‍්‍රමවල ආභාසය මෙරට සංගීතඥයින් විසින් ලැබ ඇතග
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
අලවතුකොටුව, මනෝජ්. (2009). විසිවන සියවස තුළ ලාංකේය සංගීතයේ බටහිර ආභාසය පිළිබඳ අධ්‍යයනයක්. අමුද්‍රිත දර්ශනපති නිබන්ධය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
ආරියරත්න, සුනිල්. (2002). ශ‍්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
අබේසේකර, තිස්ස. (2007). අයාලේ ගිය සිතක සටහන්. නුගේගොඩ: සරසවි ප‍්‍රකාශකයෝ.
මකුලොලූව, ඩබ්ලිව්. බී. ( 1970). අභිනව මූලික ගීත. කොළඹ: එම්.ඞී. ගුණසේන සහ සමාගම.
සාන්ත, සුනිල්. (1987). දේශීය සංගීතය. රාජගිරිය: ලීලා සුනිල් සාන්ත.
Fernando, Leo., (2007). Influences on our music. Daily news. Monday. 29January. page 24.
ආචාර්ය මනෝජ් අලවතුකොටුව, ලලිත කලා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.