ඇතැම් ෆේස්බුක් ක‍්‍රියාකාරකම් නිසා යැයි සියදිවි නසා ගත් සිදුවීම් කිහිපයක් නිසා ‘ෆෙස්බුක් සහ සියදිවි නසා ගැනීම්’ අතර සම්බන්ධය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන් කතාබහට ලක් වුණා. මේ ලිපියෙන් ඒ ගැන යම් විමර්ශනයක් කෙරෙනවා.
සංඛ්‍යා ලේඛන අරගෙන බැලූව හොත් බන්ධනාගාර ගත වන පුද්ගලයන් සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙනවා. උදාහරණයක් ගත හොත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා 1980 අවුරුද්දේ බන්ධනාගාර ගත කරපු පිරිස 580ක් වන අතර 2003 අවුරුද්දේ ඒ සංඛ්‍යාව 10390ක් වෙනවා. එනම් අවුරුදු 23ට විසි ගුණයක වැඩිවීමක් දකින්න පුළුවන් (දත්ත: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව). සියදිවි නසා ගැනීම් සැලකුව හොත් 1950 වර්ෂයේ දී ලක්ෂයකට නවයක් (9:100,000) වූ සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව 1999 වර්ෂයේ දී ලක්ෂයකට 33ක් (33:100,000) දක්වා වර්ධනය වෙලා තියෙනවා (දත්ත: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව).
මෙහෙම වෙන්නේ ඇයි? ඒකට බලපාන සාධක රාශියක් තියෙන්න පුළුවන්. එයින් එකක් තමයි රටේ මාධ්‍ය භාවිතය. රටක සංස්කෘතියේ හෝ ජන ජීවිතයේ යහපත් හෝ අයහපත් වෙනසක් ඇති කරන්න ජනමාධ්‍යවලට විශාල බලපෑමක් කරන්න පුළුවන්. අතීතයේ දී ජනමාධ්‍ය විධියට භාවිත වුණේ පුවත්පත් එහෙමත් නැත්නම් කවි කොළ වගේ දේවල්. ඒ නිසා රටේ යම් තැනක වෙන අපරාධයක් හෝ සියදිවි නසා ගැනීමක් වගේ දෙයක් අනිත් පළාත්වලට ප‍්‍රචාරය වෙන්නේ සෑහෙන්න කල් ගිහිල්ලා. එහෙමත් නැත්නම් ප‍්‍රචාරය වෙන්නේ ම නැහැ. ඒ කාලේ අද තරම් තරගකාරී මාධ්‍ය නැති නිසා මේ වගේ දෙවල් පළ වුණේ සාමාන්‍ය ප‍්‍රවෘත්ති විදිහට. නාට්‍යානුසාරයෙන් හරි විස්තරාත්මක ව හරි අපරාධය කරපු ආකාරය පෙන්නන සිරිතක් ඒ මාධ්‍ය කලාවේ තිබුණේ නැහැ. ඒ නිසා ඒ දේවල් රැල්ලක් වගේ පැතිරිලා ගියේ නෑ. අනිත් අතට ආගම මගින් සියදිවි නසාගැනීම, අපරාධ කිරීම වගේ දේවල් පාපකර්ම විධිහට උගන්වලා තිබුණු නිසා ඒ දෙවල් කරන්න ඇතැම් අය බිය වුණා.
එහෙත් මේ දෙවල් 1980න් පස්සේ වෙනස් වුණා. 1983 නිල වශයෙන් ආරම්භ වුණ යුද්ධයත් එක්ක මරණ, මිනීමැරුම් කියන දේවල් සාමාන්‍යකරණය වුණා. යුද්ධයේ අවසාන කාලය වෙන කොට “අපේ කීය ද?” “උන්ගේ කීය ද?” කියලා අහන මට්ටමට මරණ සාමාන්‍ය දේවල් බවට පත් වුණා. ගම්මාන පිටින් කපලා කොටලා මරලා දාන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. රටේ ජනප‍්‍රිය චරිතවල මරණ අහන්න ලැබෙන එක අපි බලාපොරොත්තු වෙන දෙයක් බවට පත් වුණා. මරාගෙන මැරෙන බෝම්බ කට්ටල බඬේ බැඳගෙන සියදිවි නසා ගන්න කාන්තාවන් ගැන මාසෙකට වතාවක් දෙකක් වාර්තා වුණා. ඒ අතරේ මරලා දාපු මිනිසුන්/ගැහැනුන්ගේ පින්තූරවලින් පුවත්පත් පිටු සැරසුණා. රූපවාහිනී නාළිකා සිද්ධි වුණ සැණින් වාර්තා සජීවී ව ඉදිරිපත් කරන්න පටන් ගත්තා. අනෙක් අතට දේශපාලන ගැටුම් නිසා ද විවිධ කාලවකවානුවල හිිස නැති මළ කඳන්, පුළුස්සා දැමූ මළ සිරුරු තම තමන්ගේ ගම්වල ම දැක ගන්නට ජනතාවට සිද්ධ වුණා. මේ හැම දේකින් ම වුණේ මරණය බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වීම. යුද්ධය අවසන් වූ නමුත් එවැනි ආකාරයේ මාධ්‍ය වාර්තාකරණය වෙනස් වුණේ නැහැ.
කාලයත් එක්ක රූපවාහිනී, ගුවන්විදුලි නාළිකා ප‍්‍රමාණය වැඩි වුණා. ඒ නිසා වඩාත් ඉක්මනින් ආකර්ෂණීය තොරතුරු ලබා දෙන්න මාධ්‍ය උනන්දු වුණා. එහි දී අපරාධය සිදු වූ ස්ථානයේ සජීවී දර්ශන වගේ ම අපරාධය සිදු වූ ආකාරයත් සජීවීකරණය කරනු ලැබුවා. අපරාධ පිළිබඳ වෙන ම පුවත්පත් ද නිකුත් වුණා. භික්ෂුන් වහන්සේ නමක් සියදිවි නසා ගන්නා ආකාරය පවා ඇතැම් රූපවාහිනී නාළිකා මගින් විකාශනය කළා. මෙලෙස අපරාධ සාමාන්‍යකරණය කරනු ලැබීමෙන් මරණය, මරාදැමීම සහ සියදිවි නසා ගැනීම පිළිබඳ මිනිසුන්ගේ මනස තුළ තිබු ”බර” නැති වී ගියා. අනෙක් අතට අපරාධකරුවන්ට අතපසු වූ ස්ථාන හඳුනා ගනිමින් වඩාත් සංකීර්ණ ලෙස අපරාධ සැලසුම් කිරීමට මාර්ගය හෙළි වුණා.
මුල් කාලයේ ගුවන්විදුලි යන්ත‍්‍ර පමණක් තිබූ නිවාසවලට රූපවාහිනී යන්ත‍්‍ර පැමිණීමත් සමග බොහෝ නිවැසියන් ටෙලිනාට්‍යවල ග‍්‍රහණයට හසු වුණා. එයින් සිදුවූයේ පවුලේ තිබු සුහදත්වයට බධා එල්ල වීම යි. පාසල්, රැුකියාව හෝ වෙනත් කටයුතුවලට විසිරී යන පවුල නැවත හමු වන සන්ධ්‍යා කාලය පවුලේ පොදු කරුණු සාකච්ඡ කරන, සතුටු සාමීචියේ යෙදෙන වේලාවක් වශයෙන් යොදා ගැනීමට පුරුදු වී සිටි මිනිසුන් නන්නාඳුනන පුද්ගලයන් මෙන් රූපවාහිනීයේ යන ටෙලි නාට්‍ය නැරඹීමට හුරු වුණා. මේ හේතුව නිසා ම දරුවන්ට තමන් මුහුණ දෙන අපහසුකාරී සහ ගැටලූ සහගත අවස්ථා දෙමාපියන් සමග සාකච්ඡ කර උපදෙස් ලබා ගැනීමට තිබූ අවස්ථා අහිමි වුණා.
ඒ වගේ ම ඉන්දීය ටෙලි නාට්‍ය මෙරටට ආගමනයත් සමග අලූතින් බිහි වූ ටෙලිනාට්‍ය මගින් ආකර්ෂණීය, මිනිසුන් ජීවත් වීමට කැමති ආකාරයේ පවුල්වල ඇති වන ගැටලූ නිරූපණය කරන්නට පටන් ගත්තා. විශාල වූත් ධනවත් වූත් නිවසක සම්බන්ධතා රහිත ව වෙන වෙන ම ජීවත් වන පුද්ගලයන්, දික්කසාද, පැහැරගෙන යාම්, ස්ත‍්‍රී දුෂණ හා බාලවයස් විවාහ ටෙලිනාට්‍ය මගින් සාමාන්‍යකරණය කරනු ලැබුවා. එවැනි දේ සාමාන්‍යයෙන් නිවසක සිදු වන දේවල් ය යන හැඟීම දරුවන් තුළ ජනිත කරනු ලැබුවා.
රූපවාහිනියේ ආගමනයත් සමග ඇති වූ තවත් අංගයක් වන්නේ ගීත සඳහා රූප රචනා නිර්මාණය කිරීම යි. රූපවාහිනීය ඇති වීමට පෙර මිනිසුන් ගීත රසවිඳින ලද්දේ එහි සංගීතය සහ පද මාලාව ඇසුරු කර ගනිමින්. එවැනි ගීත දරුවන්ගේ දේශාභිමානී හැඟීම්, යහපත් පුරුදු පිළිබඳ හැඟීම් ආදිය ඇති කරනු ලැබුවා. එහෙත් පසුකාලීන ව ඇති වූ රූප රචනා බොහොමයක් විකිණීමේ පහසුව තකා ගීතයේ සංකල්පයට වඩා කාන්තා අඟපසඟ පිළිබිඹු වන ආකාරයට ඉදිරිපත් වුණා. එයිනුත් ඔබ්බට යමින් වර්තමානයේ බිහි වන ගීත රූප රචනාවල සුලබ ම තේමාවක් වන්නේ සියදිවි නසා ගැනීම යි.
2005 දී 5%ක් ව පැවති ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 2009 දී 35% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් වුණේ මෙරට සෑම පුරවැසියන් දෙදෙනකුගෙන් ම එක් අයෙක් සමාජ ජාල භාවිත කරන්නෙක් බවට පත් වීම යි. එයිනුත් ෆේස්බුක් වඩාත් ප‍්‍රචලිත සමාජ ජාලය බවට පත් වුණා. වර්තමානයේ ලෝකයේ තොරතුරු ලබා ගැනීමට වඩාත් පහසු මාධ්‍යයයක් බවට ෆේස්බුක් සමාජ ජාලය පත් ව තිබෙනවා. එහි අනෙකුත් මාධ්‍යයන්ට නොමැති නිදහසක් තිබීම හේතුවෙන් වඩාත් කුතුහලය දනවන තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් බෙදා හරිනු ලබනවා. එහි වඩාත් භයානක කරුණ වන්නේ මෙලෙස පළ කරන තොරතුරුවලට තමන්ගේ සංකල්ප හා මතවාද ද ඇතුළත් කිරීමෙන් යථාර්ථය විකෘති කිරීමක් සිදු වීම යි.
මෑත කාලයේ දී සිදු වූ සියදිවි නසා ගැනීම් වාර්තාකරණයේ දී මෙය වඩාත් පැහැදිලි ව දැක ගත හැකි වුණා. එවැනි එක් සිදුවීමකට අදාළ මිය ගිය සිසුවිය වීරවරියක කරමින් ෆේස්බුක් පේජ් සකස් වුණේ සියදිවි නසා ගැනීම්වලට වීරත්වයක් ආරෝපණය වන ලෙස යි. එය අනෙකුත් පුද්ගලයන්ගේ සියදිවි නසා ගැනීමට ඇති බිය අඩු කරමින් ඒ සඳහා යොමු කිරීමට හැකි ප‍්‍රබල සාධකයක්. තම පාසල් කාලයේ දී විදුහල්පතිවරයාට ඇති වූ අකැමැත්ත පළ කිරීමට ඇතැමෙක් මෙම සිද්ධිය භාවිත කරනු දැක ගන්නට ලැබුණා. එයින් පාසල් ශිෂ්‍යයන්ගේ සමස්ත විදුහල්පති භූමිකාව පිළිබඳ ඇති ආකල්පය සුනුවිසුනු කර දමනවා. එමෙන් ම සාපරාධී හැසිරීම්වල යෙදෙන දේශපාලනඥයන්, භික්ෂුන් වහන්සේ ලා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයන් නැවත නැවතත් සමාජයේ ගෞරවයට පාත‍්‍ර වීමත්, එවැනි පුද්ගලයන්ට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක නොවීමත් අපරාධ තවදුරටත් සාමාන්‍යකරණය කිරීමට හේතු වෙනවා.
අපි දිගින් දිගටම මේ විදිහට යනව ද? නැත්නම් වෙනස් වෙනව ද? දිනෙන් දින වැඩි වන අපරාධ රැුල්ල නවත්වන්නට නම් ෆේස්බුක් ඇතුළු ජනමාධ්‍යයේ හැසිරීම පුර්ණ වෙනසකට ලක් කළ යුතු ව පවතිනවා. ඒ සඳහා ජාත්‍යන්තර ජනමාධ්‍යයෙන් ඕනෑ තරම් උදාහරණ, ආදර්ශ ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 9/11 ප‍්‍රහාරයෙන් සමස්ත ඇමෙරිකාවේ ම ආර්ථිකයත්, ඇමෙරිකාව ගොඩ නඟා ගෙන තිබුණ තත්ත්වයත් බිඳ වැටුණා. ඒ සිද්ධියෙන් 3000ක පමණ ජනතාවක් මිය ගියා. ගත වූ දශකයේ දී ඒ සිද්ධියෙන් හානියට පත් වූ තවත් 900ක ජනතාවක් මිය ගියා. එහෙත් අද වන තෙක් ඇමෙරිකාවේ හෝ ලෝකයේ කිසිදු මාධ්‍යයක එහි දී මියගිය අයගේ හානි වූ මළ සිරුරු දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ වගේ ම ජපානයේ මෑතක දී සුනාමි දෙකක් ඇති වුණා. එයින් මියගිය කිසිවකුගේ ඡායාරූප හෝ වීඩියෝ දැක ගන්නට ලැබුණේ නැහැ. එහෙත් පසුගිය කාලයේ පේරාදෙණියේ දී සියදිවි නසා ගත් තරුණයාගේ මළ සිරුර හැම පුවත්පතක ම වගේ පළ වුණා.
ඒ නිසා අපරාධ, සියදිවි නසා ගැනීම් ආදිය වළක්වා ගැනීම සඳහා සියලූ ආකාරයේ මාධ්‍යයන්ට කිසියම් ආකාරයක ආචාරධර්ම පද්ධතියක් පැවතීම අවශ්‍ය වෙනවා. ඔබ ෆේස්බුක් භාවිත කරන අවස්ථාවල දී ත් ඔබ පළ කරන ස්ටේටස්, ඡුායාරූප හෝ වීඩියෝ මගින් අදහස් කරන දේ පිළිබඳ ව සැලකිලිමත් වෙන්න. මෙන්න මේ වගේ දේවල් පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත්.
01) සියදිවි නසා ගත් පුද්ගලයාට, අපරාධකරුට වීරත්වයක් ආරෝපණය නොකිරීම.
02) සියදිවි නසා ගැනීමට හෝ අපරාධය කිරීමට භාවිත කළ ක‍්‍රමය පැහැදිලි නොකිරීම.
03) සියදිවි නසා ගැනීම, සාපරාධී චර්යා ආදිය සමාජය පිළිකුල් කරන, ආගමික වශයෙන් පාපී ක‍්‍රියා බව ඒත්තු ගැන්වෙන පරිදි වාර්තා කිරීම.
04) සියදිවි නසා ගැනීමට හේතු ව ලෙස එක්වර ම මතු වී පෙනෙන සරල හේතුව උලූප්පා පෙන්වීමෙන් වැළකී ඒ පිළිබඳ ගවේශණාත්මක ලෙස හැදෑරීම.
05) ප‍්‍රචණ්ඩත්වය වින්දනීය මාර්ගයක් නො ව හානිකර දෙයක් බව පෙන්නුම් කිරීම.
මාධ්‍ය වෙනුවෙන් සකස් වුණු මෙවැනි ආචාරධර්ම පද්ධතියක් 2010 වර්ෂයේ දී මෙරට මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහයෝගයෙන් ඪීධ නම් වූ සංවිධානය එක් ව සකස් කරනු ලැබ ඇති අතර, අවශ්‍ය අයට එය http://www.4shared.com/office/4JVEvXmc/file.html යන වෙබ් ලිපිනයට පිවිසීමෙන් බාගත (Download) කර ගත හැකි ය.
ප‍්‍රදීප් චන්දන ගුණරත්න
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය
මුල්ලේරියාව
කර්තෘ- වෘත්තීය චිකිත්සක- ශ‍්‍රී ලංකා වෘත්තීය චිකිත්සක ජර්නලය
The Occupational Therapist’ – Sri Lanka Journal of Occupational Therapy