Add Your Heading Text Here
ආර්ථික අර්බුද/ස්වභාවික ආපදා/සිවිල් යුද්ධ ඇතුළු අර්බුද ගණනාවකින් පෙළුණු ‘ශ්‍රී ලාංකික අපි, ශක්තිමත් ව නැගිටිමු’ යන ධනාත්මක අදහස පෙරදැරි ව ගමන් කළ යුතු ව තිබේ. සමාජයක සුරක්ෂිතභාවය සහ සතුටුදායක ජීවන රටාව සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ භෞතික ව්‍යුහ හෝ නීති පද්ධති මත පමණක් නො ව, ඒ සමාජය තුළ ජීවත් වන පුද්ගලයාගේ ගුණාංග, කුසලතා සහ වගකීම් භාවය මත ය. එම පුරවැසියා ගොඩ නැගීම උදෙසා වූ ප්‍රයත්නයේ දී නිතැතින් ම අවධානය යොමුවන පිරිස වනුවේ ළමා සහ තරුණ ප්‍රජාව කෙරෙහි ය. මේ කර්තව්‍ය විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත්, පර්යේෂණ හා විද්‍යාත්මක දැනුම උකහා ගැනීමත්, සංස්කෘතික ඥානයත් බැදී පවතී.
ශ්‍රී ලංකාව වැනි ජන විවිධත්වයකින් සමන්විත සමාජයක, සම්පූර්ණ නිපුණතා සපිරි පුරවැසියකු යනු විෂය දැනුමට පමණක් සීමා නොවී, නීති ගරුක, සමාජ වගකීම, මානවීය වටිනාකම්, විවේචනාත්මක සිතීම, නිර්මාණශීලීත්වය සහ ජීවන කුසලතා සමඟ සන්නද්ධ වූ පුද්ගලයකු වීමයි. එවැනි පුරවැසියකු සමාජ සංහිඳියාව, ජනතා ආරක්ෂාව සහ දිගුකාලීන සංවර්ධනය තහවුරු කරන මූලික ශක්තියක් වේ.
අධ්‍යාපනය, පර්යේෂණය සහ සමාජික දැනුම්වත් කිරීම ඔස්සේ මෙවන් පුරවැසියන් බිහි කිරීම, ශ්‍රී ලංකාවේ අනාගතය සුරක්ෂිත හා සතුටුදායක ජීවන රටාවකට යොමු කිරීම සඳහා අත්‍යවශ්‍ය ය. ‘ගවේෂණ’ සඟරාවේ අලුත් ම කලාපය, සම්පූර්ණ නිපුණතා සපිරි පුරවැසියකු ගොඩනැගීම පිළිබඳ විද්‍යාත්මක, අධ්‍යාපනමය සහ ප්‍රතිපත්තිමය සංවාදයකට වේදිකාවක් වීමට අපේක්ෂා කරනු ලැබේ.
මේ සම්බන්ධ ව ඔබගේ අදහස්/යෝජනා/ලිපි ඇතොත් 2026.01.15ට පෙර අප වෙත එවිය හැකි ය.
TP/WhatsApp – 0112796779/0760503434
Email – gaveshanajournal@gmail.com