පාසල, සමාජය නිරූපණය කරන අපූරු ස්ථානයකි. ශ්‍රී ලංකාවේ විවිධ තලවල පාසල් පිළිබඳ ව වර්තමානයේ අසන්නට ලැබෙන කරුණුවලින් මේ බව තහවුරු වේ. හොඳ පාසලක් යනු කුමනාකාරයේ පාසලක් ද යනු විග්රහ කිරීම කාලීන අවශ්‍යතාවක් වනුයේ, පාසල හා සම්බන්ධ ගැටලූ, වර්තමාන ශී‍්‍ර ලංකාවේ සිසු-ගුරු-විදුහල්පති-අධ්‍යාපන නිලධාරී-දෙමාපිය දැනුම, ආකල්ප සහ කුශලතාවල හෙවත් නිපුණතාවල ධන සහ ඍණ පැති නිරූපණය කරන නිසා ය.
නගර ද ගොඩනැගිලි ද හොඳ පාසලක සංකේත ලෙස දෙමාපියෝ දකිති. එහෙත් ඒ පාසල්වලට තම දරුවන් ඇතුළත් කරන දෙමාපියෝ, තමන්ගේ දරුවන් විභාගවලින් සමත් කරවීමට ටියුෂන් පන්තිවලට ද මුදල් ගෙවති. මේ නිසා නාගරික ජනපි‍්‍රය යයි සම්මත පාසල්වල කිසිදු විදුහල්පතිවරයකුට-ගුරුවරයකුට තම පාසලේ ළමයින් විභාග සමත් වනුයේ තමා අභිමානයෙන් අධිපති ධූරය දරණ-වැජඹෙන පාසල නිසා ම යයි පිරිසුදු සිතින් පැවසිය නො හැකි ය. මේ තර්කය අනුව නම් නගරයේ පාසල් සාර්ථක නැත. එහෙත් 13 වන ශ්‍රේණියට විධිමත් ව නොපැමිණෙන ළමයින්ට, 80% පැමිණීමේ කඩඉම පසු කර ඇතැයි, හොඳ යයි සම්මත පාසල්වල විදුහල්පතිවරුන් සහතික කරනුයේ අවංක ව ම යයි සුභවාදී ව සිතීම අපේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උචිත ය. පාසල් සංස්කෘතියෙන් සහ පාසලේ සැඟවුණු විෂයමාලාවෙන් ද නාගරික ජනපි‍්‍රය පාසල් සිසු සිසුවියන්ගේ නිපුණතා ඔප මට්ටම් වනු ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත් එසේ වනුයේ ද යනු තහවුරු කිරීමට පර්යේෂණ කළ යුතු ව තිබේ.
හොඳ පාසලක් යනු අහිතකර පරිසරවලින් ද යමක් කමක් නැති නිවෙස්වලින් ද පැමිණෙන ළමයින්ට උගන්වන්නට හැකි පාසලකි. එවන් පාසලක් සංවර්ධනය කරන විදුහල්පතිවරයකු හොඳ විදුහල්පතිවරයෙකි. එකී ළමයින්ට උගන්වන්නට හැක්කේ හොඳ ගුරුවරුන්ට ය. එහෙත් වර්තමානයේ බොහෝ ගුරුවරුන් නිතර පවසන කරුණක් වන්නේ අපට උගන්වන්නට සිදු වී තිබෙනුයේ තේරුණු බේරුණු ළමයින්ට බවයි. එසේ තේරී බේරී ඇත්තේ සමහර මව්වරුන් විදෙස්ගත ව සිටීම, පියවරුන් බීමත් ව හැසිරීම, දෙමාපියන් සිසුන්ට ලබා දෙන ගෙදර වැඩවලට උදව් නොකිරීම වැනි කරුණු නිසා යයි ද තර්ක කරති. හොඳ ගුරුවරයකු තර්ක කළ යුත්තේ ර්ණමෙවැනි සුවිශේෂී ළමයින්ට උගැන්වීමට මගේ ගුරු භූමිකාව වෙනස් කර ගෙන නව නිර්මාපකයකු වන්නේ කෙසේ ද?” යනු ලෙස ය.
මෙයාකාරයෙන් නිර්මාණාත්මක ව සිසුන්ට මග පෙන්වන ගුරුවරු ද සිසුන්ට උර දෙන පාසල් ගොඩ නගන විදුහල්පතිවරු ද ශී‍්‍ර ලංකාවේ සිටීම සතුටට කරුණකි. අපි ඔවුන්ට ගරු කරමුත උපහාර දක්වමු.
Editorial 25th volume