මානව වර්ගයා බිහි වූ දා පටන් ඔවුන් කණ්ඩායම් වශයෙන් ගොනු වූ ආකාරයටත් ඒවා තුළ නායකත්වයන් ක‍්‍රියාකාරී වූ බවටත් ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් සංවිධාන ගත වීම හා මෙහෙයවීම පිළිබද කථාන්දරය මානව වර්ගයා පාලනයට හා දේශපාලනයට පමණක් සීමා වූ ක‍්‍රියාවලියක් නො වේ. එය පවුල් ඒකකයේ සිට මහා පරිමාණ සමාජ සංස්ථාව දක්වා විහිදී යයි. මරණාධාර සමිතියකට මෙන් ම වෘත්තීය සංවිධාන දක්වා ද මෙම රීතිය වලංගු ය.
එහෙත් හොද සංවිධාන සහ ශක්තිමත් නායකත්ව පමණක් සෑම සංවිධානයක් ම මානව සංහතියේ ඉදිරි ගමන වෙනුවෙන් පමණක් ම ක‍්‍රියාත්මක නො වන බව ද තේරුම් ගත යුතු ය. ප‍්‍රබල සංවිධාන ශක්තිමත් නායකත්වයන් හා ලෝකයට ගෙන ආ විනාශය පිළිබ`ද ව හිට්ලර් ලා, පොල්පොට් ලා හොද උදාහරණ සපයති.
හොද සංවිධාන හා ශක්තිමත් නායකත්වයන් සමග කරට කර ගමන් කළ යුතු අනිවාර්ය අංගය වන්නේ නිරවුල් දෘෂ්ටිය යි. පොදු ජනතාවගේ හෙට දවස සදහා වූ දෘෂ්ටිය යි. නූතන ඉතිහාසය සැලකීමේ දී ගාන්ධි සහ මැන්ඩෙලා එවැනි ආදර්ශ සැපයූ නායකයන් අතරට එක් වී ඇත. එක් රැයක දී සුදු ජාතිකයන් ලක්ෂ ගණනින් ඝාතනය විමේ ඉඩකඩ අහුරාලමින් මැන්ඩෙලා විසින් ඒ තීරණාත්මක රාත‍්‍රියේ සාමය හා සහජීවනය ඉල්ලා සිටියේ ඔහු සතු ව තිබු මානව හිතවාදී දෘෂ්ටිය නිසා ය. එදා සාමය සදහා ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ව හඩ නැගූ මැන්ඩෙලාට, අද ඒඞ්ස් වසංගතය විසින් ගෙන එනු ලබන මරණයේ උවදුරට එරෙහි ව, විද්‍යාවේ හා තාක්ෂණයේ දැවැන්ත ජයග‍්‍රහණ, මානව සංහතියේ වරප‍්‍රසාද අහිමි වූ ජනතාව වෙනුවෙන් ඉල්ලා, හඩ නැගීමට සිදු ව ඇත.
හෙට දවස වෙනුවෙන් පෙනී සිටින කිසිවකුට විද්‍යාව හා තාක්ෂණය අමතක කර ජනතාවගේ හෙට දවස හෝ සාමය ගැන හෝ කතා කළ නො හැකි ය. එයට හේතුව නූතන විද්‍යාවේ දැවැන්ත ජයග‍්‍රහණ එක අතකින් ජනතාවගේ හෙට දවසට අත්‍යවශ්‍ය වන නිසාත් අනෙක් අතට වැරදි ලෙස හසුරුවනු ලැබූ කල් හී එම ජයග‍්‍රහණ ම මානව සංහතියට බරපතළ විනාශයන් ද ගෙන එනු ලබන නිසාත් ය.
එහෙත් අවාසනාවකට අප රට තුළ ක‍්‍රියාත්මක වන බොහෝ වෘත්තීය සංවිධාන මෙන් ම විද්වත් ප‍්‍රජාව ද ජනතා හිතවාදී ඉදිරි දසුනක් පෙරදැරි කර ගෙන ක‍්‍රියාත්මක වන ජනතා අභිලාශ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නො වන බව නීරස සත්‍යයකි. පොදු මිනිසුන්ට බඹ ගණනක් ඉහළින් පවතින මෙම සංවිධාන ජනතා සිතුම් පැතුම්වලින් වියෝ වූ, තමන් සතු සමාජමය වගකිම පිළිබ`ද ව අවබෝධයක් ද සමාජයේ දැවෙන ගැටලු පිළිබ`ද ව වෘත්තීයමය මතයක් ද නොමැති සමාජ ශාලාවන් ය.
මෙවන් සංවිධානවලට විද්‍යාව හා තාක්ෂණය යනු දොරගුළු ලා ගත් කාමර තුළ කෙරෙන බුද්ධිමය සංවාද පමණකි. මේ තත්ත්වය තුළ විද්වත් ප‍්‍රජාවේ සමාජ වගකීම තේරුම් ගෙන, එම ක‍්‍රියාදාමය කළමනාකරණය කරමින්, ‘විද්‍යාත්මක දැනුම’ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග බවට පෙරළමින් ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා දේශපාලකයන් සමග වෘත්තීයමය සංවාදයකට එළැඹීමට ද ඔවුනට හැකියාවක් මෙන් ම වුවමනාවක් ද නොමැත.
මෙම හිඩස පිරවීම ස`දහා සංවිධානගත ව පෙරට එන ලෙස ගෙන්දගම් පොළොවේ පය ගැසූ විද්වතුන්ට කරන ගැඹුරු ම ආයාචනය යි මේ. මෙම ආදරණීය දේශය තුළ එවන් විද්වතුන් දහස් ගණනින් කලකිරීමෙන් යුතු ව හුදකලාවෙන් ගත කරන බව අප මෑතක කළ සමීක්ෂණයක දී හෙළි විය. හෙට දවසේ පර්යේෂණ හා සංවර්ධන පර්ෂදයේ නායකයන් හා අනුගාමිකයන් බවට පත් වන ලෙසට ඔවුන්ගේ අති බහුතරය වෙත කරන විවෘත ආරාධනය යි මේ.
(ගවේෂණ සගරාවේ තෙ වන කලාපයේ සංස්කාරක සටහන)
ගවේෂණ සඟරාව (2004 සැප්තැම්බර් – දෙසැම්බර් / 3 කලාපය )