
”දරුවන් අඩුවෙන් නොසිතයි නමුදු ඔවුහු වෙනස්ව සිතති”
දරුවනට තමන්ගේ හැඟීම් වචනයෙන් ප්‍රකාශ කිරීමට අපහසු විය හැකි ය. එහෙත් චිත්‍ර ඇදීම මගින් එය කළ හැකි ය. තවත් සමහර දරුවන් තම වේදනාව සෙල්ලම් බඩු හරහා තුනී කර ගනී. මෙම මතය අප ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවට මින් පෙර බලපෑ සුනාමි ව්‍යසනයේදීත්, තිස් වසරක යුද්ධයේදීත්, කොවිඩ් වසංගතයේ දීත් අප බිම් මට්ටමෙන් ලද අත්දැකීම් ඔස්සේ ය. මෙම ක්‍රියාකාරකම්වලින් දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අපට දැඩි මනෝ සමාජීය සත්කාරයක් සිදු කළ හැකි ය.
ගං වතුරෙන් ආරක්ෂා වීම් සඳහා , මුල්ලේරියාව ප්‍රදේශයේ තාවකාලික ව රැකවරණය ලබන එවැනි දූ දරුවන් පිරිසක් උදෙසා එලෙස මනෝ සමාජීය මෙහෙවරක් කිරීමට පර්යේෂණ සහ සංවර්ධනය ආයතනයේ කාර්ය මණ්ඩලය කටයුතු කළේ ය. මෙහි ඇත්තේ එම අවස්ථාවේ ගත් ඡායාරූප ය.
අපේ ආයාචනය:-
කොළ/චිත්‍ර කඩදාසි, පාට කූරු, පැන්සල්, වයසට ගැළපෙන සෙල්ලම් බඩු ආරක්ෂිත ස්ථානවල හුදෙකලා වූ දරුවන් වෙත හැකිතාක් ලබාදෙන ලෙස ආයාචනා කරමු. මේ හරහා දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් දැඩි බලපෑමක් සිදුකල හැකිබව අප ලද අද්දැකීම් හරහා දැඩිව විශ්වාස කරමු.
IRD මාධ්‍ය අංශය












