තාක්ෂර්‍ණක මෙවලම් සහ ළමා මානසික සෞඛ්‍ය

සංවේදී ඉන්ද්‍රිය මගින් ග්‍රහනය කර ගන්නා තොරතුරුවලට අනුව  ප්‍රතිචාර දැක්වීම ජීව විද්‍යාත්මක ලක්ෂණයකි. අනෙක් සත්තු ප්‍රතිචාර දැක්වීම  මඟින් සරල ඉගෙනුමක් පමණක් සිදු කරති. උදාහරණ ලෙස චිම්පන්සියා, පූසා, බල්ලා වැනි සතුන් දැක්විය හැකි ය. මිනිසා අනෙක් සතුන්ට වඩා සංකීර්ණ හා දිගුකාලීන ව චර්යාවේ වෙනසක් ඉගෙනුම නිසා අත්පත් කර ගනී. මේ සදහා මිනිස් පැටවාට හැකියාව ලැඛෙනුයේ මොළයේ පවතින  සුවිශේෂත්වය නිසා ය. ඒ අතර ඉහළ කපාලය ධාරිතාව ආසන්න වශයෙන් ශරීර ස්කන්ධයෙන් 1/50ක් වූ මොළය මීට හේතු වේ.

ඩිජිටල් තිරය දක්වා

අතීතයේ සිට ම රූප සංකේත ඔස්සේ සන්නිවේදනය කළ අතර වර්තමානය වන විට ඩිජිටල්  තිරය මඟින් සන්නිවේදනය සිදු වේ. සන්නිවේදනයේ හා තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ ලොවට දායාද වූ ප්‍රධානත ම මෙවලමක් ලෙස අන්තර්ජාලය හඳුනා ගත හැකි ය. මෙකී දිනෙන් දින දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාලය තුළ සක්‍රීය කොටස්කරුවන් බවට පත් ව ඇත්තේ අපගේ ළමා පරපුරයි.

ඇල්ෆා පරම්පරාව

වර්තමාන ප්‍රාථමික හා පෙර පාසල් අධ්‍යාපනයේ නිරත දරුවන් ඇල්ෆා පරම්පරාව නියෝජනය කරයි. මොවුන් 2010 සහ 2020 අතර වර්ෂවල දී මෙලොව එළිය ලැබූවන් ය. අවසාන ඇල්ෆා උපත ලබන්නේ 2025 දී ය. එය සිදු වන විට ඔවුන්ගේ සංඛ්‍යාව ගෝලීය වශයෙන් මිලියන දෙකක් දක්වා ඉහළ යනු ඇත. ඇල්ෆා පරම්පරා ව යනු මේ දක්වා සියලූ පරම්පරාවල ධනවත් ම හා විධිමත් ලෙස උගත් පරම්පරාව ලෙස සැලකේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නෝ 20%ක් පමණ විවිධ මානසික අබාධවලින් පෙළෙති. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රාථමික පෙර පාසල් අධ්‍යාපනය ලබන, නව යොවුන් අවදියේ පසුවන දරුවෝ තාක්ෂර්‍ණක මෙවලම් භාවිතයට වැඩි නැඹුරුවක් දක්වති. මෙයට හේතුව ලෙස දක්වනුයේ ඒවා සතු ආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි. ඇල්ෆ්‍රඩ් බැන්ඩුරා නම් මනෝ විද්‍යාඥයා සඳහන් කරන ආකාරයට දරුවන් නිරීක්ෂණය තුළින් ඉගෙනුම ලබන අතර, අන්තර්ජාලයෙහි විකාශනය වන ඇතැම් ක්‍රීඩා, අසාමාන්‍ය බලයක් හිමි චරිත හා සතුන් අනුකරණයට පෙලඹෙයි. එසේ ම පරිගණක  ක්‍රීඩා ඔස්සේ මෙම සතුන් හඹා යෑම, වෙඩි තැබීම, පහර දීම වැනි දේ සිදු කරයි. අධික ලෙස පරිගණක  ක්‍රීඩාවලට ඇබ්බැහි වීම නිසා මෙම  ආක්‍රමණශීලීත්වය යන උත්තේජනයට දිගින් දිගට ම ප්‍රතිචාර දැක්වීම නිසා ශරීරය පලා යාමට හෝ සටන් කිරීමට  සූදානම් කරවයි. නිරන්තරයෙන් ඇඩ්්‍රනලින් වැනි හෝමෝන ස්‍රාවය කෙරේ. මෙහි බලබලපෑමක් ලෙස රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහළ යයි. ස්වසන වේගය වැඩි වේ. හෘද ස්පන්දනය ඉහළ යයි. මෙය කායික සෞඛ්‍ය මෙන් ම මානසික සෞඛ්‍ය කෙරෙහි ද බලපෑමක් ඇති කරයි.

කැළර්‍ණය විශ්වවිද්‍යාලයයේ   ආරම්භක මහාචාර්ය ලලිත් මෙන්ඩිස් මහතා විසින් කරන ලද පර්යේෂණයකට අනුව තාක්ෂර්‍ණක උපකරණ ලබා දීම නිසා ළමයි මේ වීර කතාවලින් යුක්ත සිහින ලෝකයක තනි වී ජීවත්වීමට  පෙළඹෙන බව සඳහන් කොට ඇත.

මෙසේ අන්තර්ජාලය හා තාක්ෂණය මඟින් කිසියම් මඟ පෙන්වීමක් රහිත ව ලබන අනුකරණ නිසා සමාජය සමග කටයුතු කිරීමේ දී අත්පත් කර ගත යුතු සමාජ කුසලතා නොමැති වී යයි. එසේ ම තමා ජීවත්වන සමාජයට ගැළපෙන අයුරින් සමාජානුයෝජනයට අපහසු වීම නිසා දරුවන් අන් අය ඉදිරියේ අපහාසයට ලක් වීම, කොන් වීම නො සලකා හැරීමට ලක් වීම වැනි දේ සිදු වෙයි. එය ක්ලමථ තත්ත්වයක් කෙරෙහි බලපායි. ඒ නිසා සිතුවිලිවල වික්ෂිප්ත භාවයක් ඇති වේ. කළ යුතු දේ නො කළ යුතු දේ හඳුනා ගැනීම අපහසු වේ. එම නිසා අන්‍යයන් ඉදිරියේ අපහසුතාවට පත්වේ. මෙම ගැටලූව දරුවන්ගේ පෞරුෂය කෙරෙහි ඛෙහෙවින් ම බලපායි. එසේ ම මිනිස් ස්නායු පද්ධතිය ඉච්චානුග ක්‍රියා එනම් සිතා මතා කරනු ලබන ක්‍රියා සහ අනිච්චානුග ක්‍රියා මධ්‍ය ස්නායු පද්ධතියේ අනුදැනුමක් රහිත ව සිදු කරන ක්‍රියා මෙයට උදාහරණ ය. ස්වසනය, හෘද ස්පන්දනය, ඇසි පිය ගැසීම වැනි ක්‍රියා සඳහා ප්‍රතිචාර දක්වයි. ඇතැම් පරිගණක ක්‍රීඩා වීඩියෝවල දැක්වෙන ආකාරයට විවිධ චරිත කටයුතු කරන ආකාරය, සතුන් හඹායෑම, වෙඩි තැබීම ආදී ක්‍රියාවලි සඳහා සිතා-මතා බැලීමකින් තොර ව දිගින් දිගට ම කටයුතු කිරීමට සිදු වේ. ස්නායු පද්ධතියේ අනුදැනුමකින් තොර ව සිදුවන අනිච්චානුග ක්‍රියාවලට දරුවා පෙළඹෙයි. හදිසි අවස්ථාවල දී මෙන් ම ක්ෂර්‍ණක තීරණ ගත යුතු අවස්ථාවල දී තීරණ ගැනීම සිදු වන්නේ අනිච්චානුගත ව ය. මෙසේ දිගින් දිගට ම අනිච්චානුග ව ප්‍රතිචාර දැක්වීම නිසා දරුවා කලහකාරි වීම, ප්‍රකෝපකාරී වීම, ක්ෂර්‍ණක තීරණ ගැනීම ආදී ගැටලූකාරි තත්ත්වවලට මුහුණ දීමට සිදු වේ. එසේ ම දරුවන් අන්තර්ජාලය, පරිගණකය භාවිතය හුරු වීම නිසා එයින් මිදීමට නො හැකියා ව ලබයි. එවිට දෙමාපියන් වැඩිහිටියන් සමග නිරන්තරයෙන් ගැටුමකට මුහුණ දීමට සිදු වේ. මෙය ද දරුවාගේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපෑම් ඇති කරයි. මා පිය දූ දරු සම්බන්ධතා දුර්වල වේ. එසේ ම අසභ්‍ය චිත්‍රපට, විවිධ වීඩියෝ, පරිගණක ක්‍රීඩා ආදිය මඟින් දරුවන් මින් පෙර නො විරූ ආකාරයේ දේවල් නිරීක්ෂණයට හැකියාව ලැබේ. මෙමඟින් ඒවා පැහැදිලි කර ගැනීමට නො හැකි වීම ආදිය නිසා තාක්ෂණය භාවිතයට බලපෑම් එල්ල වීම නිසා ද දරුවන් නිරන්තරයෙන් ආතතියට පත්වේ. දීර්ඝකාලීන ආතතිය විවිධ බෝ නො වන රෝග ආදිය කෙරෙහි ප්‍රබල ලෙස බලපෑම් ඇති කරයි. තව ද තාක්ෂර්‍ණක උපකරණයක් නිවසේ නොමැති, මිල දී ගැනීමේ හැකියාව නැති, එසේ උපකරණයක් අහිමි වීම පිළිබඳ ව කාංසා තත්ත්වයෙන් පසු වේ. දෙමාපියන් ඒවා ලබා නො දීම නිසා ඉච්චාභංග තත්ත්වයට ද පත් වේ. මේ අනුව තාක්ෂණය දරුවන්ට විවිධ මානසික ආතතිමය තත්ත්ව ඇති කිරීමට හේතු වේ.

තව ද නව යොවුන් වියේ දරුවන් මනෝ විද්‍යාඥයින්ට අනුව කිසිවකටත් අයිති නැති යුගයකට උරුම කියන බව පැවසේ. එනම් වැඩිහිටි බව සහ ළමා විය අතර දෝලනය වීමට ඔවුනට සිදු වේ. වැඩිහිටි චර්යා දක්වන අවස්ථාවල දී වැඩිහිටියන් එම චර්යාව ප්‍රතික්ෂේප කරන අතර ළමා අවධියට හිමි චර්යා දක්වන අතර එය ද ප්‍රතික්ෂේප කිරීම වැඩිහිටියන් විසින් කරනු ලබති. එම නිසා ද දරුවන් අධික ක්ලමථකාරී තත්ත්වයකින් පසු වේ. නව යොවුන් වියේ දරුවන් තුළ හදිසි කෝපය, ආක්‍රමණශීලීත්වය, ප්‍රචණ්ඩකාරීත්වය, අන්‍යයන් හිතාමතා අපහසුතාවට පත් කිරීම, මනුෂ්‍ය ඝාතනය වැනි චර්යා ලක්ෂණ දැකිය හැකි අතර මෙම චර්යා ඇති වීම කෙරෙහි තාක්ෂර්‍ණක මෙවලම් ද  දායකත්වයක් දක්වයි. අවුරුදු 10 -18 අඩු වයසේ දරුවන් වැඩිපුර අන්තර්ජාලය, ජංගම දුරකථනවලින් අසභ්‍ය වීඩියෝ පට නැරඹීම නිසා විවිධ අත්හදා බැලීම්වලට පෙළඹෙයි. මේ අනුව ළමා අපයෝජන, අපචාර, සමාජ රෝග ආදිය ඇති වන අතර මෙම ගැටලූ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට හා සමාජයට සන්නිවේදනය කිරීමට හැකියාවක් නොමැති වීම සහ දීර්ඝ කාලීන ව මෙම ගැටලූ සිතෙහි තබා ගෙන සිටීම නිසා දරුවන් විවිධ මානසික ගැටලූවලට පත්වෙයි. එසේ ම සමාජ රෝග, සියදිවි නසා ගැනීම් ආදිය නිසා මරණයට පවා ලක්වීමට හේතු විය හැකි ය.

ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තාක්ෂණය කෙතරම් දුරට නියාමනය කළ යුතු ද යන්න පිළිබඳ ව සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානත්වය දරන බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේමියන් කොලින්ස් පවසන්නේ “වඟවීම සඳහා ඔවුන් යොමු කිරීමට” කාලය එළැඹ ඇති බව ය. වෛද්‍ය මතයට අනුව  දිනකට විනාඩි 30ක් ඩිජිටල් උපාංග සමග ගත කිරීම නිසා ඔවුන්ගේ ස්නායු පථ වෙනස් වීමට ලක් වේ. අවධානය යොමු වීම හෝ නො වීම නිසා ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීම, කෙටිකාලීන අවධානය, ඉක්මනින් අවධානය වෙනස් වීම, කාල සටහනකට අනුව වැඩ කිරීමේ නො හැකියාව මතු වේ. කංසා තත්ත්වයට පත්වීම නිසා දරුවන් තුළ බිය, ලැජ්ජාව, නොසන්සුන් බව හැසිරීමෙන් පෙන්නුම් කරයි.

එකවර භාෂා දෙකක් අධ්‍යයනය කිරීමට ද ළදරු වයසේ දී හැකියාව තිඛෙන බවත්, වේගවත් බුද්ධි සංවර්ධනයක් සහිත ළදරු වියේ පසුවන දරුවන්ට ආහාර අනුභව කිරීමට පොළඹවා ගැනීම සඳහා ඩිජිටල් තිර ලබා දීමටත්, ඔවුන් නිදි කරවීම සඳහා ඩිජිටල් තිර, ජංගම දුරකථනවලින් ගීත ලබා දීමට හුරු වීම නිසාත් මා පිය දූ දරු සම්බන්ධය දුරස් වීම පමණක් නො ව කුඩා දරුවන්ගේ චින්තනය, නිරීක්ෂණය ආදියට පවතින අවකාශ නැති වී යයි. දරුවා ආහාර නම් ප්‍රබෝධකයට ප්‍රතිචාර දැක්වීම වෙනුවට තාක්ෂර්‍ණක උපකරණයට ප්‍රතිචාර දැක්වීම නිසා ආහාර ජීරණයට අදාළ ව යාන්ත්‍රණය පවා ක්‍රියාත්මක වීමට බාධා එල්ල වෙයි.

මෙම ගැටලූ අවම කර ගත හැකි ක්‍රමවේද

යහපත් දෙමාපිය දූ දරු සම්බන්ධතා මඟින් දරුවන් හික්මවීම

අන්තර්ජාලය අව භාවිතය වෙනුවට සු භාවිතයට හුරු කිරීම

අන්තර්ජාලය භාවිතයේ දී ඇති විය හැකි අවදානම් පිළිබඳ නිරන්තරයෙන් දැනුම්වත් කිරීම

දරුවන් දෙමාපියන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් අධ්‍යාපන පද්ධතියට අදාළ ව සිදු කිරීම. මේ සඳහා ඒ විශේෂඥභාවය සහිත නිලධාරින්, වෛද්‍යවරුන්, පොලිසිය සම්බන්ධ කර ගත හැකි ය.

සිසුන්ට සංයම අභ්‍යාස හුරු කිරීම ඔබ අප කාටත් පැවරී ඇති වගකීමකි

 

ආර්. බී. අමිලා සංජීවනී

(ශ්‍රී. ලං. ගු. අ. සේ)

කළමණාකරු

ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය

ගලෙන්බිදුණු වැව