ක්ෂර්‍ණක ආහාර රැල්ලෙන් දරුවන් බේරා ගනිමු

ක්ෂර්‍ණක අහාර පිළිබද ව වත්මන් සමාජය තුළ විවිධ මත පැවතුනත්, ඉතා සීඝ්‍රයෙන් මෙම අහාර ප්‍රචලිත වෙමින් පවතින අතර ඒ සදහා විවිධ හේතු පවති. ක්ෂර්‍ණක ආහාර ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ, මුළු පවුලට ම ආහාර පිසීමට කුස්සියේ කාලය ගත කිරීමට අපහසු, නවීන සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ කාර්යබහුල ජීවන රටාවයි. ක්ෂර්‍ණක ආහාර කර්මාන්තයේ වර්ධනයට හේතු වී ඇති තවත් ජන විකාස සාධකයක් වන්නේ, කාන්තා ශ්‍රම බලකාය වැඩි වීමයි. එවන් තත්ත්වයක් හමුවේ බොහෝ කාන්තාවන්ට ඇති පහසු ම විකල්පය වන්නේ සේවා ස්ථානවලින් නිවසට යන විට අවන්හලකින් ක්ෂර්‍ණක ආහාර මිල දී ගැනීමයි.

වෙළෙඳ දැන්වීම්වලින් කරන ආකර්ශනිය සහ සාවද්‍ය ප්‍රචාරණයෙන් ද දරුවන් ක්ෂර්‍ණක අහාර වෙත නැඹුරු විමට පොලඹවයි. එසේ ම මෙහි ඇති අවාසනාවන්ත කරුණ නම්, මෙම ක්ෂර්‍ණක ආහාර සදහා කාලයක් තිස්සේ යොමු වීම මත ඒවාට ඇබ්බැහි වීමේ හැකියාවක් පැවතීමයි.

වත්මන් ළමා පරපුර මෙම ව්‍යසනයෙන් ගළවා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් සදහා යොමු කරවීම කාලින මෙන් ම අත්‍යවශ්‍ය කාර්යයක් වන අතර ඒ සදහා සමාජයක් ලෙස එකා මෙන් පෙළ ගැසිය යුතු ය. දෙමාපියන් මෙන් ම පාසල් ප්‍රජාව ද නීතිමය ක්ෂේත්‍රය ද ක්‍රියාකාරි ව දරුවන් ව ක්ෂර්‍ණක ආහාරවලින් මුදවා ගැනීමේ කාර්යය කළ  යුතු ය. පාසල් සිසුන්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටා ප්‍රවර්ධනය කිරීමේ කාර්ය සදහා සුදුසු විෂය නිර්දේශ සකස් කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කිරීම මඟින් ද දරුවන්ට පෝෂණ අහාරවල අවශ්‍යතාව අවබෝධ කරවීම පහසු වනු ඇත. එසේ ම පෝෂණීය ගුණ සහිත අහාර ප්‍රචාරණය කිරීම ප්‍රවර්ධනයත් නිසරු අහාර ප්‍රචාරණය සම්බන්ධ විවිධ වාරණ සහ ප්‍රතිපත්ති සකස් කිරීමෙන් ද දැයේ දරුවන් රැක ගැනීමට රුකුලක් වනු නො අනුමාන ය.

ක්ෂර්‍ණක අහාර නිසා වැළදෙන විවිධ රෝග

ඔස්ටියෝපොරෝසිස් සහ අධි රුධිර පීඩනය බොහෝ විට දුර්වල ආහාර පුරුදු නිසා ඇති වන අතර, මෙම රෝග ළදරු අවධියේ දී ආරම්භ වන්නේ කුඩා කල සිට ම ක්ෂර්‍ණක ආහාරවලට නිරාවරණය වීමත් සමඟ බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එපමණක් නො ව ක්ෂර්‍ණක ආහාර වේල් මඟින් ශරීර වර්ධනය මන්දගාමී කිරීමට, දත් දිරාපත් වීම වේගවත් කිරීමට, තරබාරුකම ප්‍රවර්ධනය කිරීමට සහ දුර්වලතාවේ බීජ වැපිරීමට සහ අවසානයේ සුව කළ නො හැකි රෝග වඩාත් නරක අතට හැරීමට හේතු වේ. නිසරු ආහාර යනු හිස් කැලරි සහිත ආහාර වේ. අධික තෙල් සහිත මෙම ක්ෂර්‍ණක අහාර නිසා කුරුලෑ ආදී විවිධ සමේ රෝග ඇතිවීමේ හැකියාවක් ද පවතී.

Aරහ්ල ඨගල ) ඵසියර්ල 2013-ග

රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම

වර්තමානයේ දක්නට ඇති වඩාත් සුලභ සහ කනගාටුදායක කරුණ නම් පාසල නිම වී නිවසට එන දරුවෙකු වේෆර් හෝ වෙනත් ක්ෂර්‍ණක අහාර ගනිමින් රූපවාහිනිය ඉදිරිපිට සැරිසැරීමයි. මෙම නිසරු ආහාර ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් කළ හැකි අතර, වසර ගණනාවකට පසු ව එහි බලපෑම පෙනෙන්නට පුළුවන. ඇමෙරිකානු නව යොවුන් වියේ දරුවන්ගේ ආහාර පුරුදු පිළිබඳ අධ්‍යයනයකින් යෞවනයන් රූපවාහිනිය ඉදිරිපිට ගත කරන කාලය සහ පසුකාලීන ජීවිතයේ ඔවුන් අනුභව කරන දේ අතර සම්බන්ධයක් සොයා ගන්නා ලදී. විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ බොහෝ රූපවාහිනිය නරඹමින් සිටි අය බැදපු ආහාර, සීනි සහිත බීම සහ කෙටි ආහාර ගැනීම සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින නමුත් එළවළු, පලතුරු සහ කෙඳි පරිභෝජනය ඛෙහෙවින් අඩු බවයි.

ීය්රප්ල 2013-

තරබාරුකමේ ප්‍රධාන නිර්ණායකයකි ක්ෂණික ආහාර

ක්ෂර්‍ණක ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම තරබාරුකම සමඟ ධනාත්මක ව සම්බන්ධ වන අතර එය තරබාරුකමේ ප්‍රධාන නිර්ණායකයක් ලෙස සැලකේ. ක්ෂර්‍ණක ආහාර පරිභෝජනයේ ඉහළ අනුපාත තරබාරුකම, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇතුළු නිදන්ගත රෝගවලට හේතු විය හැකි ය. පාසල් සිසුවියකගේ දෛනික ආහාර ගැනීම සඳහා ක්ෂර්‍ණක ආහාර පරිභෝජනය ප්‍රමාණවත් නමුත් පිරිමි සිසුන් ප්‍රමාණවත් නොවන බැවින් ඔවුහු සාමාන්‍ය ක්ෂර්‍ණක ආහාර වෙත යොමු වෙති. ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ බොහෝ සිසුන් 54්‍ර- දිනකට එක් වරකට වඩා ක්ෂර්‍ණක ආහාර පරිභෝජනය කරන බවත් ක්ෂර්‍ණක ආහාර තෝරා ගැනීම සඳහා භාවිත කරන ප්‍රධාන ගුණාංගය වන්නේ මිල සහ රසය බව ය. එසේ ම ශිෂ්‍යාවන්ට වඩා ශිෂ්‍යයෝ ක්ෂර්‍ණක ආහාර පරිභෝජනය කරති.

ක‍මරරසැ ැඑ ්කගල 2010-

න‍්හ්ිසබටයැ ) ෘැ ීසකඩ්ල 2014-

ීැද ැඑ ්කගල 2011-

ෘමබබ ැඑ ්කගල 2012-

ක්ෂණික ආහාරවලට යොමු වීමේ ප්‍රවනතාව දිනෙන් දින ඉහළට

ක්ෂර්‍ණක ආහාර සදහා මිනිසුන් යොමු වීමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යන බවත්, ඒ අතුරින් තරුණ සහ ළමා ප්‍රජාව ඒ සදහා වැඩි වශයෙන් යොමු වන බවත්, විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 30% සිට 50% දක්වා ප්‍රමාණයක් දිනපතා ක්ෂර්‍ණක ආහාර පරිභෝජනය කරන බවත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.                                                                      ඛසම ැඑ ්කගල 2021-

ළමා සෞඛ්‍යයට කරන බලපෑම

බොහෝ ක්ෂර්‍ණක අහාරවල පවතින අවම පෝෂණ ගුණය මත සහ ඉහළ තෙල් සහ සිනි මට්ටම් මෙන් ම විවිධ අහිතකර රස කාරක, වර්ණකාරක සහ සුවද කාරක නිසා පුද්ගලයින්ගේ සෞඛ්‍යය කෙරෙහි ඍජු මෙන් ම වක්‍ර බලපෑම් කරන බව පර්යේෂණවලින් තහවුරු කර ඇත.

ඨදැක ැඑ ්කගල 2013-

ආහාර වර්ණකවලින් වන බලපෑම

ළමයින් ආහාර වර්ණක සදහා වැඩි වශයෙන් යොමු වීම අධි ක්‍රියාකාරීත්වයට මෙන් ම යම් කාර්යයක් සදහා දක්වන අවධානය අඩුවීමට හේතු විය හැකි බව අධ්‍යයනවලින් සොයා ගෙන ඇත. එබැවින් ඉගෙනීමේ ආබාධ සහිත දරුවන් කෘත්‍රිම වර්ණ සහිත ආහාරවලින් වැළකී සිටිය යුතු බව විද්වතුන්ගේ මතයයි. මෙවැනි දුර්වල පෝෂක ආහාර නිසා ඉගෙනීම සඳහා අවශ්‍ය පූර්ව පෝෂණ අවශ්‍යතා අඩපණ කළ හැකි අතර අන් අය සමග අන්තර් ක්‍රියා කිරීමට සහ ක්‍රීඩාවලට සහභාගි වීමට අවශ්‍යය ශක්තිය අඩු කරයි. නව යොවුන් වියේ සංලක්ෂිතයක් වන්නේ කැලරි සහ ප්‍රෝටීනවලට ඇති අධික ඉල්ලූමයි. මෙම කාලයේ දී දරුවාගේ ආහාර රුචිය වැඩි වන අතර ඔවුහු වැඩිපුර කාබෝහයිඩ්රේට ආහාර අනුභව කිරීමට නැඹුරු වෙති. එහෙත් මෙවැනි නිසරු ආහාර අනුභව කිරීම මත විටමින් ක‍ සහ විටමින් A ප්‍රමාණය අඩු විය හැකි ය. පෝෂණවේදිහු, වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය උපදේශකයෝ බොහෝ විට මෙම නිසරු ක්ෂර්‍ණක ආහාර ගැන ජනතාව දැනුම්වත් කිරීමට ක්‍රියා කරමින් සෞඛ්‍ය සම්පන්න ආහාර අඩංගු සමබර ආහාර වේලක් ගැනීමට ඔවුන් ව දිරිමත් කරති.

ඪැැබ් ැඑ ්කගල 2013-

හෝමෝන අසමතුලිත වීමෙන් කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ගැටලූ

පර්යේෂණවලින් තහවුරු කර ඇත්තේ නිතිපතා ක්ෂර්‍ණක අහාර අනුභව කරන ගැහැනු ළමයින් තුළ පූර්ව ඔසප් වීමේ රෝග ලක්ෂණ සැලකිය යුතු ලෙස වැඩි වන බවයි. එමෙන් ම ක්ෂර්‍ණක ආහාර නිතර නිතර පරිභෝජනය කරන අය තුළ ඩිස්මෙනෝරියා තීව්‍රතාව ඉහළ මට්ටමක පවති. එනම් මෙම ක්ෂර්‍ණක ආහාර නිරන්තර පරිභෝජනය මත පුද්ගල ශරිර හෝමෝනවල අසමතුලිතතා ගොඩ නැගෙයි.

තවදුරටත් පවසන පරිදි විටමින් ඊ6, කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතාවෙන් යුත් අනවශ්‍ය ආහාර ද ඔසප් වීමට පෙර රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු විය හැකි ය. ක්ෂර්‍ණක ආහාර පරිභෝජනය, එනම් තෙල් සහ සීනි අධික ආහාර සහ අක්‍රමවත් ආහාර කාලසටහන් ග්ලුකෝස් මට්ටම්වල උච්චාවචන සහ හෝමෝන අසමතුලිතතාවට හේතු වන බව වෛද්‍යවරු පවසති. මෙමගින් විශේෂයෙන් උකුල් සහ උදර ප්‍රදේශයේ මේදය තැන්පත් වී තරබාරු බව ඇති කරන බව ද වැඩිදුරටත් පවසා ඇත. එසේ ම පර්යේෂණ පෙන්වා ඇත්තේ  ක්ෂර්‍ණක ආහාර පරිභෝජනයේ වාර ගණන සහ ඔසප් වීමේ වයස අතර සෘණාත්මක සහසම්බන්ධයක් පවතින බවත් මෙම ආහාර රටාවේ වෙනස්කම් පසුගිය කාලය තුළ ඔසප් වීමේ වයස අවුරුදු 15 සිට 16 දක්වා අඩු කිරීමට හේතු වී ඇති බවත් ය වර්තමානය වන විට පාසල් දරුවෝ අමතර පන්තිවලට සහභාගි වීම නිසා බොහෝ විට උදේ ආහාරය සහ දිවා ආහාරය මග හරිමින් හෝ කුසගින්න නිවා ගැනීමට ක්ෂර්‍ණක ආහාරවලට යොමු වෙති.

එහෙත් මේ දරුවන් ක්ෂර්‍ණක ආහාර වෙත යොමු වීමට ඉක්මන් වුවත් එළවළු, පලතුරු හෝ පෝෂ්‍යදායි ආහාර වෙත යොමු වීමේ ආශාව ඉතා පහළ මට්ටමක පවති. දරුවන් ක්ෂර්‍ණක ආහාර මිල දී ගැනීමේ දී සලකා බලන ප්‍රධාන සාධක වන්නේ මිල සහ රසය බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. එමෙන් ම ශ්‍රී ලංකාවේ වෙළඳපොළෙහි රෝල්ස්, පැටිස්, කට්ලට්, වඩේ වැනි තෙල් සහිත ආහාර වැඩි වශයෙන් පවතින අතර ඇතැම් කඩවල පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ගබඩා කර ඇත.

ත‍මවසඅ්ර් ැඑ ්කගල 2007-

ඪැැබ් ැඑ ්කගල 2013-

ඍ්බාය්අ් ැඑ ්කගල 2016ත ීයසබාැ ැඑ ්කගල2017-ග

ක්ෂර්‍ණක ආහාර

ක්ෂර්‍ණක ආහාර යන යෙදුම 1951 දී නිර්මාණය කරන ලද නමුත් පළමු නිල නිර්වචනය 1972 දී ඇමරිකානු පෝෂණවේදියෙකු විසින් නිර්මාණය කරනු ලැබ ඇත. ක්ෂර්‍ණක ආහාර පිළිබද විවිධ නිර්වචන පැවතුන ද එය සරල ව පෝෂ්‍ය පදාර්ථ, විටමින්, ඛනිජ ලවණ සහ තන්තු අඩු හෝ නොමැති හා අධික කිලෝජූල් (ශක්තිය) , සංතෘප්ත මේදය, එකතු කළ සීනි එකතු කළ ලූණු සහිත ආහාර ලෙස අර්ථ දැක්විය හැකි ය. මෙම ක්ෂර්‍ණක ආහාර අනවශ්‍ය ආහාර ලෙස හදුන්වන්නේ ඒවා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කාර්යභාරයක් ඉටු නො කරන නිසා ය. විශේෂයෙන් එය අධික ලෙස අනුභව කරන්නේ නම් එමඟින් ශරීර සෞඛ්‍යයට කරන බලපෑම ඍණාත්මකබව විද්වත් අදහසයි.

කේ.එම්.එන්.ටී.කේ. බණ්ඩාර

සහකාර කථීකාචාර්ය

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය