නිධානයක් බඳු ස්වාභාවික පානය දෙහි සහ දොඩම් යුෂ

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලූහුබැඳීම සංස්කෘතික සම්මතයක් බවට පත්ව ඇති ලෝකයක, පෝෂ්‍යදායී සහ රසවත් විකල්ප සඳහා පුද්ගලයාව මෙහෙයවනු ලබයි. සොබාදහමෙන් ලැබුණු නිධානයක් ලෙස දෙහි සහ දොඩම් පෙන්වා දිය හැකි අතර, රසවත් සහ ප්‍රබෝධමත් පාන වර්ග ලෙස ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත ය. පැඟිරි යුෂ අපේ දෛනික ආහාර වේලෙහි අනිවාර්යයෙන් ම තිබිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා දෙන ආහාරයක් බව විද්‍යාත්මක ව ඔප්පු වී හමාර ය.

  1. ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් වීම

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂ දෙක ම විටමින්-සී වලින් පිරී ඇති පාන ය. ප්‍රතිශක්තිකරණ ගුණ සඳහා ප්‍රකට ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.

දෙහි-දොඩම් යුෂ පරිභෝජනය කරන විට, අපේ ශරීරයට විටමින්-සී මාත්‍රාවක් මින් ලැඛෙන අතර, එය අපේ ශරීරයේ සුදු රුධිරාණු නිපදවීමට උපකාරී වේ. මෙම සුදු රුධිරාණු අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂකයන් වැනි ය. එසේ ම වෛරස් හා බැක්ටීරියා වැනි හානිකර ආක්‍රමර්‍ණකයන්ගෙන් අපේ ශරීරය ආරක්ෂා කරන අතර සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැළැක්විය හැකි අතර ශ්වසන ආසාදනවල බරපතලකම පවා අඩු කර ගත හැකි ය. එමනිසා, දිනකට දෙහි හෝ දොඩම් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් අපේ ශරීරයේ ස්වාභාවික ආරක්ෂාව ශක්තිමත් කර නිරෝගී ව සිටීමට උපකාරි වේ.

  1. වයසට යාම මන්දගාමී කරයි

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ෆ්ලේවනොයිඩ් සහ කැරොටිනොයිඩ් වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් අපේ ෙසෙල හානිවලින් ආරක්ෂා වේ.

ප්‍රතිඔක්සිකාරක යනු අපේ ෙසෙලවල ආරක්ෂිත පලිහක් මෙන් වන අතර, ඒවා නිදහස් රැඩිකලූන්ගේ හානිකර බලපෑම්වලින් ආරක්ෂා කරයි. නිදහස් රැඩිකලූන් අපේ ෙසෙල හා DNA වලට හානි කළ හැකි අතර එය විවිධ සෞඛ්‍ය ගැටලූවලට තුඩු දිය හැකි ය. දෙහි සහ දොඩම් යුෂවල ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් මෙම මුක්ත ඛණ්ඩක උදාසීන කර නිදන්ගත රෝග ඇති වීමේ අවදානම අඩු කර වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. සරල ව කිව හොත්, මෙම යුෂ අපේ ශරීරය ඉහළ ම තත්ත්වයේ තබා ගැනීමට උපකාරි වේ.

  1. ආහාර දිරවීමට සහාය වීම

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ඇති කෙඳි සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියකට

සහාය වේ.

හොඳ ආහාර ජීර්ණයක් සඳහා තන්තු අත්‍යවශ්‍ය වන අතර දෙහි-දොඩම් යුෂ පරිභෝජනය කරන විට, අපගේ ශරීරයට මෙම අත්‍යවශ්‍ය තන්තු ලබා දේ. එය ප්‍රීතිමත් සහ කාර්යක්ෂම ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරි වේ. එසේ ම ආහාර වේලකට පෙර නැවුම් පැඟිරි යුෂ වීදුරුවක් අපට ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරයි, අධික ලෙස ආහාර ගැනීම වළක්වයි. එපමණක් නොව, මෙම යුෂවල ආම්ලිකතාව අපේ ආමාශයේ ඇති ආහාර බිඳ දැමීමටත්, කාර්යක්ෂම ආහාර දිරවීම සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමටත් උපකාරී වේ.

  1. හදවතට හිතකර පානයක් ලෙස ක්‍රියා කරයි

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ඇති පොටෑසියම් අන්තර්ගතය රුධිර පීඩනය නියාමනය කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

අධි රුධිර පීඩනය, හෘද රෝග හා ආඝාතය සඳහා අවදානම් සාධකයකි. වාසනාවකට මෙන්, මෙම යුෂවල ඇති පොටෑසියම් අපේ ශරීරයේ සෝඩියම් මට්ටම සමතුලිත කිරීමෙන් අපේ රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. මෙම සරල ක්‍රියාව මගින් හෘදය ආශ්‍රිත ගැටලූ ඇති වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි අතර එය වඩා හොඳ හෘද සෞඛ්‍යයකට දායක වේ.

  1. සමේ දීප්තිය වැඩි කරයි

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂවල ඇති විටමින්-සී කොලජන් නිෂ්පාදනයට සහය වන අතර සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.

කොලජන් යනු අපේ සම ස්ථීර ව හා ප්‍රත්‍යාස්ථ ව තබා ගන්නා ප්‍රෝටීනයකි. අප වයසට යන විට කොලජන් නිෂ්පාදනය අඩු වන අතර එමඟින් සම රැලි වැටීමට සහ එල්ලා වැටීමට හේතු වේ. මෙම යුෂවල බහුල විටමින්-සී, කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි. අපේ සමට තරුණ බවක් ලබා දෙයි. මීට අමතර ව, පැඟිරි යුෂවල ඇති ස්වභාවික අම්ල අපේ සම සිනිඳු සහ දීප්තිමත් කරයි.

  1. ඵලදායී සජලනයක් ලබා දීම

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම් යුෂ අපේ දෛනික තරල පරිභෝජනයට දායක වන අතර අපව හොඳින් සජලනය කරයි.

සජලනය යනු ශරීරයේ නිසි ක්‍රියාකාරකම් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් සහ සමතුලිත ජල ප්‍රමාණයක් හෝ වෙනත් තරලයක් අපේ ශරීරයට ලබා දීමේ ක්‍රියාවලියයි. විවිධ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා නිසි සජලනයක් අත්‍යවශ්‍ය වේ. මෙම යුෂ රසවත් පමණක් නොව, අපේ ශරීරය ප්‍රශස්ත ලෙස ක්‍රියා කරන බව සහතික කරමින් අපේ තරල ප්‍රමාණය වැඩි කිරීමට විශිෂ්ට ක්‍රමයක් ද වේ.

  1. මනෝභාවය වැඩි දියුණු කිරීම

විද්‍යාත්මක සත්‍ය දෙහි සහ දොඩම්වල සුවඳ මානසික ආතතිය අඩු කරමින් මනෝභාවය වැඩි දියුණු කිරීමේ බලපෑම් ඇති කළ හැකි ය.

පැඟිරි ගෙඩි ශරීරයට පමණක් නොව මනසට ද හිතකර ය. දෙහි සහ දොඩම්වල ප්‍රබෝධමත් පැඟිරි සුවඳ අපේ මනෝභාවය ඉහළ නැංවීමට සහ ආතතිය සමනය කිරීමට සමත් වේ. මෙම යුෂ ධනාත්මක ව අපේ දවස ආරම්භ කිරීමට කදිම තේරීමකි.

42_11 ආහාර සහ පිළිකාව අතර සම්බන්ධය පිළිබඳ අපි දැනුම්වත් ද?

මිනිසාගේ ඇතැම් ආහාර රටා පිළිකා අවදානම ඉහළ නංවන අතර, ඇතැම් ආහාර රටා පිළිකා අවදානම අඩු කරන බව සොයා ගෙන ඇත. සත්ත්ව ආහාරවලට සාපේක්ෂ ව ශාඛමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම පිළිකාව සැදීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයින් අතර මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ සම්භාවිතාව අඩු බවත් දිනකට පළා වර්ග ග්‍රැම් 20ක් වත් ආහාරයට ගත යුතු බව තහවුරු වී ඇත. මුඛයේ, ගලනාලයේ සහ ආමාශයේ පිළිකා වළක්වා ගැනීම සඳහා එළවළු පලතුරු වැඩි වශයෙන් පරිභෝජනය සුදුසු බව ද තහවුරු වී ඇත.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් මඟින් පිළිකාව පමණක් නො ව අධිරුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුකම වැනි රෝග පවා වළක්වා ගත හැකි බව අපි දනිමු. පියයුරු, පුරස්ථ ග්‍රන්ථී, ගර්භාශ, ඩිම්බ කෝෂ, මහාන්ත්‍ර පිළිකා සඳහා අධික මේද සහිත ආහාර පරිභෝජනය හේතු වන බවත් දිනකට අප ලබා ගන්නා ශක්ති ප්‍රමාණයෙන් 30%කට වඩා අඩු වන ලෙස මේදය මඟින් ලැඛෙන ශක්ති ප්‍රමාණය සීමා කිරීමට උනන්දු විය යුතු බව ද සොයා ගෙන ඇත.

හරක් මස්, ඌරු මස් වැනි රතු මාංශ වර්ග ද සොසේජස්, හැම් බේකන් වැනි කලින් පිසින ලද ආහාර ද පුළුස්සන ලද ආහාර ද අධික උෂ්ණත්වයේ දී පිසින ලද මාංශ ද පිළිකාව සඳහා හේතු වන බව සොයා ගෙන ඇත.

ලූණු දැමීම, අච්චාරු දැමීම, දුම් ගැසීම වැනි ක්‍රම අතීතයේ දී ආහාර කල්තබා ගැනීමට භාවිත කළ ද ඒවා ද පිළිකා වර්ධක බව වර්තමානයේ දී සොයා ගෙන ඇති අතර ශීතකරණය ඒ සඳහා සුදුසු බව පෙන්වා දී ඇත.

සමහර ආහාර ස්වභාවික ව නිෂ්පාදනයේ දී ද බාහිරින් හට ගන්න විවිධ ද්‍රව්‍ය පිළිකා කාරක බවත් එසේ ආහාර මත වැෙඩන දීලීර වර්ගවලින් නිපදවෙන Aකේඑදංසබ නමැති විෂ ද්‍රව්‍ය අක්මාවේ පිළිකා සඳහා හේතු වන බවත් සොයා ගෙන ඇත. එබැවින් රසායනික ඇතැයි සැක කෙරෙන ආහාරවලින් හැකි පමණ වැළකී සිටීමට අප උනන්දු විය යුතු ය.

එසේ ම ආහාර කල් තබාගැනීමට, රසකාරක ලෙස හා වර්ණක ලෙස යොදාගන්නා සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙස ක්‍රියා කරනු ඇත. එලෙස හඳුනා ගත් රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කර ඇත. එබැවින් ආහාර තෝරා ගැනීමේ දී නිසි ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා ගත යුතු අතර එසේ නො වන නිෂ්පාදන සඳහා දැඩි ක්‍රියා මාර්ග, නීති පැනවිය යුතු ය.

ගලනාල පිළිකා සඳහා අධික උණුසුම් ව ආහාර සහ බීම වර්ග පරිභෝජනය හේතු වන බවත් එසේ ම විටමින් වර්ග ඌනතා ද පිළිකා සඳහා හේතු වන බව සොයා ගෙන ඇත. එබැවින් පෝෂණ ගුණයෙන් ඉහළ පෝෂ්‍යදායී ආහාර තෝරාගැනීමට අප උනන්දු විය යුතු ය Aක‍ෑී ක‍දබජැචඑ-ග

ඉහත කරුණු සලකා බැලූ විට, පිළිකාව වැළැක්වීම සඳහා හිතකර ආහාර රටාවකට හුරු වීමේ දී ශාඛමය සහ පෝෂණයෙන් ඉහළ ආහාරවලට මූලිකත්වය දෙමින් හැකි සෑම විට ම නැවුම් ස්වභාවික ආහාර විවිධත්වයකින් යුතු ව පරිභෝජනයේ වැදගත්කම මනාව පැහැදිලි වේ.

මිනිසාගේ ඇතැම් ආහාර රටා පිළිකා අවදානම ඉහළ නංවන අතර, ඇතැම් ආහාර රටා පිළිකා අවදානම අඩු කරන බව සොයා ගෙන ඇත.

සත්ත්ව ආහාරවලට සාපේක්ෂ ව ශාඛමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම පිළිකාව සැදීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරන

ලූණු දැමීම, අච්චාරු දැමීම, දුම් ගැසීම වැනි ක්‍රම අතීතයේ දී ආහාර කල්තබා ගැනීමට භාවිත කළ ද ඒවා ද පිළිකා වර්ධක බව වර්තමානයේ දී සොයා ගෙන ඇති අතර ශීතකරණය ඒ සඳහා සුදුසු බව පෙන්වා දී ඇත.

එසේ ම ආහාර කල් තබාගැනීමට, රසකාරක ලෙස හා වර්ණක ලෙස යොදාගන්නා සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙස ක්‍රියා කරනු ඇත.

සමහර ආහාර ස්වභාවික ව නිෂ්පාදනයේ දී ද බාහිරින් හට ගන්න විවිධ ද්‍රව්‍ය පිළිකා කාරක බවත් එසේ ආහාර මත වැෙඩන දීලීර වර්ගවලින් නිපදවෙන Aකේඑදංසබ නමැති විෂ ද්‍රව්‍ය අක්මාවේ පිළිකා සඳහා හේතු වන බවත් සොයා ගෙන ඇත.

(විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන සහ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ විසින් රචිත ‘පිළිකාවේ සැබෑ තතු’ කෘතියෙන් උපුටා ගත්තකි)