එළවලූ තෙල් ආහාරයට සුදුසු ද?

එළවලූ තෙල් ලොව පුරා කුස්සියේ බහුල ව දක්නට ලැඛෙන ආහාරයකි. බැදීමට, පිළිස්සීමට හා විවිධ සැකසූ ආහාර සඳහා එළවලූ තෙල් භාවිත වේ. කෙසේ වෙතත්, එළවලූ තෙල් පරිභෝජනය සහ සම්බන්ධ සෞඛ්‍ය අවදානම් පිළිබඳ ව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ව තිබේ.

‘එළවලූ’ තෙල් යනු?

‘එළවලූ’ තෙල් යනු, පොදුවේ ශාකවලින් ලබා ගන්නා තෙල් හැඳින්වීමට භාවිත කරන පුළුල් යෙදුමකි. එහෙත් සැබැවින් ම එළවලූ තෙල් හදන්නේ අපි සාමාන්‍යයෙන් කන එළවලූවලින් ද? මොහොතක් සිතන්න… ඔබට තෙල් සහිත එළවලූ වර්ගයක් නම් කරන්න පුළුවන් ද? කැරට්වල තෙල් තියෙනව ද? බෝංචි, හෝ අර්තාපල්වල තෙල් තියනවා ද?

සියලූ ම වර්ගවල එළවලූ තෙල් නරක ද?

සියලූ ම එළවලූ තෙල් ස්වභාවයෙන් ම සෞඛ්‍යයට අහිතකර නො වේ. ප්‍රධාන වෙනස වන්නේ ඒවායේ අඩංගු මේද අම්ල වර්ගය සහ නිෂ්පාදනය කරන ක්‍රමවේදයයි.

බොහෝ එළවලූ තෙල්වල මූලික අවධානය, විශේෂයෙන් ඔමේගා-6 බහු අසංතෘප්ත මේදවල ඉහළ ඒවා, ශරීරයේ අත්‍යවශ්‍ය මේද අම්ලවල සමතුලිතතාවට බාධා කිරීමේ හැකියාවයි. ලිනොලෙයික් අම්ලය කසබදකැසජ ්ජසා- වැනි ඔමේගා-6 මේද අම්ල සෞඛ්‍යයට අවශ්‍ය නමුත් ඔමේගා-3 මේද අම්ල සමඟ සමතුලිත විය යුතු ය. සෝයා, ඉරිඟු සහ සූරියකාන්ත තෙල් වැනි තෙල්වල බහුල ව දක්නට ලැඛෙන ඔමේගා-6 මේද අම්ල අධික වීම, සෞඛ්‍ය සම්පන්න නො විය හැකි අතර, නිදන්ගත රෝග ප්‍රවර්ධනය කළ හැකි ය.

තව ද, බොහෝ එළවලූ තෙල් ඒවා වඩාත් ස්ථායී කිරීමට හයිඩි්‍රජනීකරණ යහාරදටැබ්එසදබ- ක්‍රියාවලියකට භාජනය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ට්රාන්ස් මේද සෑදේ. ට්රාන්ස් මේද සෞඛ්‍යයට අහිතකර වන අතර, හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. සැකසූ සහ ක්ෂර්‍ණක ආහාරවල බහුලව දක්නට ලැඛෙන අර්ධ වශයෙන් හයිඩි්‍රජනීකෘත එළවලූ තෙල් ඡ්රඑස්කකහ යහාරදටැබ්එැා ඩැටැඒඉකැ දසකි- විශේෂයෙන් හානිකර වේ.

එළවලූ තෙල් අහිතකර ද?

එළවලූ තෙල් ඉතා පහසුවෙන් ඔක්සිකරණය වේ. ඔක්සිඩයිස් යනු ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමයි (ලෝහ මත මලකඩ සෑදෙන්නේ එලෙසයි). ඔක්සිකරණය, මේදයේ ව්‍යුහය හා ගුණාංග වෙනස් කරයි (එහෙත් සංතෘප්ත මේද ඔක්සිකරණයට ඉතා ප්‍රතිරෝධී වේ).

ලිනොලෙයික් අම්ලය (එළවලූ තෙල්), ඔලෙයික් අම්ලයට (ඔලිව් තෙල්) වඩා 40 ගුණයකින් ඔක්සිකරණයට ගොදුරු වේ. මේ නිසා මිල අධික ඔලිව් තෙල්වල අඳුරු බෝතල් ඇති අතර ඒවා සිසිල් ස්ථානවල ගබඩා කළ යුතු ය. ආලෝකය සහ තාපය එය ඔක්සිකරණය කර රසය නරක අතට හැරේ.

ඔක්සිකරණය වූ මේද විෂ සහිත නිෂ්පාදන නිපදවන විට (උදා-මත් පැන් බී පසු දින ඇති වන අසීරුතාව තත්ත්වය ඇති වන්නේ මේ සංයෝග නිසා ය). ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති දෛනික සීමාවට වඩා එළවලූ තෙල්වලින් සාදන ලද ආහාරවල ඇල්ඩිහයිඩ් 100 සිට 200 දක්වා වැඩි වේ.

පිසීමේ තෙල්වල ස්ථාවරත්වය ප්‍රධාන වේ

සමහර තෙල් වර්ගවලට ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැකි ය. ඒවා ආහාර පිසීම සඳහා සෞඛ්‍ය සම්පන්න තෙල් වනු ඇත; ඉහළ දුම් ලක්ෂයක් ඇත. එබැවින් ඒවා රත් වූ විට ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා නොකරයි. ඉහළ මට්ටමේ සංතෘප්ත මේද අඩංගු තෙල් රත් වූ විට වඩා ස්ථායී වේ. බොහෝ දුරට සංතෘප්ත හා මොනොසැටරේටඩ් තෙල් බැදීමට සුදුසු වේ. කෙසේ වෙතත්, බහු අසංතෘප්ත මේද විශාල ප්‍රමාණයක් අඩංගු පිසින තෙල් බැදීමට සුදුසු නො වේ. මෙයට හේතුව බහු අසංතෘප්ත මේද ඒවායේ රසායනික ව්‍යුහයේ ද්විත්ව බන්ධන දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු වීමයි. මෙම ද්විත්ව බන්ධන ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කළ හැකි අතර අධික තාපයට නිරාවරණය වන විට හානිකර සංයෝග සෑදිය හැකි ය. රසය ද වැදගත් ය. ගැඹුරු තෙලේ බදින විට, උදාසීන රසය සහිත තෙල් සාමාන්‍යයෙන් වඩාත් යෝග්‍ය වේ.

ඉරිඟු කරල් එකක තෙල් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. තෙල් මේස හැඳි 5ක් නිපදවීමට ඉරිඟු කරල් 100ක් අවශ්‍ය වේ. එසේ ම මිදි ගෙඩි 625 හෝ සූරියකාන්ත බීජ 2800ක් අවශ්‍ය වේ.

අපි එළවලූ තෙල් භාවිත කිරීම ආරම්භ කළේ කොහොම ද?

  • 1829 දී කපු නිෂ්පාදනයෙන් ඉතිරි වන අපද්‍රව්‍ය කොටස් යන්ත්‍රෝපකරණවලින් අඹරා, ලැබුණු තෙල් ලාම්පු දැල්වීමට සහ යන්ත්‍ර ලෙස භාවිත කරන ලදී.
  • 1880 දී තෝමස් හඩ්නට් ඔයදප්ි ්‍යමාබමඑ- විසින් ඉරිඟු අපද්‍රව්‍යවලින් තෙල් ලබා ගැනීමට නව ක්‍රමයක් සොයා ගන්නා ලදී.
  • 1898 දී ඉරිඟු තෙල්, ඉහුම්-පිහුම් තෙල් ලෙස භාවිත කිරීමට පටන් ගත් අතර, 1902 වන විට එය සාර්ථක ව්‍යාපාරයක් ලෙස බවට පත් වී තිබුණි.
  • 1911 දී සබන් නිෂ්පාදකයෙක් වූ ඡරදජඑැර ්බා ඨ්පඉකැ විසින්, එතෙක් කල් සත්ත්ව මේද භාවිත කරපු මිනිසුන්ට, විකල්ප මේදයක් ‘එළවලූ තෙල්’ ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා.
  • 1924 වන විට, හෘද රෝග වර්ධනය වෙමින් පැවති අතර ඇමෙරිකානු හෘද සංගමය Aපැරසජ්බ ්‍යැ්රඑ Aිිදජස්එසදබ – ආරම්භ කරනූ ලැබේ. එහෙත්් අරමුදල් හිඟකම නිසා ඔවුන් කිසි විටෙකත් සංවිධානයක් ලෙස වර්ධනය වූයේ නැත.
  • 1948 දී ඇමෙරිකානු හෘද සංගමයට ඡරදජඑැර ්බා ඨ්පඉකැ වෙතින් විශාල මුදලක් පරිත්‍යාග ලෙස ලබා දී ඇති බව කියවේ.
  • 1961 දී ඇමරිකානු හෘද සංගමය විසින් හෘද රෝග සඳහා ‘විසඳුම’ සොයා ගත්තේ ය. එළවළු තෙල්වලින් සංතෘප්ත මේද ි්එමර්එැා ඪේඑි-ල බහු අසංතෘප්ත මේද (චදකහ මබි්එමර්එැා ඪේඑි) වෙනුවට ආදේශ කරන ලෙස ඔවුන් නිර්දේශ කළේ ය.
  • 1900 ට පෙර අපි එළවලූ තෙල් අනුභව නො කළ අතර, එම කාලයේ දී හෘද රෝග දුර්ලභ සිදුවීමක් විය. එහෙත් වර්තමානය වන විට එළවලූ තෙල් ඩොලර් බිලියන ගණනක වෙළෙඳ පොළක් අත් පත් කරගෙන ඇති අතර, හෘද රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

වෛද්‍ය රිසිත වාකිශ්ඨ ආරච්චි