කුරුට්ට සහිත සහල් පිළිබඳ ව ඔබ දැනගත යුතු කරුණු

ශ්‍රී ලංකාවේ සහල් ප්‍රධාන ආහාරයක් පමණක් නොව, කාබෝහයිඩ්රේට් සහ ප්‍රෝටීනවල සැලකිය යුතු ප්‍රභවයක් ද වේ. සෑම වසරක ම අපේ රටේ පුද්ගලයෙකු ආසන්න වශයෙන් සහල් කිලෝග්රෑම් 114ක් පරිභෝජනය කරන අතර, එය ඔවුන්ගේ දෛනික බලශක්ති පරිභෝජනයෙන් 72%ක් වේ (තෙන්නකෝන් සහ ඒකනායක, 2022 ) .

සහල් වර්ග බොහොමයක් ඇති නමුත් ඒවා සැකසීම මත පදනම් ව, සුදු හෝ දුඹුරු (සම්පූර්ණ ධාන්‍ය) ලෙස කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ය. වී  අස්වනු නෙලීමෙන් පසු, මිනිස් පරිභෝජනය සඳහා ඇඹරීම සිදු කරයි. එහි දී වී ඇටයේ පොත්ත ඉවත් වන අතර, නිවුඩ්ඩ හෙවත් කුරුට්ට සහිත සහල් ඇටය ඉතිරි වේ. එම සහල් දුඹුරු, රතු, දම් සහ කළු ඇතුළු විවිධ වර්ණවලින් යුක්ත වේ. සහල්වල නිවුඩ්ඩ එහි සම්පූර්ණ බරෙන් 6-7%ක් පමණ වේ.

බොහෝ දෙනාගේ පළමු තේරීම සුදු සහල් ය. පෙනුම, කල් තබා ගැනීමේ කාලය, රසය, පිසීමේ පහසුව, සම්ප්‍රදාය, ලබා ගත හැකි බව හා වඩාත් ම වැදගත් ලෙස දැනුම්වත්භාවය නොමැතිකම වැනි ඊට බලපායි.

සාම්ප්‍රදායික සහල් වර්ග ශ්‍රී ලාංකීක සංස්කෘතියේ සහ පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ අත්‍යවශ්‍ය අංගයකි. ‘පේයාව’ යනු ශ්‍රී ලංකාවේ පාරම්පරික ඖෂධීය පානයකි. ‘ලූණු කැඳ’ හා ‘කොළ කැඳ’ ද බත් එකතු කිරීමත් සමඟ ම ගුණදායක කැඳ වර්ග දෙකකි.

කුරුට්ට සහිත සහල්වල පෝෂණය

ඉහළ මට්ටමේ ප්‍රොටීන්, තන්තු, ඛනිජ සහ විටමින් අඩංගු වේ

බර කළමනාකරණය රතු සහල් කුඩා කොටසකින් පවා අපව පුරවා ගැනීමට නැඹුරු වේ

රුධිර සීනි පාලනය සම්පූර්ණ ධාන්‍යවල තන්තු අඩංගු වන අතර එය රුධිර සීනි මට්ටම අඩු කිරීමට උපකාරි වේ

දුඹුරු සහල් නිදන්ගත රෝග සහ පිළිකා වැළැක්වීමට ප්‍රයෝජනවත් වේ

තව ද, අඩු ග්ලයිසමික් දර්ශකය ඇති ආහාර බර අඩු කිරීමට, රුධිරයේ සීනි නියාමනය කිරීමට සහ හෘද රෝග සහ දියවැඩියා අවදානම අඩු කිරීමට උපකාරි වේ. අඩු ඨෂ සහිත දුඹුරු සහල් දියවැඩියා රෝගීන්ට, සුදු සහල්වලට වඩා හොඳ තේරීමක් වන අතර එමඟින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවයි.

ධාන්ය සැකසීමෙන් පෝෂ්ය පදාර්ථවලින් අඩක් හෝ තුනෙන් දෙකක් ඉවත් කරනු ලබයි. තිරිඟු වැනි පිරිපහදු කළ ධාන්‍ය වර්ග, නැති වූ පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් නැවත හඳුන්වා දීම හෙවත් පරිපූරණය කිරීම කරනු ලැබේ. බොහෝ අවස්ථාවන්හී දී, වූ පෝෂ්‍ය පදාර්ථ පහක් පමණක් ප්‍රතිස්ථාපනය කරන අතර ඒවායේ මුල් වේශ නිරූපණයට වඩා වෙනස් ප්‍රමාණවලින් ප්‍රතිස්ථාපනය වේ. අවසාන වශයෙන්, දුඹුරු සහල් වඩාත් පෝෂ්‍යදායී සහ වාසිදායක විකල්පය ලෙස පෙනී යන අතර, ඔබ පරිභෝජනය කරන දේ අවසානයේ පුද්ගලික තේරීමක් වේ

රක්චනා බාස්කරන්

BSc (Hons) Biomedical Science, UK

ඔවිනි කංකානම්ගේ

BSc (Hons) Biomedical Science, UK

References
Carcea, M. (2021). Value of Wholegrain Rice in a
Healthy Human Nutrition. Agriculture, 11(8), 720.
https://doi.org/10.3390/agriculture11080720
Hunter, D., Borelli, T., (2019). The potential of
neglected and underutilized species for improving
diets and nutrition. Planta, 250(3), 709–729. https://
doi.org/10.1007/s00425-019-03169-4
OldWays Whole Grain Council. (2019). Compare
Nutrients in Various Grains | The Whole
Grains Council. Wholegrainscouncil.org. https://
wholegrainscouncil.org/whole-grains-101/
health-studies-health-benefits/compare-nutrients-
various-grains
Rose, T. (2022, April 18). Rice and Grains: The
Good, Bad, and Worst. Humble Vege. https://
humblevege.com/rice-and-grains-the-goodbad-
and-worst/Sri Lanka Export Development
Board. (n.d.-a). Health Benefits of Low GI Rice
from Sri Lanka – FAQ – EDB Sri Lanka. Www.
srilankabusiness.com. Retrieved September 14,
2023, from https://www.srilankabusiness.com/faq/
food-and-beverages/benefits-of-low-gi-rice.html
Thennakoon, T. P. A. U., & Ekanayake, S. (2022).
Sri Lankan traditional parboiled rice: A panacea for
hyperglycaemia? PLOS ONE, 17(9), e0273386.