ශ්‍රී ලාංකික ආහාරවලට විදේශිකයන්ගේ ඇති ඉල්ලූම

සියලූ ම සංචාරකයින් ඕනෑ ම ගමනාන්තයක විවිධ ආහාර අනුභව කිරීමට උත්සාහ කරන බැවින් සංචාරක ව්‍යාපාරයේ දී ‘ආහාර’වලට වැදගත් තැනක් හිමිවේ. ශ්‍රී ලංකාවේ ආහාරවලට  සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයේ හොඳ ඉල්ලූමක් පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය ආහාර නිසි ලෙස ප්‍රවර්ධනය කිරීම මගින්, රටට ආර්ථීකමය වශයෙන් වාසි සහගත අවස්ථා උදා කරනු ඇත.

දේශීය ආහාර යනු කිසියම් සංස්කෘතියක්, කලාපයක් හෝ රටකට විශේෂිත වූ අද්විතීය ආහාරයක් විය යුතු ය. දේශීය ආහාර රටෙහි අව්‍යාජත්වය පිළිබිඹු කරයි. දේශීය ආහාර සමඟ දේශීය සංස්කෘතික අත්දැකීම් පාරිභෝගිකයන් සමඟ ඛෙදා ගත හැකි ය. ශ්‍රී ලාංකේය ජනතාව දේශීය ආහාර පරිභෝජනයට පමණක් නො ව අධ්‍යාත්මික කටයුතුවලට සහ දෙවිවරුන්ට නමස්කාර කිරීමට ද භාවිත කරති. ශ්‍රී ලංකාවේ අපට ලබා ගත හැකි දේශීය ආහාර ඕනෑ තරම් ඇති අතර ආහාරවල රසය සහ ඒවා පිසින ආකාරය කලාපයෙන් කලාපයට වෙනස් වේ.

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ඉතා ආකර්ශනීය අංශයකි. ආහාර පිසීම සඳහා විවිධ හැඩ සහ ප්‍රමාණවලින් යුත් මැටි භාජන භාවිත කරන අතර ප්‍රමාණය සහ හැඩය අනුව ආහාර සඳහා උපකරණ භාවිත කිරීම ද වෙනස් වේ. සමහර භාජන විශේෂිත ආහාර සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුට ම දේශීය ආහාර පිළිබඳ සතුටුදායක සහ ධනාත්මක ප්‍රතිරූපයක් ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ කෑම වර්ග, එළවලූ, පලතුරු, යුෂ වර්ග කෑමට කැමැත්තක් දක්වන අතර, ඉන් බොහෝ දෙනකු බත්, කරපිංචා, මුහුදු ආහාර, ඇඹුල්තියල්, පරිප්පු, කුකුල් මස් කරි, ඉඳිආප්ප, ඉස්සන්, අඹ, අන්නාසි, කොස් යනාදීය කෑමට ප්‍රිය කරති. සූපවේදීන්ට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සැර සහ රසවත් ය. තව ද, විවිධ පෝෂණ අගයන් සහිත ව ඒවා ඉතා සෞඛ්‍ය සම්පන්න ය. සංචාරකයන්ගෙන් බහුතරයක් ඉල්ලා සිටින්නේ තරමක් සැර සහිත දේශීය ආහාර සහ බටහිර ආහාර සංස්කෘතිය සමඟ බද්ධ වූ ආහාර ය.

සංචාරකයින් අතර දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට සුපවේදීන්ගේ යෝජනා

වෙබ් අඩවි සංවර්ධනය, සමාජ මාධ්‍ය ප්‍රවර්ධන, දේශීය ආහාර වාර්තා චිත්‍රපට, ජාත්‍යන්තර ගුවන් තොටුපලවල පින්තූර සහ වීඩියෝ ප්‍රදර්ශනය කිරීම සහ දේශීය ආහාර ප්‍රදර්ශන / උත්සව සංවිධානය කිරීම

ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන දේශීය ආහාර ගැන පැහැදිලි කිරීමේ දී ෙඓතිහාසික කාරණා ද ගෙනහැර දක්වමින් පැහැදිලි කිරීම. විශේෂයෙන් ම ජාත්‍යන්තර සංචාරකයින් සඳහා දේශීය ආහාර පිළිබඳ ඉගැන්වීමේ සහ දැනුම්වත් කිරීමේ සැසි හෝටල්වල කළ හැකි ය. එසේ ම ඇතැම් හෝටල්, ගම්මුන් සමඟ එක් ව සජීවී ආහාර පිසීමේ සංදර්ශන කරනු ලබන අතර, එවැනි අවස්ථාවල ගම්වැසියන් ව අපේ ආහාරවල භාවිතය ප්‍රතිලාභ පිළිබඳ වඩාත් හොඳින් පුරුදු පුහුණු කර තිබීමෙන් අපේ ආහාරවලට සංචාරක ආකර්ශනය වැඩි දියුණු වීමට හේතු වනු ඇත.

බොහෝ හෝටල්වල ඔවුන්ගේ අවන්හලේ ජාත්‍යන්තර බුෆේ එකක් තිබේ. පර්යේෂණ ප්‍රතිඵල මත පදනම් ව විකල්ප ආහාරයක් ලෙස ප්‍රධාන බුෆේ එකට දේශීය ආහාර ඇතුළත් කිරීම වඩා හොඳ බව යෝජනා වී ඇත.

දේශීය ආහාර පිළිබඳ විශේෂඥ පුහුණුව ලත් සූපවේදීන් කර්මාන්තයට අවශ්‍ය වේ. අවාසනාවකට, දේශීය ආහාර පිළිබඳ විශේෂඥ සූපවේදීන් සඳහා ශ්‍රී ලංකාවේ හොඳ ඉල්ලූමක් නොමැත. ඒ නිසා ලංකාවේ සූපවේදීන්ට නිසි ප්‍රමිතියක් සහ පිළිගැනීමක් තිබිය යුතුයි. ආහාරවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා කාබනික දේශීය අමුද්‍රව්‍ය භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. අපි හෝටල්වල දේශීය ආහාර ප්‍රවර්ධනය කරන විට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දායකත්වය ලබා ගැනීම වඩාත් සුදුසු බවත් නිගමන වී ඇත.

ඉංග්‍රීසි පරිවර්තන හෝ උපසිරැසි සමඟ දේශීය කෑම වර්ග පිළිබඳ වීඩියෝ පළ කිරීමෙන් සමාජ මාධ්‍ය අලෙවිකරණය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා හොඳ වන අතර වීඩියෝ ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා සහ සඟරාවල පළ කිරීම

ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ ව වැඩි අවබෝධයක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයෙන් දේශීය ආහාර සැණකෙළි සංවිධානය කිරීම

සැබැඳිය-

https://www.researchgate.net/publication/362805767_The_Demand_for_Local_Food_in_Five-and_Four-Star_Hotels_in_Sri_Lanka_from_the_Perception_of_Sri_Lankan_Chefs

රජින්ද්‍රා සිරිවර්ධන

පර්යේෂණ සහ සංවර්ධන ආයතනය