පහතරට නර්තන සම්ප්‍රදාය, හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ද රයිගම්, සල්පිට, හේවාගම් හා සියනෑ කෝරළවල ද ව්‍යාප්ත ව පවතී. එක් නර්තන සම්ප්‍රදායක් වුව ද පහතරට නර්තන සම්ප්‍රදායයේ ප්‍රදේශීය වශයෙන් හා ගුරුකුල වශයෙන් විශේෂතා දැකිය හැකි රංග ශෛලි තුනකි. ඒවා මාතර රංග ශෛලිය, ඛෙන්තර රංග ශෛලිය හා රයිගම් රංග ශෛලිය යනුවෙන් හැඳින්වේ. එකී රංග ශෛලිවල එන ශාන්තිකර්මවල අන්තර්ගත නාට්‍යමය පෙළපාලිවලින් ගම්‍ය වන්නේ බාහිර හා අභ්‍යන්තර වශයෙන් එකිනෙකට වෙනස් වූ අරමුණු හේතු පාදක කොට ගෙන ශාන්තිකර්ම පැවැත්වුවත් ශාන්තිකර්මවල පොදු අපේක්ෂාව, ලෙඩ රෝග දුරු වී සශ්‍රීකත්වය හා සෞභාග්‍ය උදා කර ගැනීම බවයි.
කාන්තාව සහ යාතුකර්ම
“දාරක සම්පත්තිය” සෑම ගැහැණියක ම ලැබිය යුතු උතුම් සම්පතකි. සිංහල ජන සමාජයේ සෑම කාන්තාවක ම, මවක විය යුතු ය යන විශ්වාසය පවතී. මේ නිසා අතීතයේ සිට ම දරු උපතක් ලබා ගනු වස්, ශ්‍රී මහා බෝධියට හෝ දළදා මාළිගාවට භාර වීම, පත්තිනි දෙවියන්ට භාරවීම වැනි ඇදහිලි හා විශ්වාස මත පදනම් වූ වත් පිළිවෙත් පැවතිණි.
මෙසේ විවිධ වූ වත් පිළිවෙත්වල හා වෙද හෙදකම්වල නිරත වූවත්, ඉන් සෑහීමට පත් නො වූ ගැමියෝ “කාන්තාවගේ වදභාවය” කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඇති කරන්නක් ලෙස අවිඥානවික ව හෝ සවිඥානවික ව සිතා එම බලවේගය විසින් ඇති කරන ව්‍යසනයෙන් මිදීමට දේශීය යාතුකර්මවල පිහිට පැතූහ. උඩරට, පහතරට හා සබරගමු යන සම්ප්‍රදායය ත්‍රයයෙහි ම “ගර්භ සංරක්ෂණය” අරඹයා යක් තොවිල් තිබීමෙන් එය සාක්ෂාත් වේ. උඩරට ප්‍රදේශයෙහි කළස් යාගය, කඩවර කංකාරිය, රුප්පා යකුම කාන්තාවන්ට පමණක් සුවිශේෂී වූ ශාන්තිකර්ම ලෙස ප්‍රචලිත ව පවතින අතර සබරගමුවේ ප්‍රධාන වශයෙන් “කුමාර සමයම” ගර්භ සංරක්ෂණය වෙනුවෙන් ප්‍රචලිත ව පවතී. ඊට අමතර ව, කඩවර කංකාරිය, කළස් වෛද්‍ය, කළු කුමාර තීන්දුව කැපීම, කළු කුමාර යන්ත්‍රය කැපීම, කඨිනා බලිය, යස්සගිරි බලිය, වින රාජ කසාය දීම, කිරි අම්මාවරු වෙනුවෙන් යැදීම වැනි වත් පිළිවෙත් ද පවතියි. පහතරට ප්‍රදේශයේ ද දාරකෝත්පත්තිය හා සම්බන්ධ ව පවතින විවිධ අභිචාර විධි සහ වත් පිළිවෙත් ප්‍රචලිත යක් තොවිල්, අප්‍රචලිත යක් තොවිල් සහ සුළු පරිමාණයේ වත් පිළිවෙත් වශයෙන් වර්ග කළ හැකි අතර, එකී ශාන්තිකර්මවල, ප්‍රදේශීය වෙනස්කම් වේ.
පහතරට කාන්තාවන් වෙනුවෙන් ම කරනු ලබන ප්‍රචලිත යක් තොවිල් හතරකි. මාතර රිද්දි යාගය, ඛෙන්තර රට යකුම, මාතර මහ කළු කුමාර සමයම සහ ඛෙන්තර කළු කුමාර සමයම ලෙස යග ඒවායේ ව්‍යූහය බොහෝ දුරට සාම්‍යය වූවත්, සුළු සුළු වෙනස්කම් ප්‍රදේශීය විචල්‍යතා ලක්ෂණ අනුව දෘශ්‍යමාන වේ. ප්‍රචලිත කාන්තා යක් තොවිල් මෙන් ම දාරකෝත්පත්තිය පහසු කරවන, දාරකයින් පිළිසිද ගැනීමට උපකාර වන, කළු යක් මඩුව, කළු කුමාර දොළ දීම, දළ කුමාර බලිය සහ ගර්භ ශාන්තිය යන අප්‍රචලිත යක් තොවිල් ද පහතරට දක්නට ලැබේ. හේවාගම් කෝරළයේ හෝමාගම, පාදුක්ක වැනි ප්‍රදේශවල දරු ගැබ ඇති වී කීප වතාවක් ගබ්සා වී නම්, දරු ගැබ නො පිහිටන්නේ නම් “කළු යක් මඩුව” යක් තොවිලය පවත්වනු ලැබේග කළු යක් මඩුව, ඛෙන්තර කළු කුමාර සමයමට සමාන වූවත් එය පවත්වන පූජා විධි රටාවේ යම් යම් විෂමතා තිඛෙයි. කෙසේ වූවත් මෙම යක් තොවිල්, මානසික ප්‍රතිකර්ම විෂයයෙහි ඉතා ප්‍රබල ස්ථානයක තැබිය හැකි වෛද්‍ය ක්‍රමයකිග එහෙත් අද්‍යතනයේ යක් තොවිල්වල පැවැත්ම ක්‍රමයෙන් හීන වන ආකාරයක් දැක ගත හැකි ය. මේවා ඉදිරිපත් කරන යකැදුරු පරම්පරාවලින් ද මේවා ක්‍රමයෙන් දුරස් වන ආකාරයක් පෙනේ. ඊට හේතුව මෙම යාතුකර්ම මගින් ලැඛෙන මානසික විශ්‍රාන්තිය හෝ මේවායේ සාහිත්‍යමය වටිනාකම පිළිබද අවබෝධයක් සමාජයෙහි නැති වීම යයි අනුමාන කළ හැකි ය.
ආයුර්වේදය සහ ශාන්තිකර්ම
භාරතයෙන් දායාද වූ ආයුර්වේදය අද වන විට ලාංකිකයින්ගේ දේශීය වෛද්‍ය ක්‍රමය බවට පත් ව තිබේ. ආයුර්වේදයෙහි වෙන ම අංගයක් ලෙස ශාන්තිකර්ම අන්තර්ගත කොට තැබීමෙන් පෙනී යන්නේ, ශාන්තිකර්ම හුදෙක් කලා අංගයක් පමණක් ම නොවන බවයි. එහි ප්‍රභවය, විකාශය, පූජා විධි රටාව දෙස බලන විට ශාන්තිකර්ම තුළ මනෝ චිකිත්සාවක ලක්ෂණ පරිපූර්ණ බව දෘශ්‍යමාන වේ. ලංකාවේ පවත්නා සෑම ශාන්තිකර්මයක ම මෙන් ම කාන්තා යක් තොවිල්වල ද ව්‍යූහය මානසික රෝග නිවාරණය උදෙසා ක්‍රමික ව සකස් වී ඇත. එකී යක් තොවිල්වල දී යාගය පවත්වන ඇදුරා හෝ යකැදුරා ප්‍රධාන මනෝ වෛද්‍යවරයා වන අතර ඔහු විසින් ආතුරයාට කරනු ලබන චිකිත්සක ප්‍රතිකාර ක්‍රම හතරකි. එනම්,
රෝගියාගේ විශ්වාසය දිනා ගැනීම
ආතුරයාට අභ්‍යාස මගින් සිතට සහනය ළ`ගා කිරීම
ක්‍රමයෙන් සත්‍යයට අවතීර්ණ කිරිම
අනතුරු ව රෝගය සුව බව අවබෝධ කර දී යථාර්ථය අවබෝධ කොට දීම ය.
ශාන්තිකර්මයක ආරම්භයේ සිට අවසානය දක්වා, මනෝ චිකික්සක ලක්ෂණ රැසක් වන අතර, පූර්වෝක්ත මනස සුව පත් කරන බුද්ධිමත් ක්‍රියාවලිය ශාන්තිකර්මයේ පූජා රටාවෙහි රැ`දී ඇත. එසේ ම මනස සුව පත් වීම ආරම්භ වන්නේ, ආතුරයාගේ රෝගය නිවාරණය කරනු වස් ශාන්තිකර්මය කිරීමට පොරොන්දු වීමක් ලෙස කළසක් වෙන් කිරීම හෝ ඇප නූලක් බඳිනු ලබන දින සිට ය. මෙහි දී ශාන්තිකර්මය කරන තෙක්, ආතුරයා ආරක්ෂා කර දෙන ලෙස සියලූ දෙවි දේවතාවුන්ගෙන් හෝ යකුන්ගෙන් ඉල්ලා සිටී. මෙසේ කාන්තාවන් විෂයයෙහි පවත්වන ප්‍රචලිත යක් තොවිල් වන රිද්දි යාගය හෙවත් රට යකුම, මහ කළු කුමාර සමයම ද, කාන්තාවන් විෂයයෙහි පවත්වන අප්‍රචලිත තොවිල් වන කළුයක් මඩුව, කළු කුමාර දොළ දීම, දළ කුමාර බලිය, ගර්භ ශාන්තිය, වැනි යක් තොවිල්වල ආරම්භයේ සිට ම ආතුරයාගේ මනසෙහි විශවසනීයත්වයක් ඇති කර, තමාට යම් රෝගයක් ඇති වූවා නම් එයට පුද පූජා පැවැත්වීමෙන් සියලූ කරදර දුරුව යතැයි යන විශ්වාසය මනසට කාවැද්දීමට සමත් වේ. මේ නිසා “මෙතැන් පටන් මට දෙවියන්ගේ ආනුභාවය ලැඛෙන්නේ ය, මගේ රෝගය සුව පත් වන්නේ ය” යන විශ්වාසය ආතුරයාගේ සිතේ ස්ථීර ව ම තැන්පත් වේ. එම හැගීමෙන් පළමු වරට තම රෝගීභාවය තුරන් වීම පිළිබ`ද ව අස්වැසිල්ලක් සිත්හි නිධන් වන ආතුරයාගේ බලාපොරොත්තුව පෙරදැරි කොට ගෙන, නිසි කලට අදාළ ශාන්තිකර්මය කර ගැනීමට සිතින් සූදානම් වේ.
යාගය ආරම්භයේ සිට ම වස්දඩු පිඹීම, අවස්ථාවට උචිත ඛෙර වාදනය, කන්නලව් කිරීමේ දී ගායනා කෙරෙන බැගෑපත් නාද මාලාව, ආශිර්වාද කවිවල ඇති ශක්තිමත් නාද රටාව ආදියෙහි අන්තර්ගත ශබ්ද රසයෙන් ද ආතුරයාගේ ඇස හා කණ යන ඉන්ද්‍රියයන්ට ශබ්දය ඇති කර මනසට චිකිත්සාව ඇති කරවයි. ඒ තුළින් චිත්ත රූප මැවීමේ ශක්තිය ඇති කර ආතුරයාගේ සිත සමාධි ගත කරවීමකට ද සමත් වෙයි. ඛෙන්තර පළාතේ දී මෙන් කළු යක් මඩුවේදී ද යක්ෂයින් සභාගත වීමෙන් ආතුරයාගේ සිත තුළ භය ඇති කොට පසුව යක්ෂයා සමග කෙරනෙ හාස්‍ය සංවාද මගින් භය තුරන් කොට හර්ෂය උත්පාදනය කිරීමට සමත් වීම ශාන්තිකර්මය තුළ දක්නට ලැඛෙන චිකිත්සක ලක්ෂණයකි. එසේ ම යකා සජීවී ව ම දැකීමෙන් විස්මය ඇති කරවීමත්, යකැදුරා යක්ෂයාට ආතුරයාගේ රෝගය නිවාරණය කරන ලෙස තර්ජනාත්මක ව ප්‍රකාශ කිරීමත් මානසික රෝග ව්‍යුපසමනයේ දී යොදා ගන්නා මනෝ චිකිත්සක ප්‍රතිකාරයි.
කාන්තා යක් තොවිලයක පූජා විධි රටාවේ එන නාට්‍යෝචිත පෙළපාලි අංග ආතුරයාගේ මනස පෝෂණය කරන්නා වූ, පිරිසුදු ලේ ගමනය ඇති කරන්නා වූ විද්‍යාත්මක මනෝමය ප්‍රතිකාර ක්‍රමයකි. එමගින් ආතුරයාගේ ස්මෘතිය මැනවින් වර්ධනය වේ. තව ද ඒවායෙහි කියැවෙන මන්ත්‍ර, කෙටි කවි, දිගු කවි ආදී ගායනා විලාස මගින් ශබ්ද චිකිත්සාවක් ඇති කරයි.
ශාන්තිකර්ම භූමියේ ඇදුරන්ගේ කලා කෞශල්‍යය හා ප්‍රතිභා ශක්තිය ඉස්මතු කරන පිදේනි තටු, නවමාලේ පිදෙන්න, නානුමුර වට්ටිය, කපුයක්කාරියේ දී ගන්නා වවුන්න, කපු යන්ත්‍රය වැනි පූජා භාණ්ඩ හා යකුන් සභාගත වීමේ දී අතට ගන්නා කඩුව, මුගුර වැනි ආයුධ හා පිදේනි තටු සදහා ගොක් කොළ, කෙසෙල් බඩ, පුවක් ගස්, හබරල කොළ සැරසිලි සදහා උපයෝගී කොට ගෙන ඇත. එකී සැරසිලි හා පූජා භාණ්ඩ ආතුරයාගේ නෙත පිනවා වර්ණ චිකිත්සාවක් ඇති කිරීමට සමත් වන අතර පෙළපාලි අංගවල දී ඇදුරන් අදිනු ලබන ඇදුම් පැළදුම්වලින් ද එකී වර්ණ චිකිත්සාව තීව්‍ර කරවයි.
පූර්වොක්ත රෝග නිවාරණය සදහා ම කෙරෙන ශාන්තිකර්ම භූමියක් මැවීමට යකැදුරන් සමත් වන බැවින් ශුද්ධ භූමියකට ඇතුඵ වූවාක් වැනි ශාන්ත හැගීමක් ජනිත කරවීමට සමත් වේ.
කාන්තාවන් විෂයයෙහි පවත්වන ශාන්තිකර්මයක අපේක්ෂාව, ආතුර කාන්තාවට සෙතක් ශාන්තියක් කිරීම ය. ඒ අනුව යක් තොවිලය අවසානයේ ආතුරයාගේ මනස ශාන්ත බවට පත් විය යුතු අතර, ඉන්ද්‍රිය පිනවීම මගින් ශරීරයේ හෝමෝන ද සමතුලිත විය යුතු ය. ආයුර්වේදයට අනුව පුද්ගලයකුට මානසික රෝග ඇති වන්නේ, ධී, ධෘතී සහ ස්මෘතී යන මානසික ගුණාංග අඩුවීමෙන් හා සත්ත්ව ගුණය හීන වීමෙනි. ඒ අනුව ශාන්තිකර්ම මගින් කෙරෙනුයේ සත්ත්ව ගුණය ඉහළ නංවා ධී, ධෘති හා ස්මෘති යන මානසික ගුණාංග නැවත ස්ථාපිත කිරීමයි. එයින් පසිදුරන්ගෙන් ඇස සහ කණ ප්‍රසන්න වේ. ඒ අනුව කාන්තාවන් විෂයයෙහි කරනු ලබන සෑම යක් තොවිලයක ම මනෝ චිකිත්සක ලක්ෂණ රැසක් ද පරිපූර්ණ වූ කලා අංග ද විද්‍යමාන වේ.
පුෂ්පා කලමුල්ලගේ, නැටුම් ආචාරිනී, ර/ පුස්සැල්ල මහා විද්‍යාලයය, රත්නපුර