ඡායාරූප හඬ (Photo voice)

“ඡායාරූප හඬ”, පර්යේෂණ ක්‍රමයක් ලෙස භාවිත වන අයුරු හඳුනා ගැනීමට, පළමු ව ඡායාරූපයක් ද එම ඡායාරූපයට අදාළ පාඩම, මාර්ගගත ව කළ කේ. කේ. චමනි රේණුකා ගුරුතුමිය ලියූ කවියක් ද අධ්‍යයනය කරමු.

 

සිප් ගඟක් ගලා යන මිහිරි            මිටියාවතක

සෙනෙහසේ රළ තරඟ සිසිල දැනෙනා ඉමක

දයාබර පැටවුන්ට සිනා ගෙනෙනා      මතක

පාඩමට දැවටෙනා කදුඵ පිස ගුරු     නෙතක

 

දෙවනුව, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ සත්ත්ව පාලන විද්‍යාව උපාධිය හදාරන නෙත්මා එස්. රණතුංග ගත් ඡායාරූපයක් ද ඒ පිළිබඳ ව ඇය ලියූ සටහනක් ද අධ්‍යයනය කරමු (අනෙක් පිටුවේ).

එම ඡායාරූප දෙක ද ඒ පිළිබඳ කවිය සහ විස්තරය ද, කොවිඩ්-19 නිසා පාසලට හෝ විශ්වවිද්‍යාලයට යන්නට බැරි වූ ගුරුතුමියකගේ සහ ශිෂ්‍යාවකගේ සිතිවිලි ධාරා සමාජයේ අනිකුත් අයට දැන ගන්නට හැකි ලෙස රූපගත කර ලියා සමාජ ගත කර ඇත. ඒ ඡායාරූප ද සිතිවිලි ධාරා ද පිළිබඳ ව, වෙනත් ගුරුවරුන් හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සතු විවිධ සිතිවිලි ධාරා හඳුනා ගැනීමට තවදුරටත් මේ දෙදෙනා සමඟ සාකච්ඡා කළ හැකි ය. එමගින් එකී සුවිශේෂී සමාජ කණ්ඩායම් දෙක සතු අදහස් (සමහර විට මේ වන විටත් සමාජගත ව නැති අදහස්) පළල් ලෙස හඳුනා ගෙන සමාජගත කළ හැකි ය. මේ අනුව “ඡායාරූප හඬ” යනු සමාජයේ පවතින සැඟවුණු යථාර්ථය

  • නිරූපණය කිරීමටත්
  • ලේඛනගත කිරීමටත්
  • ප්‍රත්‍යවේක්ෂණය කිරීමටත්

ඡායාරූප ඇසුරින් භාවිත කළ හැකි ගුණාත්මක පර්යේෂණ ක්‍රමයකි. ප්‍රජා කණ්ඩායමක් පිළිබඳ ව කළ හැකි සහභාගිත්ව පර්යේෂණයක  දී භාවිත කළ හැකි පර්යේෂණ ක්‍රමයක් ලෙස ද ඡායාරූප හ~ සැලකිය හැකි ය.

මෙහි දී කිසියම් ප්‍රජාවක් නිරූපණය කරන ඡායාරූපයක් පිළිබඳ ව කණ්ඩායමක් එකතුව (කණ්ඩායම කුඩා හෝ විශාල විය හැකි ය), සහයෝගයෙන්, ඡායාරූපය පිළිබඳ වත් එමගින් ඉස්මතු වන කතාන්තරය පිළිබදවත් විවාදාපන්න ප්‍රශ්න සිිමැ පිළිබඳවත් සාකච්ඡා කරමින් අර්ථනිරූපණය කරනු ලැබේ. එමගින් සමාජයේ වෙනසකට ගත හැකි පිළියම් පිළිබඳවත් අවධාරණය කළ හැකි ය.

“ඡායාරූප හඬ” භාවිතයෙන්, පසුබට සමාජ කණ්ඩායම් ාසි්ාඩ්බඒටැා ජදපපමබසඑසැි- පිළිබඳ ව සජීවි අත්දැකීම් ලබා ගැනීමටත් ඒවාට සමාජයේ හඩක් ලබා දීමටත් සමාජ වෙනසක් කිරීමට අපේක්ෂා කරන අයට හැකියාව තිබේ.

“ඡායාරූප හඬ” පිළිබඳ නිර්වචනයක්

දුප්පත්කම, භාෂා නොහැකියාව, ජන වර්ගය, සමාජ පන්තිය, ස්ත්‍රි/පුරුෂ සමාජභාවය, සංස්කෘතිය හෝ වෙනත් හේතු කරණ කොට ගෙන, අවම බලයක් ඇති පුද්ගල කණ්ඩායමකට, ස්වකීය පරිසරය සහ අත්දැකීම් නිරූපණය කිරීමටත් අන් අය සමග ඛෙදා හදා ගැනීමටත් වීඩියෝ පටයක් හෝ ඡායාරූපයක්  භාවිත කිරීමේ ක්‍රියාවලියක් ලෙස “ඡායාරූප හඬ” සැලකිය හැකි ය. ඡායාරූපය සමග ලියැවෙන අදහසකින් අදාළ කණ්ඩායමේ ජීවන යථාර්ථය සමාජයටත් ප්‍රතිපත්ති සම්පාදකයන්ටත් පෙන්වා දී, ජීවන රටාවේ ද ජීවන රටාවට අදාළ ව දැනට පවතින ප්‍රතිපත්තියේ ද යහපත් වෙනසක් සඳහා බලපෑම් ද කළ හැකි ය.

 

“ඡායාරූප හඬ” නිර්මාතෘ සහ එහි දාර්ශනික පදනම

“ඡායාරූප හඬ” හා සබැඳි සංකල්පය දිගු කලක් පැවතිය ද ඒ සඳහා න්‍යායාත්මක පදනමට අදාළ ශාස්ත්‍රිය කාර්ය ඉටු කරන ලද්දේ කැරොලින් වැන්ග් විසිනි. වැන්ග් සහ මේරි ඈන් බුරිස් විසින් සංවර්ධනය කරන ලද “ඡායාරූප හඬ” සඳහා පදනම් වූයේ  ලෝකයේ අදහස් ධාරා තුනක සංයෝජනයකි.

  • බ්‍රසීලයේ අධ්‍යාපනඥ පවුලෝ ෆ්‍රෙයරි  ත‍රුසරු- ඉදිරිපත් කළ —විවේචනාත්මක සංවේදීභාවය ” මගින් ලෝකය ක්‍රියා කරන ආකාරය පිළිබඳ ගැඹුරු තේරුම් ගැනීමක් ද සමාජය, දේශපාලනය සහ බල සම්බන්ධතා පුද්ගලයකුට බලපාන ආකාරය ද විග්‍රහ කෙරෙයි.
  • කාන්තා හඬ වැදගත්කම අවධාරණය කරන කාන්තා න්‍යාය
  • සමාජ වෙනසක් සඳහා උදව් කරන ලේඛ්‍ය ඡායාරූපකරණය

මේ පිළිබඳ මුල් ම ක්‍රියාකාරකම සිදු වූයේ මෙලෙස ය. චීනයේ යුනාන් පළාතේ ගැමි කාන්තාවන් කණ්ඩායමක් සඳහා වැන්ග් සහ බුරිස් කැමරා ලබා දුන් අතර, ඔවුන් අවුරුද්ද පුරා ම ඔවුන්ගේ ජීවිතය හා පරිසරය ඡායාරූප ගත කළහ. ඔවුන් ගත් පින්තූර බැලීම හා සාකච්ඡා කිරීම සඳහා කාන්තා කණ්ඩායම් නියමිත වේලාවලට එක්රැස් වූහ. ව්‍යාපෘතිය අවසානයේ දී, මෙම කණ්ඩායම ඔවුන් ගත් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වූ අතර, එම ප්‍රදර්ශනය, සාමාන්‍ය ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට, ස්වකීය අවශ්‍යතා ගැන දැනුම්වත් කිරීම සඳහා භාවිත කළහ. එමගින් කාන්තාවන්ට තම අදහස් පළ කිරීමට හැකි වූ අතර, වැඩි ආත්ම ගෞරවයක් සහ ඔවුන්ගේ ජීවිත කෙරෙහි වැඩි පාලනයක් තමන්ට කර ගත හැකි බවට හැඟීමක් ද ඔවුන්ට ඇති වී තිබුර්‍ණ. මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන වැන්ග් “ඡායාරූප හඬ” පර්යේෂණ ක්‍රමයෙහි නිර්මාතෘවරිය ලෙස සැලකෙයි.

 

“ඡායාරූප හඬ” සම්බන්ධ මූලික සංකල්ප මෙසේ ය

  • රූපය සමාජයට උගන්වයි
  • ඡායාරූපවලට ප්‍රතිපත්ති සඳහා බලපෑම් කළ හැකි ය
  • මහජන ප්‍රතිපත්ති හැඩ ගැස්වීමට උචිත රූප නිර්මාණය කිරීමට සහ නිර්වචනය කිරීමට ප්‍රජා සාමාජිකයන් සහභාගි විය යුතු ය.
  • ප්‍රතිපත්ති සම්පාදකයන් ද අනිකුත් බලපෑම් කළ හැකි පුද්ගලයන් ද සවන් දෙන්නන් ලෙස සහභාගි කරවා ගැනීමට සැලසුම්කරුවන්, මුල දී ම කටයුතු කළ යුතු ය
  • “ඡායාරූප හඬ” පුද්ගල සහ ප්‍රජා ක්‍රියා අවධාරණය කරයි.

දුෂ්කර පරිසරවල වෙසෙන තරුණයන්, ආබාධ සහ රෝගි තත්ත්ව සහිත පුද්ගලයන්, ඉතා දුප්පත් හෝ හිරිහැරවලට ලක් වන කණ්ඩායම් හා බලයේ සිටින අය සහ ප්‍රජාව විසින් නොසලකා හරින පිරිස්වල රටා හඳුනා ගැනීමටත් ඔවුන් සම්බන්ධ ජීවන රටා විශ්ලේෂණය කර විසඳුම් හඳුනා ගැනීමටත් ඡායාරූප හඩ ක්‍රමශිල්පය භාවිත කර තිබේ. තවදුරටත් භාවිත කළ හැකි ද වේ.

ඡායාරූප හඩ සහභාගිත්ව ක්‍රියාමූලික පර්යේෂණ ක්‍රමයක් ලෙස ද සැලකිය හැකි ය. නිශ්චිත ජන කණ්ඩායමක රටා නිරූපණයට සහ ඒ මගින් එකී ජන කණ්ඩායමේ වෙනසක් සඳහා මැදිහත් වීමක්,”ඡායාරූප හඬ”ට අඩංගු වන නිසා ය. ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශයේ පර්යේෂණ ක්‍රමයක් ලෙස ද “ඡායාරූප හඬ” සැලකිය හැක්කේ, එමගින් ජන කණ්ඩායමක රටා ඉස්මතු කිරීමට උචිත දත්ත රැස් කිරීමට සහාය වන නිසා ය.ජන කණ්ඩායමක රටා සඳහා ඇගයුම් උපකරණයක් ලෙස ද “ඡායාරූප හඬ” ක්‍රියා කරන නිසා ය.

ඔබට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස, කොවිඩ් -19 නිසා ලෝකයේ විවිධ රටවල (ශ්‍රී ලංකාව ද ඇතුඵ ව) සමාජ සාමාජිකයන් ලද අත්දැකීම්, සිංහල සහ ඉංග්‍රිසි භාෂාවලින්,  ඡායාරූප හ~ ක්‍රමය අනුව ප්‍රකාශ කර ඇති අයුරු අධ්‍යයනය කළ හැකි ය. ඔබටත් ඒ සඳහා ඔබේ අදහස් පළ කිරීමෙන් දායක විය හැකි ය.

 

https://knowledgedemocracyorg.wordpress.com/projects-and-events/arna-social-solidarity-project/social-solidarity-project-gallery/

ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු