නූතන වෛද්‍ය විද්‍යාවේ විකාශනය
මෙවර ගවේෂණ කලාපය වෙන් කරනු ලැබුවේ විවිධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව සාකච්ඡා කිරිමට ය. මන්ද එය මේ වන විට යම් මට්ටමකට සාකච්ඡාවට භාජනය වන නිසා ය. සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය නැති නම් දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව ද ආයුර්වේද, යුනානි, සිද්ධ, හෝමියෝපති වැනි බටහිර ප්‍රතිකාර විධි ක්‍රමවලට විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව ද, මෑත යුගයේ සාකච්ඡා පමණක් නො ව මතවාදී ගැටුම් ද නිර්මාණය වූයේ කොරොනා අර්බුදය කරණ කොට ගෙන ය.
නූතන වෛද්‍ය විද්‍යාව යනු, වෙනත් විකල්ප දැනුම් පද්ධති මගින් පෝෂණය වී ඉදිරියට ගිය බටහිර වෛද්‍ය විද්‍යාවයි. ඒ බව තේරුම් නො ගන්නා සමහරු මෙම එකිනෙක වෛද්‍ය ක්‍රම ඉරි ගසා-කොටු ගසා වෙන් කළ හැකි යැයි උපකල්පනය කරති. මෙම තර්ක විතර්ක කරනු ලබන, මනෝ විද්‍යාත්මක පාරිභාෂාවේ සුදු-කළු චින්තනය නමින් හඳුන්වන සිතිවිලි රටාවලට අනුගත වන ඔවුහු, එක්කෝ බටහිර ක්‍රමය එසේත් නැතිනම් වෙනත් විකල්ප ක්‍රමවේද පිළිබඳ ව පක්ෂග්‍රාහී ව කතා කරති. බටහිර වෛද්‍ය විද්‍යාවේ පදනම වූයේ බටහිර රටවල් ය. එහෙත් එම බටහිර රටවල් ලෝකය පුරා සැරිසරමින්, තම මතවාදය පතුරවමින් යන අතර, අනික් රටවල දේශීය දැනුම අධ්‍යයනය කරමින් හෝ කොල්ල කමින්, ඔවුහු තමන්ගේ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය, අන් රටවල පවතින දේශීය දැනුම මත පර්යේෂණ කරමින්, එම දැනුම ද පදනම් කර ගෙන, බටහිර විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව දැනුම සංවර්ධනය කළ බව නොරහසකි
එක් අතකින් මෙයාකාරයට, දේශිය දැනුම බටහිරට නතු කර ගනිමින් පවතින විට දී, තමන්ගේ සාම්ප්‍රදායික දැනුම් ලේඛනගත කිරීමකින් තොර ව හෝ කටින් කට හෝ ඉදිරියට ගෙන යෑම නිසා හෙවත් පුස්කොළ පොතක සටහන් කිරීමට අමතක කොට ගුරු මුෂ්ටිය තබා ගනිමින් අකාලයේ දේශීය දැනුම ද සමඟ මිය යෑමට ද කටයුතු කර ඇති බව ද කටුක සත්‍යයකි.
නව දැනුම සැම විට ම ඉදිරියට යන්නේ, පවතින දැනුම ආරක්ෂා කරමින්, තවත් සංවර්ධනය කිරීම මගින් පමණකි. ඒ සඳහා පර්යේෂණ කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව නොරහසකි. සමහරුන්ට පර්යේෂණ යනු විද්‍යාගාර තුළ කරනු ලබන එසේත් නැත්නම් බටහිර පර්යේෂණ මූලධර්ම මත පමණක් ම පදනම් වූ ක්‍රියාකාරකම් ය. එහෙත් තනි සිද්ධි අධ්‍යයන (single case studies), නිරීක්ෂණ අධ්‍යයන (observational studies) ආදිය මගින් පවතින දැනුම නරීි කෂ් ණය කොට නගි මනවලට එළඹිය හැක ි බව සමහරු නොසලකත.ි තවත් සමහරුන්ට අනුව බටහිර පර්යේෂණ ක්‍රමවේදzපට්ටපල් බොරු ය.
තවත් සමහරුන්ට අනුව බටහිර වෙදකම් කරන රෝහල් රටකට අවශ්‍ය ම නැත. මෙවැනි අතිශය පටු වූ සුදු-කළු චින්තනය තුළ, දැනුම කොටු වන හැටි පැහැදිලි ය. වෙනත් දැනුම් පද්ධති මුසු වී දැනුම සංවර්ධනය වන ආකාරය ද, විවිධ ප්‍රතිකාර ක්‍රම එක් වී, එක් කොට තවදුරටත් සංවර්ධනය වන ආකාරය ද, තේරුම් ගැනීමට සූදානම් නැති පටු මානසික තත්ත්ව තුළ අනවශ්‍ය ගැටුම්වලට මාවත විවර වනු ලැබේ. තවත් ප්‍රබල ව මතු වන ප්‍රශ්නයක් නම් සාම්ප්‍රදායික හෝ ආයුර්වේද හෝ බටහිර නොවන වෛද්‍ය ක්‍රම පිළිබඳ ව, බටහිර පර්යේෂණ ක්‍රමවේද අනුව පර්යේෂණ කළ හැකි ද යන්නයි.
කෙසේ නමුත් අප දකින්නේ මෙම සියලූ කරුණු කාරණා හික්මීමකින් ද විවෘත මනසකින් ද තව තවත් පුළුල් සාකච්ඡාවලට භාජනය විය යුතු බවයි. එම නිසා සුදු කළු චින්තනයට යටත් නො වී, ගවේෂණ සඟරාව මගින් මෙවර උත්සාහ දරන්නේ මෙම වෙනස් මත ඉස්මතු වන පරිදි, විවිධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව ප්‍රාමාර්‍ණකයන් මගින් සාධනීය සාකච්ඡාවකට වේදිකාවක් තැනීමයි. එතැන දි අපේ ව්‍යායාමය සර්වතෝභද්‍ර, සර්ව සම්පූර්ණ එකක් යන මතයේ කිසිසේත් ම නොසිටිමු. අපි විවෘත මනසකින් යුතු ව මෙම පුළුල් ක්ෂේත්‍රය පිළිබද ව ගවේෂණාත්මක ප්‍රවේශයකට යෑම සඳහා මේ කලාපය වෙන් කොට ඇති බව පමණක් අවධාරණය කරමු.
Evolution of Modern Medicine
This time the ‘Gaveshana’ magazine was reserved to discuss about different medical treatments because it is currently being discussed to some extent. The corona crisis has created not only recent discussions but also ideological conflicts over alternative therapies. For instance, traditional therapies including Ayurvedic, Unani, Siddha and Homeopathy.
Modern medicine, which is also known as Western medicine, has been nurtured and advanced by another alternative knowledge system. There are some people biased towards the Western system and they think that these are separate knowledge systems which do not have any links hence they try to create boundaries in between these connected systems. Western countries were the basis of Western medicine and those Western countries are spreading their ideology around the world but it is not a secret that they are studying and plundering the indigenous knowledge of other countries, testing their medical scientific method on the indigenous knowledge available in other countries and adapting that knowledge to western scientific methods.
It is a bitter truth that, while the indigenous knowledge is being taken over by the West, some part of it dies prematurely by holding the fist of certain teachers and also because some traditional people are carrying their traditional knowledge by word of mouth without any documentation. New knowledge always moves forward only by preserving existing knowledge and further developing it. It is no secret that research is essential to this. For some, research is an activity that is carried out in laboratories or based solely on Western experimental principles, and they do not consider it is possible to draw conclusions from existing knowledge through individual case studies, observational studies, etc. According to others, Western research methods are utter lies and they think a country does not need hospitals that treat Western medicine. It is clear how knowledge can be trapped in such narrow thinking. Narrow mindedness that is not ready to understand how knowledge develops in conjunction with other knowledge systems and how different therapies can be combined and further developed will open the door to unnecessary conflicts. Another question that arises is whether traditional or ayurvedic or non-Western medical methods can be tested according to Western methodology.
However, we see that all these issues need to be discussed more broadly with discipline and an open mind. Therefore, instead of succumbing to white and black thinking, this time the research journal seeks to pave the way for a positive discussion by pioneers on various treatment options to highlight these differences. There we will never be of the opinion that our exercise is omnipotent and complete. We only emphasize that this magazine is reserved for open-minded exploration of this broad field.