දේශීය වෛද්‍ය පර්යේෂණ ක්‍රමවේදය කුමක් ද එය බටහිර ක්‍රමවේදයෙන් වෙනස් වූවක් ද

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ ද තීරණවලට එළැඹීම සඳහා ප්‍රත්‍යක්ෂ, අනුමාන හා උපමාන යන ක්‍රම උපයෝගි කර ගනු ලබනවා. මේ මූලධර්ම බටහිර ක්‍රමවේදයේ මූලධර්ම සමග සැසඳූ විට එහි වෙනසක් ඇත්තෙ නැහැ. පොදුවේ බැලූවොත් ආයුර්වේද පර්යේෂණ න්‍යාය ලෝකයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමය, නැතිනම් බටහිර පර්යේෂණ ක්‍රමවේදයේ පර්යේෂණ පදනම් වන න්‍යායයට වෙනස් වන්නේ නැහැ. එහෙත් ඒවා අතර සංකල්පීය වෙනස්කම් තිඛෙනවා. එම කාරණා පිළිබඳ ව දේශීය වෛද්‍ය දැනුමට අදාළ පර්යේෂණ කිරීමේ දී අනිවාර්යයෙන් ම සැලකිලිමත් විය යුතුයි.

වෛද්‍ය පර්යේෂණයක දී බටහිර ක්‍රමවේදයේ දී බොහෝ විට සැලකිල්ලට ගනු ලබන්නේ තනි ඖෂධයක ක්‍රියාකාරිත්වයයි. එහෙත් දේශීය වෛද්‍ය විද්‍යාවට අදාළ ව තනි ඖෂධයක ක්‍රියාකාරිත්වය පර්යේෂණයට ලක් වන්නේ ඉතා ම අඩුවෙනි¦ බොහෝ විට පරික්ෂාවට ලක් වන්නේ චිකිත්සා පද්ධතියකි. ආයුර්වේද ක්‍රමයට රෝගියකුට ඖෂධයක් ලබා දීම වුවත් සිදු වන්නේ ක්‍රම හා පියවර කිහිපයකටයි.

උදාහරණයක් ලෙස කිව හොත් යම් ව්‍යාධියක් බටහිර ක්‍රමයේ දී එක් නිශ්චිත රෝගයක් ලෙස සලකා ප්‍රතිකාර කරනු ලැබූවත්, ආයුර්වේද ක්‍රමයේ දී එම රෝගී අවස්ථාව ම ආම, නිරාම ආදී වශයෙන් මෙන් ම රෝගියාගේ ප්‍රකෘතිය ආදී කරුණු රාශියක් සලකා ප්‍රතිකාර නිර්ණය කරනු ලබයි. එම රෝගය අනුව ද රෝගියා අනුව ද රෝගයේ අවස්ථාව අනුව ද ඊට ප්‍රතිකාර කරන ආකාරය වෙනස් ය. ප්‍රතිකාරයේ මුල් අවස්ථාවේ විරේකයක් හෝ චෝදන කර්ම නම් වූ ක්‍රමයට ප්‍රතිකාර කළත් මැද අවස්ථාව වන විට වෙනස් චිකිත්සා පද්ධතියක් වෙත යොමු විය හැකියි. රෝගයකට ප්‍රතිකාර කිරීමේ දී පත්තුවක් බඳින ගමන් ම තෙල් ආලේපනය හා ඖධයක් ලබා දීම වැනි ක්‍රම කීපයක් භාවිත කෙරෙනවා.

පර්යේෂණයක් කරනවා නම් ආයුර්වේද චින්තනයට බැලූවොත් ආහාර, විහරණ හා ඖෂධ යන මේ ති්‍රත්වය ම පිළිබඳ ව අපට සලකා බලන්නට සිද්ධ වෙනවා. ඒත් එක්ක ම ආයුර්වේදයේ ඖෂධීය ද්‍රව්‍යවල ගුණ විවරණයේ දී රස, ගුණ, වීර්ය, විපාක හා ප්‍රභාව සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒවා මැනීමට සැමවිට ම නව්‍ය මිනුම්දඩු සොයා ගැනීම පහසු වන්නේ නැහැ. එහෙත් එවැනි කාරණාවල වැදගත්කමක් නැහැයි කියා කිව නොහැකියි. අපි ඇල්වතුර බිවූ විට සෙම වැඩි වෙන බව කියනවා¦ උණු වතුර බිවූ විට සෙම අඩු වෙන බව කියනවා¦ එහෙත් ඒ දෙවර්ගයේ ම රසායනික සංයුතිය බැලූවොත් සමානයි. එනිසා අපට ජෛව රසායනික ව ඒ දේ විශ්ලේෂණය කර පෙන්නලා තීරණය කරන්න අපහසුයි. එහෙත් අපට එවැන්නක් සායනික පර්යේෂණයක් ක‍කසබසජ්ක රුිැ්රජය- මගින් කිරීමේ අවකාශය තිඛෙනවා. මොකද බටහිර ක්‍රමයට හෝ වේවා ආයුර්වේද ක්‍රමයට හෝ වේවා මිනිසාගේ යම් වෙනස්කමක් වනවා නම් ඒ වෙනස හසු කර ගැනීම ජ්චඑමරු- සායනික පර්යේෂණවලින් කර ගැනීමේ හැකියාව පවතින නිසා.

දේශීය ඖෂධවල ඇති ක්‍රියාකාරී ගුණ, නවීන තාක්ෂණික විද්‍යාගාර පහසුකම් ඔස්සේ පෙන්වා දිය නොහැකියි. ඇතැම් විට ලෝකයේ පවතින ඉහළ ම විද්‍යාගාර තාක්ෂණික පහසුකම් යටතේ ඖෂධවල ගුණ, ප්‍රතිකාර ක්‍රම ගැන පර්යේෂණ වාර්තා ලබා ගැනීමට හැකියාව තිඛෙන්නට පුළුවන්. එහෙත් අපේ රටේ දැනට පවතින තාක්ෂණික දැනුමින් එවැන්නක් කිරීමේ හැකියාව ඉතා ම අවමයි.

කෙසේ වෙතත් ආයුර්වේදයේ සඳහන් zත්‍රිදෝෂZ පිළිබඳ ව, ත්‍රිදෝෂවල සාම්‍යත්වය හෙවත් සමතුලිත කිරීම පිළිබඳ පර්යේෂණ ඇමෙරිකාව වැනි දියුණු රටවල zඅභිජනන විද්‍යාවZ ෑචසටැබැඑසජි- නම් වූ දියුණු ක්‍රමවේද ඔස්සේ මහා පරිමාණ ව්‍යාපෘති ලෙස දැනට සිදු වෙනවා. එම මට්ටමේ පර්යේෂණවල දී ඇතැම් විට ඒවා තක්සේරු කිරීමේ පරාමිතීන් නිර්මාණය වනු ඇතැයි අපට  බලාපොරොත්තු දැල්විය හැකියි. එවැනි දැවැන්ත, මිල අධික පර්යේෂණවලට නොයා මෙවැනි සංකල්ප පිළිබඳ ව පර්යේෂණ කළ හැක්කේ සායනික පර්යේෂණ ක්‍රමවේදයටයි. එම නිසා අප ආයතනයේ කරන පර්යේෂණවල දී සායනික පර්යේෂණ කෙරෙහි වැඩි බරක් තබා කටයුතු කරනවා.

අපගේ දේශිය වෛද්‍ය ක්‍රමයේ zඅග්නියZ නමැති සංකල්පයක් තිඛෙනවා. අග්නිය රුධිර පරික්ෂාවකින් හෝ උෂ්ණත්වය මැනීම වැනි භෞතික සාධක මැනීමෙන් පරීක්ෂා කළ හැක්කක් නොවේ. ජඨරාග්නිය, ධාන්වාග්නිය හා භූතාග්නිය ආදී විවිධ කොටස්වලින් එය සමන්විත වෙනවා. සමහර රෝගවලට ප්‍රතිකාර කිරීමේ දී මෙම අග්නිය නිවැරදි කර ගැනීම ප්‍රදාන කාර්යයක් වෙනවා. ධාන්වාග්නිය හා භූතාග්නිය ගැඹුරු ම සංකල්පීය වශයෙන් විශ්ලේෂණය කිරීමේ දී එය නවීන විද්‍යාවේ පරිවෘත්තිය ක්‍රියාවලියට පැඒඉදකසජ චරදජැිි- යම් තරමකට සමපාත වනවා, එහෙත් එය සමාන කිරීමට අපහසුයි. ජඨරාග්නිය කියන්යේ ආහාර දිරවීම සම්බන්ධ ශරීර අභ්‍යන්තරීය ක්‍රියාවලියක්. භූතාග්නිය කියන්නේ අපි නවීන විද්‍යාවෙ දී සලකන මූලද්‍රව්‍ය මට්ටමේ සංවෘත්තීය ක්‍රියාවලියක්. මේ සියල්ල රෝගයක් ඇති වෙන්න බලපානවා. රෝගය වෙලාවේ රෝගියගේ අග්නිය දුර්වල වෙනවා¦ රෝගය සුව වීමට නම් අග්නිය ශක්තිමත් විය යුතුයි. මෙවැනි දේ ගැන පර්යේෂණ කිරීමේ දී අපට එක පාරට ම අග්නිය බලන්න පුළුවන් උපකරණ නැහැ නේ? වෛද්‍යවරයෙක් අග්නිය ගැන තීරණයක් ගන්නේ රෝගියාගෙන් ප්‍රශ්න කිරීමෙනුයි. ජඨරාග්නිය ගැන අධ්‍යයනය කරනවා නම් එයාගේ ආහාර රටාව, ආහාර එයාට ප්‍රත්‍ය වෙන විධිය, ආහාරයෙන් පසු එයාට දැනෙන විධිය වගේ ගොඩක් කාරණා සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒක බොහොම ගැඹුරු සංකල්පයක්. අපට මෙවැනි කාරණාවක් පාදක කර ගෙන  පර්යේෂණයක් කරන්න දැනට ක්‍රමවේදයක් නැහැ. එවැන්නක් කරනවා නම් පර්යේෂණ ආකෘතියට අනුව අපි අලූතින් ප්‍රශ්නාවලියක් නිර්මාණය කරලා අග්නිය පිළිබඳ කාරණා නිවැරදි තක්සේරු කිරීමක් Aිිැිි- කරන්න වෙනවා. එය බටහිර පර්යේෂණ ක්‍රමවේදය තුළ තිඛෙන ආකෘතිය. හැබැයි බටහිර චින්තනය මත පදනම් වූ ක්‍රමවේදය පමණක් පදනම් කර ගෙන එය භාවිත කළොත් අවශ්‍ය ප්‍රථීඵලය ලබා ගත නොහැකි වෙනවා. ඒත් එක්ක ම අග්නිය පමණක් පාදක කර ගත් පර්යේෂණ පත්‍රිකා අපට අන්තර්ජාතික පර්යේෂණ ජර්නල්වල පළ කරන්න බැහැ. අන්තර්ජාතික ප්‍රජාව ඒක පිළිගන්නේ නැහැ. එහෙම දෙයක් කරනවා නම් අපට අග්නිය ස්වාධීන ව අර්ථ දක්වලා ත‍රුැ ාැසෙබැ- ප්‍රමිතිගත කරලා ීඒබා්රාසz්එසදබ- එහි සිදුවන වෙනස පෙන්වා දිය හැකි විය යුතු යි.  අපි අලූත් පර්යේෂණ ක්‍රමවේදයක් පිළිබඳ ව කතා කරනවා නම් මේවා තමා සලකන්න ඕන කරුණු.

දාර්ශනික පසුබිමෙන් බැලූවොත් නවීන වෛද්‍ය විද්‍යාවේ දී  මිනිසා ව පොඩියට කඩා ගෙන කඩා ගෙන ගිහින් ශෛලීය කොටස් දක්වා ගිහින්, ඒවා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරලා තමයි ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද හැදිලා තිඛෙන්නේ. හැබැයි මීට අවුරුදු 3500කට විතර පෙර, ඒ මිනිසා ව ම, මිනිසාගේ සියලූ ක්‍රියාවලි, සංකල්පීය වශයෙන්, වෙනත් ආකෘතියකින් පැහැදිලි කරලා තිඛෙනවා. එතකොට ඒ සංකල්පීය වශයෙන් ගොඩ නගපු ව්‍යුහය හා විශේලේෂණාත්මක ව නවීන විද්‍යාවෙ දී ගොඩ නගපු ව්‍යුහය සමපාත කරලා, මේ කියන්නේ මේකයි කියලා කියන්න බැහැ.

ආයුර්වේදයේ මනුස්සයා උපදිලා මැරෙනකම් ම ශරීරය හා මනස විකාශනය වන විධිය, ශරීරයේ සිදුවන සියලූ පරිවෘත්තිය ක්‍රියා සහ විකාශනය සිදුවන ආකාරය සඳහා සංකල්පීය ආකෘතියක් හදලා තියනවා. ඒ ආකෘතියට ගැළපෙන විධියට ඒ එක් එක් අවස්ථාවට දායකත්වය ලබා ගත හැකි ද්‍රව්‍ය රස ගුණ වීර විපාක ප්‍රභාව ආදීය අනුව ගළපා තිඛෙනවා. මනස හා ශරීරය එකිනෙක හා සම්බන්ධ වන විධිය හා ඒකක බලපෑම අනෙක මත ක්‍රියාත්මක වන ආකාරය ෙසෙද්ධාන්තික ව මනාව පැහැදිලි කර තිඛෙනවා. ආහාර ඖෂධ හා විහරණ ශරීරයටත් මනසටත් බලපාන ආකාරය ඉතාමත් ආකර්ශනීය ලෙස පැහැදිලි කර තිඛෙනවා. මේ ආකෘතිය එකපාරටම නවීන ආකෘතියට දා ගන්න බැහැ. මේ දෙක අපට වෙන වෙන ම තමයි යන්න වෙන්නෙ. මේක දියුණු කරන්න වෙන්නෙත් වෙන වෙන ම. එහි දි හවුල් කර ගන්න පුළුවන් තැන් තිඛෙනවා. පර්යේෂණ ක්‍රමවේදය කියන එක ගැටලූවක් නැහැ. ප්‍රත්‍යක්ෂ, අනුමාන, උපමාන වැනි තීරණවලට එළඹීමේ ක්‍රමවේද නවීන චින්තනයේ ක්‍රමවේද සමග ඹනාව ගැලපෙනවා. ඇත්තෙන් ම කිව හොත් සායනික පර්යේෂණ ක්‍රියාවලියේ ක්‍රමවේදය නම් ගැටලූවක් ඇත්තේ ම නැහැ.

විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය,

අධ්‍යක්ෂ-බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය

නාවින්න, මහරගම

 

සාකච්ඡා සටහන  අරුණ ප්‍රශාන්ත වලිසුන්දර