අපේ රටේ, අවුරුදු දෙදහස් පන්සියකට එහා සිට පැවත එන විශිෂ්ට අධ්‍යාපනයක් තිබුණා. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍යයන්ගේ විෂය මූලික, න්‍යායාත්මක කරුණුවලට යට වෙලා විශිෂ්ට අධ්‍යාපනය හානියට පත් වුණා. 1948 වෙන කොට අපට ඉතිරි වෙලා තිබුණේ ඉංග්‍රිසින් විසින් මෙරටට හඳුන්වා දුන් අධ්‍යාපනයයි. එහෙත් අවුරුදු හැත්තෑ හතරක් ගිහිල්ලත්, අපේ ම අධ්‍යාපනයක් මෙරට ක්‍රියාත්මක කරන්න තව ම අපිට බැරි වී තිඛෙනවා. ඒ නිසා වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එන පුරවැසියාගේ ගොඩක් ගැටලූ අපට දකින්නට පුඵවන්. 21 වන සියවසට ගැළපෙන අලූත් පරම්පරාවක් අපට අවශ්‍ය ව තිඛෙනවා. ඒ පරමාර්ථය ඉටු කර ගන්නයි, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික අරමුණක් පෙරදැරිවයි 2022 වසරේ අලූත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබන්නේ. නිර්මාණශීලීත්වය, නවෝත්පාදන චින්තනය සහ ව්‍යවසායකත්ව මනස යන කරුණු ආවරණය වන ලෙස අධ්‍යාපනය ලබා දීමට අප කටයුතු කරනවා.
අපේ රටේ දැනට තිඛෙන අධ්‍යාපනය 3R (Reading, wRiting, aRithmetic) අධ්‍යාපනයක් ලෙස හඳුන්වන්න පුඵවන්. අලූතින් හිතන්න, ප්‍රශ්න කරන්න වගේ දේවල් එහි ඇතුළත් නැහැ. දැන් විසි එක් වන සියවසේ අවුරුදු 22කුත් ගිහිල්ලා. ඒ නිසා මේ පරණ ක්‍රමයෙන් දැන් අපට දුවා ගන්න බැහැ. මේ තත්ත්වය ජංගම දූරකථනයකට සමාන කරන්න පුඵවන්. පරණ තිබුණු ජංගම දූරකථනය දැන් ගැළපෙන්නේ නැහැ. දැන් ඕනේ ස්මාර්ට් දූරකථනයක්. අන්තර්ජාලයට යන්න, පින්තූර ගන්න, බැංකු කටයුතු කරන්න වගේ සියල්ල කරන්න දැන් ස්මාර්ට් දූරකථනය අවශ්‍යයයි. විසි එක්වන සියවසේ අධ්‍යාපනයෙන් එළියට එන දරුවාටත් දැන් ඒ දේ වෙලා තියෙන්නේ; අදට ගැළපෙන විධිහට අපට වෙනස් වෙන්න වෙලා තියෙනවා. ඒ වෙනස කරන්න නම් ඉහත කිවූ 3R වලට තවත් දේවල් එකතු වෙන්න ඕන. අපි ඒකට සමීකරණයක් හදලා තිඛෙනවා (1 වන රූපය).
ඉහත කිවු 3R වලට 3L එකතු වෙන්න ඕන; ඒ වගේ ම 2C ත් එකතු වෙන්න ඕන; ඒ විතරක් මදි; 5 DL එකතු වෙන්නත් ඕන. මේ කියපු කරුණු සියල්ල සපුරාලන දරුවකු තමයි විසි එක් වන සියවසට ගැළපෙන දරුවකු ලෙස අප විශ්වාස කරන්නේ. දැන් අප කොහොම ද මේ දරුවා හදන්නේ? සාමාන්‍ය අධ්‍යාපනය (general education) ඉවර වෙලා එළියට එන දරුවාට තිබිය යුතු ගුණාංග හෙවත් අරමුණු 6ක් අපි මෙහි දී හඳුනා ගෙන තිඛෙනවා (2 වන රූපය).
මේ නව ජාතික අරමුණුවලට අනුව, අධ්‍යාපනයෙන් එළියට එන පුරවැසියා කාර්යක්ෂ ම ව තම වෘත්තියට ගරු කරන, ඊට ළැදි සේවකයෙක් වෙන්න ඕනේ. එහෙම නැතිනම් ඔහු සුහුරු (smart), ස්වයං රැකියාකරුවකු වෙන්න ඕන. අපි හිතමු ඔහු වෘත්තියවේදියෙක්/ සේවකයෙක් කියලා; ඔහු ගන්න වැටුප වගේ දෙගුණයක් තුන් ගුණයක් ආයතනයට – රටට ආපහු දෙන්න ඕනේ. දැන් වෙන්නේ වැටුප ගන්නවා; තමන්ගේ දායකත්වය ගැන හිතන්නේ නැහැ. ඕන වෙලාවෙත් – ඕන නැති වෙලාවෙත් වැඩ වර්ජනය කරනවා. තම සේවා දායකයා හෝ රට ගැන හිතන්නේ නැහැ. ආචාරධර්ම (ethics) ගැන කිසි ම තැකීමක් කරන්නේ නැහැ.
ස්වයං රැකියාකරුවකු නම් smart වෙන්න ඕන. තමන් නියැළෙන ක්ෂේත්‍රය ගැන පුළුල් දැනුමක් තියෙන, පාරිභෝගිකයාට කතා කරන්න දන්න; තමා ගන්න මුදලට සරිලන සේවයක් පාරිභෝගිකයාට ලබා දෙන කෙනකු වෙන්න ඕන. අපි හිතමු මේසන් බාසුන්නැහේ කෙනෙක් කියලා, එතකොට ඔහු තමාගේ ආවුද හරියට පාවිච්චි කරන්න දන්නවා; තමන්ගේ සේවය නිසියාකාර ව ලබා දීම ගැන දන්නවා; වෙලාවට තම කටයුත්ත අවසන් කර දීම ගැන දන්නවා. ත්‍රී වීලර් පදවන ස්වයං රැකියාකරුවකු ගත්තත් එහෙමයි. තමාගේ භූමිකාව ගැන ඔහු දැනුම්වත් විය යුතුයි; පාරේ නිවැරදි ව ගමන් කිරීම ගැන වගේ ම තම පාරිභෝගිකයාගේ තෘප්තිමත්භාවය ගැන නිතර හිතන කෙනකු විය යුතුයි.
මෙතෙක් අපේ අධ්‍යාපනයේ තිබුණු ලොකු අඩුවක් තමයි රැකියා කරන අය හැදුවට, රැකියා උත්පාදනය කරන්න පුළුවන් අය, එහෙම නැත්නම් ව්‍යවසායකයන් (entrepreneurs)/ ව්‍යසායක මානසික ආකෘතියක් (entrepreneur mindset) තිඛෙන අය අප හැදුවේ නැහැ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී අප වැඩි අවධානයක් යොමු කළා එම කරුණ සම්බන්ධයෙන්. තමා හැර වෙනත් එක් අයකුට හෝ රැකියාවක් දිය හැකි නම් හැකි නම් ඔහු ව්‍යවසායකයෙක්. නිෂ්පාදනයක් කරලා වෙළෙඳ පොළට දාන්න පුළුවන්, අඛණ්ඩ ව පාරිභෝගිකයාගේ තෘප්තිමත්භාවය රඳවා ගන්න පුළුවන්, අලූතින් හිතලා ප්‍රශ්නවලට උත්තර හොයා ගෙන තම ව්‍යාපාර සංවර්ධනය කර ගන්න පුළුවන් අය බිහි වෙන්න ඕනේ. ඔහු ව්‍යවසායකයෙක් නොවුණත් ව්‍යසායක මනසකින් හෙබි පුද්ගලයෙක් විය යුතුයි, ආගමික ස්ථානයක, පාසලක, රජයේ හෝ රාජ්‍ය නො වන ආයතනයක පුද්ගලයෙක් වුණත් ඔහුට ව්‍යසායක මනසක් තිබිය යුතුයි; අන් අයගෙන් නො යැපෙන ආර්ථීකයක් හදා ගැනීමට හැකියාව තිබිය යුතුයි. සමහර විදුහල්පතිවරුන් ඉන්නවා ආණ්ඩුවෙන් මුදල් එන කම් බලාගෙන ඉන්නෙ නැතුව තමන්ගේ පාසලේ සංවර්ධන කටයුතු කරනවා; පාඩු ලබපු ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරපු අය ඉන්නවා. එහෙම අය වර්තමාන අධ්‍යාපනයෙන් අහම්ඛෙන් හැදුණට සැලසුම් කරලා හැදෙන්නේ නැහැ.
ගොඩක් වෙලාවට අපේ සමාජයේ මුල් බැස ගෙන තියෙන්නේ රජයේ රැකියාවකට යන්න ඕනේ කියන සංකල්පයයි. විශ්‍රාම වැටුපක් හෝ යම් යම් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් එහෙම හිතනවා ඇති. එහෙත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි රජයේ රැකියා ඇත්තේ 15%යි, අනිත් 85%ම පෞද්ගලික හා ස්වයං රැකියා කියලා. මේ සම්බන්ධයෙන් මම ළඟ දි හොරණ තක්ෂිලා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් විෂය හදාරපු ළමයින් 20 දෙනෙකු සම්බන්ධ කර ගෙන සමීක්ෂණයක් කළා. ඒ අයගෙන් පස් දෙනෙක් විශ්වවිද්‍යාලයට ගිහින් තිබුණා. විශ්වවිද්‍යාලයට තේරුණු පස් දෙනා ම රජයේ රැකියා කරන අය. ඔවුන්ගේ මාසික ආදායම රු. 45,000ත් 60,000ත් අතර පැවතුණා. එහෙත් විශ්වවිද්‍යාලයට නොතේරුණ අය අතර හිටියා මාසෙකට ලක්ෂය-දෙක-තුන වගේ ම ලක්ෂ 15ක් පමණ හොයන අය. එළවළු ව්‍යාපාරිකයෝ, මනෝ විශේෂඥයෝ, කේක් ව්‍යාපාරිකයෝ ඒ අතර හිටියා. ඔවුන් වෙනත් අයටත් රැකියා උත්පාදනය කරලා තිබුණා. එවිට ඔවුන් රටේ ජාතික ආදායමටත් ලොකු දායකත්වයක් දෙනවා. ඇත්තට ම හැමෝ ම විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය නැහැ; හැමෝට ම යන්නත් බැහැ. එහෙත් අපේ අධ්‍යාපනය දැන් තියෙන්නේ විශ්වවිද්‍යාලයට යන සුළු පිරිස ඉලක්ක කර ගෙනයි. ඉතිරි සියලූ දෙනා අමතක කරනවා. අලූත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී මේ හැලෙන අය ගැන අපි විශේෂ වැඩපිළිවෙළක් ගේනවා. විශ්වවිද්‍යාලේ යන අයත් නො යන අයත් යන දෙගොල්ලො ම ජාතික සංවර්ධනයට දායක වන ධනාත්මක ව හිතන පිරිසක් බවට පත් කිරීම අපේ අරමුණයි.
ඊළඟට “රටට ආදරය කරන පුරවැසියෙක්” කියන අදහස අධ්‍යාපනයෙන් එළියට එන පුරවැසියා තුළ තිබිය යුතු විශේෂ ගුණාංගයක්. ගොඩක් වෙලාවට අද අපේ අධ්‍යාපනයේ දී ම කියනවා “පුතේ උඹ මෙහෙ නම් ඉන්න එපා, ලොකු වුණා ම පිටරටකට පලයන්” කියලා. “ගියත් කමක් නැහැ, රටට ඇවිල්ලා වැඩක් කරපන්, රටට සල්ලි එවපන්” කියලා කියන්නේ නැහැ. එහෙම සංස්කෘතියක් ලංකාවේ හැදිලා නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් කවුරුන් වුණත්, තමා උපන් රටට ආදරය කරන දරුවකු තමයි අධ්‍යාපනයෙන් බිහි වෙන්න ඕනෙ.
ඊළඟට වැදගත් ම කාරණයක් තමයි ඔය මොනවා තිබුණත් වැඩක් නැහැ අධ්‍යාපනයෙන් හොඳ මනුස්සයෙක් (a good human) හැදෙන්න ඕන. මිනිසුන්ගේ වටිනාකම්, ආකල්ප හැදෙන්න ඕනේ. අද අපි දකින දේ තමයි ඉහළ වෘත්තියක් කරන අය පවා, තමන්ගේ සේවා දායකයා එනකොට ඔහුගෙන් ගන්නා මුදල ගැන තමයි හිතන්නේ. මුදල පසු පසු නො යන, අනෙකාගේ දුක තේරෙන, මනුස්සකම තිඛෙන හොඳ පුරවැසියකු බිහි කිරීම තමයි අපේ ඉලක්කය.
ඊළඟට සතුටින් ජීවත් වෙන පවුලක සාමාජිකයකු ගොඩ නැගීම යන කාරණාවත් ඉතා ම වැදගත්. එන්න එන්න ම රටේ ප්‍රශ්නත් වැඩියි, පවුල්වල ප්‍රශ්නත් වැඩියි. ඡායාරූප ශිල්පියා මංගල උත්සවයේ ඡායාරූප ටික අර ගෙන යන කොට මනාල ජෝඩුව දික්කසාද වෙලා. අනෙකාගෙ මතයට ගරු කරන, ප්‍රශ්න ඇති වුණා ම ඒවා දරා ගෙන සිටිය හැකි, අතෑරලා දාලා නො යන, තමාගේ මතය පැහැදිලි ව තේරුම් කර දිය හැකි, එකිනෙකා අවබෝධ කර ගෙන කටයුතු කළ හැකි පවුල් පසුබිමක් පවත්වා ගෙන යා හැකි පුරවැසියකු අධ්‍යාපනයෙන් තැනිය යුතුයි.
අධ්‍යාපනයෙන් එළියට එන දරුවාට තිබිය යුතු ගුණාංග 6, අපි P-09කට වෙන් කරලා තියනවා (3 වන රූපය).
අපේ අධ්‍යාපනයෙන් හැදුනේ න්‍යායාත්මක දරුවෙක්. ලයිසන් එකක් තිබුණට වැඩක් නැහැ පාරෙ හරියට වාහනයක් එලව ගන්න බැරි නම්, කොම්පියුටර් සහතිකය තිබුණට වැඩක් නැහැ හරියට පාවිච්චි කරන්න දන්නේ නැති නම්, ජනසන්නිවේදන උපාධියක් තිබුණට වැඩක් නැහැ මරන දැන්වීමක් වත් හරියට ලියා ගන්න බැරි නම්. න්‍යායාත්මක – ප්‍රායෝගික යන දෙකින් ම පොහොසත් වෘත්තිකයෙක් රටට බිහි කරන එක, අධ්‍යාපනයෙන් ඉටු විය යුතු දෙයක්.
ඒ වගේ ම නැහැ-බැහැ නො කියන ධනාත්මක දරුවකු වගේ ම ප්‍රශ්නයක් කර මුලට එනකම් ඉන්නෙ නැතිිව පෙර දි එය හඳුනා ගත හැකි දරුවකු වීම අවශ්‍යයයි. ඒ වගේ ම යමක් ක්‍රියාත්මක කරලා සාර්ථක කර ගන්න පුළුවන් අයෙක් විය යුතුයි; පොළොවේ පය ගහලා ඉන්නවා කියලා අපි කියන්නේ. ගොඩක් අය කතාවට කිව්වට පොළවට බැහැලා එවැන්නක් ක්‍රියාත්මක කරන්න හැකියාව තියන අය අඩුයි.
ඊළඟට රටට ආදරය කරන දරුවෙක් මේ අධ්‍යාපනයෙන් හැදෙන්න ඕන. ඒ කියන්නේ රස්සාව කරන්නේ වැටුප අරමුණු කර ගෙන විතරක් නෙමෙයි, ආත්ම තෘප්තියට. අපි කතාවට කියන්නේ උණට වැඩ කරනවා කියලා, අන්න එහෙම දරුවකු අධ්‍යාපනයෙන් බිහි වෙන්න ඕන.
ඊළඟට මෑත ඉතිහාසය දෙස බැලූවොත් ජනවාර්ගික ගැටුම්, කැරලි කෝලාහල, ඒ වගේ ම පසුගිය දවස්වල බෝම්බ ගැහුවා, දැනුත් ටීවි එකේ බැලූවොත් විවිධ ගැටුම්, උද්ඝෝෂණ වගේ දේවල් තමයි තියෙන්නේ. එවැනි ඝට්ටන අඩු, සාමයට ළැදි පිරිසක් සහිත සමාජයක් තමයි අප බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ ම අපට පාරම්පරික ව උරුම වූ හොඳ වටිනාකම් අගයන, ඒවාට ගරු කරන ඒවා ඉදිරියටත් ආරක්ෂා කර ගෙන යන දරුවකු තමයි අපි බිහි කරන්න ඕන. මෙච්චර කල් අපේ අධ්‍යාපනයෙන් එළියට එන දරුවා මොන වගේ විය යුතු ද කියලා අර්ථකථනය කරලා තිබුණෙ නැහැ. ගෙදරටත් වැඩක් වන, ගමටත්-රටටත් වැඩක් වන දරුවකු අධ්‍යාපනයෙන් බිහි කරන එක තමයි අපේ බලාපොරොත්තුව.
අලූත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අපි 21 වන සියවසේ දරුවාගේ පැවතිය යුතු කුශලතා මොනවා ද කියලා හඳුනා ගෙන තිඛෙනවා (4 වන රූපය).
ඉගෙනුම් කුශලතා යටතේ විචක්ෂණශීලීත්වය, ගැටලූ විසඳීමේ හැකියාව හා කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව අද අධ්‍යාපනයේ දකින්නට ලැඛෙනවා අඩුයි. අනෙකා පරයා යන, යාඵවාට නෝට් එකක් වත් දෙන්නේ නැති අධ්‍යාපන සංස්කෘතියක් තමයි අද තියෙන්නේ. පහේ ශිෂ්‍යත්වයෙත්, උසස් පෙළ විභාගයෙත්, විශ්වවිද්‍යාලයේත් එහෙමයි. නිර්මාණශීලී බවෙත්, සන්නිවේදන කුශලතාවලත් අපේ සමාජයේ ලොකු අඩුවක් තිඛෙනවා.
සාක්ෂරතා කුශලතා යටතේ අප බැලූවොත්, ජන මාධ්‍ය-සමාජ මාධ්‍ය වගේ දේවල් හරියට පාවිච්චි නොකිරීම නිසා, ඒ වගේ ම මේවායේ හැසිරීම-ලක්ෂණ හා ඒවා මගින් ප්‍රචාරය වන තොරතුරු නිවැරදි ද නැති ද යන්න හඳුනා ගැනීමේ නොහැකියාව මත සමාජයේ විවිධ ගැටලූ නිර්මාණය වී තිඛෙනවා. පසුගිය දවස්වල කොවිඩ් එන්නත ලබා දීමේ දී සමාජ මාධ්‍යවල පළ වන නිවැරදි නො වන තොරතුරු බලලා එන්නත් ගන්නේ නැතිව ඉන්නවා අපි දැක්කා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නිසා සියදිවි නසා ගැනීම් පවා පසුගිය දවස්වල වාර්තා වුණා. තොරතුරු හා තාක්ෂණික සාක්ෂරතා ද ඉතා ම වැදගත් 21 වන සියවසට ගැළපෙන ලෙස තොරතුරු සහ සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කරලා විසඳුම් හොයන්න අපේ සමාජය තාම හැඩ ගැහිලා නැහැ. පාර්ලිමේන්තුවේත්, රූපවාහිනියේත් අපට දකින්න පුළුවන් සංඛ්‍යා ලේඛන නැතුව ඔහේ කෑගහන විධිය. උදාහරණයක් විධියට දැන් ලංකාව මුහුණ පාලා තියෙන බලශක්ති අර්බුදය බැලූවොත්, 75%ක් ලැඛෙන්නේ තාප විදුලිය, ඉතිරි ඒවා සුළං හා ජල විදුලිය. ඒවා නිෂ්පාදනය කරන්නේ කොහෙ ද? දවසකට ඉල්ලූම මෙගා වොට් කීය ද? වගේ කාරණා ගැන කිසි ම තොරතුරක්-දැනුමක් නැතිව තමයි බොහෝ දෙනා මේවා ගැන අදහස් දක්වන්නේ.
ඊළඟට ජීවන කුශලතා යටතේ අපි කුශලතා පහක් ගෙන හැර දක්වලා තියෙනවා. එහි දී නම්‍යශීලීත්වය කියන කරුණ බැලූවොත්, අපි දකිනවා අපේ සමාජයේ අද බොහෝ දෙනා නම්‍යශීලි නොමැතිකමේ ආදීනව. බිරිඳ-ස්වාමියා අතරත් එහෙමයි; ආයතනවල කාර්ය මණ්ඩලය අතරත් එහෙමයි. ආයතනයක් වගේ ම පවුලක් සාර්ථක වෙන්න මේ කාරණාව ඉතා ම වැදගත්. නායකත්වය හා ආරම්භකතාව යන කරුණු පිළිබඳවත් මේ යටතේ අපි අවධානය යොමු කරලා තියනවා. ඵලදායිතාව කියන කුශලතාව නොමැතිකමත් අද සමාජයේ ගැටලූවක් වී තිඛෙනවා. රු. 100,000ක යෙදවුමක් දාලා රු. 50,000ක් නම් ලැඛෙන්නේ වැඩක් නැහැ නේ, ආයතනයක් සාර්ථක වෙන්න ලාභයක් අවශ්‍යයයි.
ඊළඟට සමාජ කුශලතාවල දී අප කරුණු හයක් යටතේ කතා කරනවා.
- තමා තමා ව හඳුනා ගැනීම (understanding self)
- තමා ව කළමනාකරණය (managing self)
- අන් අය ව තේරුම් ගැනීම (understanding others)
- අන් අය සමග ධනාත්මක කළමනාකරණ සම්බන්ධතා ගොඩ නගා ගැනීම (managing positive relationships)
- පරිසරය සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීම (relationship with the environment)
- වගකීමකින් යුතු ව තීරණ ගැනීම (responsible decision making)
ගොඩක් අයට තමා ව කවු ද කියන එක හඳුනා ගන්න බැහැ; ආත්මාභිමානය නැහැ; තමාගේ ශක්තීන් ගැන තමාගේ දුර්වලතා ගැන අවබෝධයක් නැහැ. තමන්ට තරහා යනවා නම් ඒක කොහොම ද තමා විසින් ම පාලනය කර ගන්නේ, අන් අය සමග ඝට්ටන ඇති නො වී සාමකාමී ව ප්‍රශ්න විසඳ ගන්නේ කොහොම ද කියන එක ගැන අවබෝධයක් නැහැ. තමාගෙ විධියට ම අනිත් අයත් ඉන්න ඕන කියලා හිතනවා. තමා හිතනවාට වඩා අනෙකා වෙනස් විධියට හිතුවොත් එයා වැරදි නෙමෙයි, එයා වෙනස් (difference mean not wrong, difference mean difference) කියන දේ පුද්ගලයන්ට අවබෝධය තිබිය යුතුයි. අනෙක් මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න, මනෝභාවයන් තේරුම් ගන්න ඕන. මේ එකක්වත් දැන් අපේ අධ්‍යාපනයෙන් හැදෙන්නේ නැහැ.
ඉහත කතා කළ කුශලතාවලින් පසු ව වටිනාකම් සහ ආකල්ප (values & attitudes) ගැන අප අවධානය යොමු කළ යුතුයි. ඒ යටතේ තමයි චරිත සංවර්ධනය සහ පුරවැසිභාවය (character development & citizenship) ගැන කතා කරන්නේ. එමගින් තමන් හොඳින් සංවර්ධනය වුණු, තමා ව හඳුනා ගත්ත, සමාජය ගැන-රට ගැන හිතන දරුවකු බිහි වෙන්න ඕන.
පුද්ගලයාගේ චින්තන මණ්ඩලය/මානසිකත්වය සහ සුසමාදර්ශය හෙවත් ලෝකය දකින විධිය (mindset and paradigm) යාවත්කාලීන වෙන්න ඕන. ඒ යාවත්කාලීන වීමට, තමයි ස්වයං ව මෙහෙයවෙන ඉගෙනුම්කරුවෙක් (self-directed learner) වෙන්න ඕන. ගොඩක් අය විශ්වවිද්‍යාලයෙන් පස්සේ කිසි දෙයක් ඉගෙන ගන්නේ නැහැ. එසේ යාවත්කාලීන නැතිි නිසා හරි දේ වෙනුවට වැරදි දේ කරනවා. ඒ නිසා මානසිකත්වය සහ සුසමාදර්ශය හෙවත් ලෝකය දකින විධිය යාවත්කාලීන වෙන්න ඕන. ලෝකය දකින විධිහ වෙනස් වෙන්න ඕන, ඉස්සර පරිසරය විනාශ වුණාට කමක් නැහැ කීවට දැන් පරිසරය ආරක්ෂා කරන්න ඕන.
සමස්තයක් ලෙස දැනුම, කුශලතා සහ ආකල්ප මත අධ්‍යාපනය සැකසෙන්න ඕන. ඒ නිසා මුල් වරට අපි K-SAM කියන ආකෘතිය (5 වන රූපය) සකසා අපේ රටේ සාමාන්‍ය අධ්‍යාපනයට යොදා ගන්න යන්නේ. දැනුම (knowledge) කියන්නේ පුද්ගලයා මොනව ද දන්නේ කියන එක. කුශලතා (skills)- කියන්නේ මොනවා ද පුද්ගලයට තියන හැකියාවන් කියන එක. ආවේදනය (affective) කියන්නේ පුද්ගලයා හිතන්නේ හා හැසිරෙන්නේ කොහොම ද? කියන එක. චින්තන මණ්ඩලය සහ සුසමාදර්ශ (mindset & paradigm) කියන්නේ පුදගලයකු ලෝකය දකින්නේ කොහොම ද කියන එක. mindset & paradigm කියන කොටස මෙච්චර කල් අපේ අධ්‍යාපනයේ තිබුණේ නැහැ. ඒක අපි අලූතින් හදපු කොටසක්. 21 වන සියවසට අවශ්‍ය අධ්‍යාපනය, 20 වන සියවසේ මානසිකත්වයෙන් බලලා වැඩක් නැහැ කියන කරුණත් මෙහි දී අවධාරණය වෙනවා.
අධ්‍යාපනයෙන් එළියට එන්න ඕනේ K-SAM දරුවෙක්. ඒ කියන්නේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම, අපි කතා කරපු කුශලතා 12, ආවේදන, චරිත සංවර්ධනය සහ පුරවැසිභාවය එක්ක චින්තනය සහ සුසමාදර්ශය යාවත්කාලීන වුණු දරුවකු තමයි අප අපේක්ෂා කරන්නේ. ඒ රටාව එන විධියට තමයි අපේ විෂයමාලාව (curriculum) දැන් සකස් කරලා තියෙන්නේ. 2023 දී හා 2024 දී අපි කරන්නේ ඒකයි. 2023 දී අපි නව විෂයමාලාව වෙනස් කරන්නේ 6, 8 හා 10 ශ්‍රේණිවලයි. මෙතෙක් සාකච්ඡා කළ අදහස් ටික මතු වන විධියට විෂයයන් වෙනස් කරනවා.
කොලය-පැන්සල සහ ගුරුතුමා මූලික විභාග ක්‍රමය පාදක කර ගත් අධ්‍යාපන ක්‍රමයක්
වෙනුවට, අප අධ්‍යාපනය වෙනස් කරනවා, ප්‍රායෝගික, දැනුම හා කුශලතා පාදක ඒ සමග ම සුතථ්‍ය (authentic) වූ ද එදිනෙදා සමාජයට ගැළපෙනනා වූ ද අධ්‍යපනයක් බවට පත් කරනවා. විභාගවලට වඩා දරුවාගේ කුශලතා සංවර්ධනය ගැන තමයි එහි දී සලකන්නේ. ගුරුවරයා ගිහිල්ලා උගන්වන්නේ නැහැ, ගුරුවරයා මග පෙන්වන්නෙක් බවට පත් වෙනවා. එතකොට දරුවෝ සහයෝගී (collaborative) විධියට තමයි ඉගෙන ගන්නේ. ඒ කියන්නේ එකතු වෙලා ඉගෙනුම ලබන්නේ. 25ක් ඉන්නවා නම් පහේ පහේ කණ්ඩායම්වලට එකතු වෙලා ඉගෙන ගන්නේ. ඒ අයට කැමති විධියට, ඉන්ටනෙට් ගිහිල්ලා, පොත් කියවලා, කරුණු හොයලා ගුරුතුමාට තමන් උගත් දේ ඉදිරිපත් කරනවා (present) එතකොට ක්‍රියාශීලී ඉගෙනුමක් සිද්ධ වෙනවා, එහෙම වුණා ම ළමයාට මතක හිටිනවා. ඒත් දැන් තියෙන්නේ අක්‍රිය ඉගෙනුමක් (passive learning).
ඊළඟට මතුපිටින් ඉගෙනුම (surface learning) වෙනුවට ගැඹුරට ඉගෙනුම (deep learning) විධියට අපේ දැන් තියෙන අධ්‍යාපනය වෙනස් වෙනවා. ගැඹුරින් හිතන කෙනෙක් තමයි අප හදන්නේ. එතකොට මේ රටේ ප්‍රශ්න ගොඩක් විසෙඳනවා.
අවසාන වශයෙන් ඇගයීම කිරීමේ දී සම්පිණ්ඩිත (විභාගයෙන්) හා සම්භවන (එදිනෙදා ක්‍රියාකරකම්වලින්) ක්‍රමයෙන් තමයි මේ අලූත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ලකුණු ලැඛෙන්නේ. නව ක්‍රමය යටතේ ළමයින් ව ඇගයීම් කිරීමේ දී පැය තුනක විභාගෙට ලකුණු 100ම දෙන්නේ නැහැ. විභාගෙට දෙන්නේ ලකුණු 30යි; ලකුණු 70ක් ගන්න ඕනේ පන්තියේ එදිනෙදා වැඩවලින්. වෙලාවට එනවා ද කණ්ඩායමක් විධියට වැඩ කරනවා ද ප්‍රශ්නයක් දීපුවා ම ඒකට උත්තර හොයනවා ද ඉදිරිපත් කිරීම් (presentation) කරනවා ද දත්ත අරගෙන විශ්ලේෂණය කරනවා ද ඒවට විසඳුම් හොයනවා ද නවීන තාක්ෂණය පාවිච්චි කරනවා ද ක්‍රීඩා කරනවා ද ඒව ඔක්කොට ම ලකුණු හම්බ වෙනවා.
ජර්නලයක් තියා ගන්න ඕන. විභාග දෙපාර්තමේන්තුවෙන් ගිහින් ඒවා පරික්ෂා කරනවා. ඒවට ප්‍රමිති හදලා තියනවා, ගුරුවරයාට විතරක් ලකුණු දෙන්න බැහැ. හැම දරුවෙක් ම සාර්ථක දරුවෙක් කරන්න තමයි අප උත්සාහ කරන්නේ. ඒ දරුවා කැමති දේට තමයි අපි උනන්දු කරන්නේ. සාමාන්‍ය පෙළින් පස්සේ වෘත්තිය පුහුණුවට යන්න ඕන නම් අප ඒකට උදවු කරනවා. රියදුරෙක් වෙන්න ඕන නම්, ව්‍යාපාරයක් කරන්න ඕන නම් ඒක හරියට කරන්න උදවු කරනවා.
ගර්‍ණතය ඕන වෙනවා ව්‍යාපාරයක් කරන්න ඉන්න කෙනාට, විද්‍යාව ඕන වෙනවා එළවළු ව්‍යාපාරයක් කරන්න ඉන්න කෙනාට. එතකොට ළමයා උනන්දු වෙනවා තමන්ගේ අනාගතයට ඕන වෙන නිසා. ඒ වගේ තමන්ගේ අනාගතයට ගැළපෙන විධියට තමන්ගේ සිහින සැබෑ කර ගන්න ඉගෙන ගන්න ඕන කියන එක ළමයට නිතැතින් ම එනවා.
මේ අලූත් ප්‍රතිසංස්කරණ අපි අත්හදා බලමින් වැඩිදියුණු (improve) කරනවා. අපේ අධ්‍යාපනයට තේමාව වන්නේ තිරසර සංවර්ධනය සහ තිරසර සාමය සඳහා අධ්‍යාපනය (education for sustainable development and peace).ඊළඟට ප්‍රදේශිය සංවර්ධනය සඳහා අධ්‍යාපනය (education for reagional development) කියන එකත් මෙහි ම කොටසක්. අපේ දැන් අධ්‍යාපනය ගත්තොත් එහෙම ඒ ඒ ප්‍රදේශවලට කිසි ම සම්බන්ධයක් නැහැ. උදාහරණයක් විධියට මැර්‍ණක් තියෙන රත්නපුරයේ ළමයින්ට ඒ ගැන කිසි දෙයක් උගන්වන්නේ නැහැ. එතකොට අපේ මූලික දේවල්වලට අමතර ව මැර්‍ණක් ගැනත් ඉගෙන ගන්න පුළුවන්. තේ කර්මාන්තයේ යෙදෙන අයට තේ ගැන ඉගෙන ගන්න පුළුවන්. රට වටේ මුහුද තියනවා, මත්ස්‍ය කර්මාන්තය, සංචාරක කර්මාන්තය වගේ දේවල් උගන්වන්න පුළුවන්.
කෙටියෙන් කිවුවොත් ජාතික සංවර්ධනයට ක්‍රියාශීලී ව දායක වන, වෘත්තිකයෙක් නම් තමන් ගන්න වැටුප වගේ දෙතුන් ගුණයක් තමන්ගේ ආයතනයට ආපහු දෙන, වැඩ වර්ජන කිරීමේ දී ආචාරධර්ම ගැන සැලකිලිමත් වන, ස්වයං රැකියාවක් කළත් ඒක වෘත්තිය මට්ටමින් කරන, රැකියා උපද්දවන, අලූත් තාක්ෂණය භාවිත කරන, කොටුවෙන් එළියට හිතන්න පුළුවන්, මනුස්සකම තියන, රටට ආදරය කරන හොඳ පවුලක සාමාජිකයකු තමයි අප හදන්න උත්සාහ කරන්නේ.
පුද්ගලයාගේ හැකියාවට හා ළැදියාවට මූලික තැන දෙන, ජාත්‍යන්තරවත් අත්හදා බලපු ලෝකයේ දියුණු රටවල පාවිච්චි කරන සංකල්ප ද සමග අපේ ම ක්‍රමවේදයකට ගැළපෙන විධියට හදපු අලූත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධියට අපට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මේක කාටවත් අයිති එකක් නෙමෙයි අපේ ම ආකෘතියක් (model).
සාකච්ඡා සටහන අරුණ ප්‍රශාන්ත
වලිසුන්දර