මිනිසුන් පාරම්පරික ව පවත්වාගෙන ආ සම්ප්‍රදායික ආහාර රටාව වෙනස් වෙමින් තිඛෙනවාග බටහිර ජීවන රටාව ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර බටහිරින් බිහි වුණු ක්ෂණික ආහාර රටා ද ව්‍යාප්ත වීමෙන් බොහෝ රටවල සාම්ප්‍රදායික ආහාර රටා බිඳ වැටීමට හේතු වී ඇත. මීට අවුරුදු 40කට පමණ පෙර දියවැඩියාවල අධි රුධිර පීඩනයල පිළිකා වැනි බෝ නො වන රෝග ඉතා අඩුවෙන් පැවති රටවල, අද වන විට ඒවායේ බහුල ලෙස පැතිරීමේ ප්රවනතාවක් දකින්නට ඇත. ආහාර රටාවේ ඇති වූ වෙනස්වීම් මෙලෙස සීඝ්‍ර ලෙස බෝ නො වන රෝග පැතිරීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත.
මෙම තර්ජනයට වැඩිපුර ම මුහුණ පා තිඛෙන්නේ දකුණු ආසියානු, ආසියානු පැසිෆික් හා දකුණු ඇමෙරිකානු රටවල්. එසේ ම අප්‍රිකාවේ සමහර රටවල් ද මේ තර්ජනයට ගොඳුරු වී තිඛෙනවා. කෘෂිකාර්මික ආර්ථීකයක් සහ ජීවන රටාවක් තිබූ මේ රටවල් වෙළෙඳ පොළ ආර්ථීක රටාවකට මාරු වීම ද නාගරීකරණය වීම ද නිසා මෙම තත්ත්වයට මුහුණ පා තිඛෙනවා.
දකුණු ආසියාතික රටවල් සැලකූ විට දියවැඩියාව වැඩි ම රෝගීන් ප්‍රතිශතයක් ලෙස අපේ රට හඳුන්වන්න පුළුවන්. ජනතාව දැන් ගන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර නො වේග ඔවුන් වෙළෙඳපොළේ අඩු මිලට ගත හැකි ආහාර, කුසගිනි නිවා ගැනීම සඳහා ක්ෂණික ආහාර පරිභෝජනය වැඩි වී තිඛෙනවා. ආර්ථීකය යහපත් අයකුගේ තත්ත්වය මෙතරම් සෝචනීය නොවූවත් ඔහුට පවා මේ ආහාර සංස්කෘතිය ඇතුළේ නිවැරදි ම පෝෂණීය ආහාර වේලක් ලැඛෙන්නේ නැහැ.
මීට අවුරුදු 40ට පමණ පෙර දියවැඩියාව නොතිබු ඇතැම් ගෝලීය ප්‍රදේශ අදලදියවැඩියාව බහුල ප්‍රදේශ බවට පත් වෙලා නිල් කලාපවල ජීවන රටාව දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝගවලට ගොදුරු වීමේ අධි ප්රවනතාව ගැටලූව ඇත්තට ම බලපාලා තිඛෙන්නේ නූතන ජීවන රටාවට සහ නූතන ආහාර සංස්කෘතිවලට අනුගත වූ රටවල ජනතාවට. එසේ වුවත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ තමන්ගේ සාම්ප්‍රදායික ආහාර රටා පවත්වා ගනිමින් ජීවත් වන ජනතාව ද ලෝකයේ සිටිනවා. ඔවුන් අතර බෝ නො වන රෝග ව්‍යාප්තිය ඉතා ම අඩුයි. ඔවුන් නිරෝගී ජීවිත ගත කරනවාග ඔවුන් අතර අවුරුදු 100කට වඩා වැඩි ජීවිත ගත කරන පිරිස (centenarians) බහුල වශයෙන් සිටිනවා. මේ අය සිටින විශේෂ ප්‍රදේශ හැඳින්වෙන්නේ නිල් කලාප (blue zones) කියලා.
ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ම මිනිසුන් වෙසෙන එවැනි නිල් කලාප 05ක් නම් කොට තිඛෙනවා (2 රූපය) මෙම කලාපවල ජීවත් වන ජනතාව ඔවුන්ට ම සුවිශේෂී ආහාර රටා අනුගමනය කරන අතර, වඩා සතුටින් පවුල් ජීවිත සහ ප්‍රජාව සමග කිට්ටු සම්බන්ධතා ඇති ව ජීවත් වන ජනතාව බව හඳුනා ගෙන තිඛෙනවා. වැඩිහිටි වියට පත් වූ පසු ද ජීවිතයේ අවසානය දක්වා ද යහපත් ශරීර හා ජවසම්පන්න ලෙස ඔවුන් ජීවත් වෙනවාගඔවුන්ගේ නිරෝගී බව සහ දීර්ඝායු බව ලැබීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් අනුගමනය කරන සුවිශේෂී ආහාර රටාවයි.
මධ්‍යධරණී ආහාර වේල
(meditarranean diet)
ම්යධරධණී ආහාර වේල ශාක පදනම් වූ ආහාර සහ සෞඛ්‍ය සම්පන්න මේද සහිත ආහාර වේලක්. එහි වැඩිපුර ම ඇත්තේ එළවලූල පලතුරු සහ ධාන්‍ය වර්ග, ඔලිව් තෙල් මේදය සඳහා ප්‍රධාන ම මූලාශ්‍රය වෙනවා (4 රූපය ) පර්යේෂණවලින් පෙනී යන්නේ මධ්‍යධරණී ආහාර මගින් හෘද වාහිනී රෝග සහ වෙනත් බොහෝ නිදන්ගත තත්ත්ව ඇතිවීමේ අවදානම අඩු කළ හැකි බවයි.
ඔකිනාවා ආහාර පිරමීඩය
ලෝකයේ වැඩි ම සියක් ආයු සැපිරූ පිරිස ජීවත් වන රටේ ජනතාවගේ ආහාර වේල හඳුන්වන්නේ ඔකිනාවා ආහාර (okinawa diet) රටාව ලෙසයි. ඔකිනාවා ආහාර රටාවේ සංඝටක 3 රූපයේ දැක්වෙනවා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ තමන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව ඒ ආකාරයෙන් පවත්වාගෙන යන ප්‍රදේශ තිඛෙනවා. ඔවුන් අතර බෝ නො වන රෝග ව්‍යාප්තිය ඉතා අඩුයි. පලතුරු
දියවැඩියාව වැළදෙන්නේ පෝසත් අයට ද?
දියවැඩියාව හැදෙන්නේ පොහොසත් අයටයි කියලා අපේ සමාජයේ යම් මතයක් තිබුණා. එහෙත් අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙන්නේල දියවැඩියාව වැඩි පැතිරීමක් තියෙන්නේල ආර්ථීක බරින් පෙළෙන දිළිඳු ජනතාව අතර කියලයි. ඩේවිඩ් බේකර් කියන වෛද්‍යවරයා මේ සම්බන්ධ ව ඉදිරිපත් කළ මතයට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීමක් ඇති වී තිඛෙනවා. මවට මන්දපෝෂණය තිඛෙනවා නම්, පටක වර්ධනයට අවශ්‍ය අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලැඛෙන්නේ නැහැ. ඒ නිසා කලලය අවස්තාවේ සිට දරුවගේ අග්න්‍යාසය වර්ධනය සිදු වෙන්නේ නැහැග එබැවින් පරිවෘත්තිය ක්‍රියා සිදු වීමට අවශ්‍ය සංවර්ධනය නොවීම නිසා දියවැඩියාව වැනි රෝග පහසුවෙන් ඇති වීමේ හැකියාව මතු වෙලා තියන බවයි. ඔහුගේ මතයේ දී කියවෙන්නේ. ඖෂධ වෙනුවට ආහාර මෙය ලෝකයේ තිඛෙන අලූත් ම සංකල්පයක්ග ඉන් අදහස් වෙන්නේ නැහැ ආහාර පමණක් සෑම අවස්ථාවක දී ම ඖෂධ වෙනුවට භාවිත කළ හැකියි යන්න. එහෙත් ආහාර සහ ජීවන රටාව වෙනස් කිරීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට හැකියාව තිඛෙනවා. ප්‍රතිකාර කිරීමට හෝ සුව කිරීමට පවා ඇතැම් ආහාර උපයෝගි වෙනවා. අපේ දේශීය සහල්වල ග්ලයිසෙමික් අගය (glycaemic index) අඩු නිසා ඒවා ආහාරයට ගැනීමෙන් දියවැඩියාව හැදීමේ ප්රවනතාව අඩුයි. කරවිල, බණ්ඩක්කා කොස් වැනි ආහාර ඇතැම් විට දියවැඩියා රෝගීන්ට විශේෂයෙන් ලබා දීම කරනවා. කෙදි සහිත ආහාරවලින් මල බද්ධය, ආහාර මාර්ගයේ පිළිකාව වැනි රෝග සෑදීමේ ප්රවනතාව අඩු කරනවා. ආහාරවල යකඩ, විටමින් වර්ග වැනි දේ අන්තර්ගත වී නිසා ඌනතා රෝග ඇතිවීමෙන් ආරක්ෂා වෙනවා.
දියවැඩියාව වැඩි පැතිරීමක් තියෙන්නේ ආර්ථීක බරින් පෙළෙන දිළිඳු ජනතාව අතරග ඩේවිඩ් බේකර් කියන වෛද්‍යවරයා මේ සම්බන්ධ ව දිරිපත් කළ මතයට විද්‍යාත්මක ලෝකයේ ඉහල පිළිගැනීමක් තිඛෙනවා.
අපි තෝරා ගත යුත්තේ කුමන ආහාර සම්ප්රදායක් ද?
නිවැරදි කෑම වේලක් ගන්නවා නම් දියවැඩියාවල කොලෙස්ටරෝල්, විටමින් ඌනතා වගේ රෝග හැදෙන්නේ නැහැ. ගමේ පලතුරු, එළවලූ, ධ්‍යාන්‍ය නිවැරදි ව ගන්නව නම් ක්ෂණික ආහාර අඩු කරනවා නම් නිරෝගී ව ජීවත් වන පුරවැසියකු වීමට හැකියාව තිඛෙනවා. අපි අපේ පාරම්පරික අල වර්ග සැලකුවොත් බුත්සරණ, හුළං කීරියල, කිරි අල, හිඟුර, වගේ ලොකු විවිධත්වයක් තිඛෙනවා. ඒවා පොලවේ සාරය උරා ගෙන හැදෙන ඒවා විටමින්, ඛනිජ ලවණ ඇතුළු ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ මේවයේ අඩංගුයි.
ඒත් එක්ක ම අපි ඉහත කතා කළ ශතවර්ෂ ගාණක් පුරා ඉතා හොඳ ආහාර සංස්කෘති පැවත ගෙන එන ලෝකයේ විවිධ ප්‍රදේශවල ආහාර රටා තිඛෙනවාග එසේ කාලය විසින් නිවැරදි බව ඔප්පු කළ (time tested) ආහාර රටාවලින් අපේ සංස්කෘතියට උගත හැකි දේ බොහොමයි.
සටහන – අරුණ ප්‍රශාන්ත වලිසුන්දර
කාලය විසින් නිවැරදි බව ඔප්පු කළ (time tested) ආහාර රටාවලින් අපේ සංස්කෘතියට උගත හැකි දේ බොහොමයි.