දිනය 2018 ජනවාරි මස 13 වැනි දා. ඒ අපේ මධ්‍යස්ථානයට පුංචි මල් කැකුළු එක්වෙන කාලය. එදින උදෑසන ම එක ම පැහැයෙන් එක ම හැඩයෙන් ඔප වුණු පුංචි පැටව් දෙන්නෙක් අපේ මධ්‍යස්ථානයට පැමිණියා. අම්මාගේ සහ ආත්තම්මාගේ අතේ එල්ලිලා ගේට්ටුවෙන් ඇතුළු වුණු මේ පැටව් දෙන්නා ආගන්තුක අපේ මධ්‍යස්ථානය දිහා බැලූවේ බොහොම විමසිල්ලෙන්. ඒ සිවු හැවිරිදි පැටව් දෙදෙනා, සංසාර පුරුද්දට වගේ, පළමු වරට මුණ ගැසුණු ගුරු මවුවරුන් දිහා බලලා, මුව පුරා සිනාසුණා. හරි ම අහිංසක ඒ මුහුණු දෙකින් අයියා මලෝ කවුරුන්දැයි හඳුනා ගන්නට අපි අපොහොසත් වුණා. ඒ නිවුන් සොහොයුරන් දෙපළ ම ඕටිසම් තත්ත්වයේ පසු වන දරුවන් බව අම්මා අපට පවසද්දී අම්මාගේ දෙනෙතින් කඳුළු කැට නිමක් නැති ව ගලා ගියා.
දිනපතා, මධ්‍යස්ථානයේ ගේට්ටුවෙන් ඇතුළු වී මවගෙන් මිදුණු පසු මේ පැටව් රඳවා තබා ගැනීම මහත් වෙහෙසකර කටයුත්තක් වුණා. ගේට්ටුවේ එල්ලී එළිය දෙස බලමින් මහ හඬින් හඬා වැළපුණු දරු පැටවු දෙදෙනා හඬා හෙම්බත් වූ විට වමනය දැමීමට යොමු වුණා. දින තුනක් පමණ යන විට මධ්‍යස්ථානයේ සෙල්ලම් බඩු වෙතට ඔවුන්ගේ අවධානය යොමු කරවීමට අපට හැකියාව ලැබුණා. මධ්‍යස්ථානයේ දී ඔවුන් ව අකුරු කරන්නට යොමු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අපට මහත් වෙහෙසක් ගැනීමට සිදු වූ අතර, ඒ සඳහා මුල් කාලයේ දී ඔවුන් දෙපළට සිත් සේ ඔබ මොබ ඇවිදිමින් සෙල්ලම් බඩු සමග කාලය ගත කිරීමට අපි ඉඩ ලබා දුන්නෙමු. මෙයාකාරයෙන් ආගන්තුක වූ මධ්‍යස්ථානය දෙපළට ම හුරුපුරුදු ස්ථානයක් බවට ක‍්‍රමයෙන් පරිවර්තනය වුණා.
දරුවන් පැමිණ සතියක පමණ කාලයක් ගත වන විට, ඔවුන් එක තැන රැුඳී සිටීමට වැඩි ප‍්‍රියතාවක් දක්වන බවක් අපගේ අවධානයට යොමු වුණා. දරුවන් දෙදෙනා ළමා මේසය සහ පුටුව මත හිඳුවා ක්ලේ (මැටි) මගින් නිදහසේ නිර්මාණ කිරීමට, දියසායම් මගින් සීල් තැබීමට හා පින්සල භාවිතයෙන් කඩදාසි මත ඇඳීමට, ආදී ක‍්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව සලසා ගත්තා. සති තුනක් පමණ ගත වන විට දරුවන් දෙපළ “අයනු ආයනු” කියන්නට සුදුසු පරිදි ස්ථානගත කොට අවසන් කළා.
අවුරුදු 4ක කුඩා වියේ පසුවන මේ පැටවුන්ට නුහුරු පැන්සලක් එක වර අතට දීමට අප යුහුසුළු වූයේ නැහැ. පළමු ව සියුම් චාලක ක‍්‍රියාකාරකම් මගින් පත්තර පිටු කුඩා තීරුවලට ඉරීම, සව් කොළ ගුලි කිරීම, සීමාවක් තුළ ඇලවීම, පබළු ඇට කම්බියක ඇමිණීම වැනි ක‍්‍රියාකාරකම් ඔස්සේ පැන්සල අල්ලා ගැනීමට සුදුසු පරිදි අතැඟිලි හුරු කරවා ගත්තෙමු. මාසයක පමණ කාලයක් ගත වන විට පැන්සල නිවැරදි ව අල්ලා ඉරි වක‍්‍ර රේඛා ආදියෙන් ක‍්‍රමයෙන් අකුරු හැඩ ලියන්නට සොහොයුරන් දෙපළ ම සමත් වුණා. එමෙන් ම පෙන්වන සෑම අකුරක් ම ඉතා නිවැරදි ව නම් කිරීමට ද හැකියාව ලැබූ මේ දරුවන් අනෙකුත් විෂයයන් ද තමන්ට හැකි පමණින් බොහෝ උනන්දුවෙන් ඉගෙන ගත්තා.
අද වන විට (2018 නොවැම්බර්) මේ දරුවන් අප මධ්‍යස්ථානයට පැමිණ වසරකට ආසන්නයි. එළැඹෙන 2019 වසරේ දී ඔවුන් ව අප මධ්‍යස්ථානයේ ගුරු මව්වරුන්ගේ තුරුලෙන් මිදී සාමාන්‍ය පාසලක 1 වන ශ්‍රේණියට අකුරු කරන්නට නික්ම යාමට සියලූ කටයුතු සුදානම් කර හමාරයි.
මෙතෙක් අප තුරුලේ රැුඳුණු මේ පොඩි පැටවුන් කළ කී දෑ මෙන් ම හඳුනා ගත් සුවිශේෂ කරුණු ඔබේ අවධානය පිණිස සැකෙවින් සටහන් තබන්නෙමි. හඳුනා ගැනීමේ පහසුව තකා නිර්නාමික ව මේ දෙපළ වැඩිමල් සොයුරා සහ බාල සොයුරා යනුවෙන් නම් කරමු.
පාඨක ඔබගේ රසවින්දනය උද්දීපනය කිරීමේ අරමුණින් හෝ ලද අවස්ථාව අතිශයෝක්ති ගත කිරීමේ අරමුණින් තොර ව එක් වැදගත් කරුණක් මේ නිවුන් සොහොයුරන් පිළිබඳ ව ඉදිරිපත් කරන්නෙමු. එනම් මේ දෙපළගෙන් වැඩිමල් සොහොයුරා බහ තෝරන වියේ සිට ම වැඩිහිටි අනුදැනුමකින් මග පෙන්වීමකින් තොර ව ඉංග‍්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීමට හුරු වී සිටීමයි. අප අසන පැනයකට පවා ඉංග‍්‍රීසියෙන් පිළිතුර සැපයු මේ දරුවාගේ උච්චාරණය දෙස ආගන්තුකයකු සවන් යොමු කළේ නම්, විදේශයක ජීවත් වූ දරුවකු බවට අනුමාන කරන අතර එවැනි අවස්ථා කිහිපයක ම අත්දැකීම් අපට ලැබුණි. එහෙත් බාල සොයුරා ඊට හාත්පසින් ම වෙනස් වූ අතර සිංහල උච්චාරණයට ඒ දරුවා හුරු වී සිටියේ ය. එහෙත් අවාසනාව නම් දරු දෙපළගේ ම උච්චාරණය සම වයස් සාමාන්‍ය දරුවකුගේ උච්චාරණය තරම් සාර්ථක මට්ටමකට ළඟා නො වීමයි.
එකිනෙකට වෙනස් ඕටිසම් ලක්ෂණ දරන දරුවන් සමග දිනපතා මධ්‍යස්ථානයේ කල්ගත කරන ගුරු දෙපළ වන අප නිතර ම සිනාවේ ගිල්වන්නට මේ සොහොයුරන්ට හැකි වූයේ ඔවුන් කරනා හුරතල් දඟකාරකම් හේතුවෙනි. ගුරු ජීවිතයේ “ටීචර්” යන ආමන්ත‍්‍රණය වෙනුවට “අම්මා” යනුවෙන් පැමිණි දා සිට අප අමතන්නට මේ දෙපළ හුරු වී සිටියහ.
උදෑසන ආගමික වතාවත්වල හොඳින් නියැළෙන මේ දරු පැටවුන් ආරම්භයේ දී නමස්කාර පාඨ, පන්සිල් ආදියට අදාළ කාලය පමණක් මිමිණූ අතර, අද වන විට මවට වඳින-පියාට වඳින ගාථාව විමසූ විට තනි ව කිව හැකි ආකාරයේ පසු වෙති.
අවට පරිසරයේ පවතින අවදානම් සහගත ස්ථාන හෝ එවැනි අවස්ථා පිළිබඳ ව අවබෝධයක් නොපවතින මේ දෙපළ දිනක් සෙල්ලම් මිදුලේ සිට එකවරම පිටතට දිව ගියේ කානුව, පහළට නෙරා ඇති බැම්ම ආදී අවදානම් ස්ථාන පිළිබඳ ව අවබෝධයකින් තොරවයි.
තව ද ආරම්භයේ සිට ම මේ දක්වා දරු දෙපළ අකුරු කරවීමට සුදුසු පරිදි ස්ථානගත කළ ද විටින් විට වටපිට බැලීමටත්, එක් වැඩක් නිම වූ විට නැගිට පන්ති කාමරයේ ඔබ-මොබ ඇවිදීමටත් තවමත් පුරුදු වී සිටිති. එනිසා අවධානය රඳවා ගැනීමේ ක‍්‍රියාකාරකම්වල, ඔවුන් ව නිරන්තරයෙන් යොමු කිරීමට, අපි එහෙයින් වෙහෙසි වූවෙමු.
බාල සොහොයුරා සතු විශේෂ ලක්ෂණ නම් අන්‍යයන් අනුකරණය කිරීමට ගන්නා උත්සාහයයි. ඕටිසම් දරුවන් නිරන්තරයෙන් ඔවුනට ආවේණික වූ චර්යාවක නිරත වූවෝ වෙති. එහෙයින් මධ්‍යස්ථානයේ දරුවකු තුළ පවත්නා එවන් චර්යාත්මක හැසිරීම් ඉතා සියුම් ව නිරීක්ෂණය කොට, නැවත එය කිරීමේ උත්සාහයක බාල සොහොයුරා නිරත වේ. එහි ප‍්‍රබලත්වය කෙතරම් දැ යි කිව හොත් ගුරු දෙපළ පවා අනුකරණය කොට ළමයින්ට ඉගැන්වීමට, තරවටු කිරීමට මෙන් ම පොත් පත් රැුගෙන හරි ලකුණු කිරීමට පවා මේ දරුවා උත්සාහ ගන්නේ ය.
අනෙකුත් දරුවන් සමග ඉතා සහයෝගයෙන් හැසිරෙන මේ දරු දෙපළගෙන් බාල සොහොයුරා විටෙක වැඩිමහල් සොහොයුරා සමග එක ම දෙයකට රණ්ඩු කර ගනියි. එහෙත් දෙදෙනාට දෙදෙනා නොමැති ව සිටීමට නො හැකි අතර සෑම අවස්ථාවක දී ම අනෙක් සොහොයුරා සෙවීමටත් ඔහුට කොටසක් දීමටත් අමතක නොකරයි. අවධානය යෙදවීමේ තරමක් දුරට පවතින දුර්වලතාව නිසා සාමාන්‍ය වයසේ පසුවන දරුවකු තරම් දක්ෂතාවක් ලිවීමේ දී නොපවතී.
කෙසේ වෙතත් උදා වන නව වසරේ දී නව මාවතකට පා නගන්නට පියවර ඔසවන මේ පැටවුන් වෙත එකී මාර්ගය විවර වූ ආකාරය ද කිව යුතු ම ය. මන්ද සැමට අධ්‍යාපනය ලැබිය හැකි, ලැබිය යුතු වචනයට පමණක් සීමා වී ඇතැයි හැගෙන ප‍්‍රඥප්ති කරපින්නා ගත් මේ ලංකා භූමිය තුළ, රජයේ පාසල් හතරකින් මෙකී දරු දෙපළ ප‍්‍රතික්ෂේප වීමයි. ලැබී ඇති පාසල ද දරුවන් දෙදෙනකු පමණක් දැනට 1 ශ්‍රේණියට නම් ලැබී ඇති පාසලකි.
සමනල පැටවුන් මෙන් හැසිරෙන මේ පැටවුන්, දඟ වැඩි වීම ඉහත කී ප‍්‍රතික්ෂේප වීමට හේතු සාධක වී තිබේ. කරුණු කෙසේ වුව ද අවබෝධ කොට ගත යුතු උතුම් විශේෂ අධ්‍යාපනික ගුරු වෘත්තියේ පසු වන ගුරුවරියක ලෙස මා දකින කරුණකි. එනම් දහසක් පෙරුම් පුරා මවක දරුවකු මෙලොවට බිහි කරනුයේ පෙති කැඩුණු මලක් නෙලා ගැනීමේ අරමුණින් නො වේ. එවැනි දුර්වලතාවක් ඇති ව උපත ලැබුව ද තම දරුවා මවට මහ මෙරකි. එහෙත් සමාජ ගැටලූ හමුවේ එවැනි දරුවන් ලද මව්පියවරුන් සිතින් මැරි මැරි උපදින වාර අනන්ත ය. එවැනි දුක් හිසින් දරා විඳවන මෙවන් දරුවන් වෙත, නෝට්ටු කොළවල බලයට අධ්‍යාපනය විකුණන සමාජයක් බිහි කරන්නේ නම්, ඒ පිළිබඳ ව ද දෙවරක් සිතිය යුතු ම ය.
කෙසේ වෙතත් උදාවන නව වසරේ තවත් ගුරු මවුපියවරුන්ගේ ඇකයට උණුහුම සොයා යන පැටවුණේ නෙක හැඩයෙන් යුතු මල් එක සායමින් හැඩ කරනා උතුම් ගුරු මව්පියවරුන් ලැබේ වා! ඔබට සුභ අනාගතයක් වේ වා!
ඊ. කල්‍යානි
ඕටිසම් ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ පරිශ‍්‍රය
මහරගම
හයිලයිටි 1
දිනපතා, මධ්‍යස්ථානයේ ගේට්ටුවෙන් ඇතුළු වී මවගෙන් මිදුණු පසු මේ පැටව් රඳවා තබා ගැනීම මහත් වෙහෙසකර කටයුත්තක් වුණා. ගේට්ටුවේ එල්ලී එළිය දෙස බලමින් මහ හඬින් හඬා වැළපුණු දරු පැටවු දෙදෙනා හඬා හෙම්බත් වූ විට වමනය දැමීමට යොමු වුණා.
හයිලයිටි 2
ආරම්භයේ සිට ම මේ දක්වා දරු දෙපළ අකුරු කරවීමට සුදුසු පරිදි ස්ථානගත කළ ද විටින් විට වටපිට බැලීමටත්, එක් වැඩක් නිම වූ විට නැගිට පන්ති කාමරයේ ඔබ-මොබ ඇවිදීමටත් තවමත් පුරුදු වී සිටිති. එනිසා අවධානය රඳවා ගැනීමේ ක‍්‍රියාකාරකම්වල, ඔවුන් ව නිරන්තරයෙන් යොමු කිරීමට, අපි එහෙයින් වෙහෙසි වූවෙමු.
හයිලයිටි 3