වැසෙන්නට ගිය ග‍්‍රාමීය පාසල් නගා සිටුවීම පිළිබඳ අත්දැකීම්වලින් හා ආශ‍්‍රිත පර්යේෂණවලින් ශ‍්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත‍්‍රය පොහොසත් ය. 2016, 25 වන ගවේෂණ කලාපයේ පළ වූ වලස්බැද්ද විද්‍යාලයයේ ආර්.එම්.ඞී. රත්නායක විදුහල්පතිතුමා පිළිබඳ ලිපිය මේ සඳහා වන උදාහරණයකි. එහෙත් අයාලේ යන්නට සහ සමාජ අසම්මත ක‍්‍රියා වැළඳ ගන්නට යොමු ව ඇති, ජනප‍්‍රිය යයි සම්මත පාසල් නිවැරදි මගකට ගන්නට යෙදු ප‍්‍රයත්නත් එකී ප‍්‍රයත්න පිළිබඳ පර්යේෂණ සාහිත්‍යයයෙහිත් හිඩැසක් පවති. මහනුවර ශාන්ත සිල්වෙස්තරයේ විදුහල්පති ලෙස, 2001 වන වර්ෂයේ දී විධිමත් ව පත්වීම් ලද, තේනුවර රනිල් ශ්‍යාමන්ත මීටියාගොඩ මහතා, 2017 වර්ෂය වන විට සපුරා ඇති ධනාත්මක විදුහල්පති භූමිකාව දෙස, පර්යේෂණ ඇසින් කරනු ලබන විශ්ලේෂණය, පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඓතිහාසික ව වැදගත් වනුයේ මේ පදනමිනි.
විශ්ලේෂණය සඳහා, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රචලිත නො වන, ජීවිත ඉතිහාස පර්යේෂණ ක‍්‍රමය (Life history research) භාවිත කිරීම ද එයට සන්ධාර විශ්ලේෂණය හා සංසිද්ධි විද්‍යා පර්යේෂණ ක‍්‍රම දෙකෙහි මූලධර්ම මුසු කර ගැනීම ද විශේෂත්වයකි. ජීවිත ඉතිහාස පර්යේෂණවල දී අනුගමනය කෙරෙන පරිදි, මීටියාගොඩ මහතාගේ අත්දැකීම් ආඛ්‍යාන ලෙස ඉදිරිපත් කරමින් ද සිල්වෙස්තරයේ ක‍්‍රියාකාරිත්වයට සම්බන්ධ වන ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයක්, දෙමාපියන්, අධ්‍යාපන නිලධාරින් සහ ශිෂ්‍යයන්ගේ සංජානනත් මූලාශ‍්‍රය පාදක දත්තත් මුසු කරමින් ද පර්යේෂණ වාර්තාව ලියැවී තිබේ.
පර්යේෂණ අනාවරණ අනුව, වර්ෂ 16ක ශාන්ත සිල්වෙස්තරයේ මීටියාගොඩ විදුහල්පති භූමිකාව, පදනම් අවදිය (2001-2004), ඵලදායිතා සංකල්පය පූරණ අවදිය (2004-2010) හා මෘදු කුසලතා මුසු නව කළමනාකරණ ප‍්‍රවේශය සහිත අවදිය (2010-2017) ලෙස අවදි තුනකින් සමන්විත ය. පරිපාලනය වියවුල් පාසල, නිරවුල් විධිමත් මගට ගැනීම පදනම් අවදියේ භූමිකාව විය. ඵලදායිතාව යන සංකල්පය පාදක ව විවිධ දෘෂ්ටිකෝණවලින් පාසලේ කි‍්‍රයාකාරකම්වල ඵලදායිතාව ඉහළ නැංවීම, ඵලදායිතා සංකල්පය පූරණ අවදියේ කාර්ය විය. පාසල ලැබූ සංවර්ධනය අනුව, ස්වකීය විදුහල්පති භූමිකාව, නව දර්ශනයක් පාදක කළමනාකරණ ප‍්‍රවේශයකට යොමු කිරීම, තෙ වන අවධියේ දී සිදු විය.
පරිච්ෙඡ්ද සතරකින් සමන්විත පර්යේෂණ වාර්තාවෙන්, ශාන්ත සිල්වෙස්තරයේ මීටියාගොඩ විදුහල්පති සතු වූ යහපත් ව්‍යවහාර 20ක් ද හදුනා ගෙන තිබේ. එයින් ව්‍යවහාර දෙකක් වනුයේ ,කාර්ය රාශියක් කළමනාකරණය කළ ද කාර්යාලය වැඩවලින් නිදහස් ස්වරූපය දැනවීම, සහ ,වර්තමාන ජාතික පාසල්වල ගැටලූවක් ව පවතින ළමයින් ඇතුළත් කර ගැනීමේ අපචාර සමාජ කි‍්‍රයා ජාලයට පිටු පා, සද්භාවයෙන් ද පිරිසිදු ව ද කටයුතු කිරීම ය.,
පර්යේෂකයන් දෙපළ වනුයේ ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු සහ හේමාලි ඒකනායක ය.