පිළිකා

විශ්වයේ ජීවින් සිටිතැයි නිශ්චිත ව දන්නා පෘථිවියේ, බුද්ධිමත් ම ජීවියා වනුයේ මිනිසා ය. මේ බුද්ධිමත් ම ජීවියාගේ බලමහිමයට නිර්දය ලෙස තර්ජනය කරන ඍණ සාධකයක් වනුයේ පිළිකාව පිළිබඳ ඌන දැනුම් පද්ධතියයි. විද්‍යාත්මක පර්යේෂණවල බලමහිමයෙන්, ලෝකයේ මාරාන්තික යයි තීරණය කර තිබූ ලාදුරු, මැලේරියා වැනි රෝගවලට ප‍්‍රතීකාර්ය සොයා ගැනීම නිසා, මිනිසා ආතතියට පත් කළ එකී රෝගවල බලපෑමෙන් මිදෙන්නට ලෝකයට හැකි ව තිබුණත්, පිළිකා රෝගයේ තර්ජනය තවදුරටත් නිර්දය ලෙස වලංගු ව පවති.  මේ නිසා පිළිකා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවල අවශ්‍යතාව වැඩි වැඩියෙන් අවධාරණය කරමු.

පිළිකා පිළිබඳ අනෙක් ප‍්‍රවණතාව වනුයේ මිනිසාගේ ජීවන පුරුදු සහ එදිනෙදා පැවැත්ම යන සමාජීය විද්‍යාත්මක පදනමට අදාළ ඌනතා සහ පිළිකා රෝගය අතර පවතින ප‍්‍රබල සම්බන්ධයයි. පිළිකා, හුදෙක් ජීව විද්‍යාත්මක පදනමක් පමණක් සහිත රෝගයක් ද? එසේ නම් එයට විද්‍යාත්මක පර්යේෂණයෙන් අනිවාර්යයෙන් ම විසඳුම් ලැබෙනු ඇති අතර, ඒ පදනමින් විසඳුම ලැබීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි. එහෙත් පිළිකා යනු මිනිසාගේ සිතිවිලි හා ජීවන රටා ගැන ද ප‍්‍රශ්නයක් නම්, එයට, ලෝකාර්ථිකය හා ලෝක සමාජය  ප‍්‍රබල ව පදනම් වන්නේ නම්, පිළිකා ගැටලූවට විසඳුම් ලබා ගැනීම, සමාජ විප්ලවකාරි වෙනසකින් පමණක් අත්පත් කර ගත හැකි ව තිබෙන බරපතළ සමාජ ප‍්‍රශ්නයක් වන්නේ ය. මේ සමාජීය ප‍්‍රශ්නය, දේශීය ප‍්‍රශ්නයක් පමණක් නො ව අන්තර්ජාතික ප‍්‍රශ්නයක් ද වන නිසා අප සැමගේ සිතිවිලි මේ පිළිිබඳ ව නවතාවෙන් අවධාරණය කිරීමට කාලය එළැඹ ඇත්තේ ය.

මේ සඳහා කවරාකාර ප‍්‍රතිකර්ම යෝජනා කළ හැකි ද?  පළමු ව අපට, අපගේ ම ජීවන ශෛලිවල හොඳ-නරක ගැන සිතා බැලීම අවශ්‍ය වේ. දෙවනු ව ළමා පරපුර දැනුම්වත් කිරීමේ කි‍්‍රයාවලියකින්, මේ ගැටලූවට දිගුකාලීන ව විසදුම් සැලසුම් කිරීම අවශ්‍ය වේ. එහි එක් පියවරක් වසයෙන් පාසල් විෂයමාලා කි‍්‍රයාවලියේ පිළිකා රෝගය හා ඊට සම්බන්ධ සංකල්ප අවධාරණය වන අයුරු ගැන සන්ධාර විශ්ලේෂණාත්මක පර්යේෂණයක් කර වඩා හොඳින් පාසල් විෂයමාලා කි‍්‍රයාවලිය සකස් කිරීම ගැන යෝජනා ඉදිපත් කළ හැකි ය. වාණිජ්‍යයට සහ පක්ෂග‍්‍රාහිත්වයට යට ව ඇති විද්‍යුත් මාධ්‍ය, මේ ගැටලූව ගැනවත් සද්භාවයෙන් යුතු ව සමාජය දැනුම්වත් කිරීමට ස්වකීය මාධ්‍ය ප‍්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු ය.

Editorial -27th volume