මීරියබැද්ද ඛේදවාචකය හා අපගේ භූමිකාව

 ජාතියට දැනෙන මහා පරිමාණයේ ස්වාභාවිකව්‍යවසනවල ආරම්භය 2004 සුනාමිය විය. ඒ සමග ම මතු වූ තවත් අභියෝග රාශියක් විය. විද්‍යාත්මක පර්යේෂණ හුදු පෞද්ගලික ප‍්‍රතිලාභ සඳහා සීමා නො වී ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය හා ජන අභිවර්ධනය උදෙසා සේවා සැපයුම් ගොඩ නැගීමට යොමු විය යුතු බවට විශ්වාස කරන සංවිධානයක් ලෙස එවකට ද අපි අපේ භූමිකාව උපරිමයෙන් කළෙමු. මීරියබැද්ද ඛේදවාචකයෙන් අනතුරු ව ද අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා මෙවැනි ආපදාවක දී වහා ම ගත ක‍්‍රියාමාර්ග සම්බන්ධ ව අතිගරු ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය හා අදාළ ප‍්‍රතිපත්ති හා සේවා සැපයුම් කරන අංශ සමග අපගේ වෘත්තීය මතයන් බෙදා හදා ගත්තෙමු.

 ගෞරවනීය භූමිදානයකට ඇති අයිතිය ඉස්මතු කරමින් සුනාමි ඛේදවාචකයෙන් අනතුරු ව ජාතික ප‍්‍රතිපත්ති සැකසීමට මැදිහත් වුණෙමු

 මෙවැනි ආපදාවන්වල දී මිය පුද්ගලයන්ට ගෞරවනීය භූමිදානය, ජීවත් වන්නවුන්ගේ වියෝ දුක තුනී කිරීමේ ඉහළ ම සුබවාදී සත්කාරයකි. සමූහ මිනී වළවල්යනු අප කිසිවකුටත් සුබවාදී චිත‍්‍රයක් නො වේ. එහි දී ඔවුනගේ අවසන් කටයුතු ශ‍්‍රී ලාංකේය සිරිත්- විරිත් සහ ආගමික කටයුතු සහිත ව කිරීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුත්තකි. සුනාමියෙන් පසු ව අප ඒ වෙනුවෙන් කළ මැදිහත් වීම ද ඉන් නොනැවතී ප‍්‍රතිපත්ති තීන්දු- තීරණ උදෙසා වූ දායකත්වය ද තීරණාත්මක එකක් විය (මේ පිළිබඳ විශේෂ ලිපි කිහිපයක් 2005 මැයි- අගොස්තු කලාපයේ පළවිණි).

x     සුනාමි ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ, IRD සාමාජිකයන්ගේ ස්වේච්ඡා දායකත්වය

x     පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට අපගේ නියෝජනය

x     ජාතික ආපදා කළමනාකරණ පනතට මෙම අංගය ඇතුළු කිරීම

 පින්තූරය 1

 

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට අපගේ නියෝජනය

 

 ආපදාවන්හි දී ද ළමයින්ට මුල් තැන

 ළමයින් වැඩිහිටියන්ට වඩා අඩුවෙන් නොසිතති. ඔවූහු වෙනස් ව සිතති. ළමා මනසට ද ව්‍යවසනයේ පීඩාවන් දැනේ. ඔවූහු ඒවා අනිවාර්යයෙන් වචනයට නොනඟ යි. ළමයින්ට අතවශ්‍ය ක‍්‍රීඩා භාණ්ඩ ද ඔවුන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට උපකාරී වන චිත‍්‍ර ඇඳීමට අවශ්‍ය ද්‍රව්‍ය ද සපයා දීම මෙන් ම හැකි ඉක්මනින් ඔවුන් ව පාසල් වෙත යවා අන් ළමයින් සමග මිශ‍්‍ර කිරීම ද අත්‍යවශ්‍ය මානසික සත්කාරයකි.

පින්තූරය 2

සුනාමි ආපදාවෙන් පසු ළමයින් තම හැගීම් චිත‍්‍රවලට ගොනු කර තිබූ ආකාරය

 

පින්තූරය 3

සුනාමි ආපදාවෙන් පසු ළමයින් තම හැඟීම් චිත‍්‍රවලට ගොනු කර තිබූ ආකාරය

 

 යුධ සමයේ කැබිතිගොල්ලෑවේ බසයක බොම්බයක් පිපිරීයාමෙන් සිදු වූ ආපදාවට පසු ළමයින්ට ක‍්‍රීඩා භාණ්ඩ සැපයීමෙන් අනතුරුව ඔවූහු ක‍්‍රීඩාවේ නියැළුනු අයුරු 

 අනිවාර්ය උපදේශනය කෝකටත් තෛලය නො වේ.

ආපදාවලට ලක් වන සියලූ ම දෙනාට උපදේශනය අනිවාර්ය නො වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන් ම ලෝක පූජිත මානසික රෝග පිළිබඳ විශේෂඥයන්ගේ මතය යි. මෙවැනි ව්‍යවසනවලට පසු ව ඒවා විඳ දරා ගැනීමට ඒ ඒ සමාජ ස්ථරයන් ගන්නා ක‍්‍රියාමාර්ග තීන්දු වන්නේ එක් එක් ජාතීන්ගේ සංස්කෘතිකත්වය තුළ ය. අපේ රටේ ජනතාව ඒවාට මුහුණ දෙන්නේ තමන්ගේ ආගම ධර්මයට අනුකූල ව හා මහා සමාජ සම්බන්ධතා ජාලයක් ඔස්සේ ය.

කායරූපී රෝග බහුල විය හැකි ය

ව්‍යවසනවලට පසු ව ශාරීරික රෝග ලක්ෂණ සමග නැවත නැවත වෛද්‍යවරුන් සොයා යාමට සමහරුන් පෙලඹේ. මානසික ආතතිය එළි දකින්නේ එලෙස ය. අනවශ්‍ය රෝග පරීක්ෂණ මෙන් ම ප‍්‍රතිකාර ද අහිතකර ය. මේ පිළිබඳ වැඩි දුර විස්තර www.ird.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය.

 සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා පර්යේෂණ වැඩමුළුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණඅංශය සහ පර්යේෂණ හා සංවර්ධන ආයතනයඒකාබද්ධ ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනාගත පර්යේෂණ නායකයන් බිහි කිරීමට පර්යේෂණ වැඩමුළුවක් 2014 ඔක්තෝබර් මස 13-14 දෙදින තුළ ශ‍්‍රී ලංකා පදනමශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි දී තෝරා ගත් 40 දෙනකුගේ කණ්ඩායමක් වසරක කාලයක් පුරා අඛණ්ඩ ව දිරිගැන්වීමට හා පර්යේෂණ කුසලතා ඔප් නැංවිමට මෙමගින් බලාපොරොත්තු වේ. පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මහාචාර්ය අතුල සුමතිපාල, ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු, වෛද්‍ය බුද්ධිකා ප‍්‍රනාන්දු, වෛද්‍ය ගෝමින්ද පොන්නම්පෙරුම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය උමංගා සූරියආරච්චි, යන මහත්ම- මහත්මීහු මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (දන්ත වෛද්‍ය සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ද දෙසුම් පවත්වන ලදී.

ගුරුවරුන් සහ දෙමව්පියන් සඳහා කි‍්‍රයාමූලික පර්යේෂණ පාඨමාලාව දෙසැම්බර් මස ඇරඹෙයි

          ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්තිකාමරයේ විෂය ඉගෙන ගැනීමේ දී මුහුණ පාන ගැටලූ විසඳීම සඳහා ගුරුවරුන් භාවිත කරන නිර්මාණාත්මක ක‍්‍රමවේද, කි‍්‍රයාමූලික පර්යේෂණ වාර්තා වශයෙන් ප‍්‍රචලිත වී ඇත. එහෙත් මේ ක‍්‍රියාවලියේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික ක‍්‍රියාවලියේ ප‍්‍රබලතා සහ දුබලතා හඳුනා ගෙන වඩා යහපත් පුරවැසියකු කිරීම සඳහා මැදිහත් වීමේ උපායමාර්ග පන්තිකාමරවල විධිමත් ව ක‍්‍රියාත්මක නො වේ. එහෙයින් විවිධ වයස් මට්ටම්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඔවුන්ගේ පසුබිම හේතු කොට ගෙන මුහුණ පාන විවිධ මානසික ගැටලූවලට විසඳුම් දීම සඳහා, ගුරුවරයා දැනුවත් කර ඒ පිළිබඳ නිපුණතා සංවර්ධනය කිරීම මෙම පාඨමාලාවේ අරමුණ යි.

          ගුරු වෘත්තියේ සංකීර්ණ ක‍්‍රියාකාරකම් ඉටු කරන අතරතුර ස්වකීය පවුලේ වගකීම් ඉටු කිරිමේ නිරත වන ගුරුවරුන්ට ද ඔවුන් නොදැනුවත්ව ම වාගේ මානසික ගැටලූ තිබීමට පුළුවන. මෙම කි‍්‍රයාමූලික පර්යේෂණ පාඨමාලාවෙන් තමන්ට ඇති නමුත් එසේ ඇතැයි ගුරුවරුන්ට නොතේරෙන මානසික ගැටලූ තේරුම් ගෙන ඒවාට විසඳුම් ලබා දීම සඳහා ද මැදිහත් වීමට අපෙක්ෂා කෙරේ. ස්වකීය දරුවන්ගේ ඉගෙනුම ගැන අවදියෙන් සිටින දෙමාපියන්ට ද මේ පාඨමාලාවට සහභාගි විය හැකි ය.

          මෙම පාඨමාලාව පළමුවැන්න 2014 ෙදසැම්බර් මස මහනුවර දී පැවැත්වීමට නියමිත අතර, වැඩි විස්තර www.ird.lk යන වෙබ් අඩවියෙන් හෝ 0112863084 යන දුරකථන අංකයෙන් විමසිය හැකි ය.