පර්යේෂණ ආචාරධර්ම

පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ ව විවිධ මාන ඔස්සේ සාකච්ඡුා කළ අපි ඒ පිළිබඳ අවසන් ලිපියෙන්, පර්යේෂණයක ගුණාත්මක බව රැක ගැනිමත් සමාජ අගයයන් ආරක්ෂා කිරිමත් යන දෙයාකාර පැති ඔස්සේ පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ ව සාකච්ඡුා කරමු.

පර්යේෂණ ආචාරධර්ම යනු පර්යේෂණවල දී පිළිගත හැකි සහ නොපිළිිගත හැකි චර්යා තීරණය කරන අදහස් ධාරාවකි. පළමු ව පර්යේෂණ ආචාරධර්ම රැුකුමෙන් පර්යේෂණයක අරමුණු ප‍්‍රවර්ධනය කෙරෙයි. පර්යේෂණයක වැරදි රහිත බව තහවුරු කර ආරක්ෂා කිරීමටත් දත්ත නිවැරදි ව නිරූපණය වන සේ පර්යේෂණය වාර්තා කිරීමටත් බොරු ගෙතීමෙන් වැළකීමටත් පර්යේෂණ ආචාරධර්මවල දී කටයුතු කෙරෙන්නේ පර්යේෂණයක අරමුණු රැුක ගත යුතු හෙයිනිි. දෙවනු ව පර්යේෂණයක් කිරීම යනු විවිධ පුද්ගලයන්ගේ සහයෝගයෙන් කළ යුත්තක් නිසා එයට පදනමක් පර්යේෂණ ආචාරධර්මවලින් ලැබේ. මහජනතාවට වගවීමේ පර්යේෂණ බැඳීම තහවුරු කිරීමට ද මහජන සහාය පර්යේෂණවලට ලබා ගැනීමට ද පර්යේෂණ ආචාරධර්ම වැදගත් වේග අවසන් වශයෙන් සමාජයක අගයයන් සහ සංස්කෘතිකාංග රැුකුමට පර්යේෂණ ආචාරධර්ම අවශ්‍ය වේ.

2000 වර්ෂයේ දී සංශෝධිත හෙල්සිංකි ප‍්‍රකාශනය අවධාරණය කරනුයේ අධ්‍යයනයට බඳුන් කෙරෙන සංගහනයට යහපතක්/ප‍්‍රතිලාභයක් (Benefit) ලැබේ නම් පමණක් පර්යේෂණයක් කිරීම යුක්තියුක්ත කළ හැකි බව ය. පර්යේෂණයක නියැළෙන පර්යේෂකයකු සතු වගකිම හා ආචාරධර්ම පිළිබඳ බැඳීම මෙයින් පැහැදිලි වේ. තමා කරන පර්යේෂණයෙන් කෙටිකාලීන ව හෝ දිගුකාලීන ව ලැබෙන ඵල පිළිබඳ ව අධ්‍යයනයට බඳුන් කෙරෙන සංගහනයේ දත්ත දායකයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මින් අවධාරණය වේ.

සැලකිය යුතු තවත් වැදගත් කරුණක් වනුයේ සංගහනය සතු සමාජ-ආර්ථික-සංස්කෘතික පසුතලයයි. එකී පසුතලයේ සුවිශේෂිතා පදනම් කර ගෙන පර්යේෂණ කිරිම, සහභාගි වන්නන්ගෙන් පර්යේෂණය සඳහා අනුමැතිය ලබා ගැනීම සහ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ පර්යේෂණ ක‍්‍රියාකාරකම්වල නිරත වීමේ ශෛලි වෙනස් කර ගැනීමට පර්යේෂකයන්ට සිදු වේ. මෙහි දී පර්යේෂණයේ ගුණාත්මක බව රැුක ගනිමින්, එවැනි වෙනස්කම් කර ගැනීම පර්යේෂකයකු සතු වැදගත් වූ ද අසීරු වූ ද භූමිකාවක් වේ.

සංවර්ධනය වන රටවල සෞඛ්‍ය සත්කාරය උවැටන (Health care) සම්බන්ධ පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ ව 2002 දී එළි දැක්වූිජෛව විද්‍යා පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ නෆීල්ඞ් කවුන්සලය (Nuffield Council of Bio ethics)  පිළිගත් සහාය දුන් (Espoused)  ආචාරධර්ම ව්‍යූහයේ අඩංගු මුලධර්ම හතර මෙසේ ය.

විඳවීම දුක සමනය කිරිමේ වගකීම (The duty to alleviate suffering)

පුද්ගලයන්ට ගරු කිරීම නිරුපණය කරන වගකීම

සංස්කෘතික විවිධත්වයට සංවේදි වීමේ වගකීම

අනාරක්ෂිත අවදානම් සහිත (Vulnerable) පුද්ගලයන් සූරා නොකෑමේ වගකීම

 

මේ මුලධර්ම අනුව පැහැදිලි වනුයේ පෞද්ගලිකත්වය, සහභාගි වන්නන් දැනුවත් ව පර්යේෂණවලට සහභාගි වීම, දත්ත දායකයන් පිළිබඳ විශ්වස්‍යතාව සුරැුකීම, ප‍්‍රයෝජන උපරිම කිරීම, හානි අවම කිරීම, විවිධ පර්යේෂණ උනන්දු අතර ගැටුම්වලින් ආරක්ෂා වීම, පර්යේෂණයට සහභාගි වන්නන්ගේ අයිතිවාසිකම් සුරැුකීම, පර්යේෂණයේ ගුණාත්මක බව රැකුම යන මීට ඉහත දී අප සාකච්ඡා කළ පර්යේෂණ ආචාරධර්මවල අංග සහ විවිධ පැති අනුගමනය කිරිමේ අවශ්‍යතාව යි. ඒ අතර ම පර්යේෂණයට සහභාගි කර ගන්නා පුද්ගලයාගේ ස්වභාවය ද ඔහු අයත් වන ජාතිය, ආගම, සංස්කෘතික පසුතලය යන අංගවල සුවිශේෂී ගතිලක්ෂණ ද පර්යේෂණයේ දි සැලකිල්ලට ගැනිමෙහි වැදගත්කමයි.

උදාහරණයක් වශයෙන් පර්යේෂණයට දත්ත ලබා දීමට නියමිත වනුයේ වයස අවු. 18ට අඩු ළමයකු නම්, ඔහුගෙන්/ඇයගෙන් දත්ත ලබා ගැනීමට දෙමාපියන්ගේ හෝ වැඩිහිටි භාරකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය වේ. සමහර විට වැඩිහිටියන්ගෙන් පර්යේෂණයට අවශ්‍ය දත්ත රැුස් කිරිමට අවසර ලැබුනත් ළමයා අකැමැති නම් දත්ත රැුස් කළ නොහැකි ය. ජාතිය-ආගම- සංස්කෘතිය අනුව ද දත්ත රැස් කිරීමේ දී අනුගමනය කරන ක‍්‍රමය ද අසන ප‍්‍රශ්න ද ප‍්‍රශ්න අසන ස්වරුපය ද වෙනස් කර ගන්නට පර්යේෂකයනට අවශ්‍ය වනු ඇත. උදාහරණයක් වශයෙන් දත්ත දායකයාට හුරු භාෂාවෙන් ඔහුටරැුඇයට කතා කිරීමටත් පිරවීම සඳහා ප‍්‍රශ්නාවලිය ලබා දීමටත් පර්යේෂක සැලසුම් කළ යුතු ය.

 

ශී‍්‍ර ලංකාවේ පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ විවාදපන්න ගැටලූවක් වනුයේ රැස් කළ දත්ත ගබඩා කර ගැනීම යි. ඊට හේතුව වනුයේ පර්යේෂණ කළ පසු දත්්තවල ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වීමට ඇති හැකියාවයි. දත්ත විධිමත් ව රැස් කිරීමත්, ගබඩා කිරීමත් (Storage) නැවත ඒවාට පිවිසීම සඳහා අවස්ථාව සැලසීමත් පර්යේෂණ ක‍්‍රියාවලියේ වැදගත් පාර්ශ්ව තුනක් වේ. එම පාර්ශව තුනේ දී ම දත්ත ලබා දුන් නියැදියේ හෝ පර්යේෂණයට සහභාගි වූ පිරික්සෙන්නන්ට ගරු කළ යුතු ය.  ඒ සඳහා ඔවුන්ට ලබා දුන් විශ්වස්‍යතාව රැුකීමේ පොරොන්දු අනුගමනය කළ යුතු ය. මෙහි දී දත්ත දායකයන් පුරවා ලබා දුන් ප‍්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡාවල කරුණු, ලේ සාම්පල වැනි දත්තවල ආරක්ෂාව පිළිබඳ ව සැලකිල්ල යොමු කරමින් ඒවා අවභාවිතයට නොගන්නා පරිදි ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය වේ.

පර්යේෂණ ආචාරධර්ම යනු පර්යේෂණයේ මිතුරෙකි. ගුණාත්මක පර්යේෂණයක් සඳහා පදනම ද පර්යේෂණ ආචාරධර්මවලින් ලැබේ. එහෙයින් අවසන් වශයෙන් නිගමනය කළ හැක්කේ ගුණාත්මක පර්යේෂණයක් යනු ආචාරධර්මානුකූල ව කළ පර්යේෂණයක් බව යි. ආචාරධර්ම සුරැකීමේ දුෂ්කරතාව ජය ගෙන ගුණාත්මක පර්යේෂණයක් කිරීමේ ලා වන නිපුණතා ද අත්පත් කර ගැනීමට අපි ඇපකැප වෙමු.

ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු