ජීවිතයට අසහනය සමග සීඝ‍්‍ර මරණය

උපතේ සිට මරණය දක්වා භාවිත කළ යුතු භාණ්ඩ අතරින් ඖෂධවලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහර රෝගාබාධ සුව කිරීමට ප‍්‍රතිකාර/ඖෂධ අවශ්‍ය වුවත්, ඇතැම් ඒවා සුව කිරීමට ඖෂධ අවශ්‍ය නො වන අතර, ඒවා නිසි පාලනය මගින් සුව කර ගත හැකි ය. එහෙත් අවාසනාවකට වර්තමානයේ බොහෝ දෙනා ඖෂධ මත ම රෝගාබාධ සුව වන බව සිතා ඖෂධ මත ම යැපී සිටීමට උනන්දු වන බව පෙනෙන්නට තිබේ. පැහැදිලි ව ම ඖෂධ නිර්දේශ කළ යුතු වන්නේ එසේත් නැති නම් ඖෂධ ලබා ගත යුතු වන්නේ අත්‍යවශ්‍ය ම අවස්ථාවල දී පමණි. එහෙත්  වෛද්‍යවරයකු හමුවට යන්නන් බොහොමයක් බෙහෙතක් නොමැති ව ආපසු පැමිණේ ද ?

ඖෂධ වෙළෙඳාම ලොව ඉතාමත් ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් ව තිබීම මහජනතාවගේ ඖෂධවලට ඇති අධි ඉල්ලූම පිළිබඳ අදහසක් ගන්නට ප‍්‍රමාණවත් ය. ඖෂධ වෙළඳාම අද වන විට ජාවාරමක් බවට පත් ව ඇති අතර, එය දෙවැනි වන්නේ මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට පමණි. ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වැඩි ප‍්‍රමාණයක් එනම් 90%ක් පමණ අයත් වන්නේ ඇමෙරිකාව, ජපානය, ජර්මනිය, ප‍්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය වැනි සංවර්ධිත එසේ ම බලවත් රටවලට ය. මෙම සමාගම්වල නියෝජිතයන් තුන් වන ලෝකයේ රටවල සිටිමින් තම තමන්ට රිසි සේ මව් සමාගම්වල ආයතනික අපේක්ෂා ඉටු කර ගන්නට කටයුතු යොදමින් සිටිති. අප වැනි තුන් වන ලෝකයේ රටවල සුක්ෂ්ම ජාවාරම්වලට අනුබල දෙන්නන්ට එරෙහි ව නිසි නීති පද්ධතියක් නොමැතිකම නිසා ඖෂධ ආයතන තම අපේක්ෂාවන් සිතැඟි පරිදි කර ගන්නට කටයුතු කිරීම වඩාත් කනගාටුවට කරුණකි.

ඖෂධ සමාගම්වල දේශීය නියෝජිතයන් තමන් කටයුතු කරන රටවල දී කරනු ලබන අසත්‍ය හෝ වැරදි ප‍්‍රචාර වෙනුවෙන් මව් සමාගම නිහඩ පිළිවෙතක් අනුගමනය කරන අතර, එම වරද දේශීය නියෝජිතයා විසින් කළ අත්වැරැුද්දක් ලෙස පසු ව ඉල්ලා අස් කර ගැනීමේ ප‍්‍රවණතා ද දක්නට ලැබේ. මෙවැනි සමාගම් කිසි විටෙක තම වෙළෙඳපොළ පාරිභෝගිකයන් සමග ගැටුම් ඇති කර ගැනීමට සූදානම් නොමැත. පවතින අවම තත්ත්ව යටතේ වුව ද වෙළෙඳ පළෙහි රැුඳී සිටීම ඔවුන්ගේ අභිප‍්‍රාය වනු ඇත. ගැටලූ ඇති කර ගැනීමෙන් සිදු වනුයේ එක් සමාගමක් වෙනුවට වෙනත් සමාගමක් වෙළෙඳපොළට ආදේශ වීම යි. එයින් හානි වනුයේ ජනතාවට නො ව තම සමාගමට බව ඔවුන් පැහැදිලි ව ම හඳුනා ගෙන ඇත. එහෙයින් කිසිවිටෙකත් ජනතාව හෝ රජය සමග ගැටුම් ඇති කර ගැනීමට මෙම සමාගම් පෙලඹෙන්නේ නැත.

එක ම වෙළෙඳ නාමයෙන් අලෙවි කරන ඖෂධයක මිල ශ‍්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී එක ම මුදල් වටිනාකමකට පරිවර්තනය කළ විට විශාල වෙනසක් ඇත. එයට හේතු ලෙස වෙළෙඳපොළ කාරණා, ලාභය, නියෝජිත කොමිස් යනාදිය ඒ ඒ රටවල දී වෙනස් වීම කෙරෙහි බලපායි. මෙහි දී තේරුම් ගත යුතූ විශේෂිත ම කාරණයක් ඇත. එනම් තම වෙළෙඳපොළ වෙනත් ඖෂධ සමාගමක ග‍්‍රහණයට නතු කිරීමට සමාගම්වල පවතින අකැමැත්තයි. එනම් පවතින කූමන තත්ත්වයක් යටතේ හෝ වෙළෙඳපළ රැුක ගැනීම ඖෂධ සමාගම්වල පරම අරමුණ වී ඇත.

යම් රටක් තම ජනතාවට ඖෂධ සහනදායී මිලකට ලබා දීමේ දී, එම ඖෂධීය නාමයෙන් භාවිත වන ඖෂධවල ගුණාත්මක බව පහත් යැයි කියමින්, ජනතාව අතර වැරදි මතවාදයක් නිර්මාණය කිරීමට ඖෂධ සමාගම් ක‍්‍රියාත්මක වෙති. අඩු මිල ඖෂධ වෙළෙඳ පළෙහි තිබිය දී වැඩි මිලට ඖෂධ මිල දී ගැනීමට ජනතාව පෙලඹවීමට ද මෙම සමාගම් කටයුතු කරති.  මිල වැඩි නම් භාණ්ඩය වටිනාකමින් ඉහළ ය යන වැරදි විශ්වාසය ද මේ වැඩි මිලැති භාණ්ඩ මිලට ගැනීමට ජනතාව පොලඹවයි. උදාහරණයක් ලෙස හිසරදය සෑදෙන පුද්ගලයකුට තම රෝගය වෙනුවෙන් ඖෂධ ලබා ගැනීමේ දී මේ ප‍්‍රචාරණයේ ගොඳුරක් බවට පත් වී ඇත. මෙහි දී පැරසිටමෝල් යන ඖෂධීය නාමය සහිත ඖෂධය භාවිත කරනු වෙනුවට විවිධ වෙළෙඳ නම්වලින් විවිධ වූ මිල ගණන්වලට විකිණෙන පෙති වර්ග (පැනඩොල් වැනි පවතින බව අපි දනිමු.

මෙහි දී පසුගාමී සමාජ ජන විඥානය කෙතරම් පහසුවෙන් බහුජාතික සමාගම්වල පැවැත්මට මුදල් ගෙවන්නේ ද යත්, ජනප‍්‍රිය විවිධ චරිත යොදා ගනිමින් ඇඟ කිළිපොලා යන තරමේ රූපවාහිනී ප‍්‍රචාරක වැඩසටහන් මගින් සුළු මුදලකට ගත හැකි පෙත්තක් ප‍්‍රචාරණ නාමය යටතේ වැඩි මුදලක් වැය කිරීමට ලාංකේය පාරිභෝගිකයා පෙලඹී ඇත.

ජනතාවට දැරිය හැකි මිලට ඵලදායී හා ආරක්ෂා සහිත ඖෂධ ලබා දීමට හැකි කරුණු ඇතුළත් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස් කරන ලද ජනතාවාදී ඖෂධ ප‍්‍රතිපත්තිය අද වනතෙක් මෙරට ක‍්‍රියාත්මක නොවීම පිටුපස සැඟවුණු රහස මෙම ඖෂධ මාෆියාවේ බලවත්කම වන්නට පුළුවන. එම ප‍්‍රතිපත්තියට අනුව වෛද්‍යවරුන්ට වෙළඳ නාමය භාවිත නොකිරීමට හා ඖෂධීය නාමය භාවිත කිරීම නියෝග කෙරෙන අතර, ඖෂධවලට පාලන මිලක් ද නියම කෙරේ. බිබිලේ ප‍්‍රතිපත්තිය තව ටිකක් විස්තර කරමු

මානව ප‍්‍රජාවේ සුබසිද්ධිය උදෙසා ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති ලොව බොහෝ රටවල මේ වන විට සකස් කර ඇත. ශී‍්‍ර ලංකාවේ දැනට එවැනි කෙටුම්පතක් සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නඟන බව සඳහන් කර ඇත. 2006 වසරේ දී එයට සම්බන්ධ ප‍්‍රකාශනයක් පමණක් ඉදිරිපත් වුව ද එහි කිසිදු ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සිදු නොවී ය. කල්මරමින් හෝ මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සකස් කළ ඖෂධ ප‍්‍රතිපත්ති පනත් කෙටුම්පතක් ප‍්‍රකාශයට පත් කොට තිබෙන අතර,  නීති දෙපාර්තූමේන්තූ නිළධාරීන් අස්ථානගත කර තිබුනි.

රෝගීන් වෙතට සෘජු ව ම ප‍්‍රචාරණය කරනවාට වඩා වෛද්‍යවරුන් හරහා රෝගීන්ට වඩාත් සූක්ෂ්ම ව සමිප විය හැකි බව ඖෂධ සමාගම් මැනවින් වටහා ගෙන ඇත. එහි දී ඖෂධ වෙළඳ නියෝජිතයන් හරහා වෛද්‍යවරුන් බිලිබාගැනීමේ උපක‍්‍රමය මැනවින් භාවිත කරයි. රාජකාරී වේලාවල රජයේ රෝහල්වලට ඇතුළු වීම හා වෛද්‍යවරුන් හමු වීම ඖෂධ වෙළඳ නියෝජිතයන්ට රජයේ චක‍්‍රලේඛයක් මගින් තහනම් කර ඇත. එසේ වුව ද කිසිදු වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යාපනයක් නොමැති විකූණුම් ප‍්‍රතිශතය මත වැටුප් ලබන, රැුවටිලි සහගත පුහුණුවීමකට ලක් කළ වෙළඳ නියෝජිතයින්ගේ ග‍්‍රාම්‍ය විස්තර කිරීම් ඇසීමට සමහර වෛද්‍යවරුන් පෙලඹීම ලාංකේය බටහිර වෛද්‍ය වෘත්තියේ අර්බුදය හඳුනා ගැනීමට ප‍්‍රමාණවත් ය.

වෛද්‍යවරුන්ට පෑන්, පැන්සල්, සටහන් පොත්, ?පවාහිනී, ශීතකරන මෙන් ම විදේශ සංචාර හා අධ්‍යාපනික ශිෂ්‍යත්ව වුව ද ප‍්‍රදානය කිරීමට ඖෂධ සමාගම් පසුබට නොවනු ඇත.

මෙය කොතරම් කනගාටුදායක තත්ත්වයක් ද යත් ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබ, ඖෂධ සමාගම්වල අතකොලූ බවට පත්වූ සමහර වෛද්‍යවරුන් ලාංකේය රෝගීන් පත් කරන ඉරණමට සමාව ප‍්‍රදානය කළ නොහැක ය. මන්ද යත්, වෛද්‍යවරුන් හා රෝගීන් අතර පැවතිය යුත්තේ මානුෂීය සම්බන්ධතාවක් විනා වාණිජමය සම්බන්ධතාවක් නො වන හෙයිනි.

මේ වෙනුවෙන් ජනතාවාදී මිනිසුන්ට කළ හැකි එක දෙයක් ඇත. එනම් සිය සෞඛ්‍ය කටයුතූ වඩාත් සිහිබුද්ධියෙන් කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමයි. එලෙස ම දැනුවත් බව මිනිසා ව බොහෝ දේ දිනා ගැනීමට මෙහෙයවනු ඇති බව ද අප අමතක නො කළ යුතු ව ඇත.

ඉන්දික ප‍්‍රසාද් ගමගේ ජීවිතයට අසහනය සමග සීඝ‍්‍ර මරණය

උපතේ සිට මරණය දක්වා භාවිත කළ යුතු භාණ්ඩ අතරින් ඖෂධවලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහර රෝගාබාධ සුව කිරීමට ප‍්‍රතිකාර/ඖෂධ අවශ්‍ය වුවත්, ඇතැම් ඒවා සුව කිරීමට ඖෂධ අවශ්‍ය නො වන අතර, ඒවා නිසි පාලනය මගින් සුව කර ගත හැකි ය. එහෙත් අවාසනාවකට වර්තමානයේ බොහෝ දෙනා ඖෂධ මත ම රෝගාබාධ සුව වන බව සිතා ඖෂධ මත ම යැපී සිටීමට උනන්දු වන බව පෙනෙන්නට තිබේ. පැහැදිලි ව ම ඖෂධ නිර්දේශ කළ යුතු වන්නේ එසේත් නැති නම් ඖෂධ ලබා ගත යුතු වන්නේ අත්‍යවශ්‍ය ම අවස්ථාවල දී පමණි. එහෙත්  වෛද්‍යවරයකු හමුවට යන්නන් බොහොමයක් බෙහෙතක් නොමැති ව ආපසු පැමිණේ ද ?

ඖෂධ වෙළෙඳාම ලොව ඉතාමත් ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් ව තිබීම මහජනතාවගේ ඖෂධවලට ඇති අධි ඉල්ලූම පිළිබඳ අදහසක් ගන්නට ප‍්‍රමාණවත් ය. ඖෂධ වෙළඳාම අද වන විට ජාවාරමක් බවට පත් ව ඇති අතර, එය දෙවැනි වන්නේ මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට පමණි. ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වැඩි ප‍්‍රමාණයක් එනම් 90%ක් පමණ අයත් වන්නේ ඇමෙරිකාව, ජපානය, ජර්මනිය, ප‍්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය වැනි සංවර්ධිත එසේ ම බලවත් රටවලට ය. මෙම සමාගම්වල නියෝජිතයන් තුන් වන ලෝකයේ රටවල සිටිමින් තම තමන්ට රිසි සේ මව් සමාගම්වල ආයතනික අපේක්ෂා ඉටු කර ගන්නට කටයුතු යොදමින් සිටිති. අප වැනි තුන් වන ලෝකයේ රටවල සුක්ෂ්ම ජාවාරම්වලට අනුබල දෙන්නන්ට එරෙහි ව නිසි නීති පද්ධතියක් නොමැතිකම නිසා ඖෂධ ආයතන තම අපේක්ෂාවන් සිතැඟි පරිදි කර ගන්නට කටයුතු කිරීම වඩාත් කනගාටුවට කරුණකි.

ඖෂධ සමාගම්වල දේශීය නියෝජිතයන් තමන් කටයුතු කරන රටවල දී කරනු ලබන අසත්‍ය හෝ වැරදි ප‍්‍රචාර වෙනුවෙන් මව් සමාගම නිහඩ පිළිවෙතක් අනුගමනය කරන අතර, එම වරද දේශීය නියෝජිතයා විසින් කළ අත්වැරැද්දක් ලෙස පසු ව ඉල්ලා අස් කර ගැනීමේ ප‍්‍රවණතා ද දක්නට ලැබේ. මෙවැනි සමාගම් කිසි විටෙක තම වෙළෙඳපොළ පාරිභෝගිකයන් සමග ගැටුම් ඇති කර ගැනීමට සූදානම් නොමැත. පවතින අවම තත්ත්ව යටතේ වුව ද වෙළෙඳ පළෙහි රැඳී සිටීම ඔවුන්ගේ අභිප‍්‍රාය වනු ඇත. ගැටලූ ඇති කර ගැනීමෙන් සිදු වනුයේ එක් සමාගමක් වෙනුවට වෙනත් සමාගමක් වෙළෙඳපොළට ආදේශ වීම යි. එයින් හානි වනුයේ ජනතාවට නො ව තම සමාගමට බව ඔවුන් පැහැදිලි ව ම හඳුනා ගෙන ඇත. එහෙයින් කිසිවිටෙකත් ජනතාව හෝ රජය සමග ගැටුම් ඇති කර ගැනීමට මෙම සමාගම් පෙලඹෙන්නේ නැත.

එක ම වෙළෙඳ නාමයෙන් අලෙවි කරන ඖෂධයක මිල ශ‍්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී එක ම මුදල් වටිනාකමකට පරිවර්තනය කළ විට විශාල වෙනසක් ඇත. එයට හේතු ලෙස වෙළෙඳපොළ කාරණා, ලාභය, නියෝජිත කොමිස් යනාදිය ඒ ඒ රටවල දී වෙනස් වීම කෙරෙහි බලපායි. මෙහි දී තේරුම් ගත යුතූ විශේෂිත ම කාරණයක් ඇත. එනම් තම වෙළෙඳපොළ වෙනත් ඖෂධ සමාගමක ග‍්‍රහණයට නතු කිරීමට සමාගම්වල පවතින අකැමැත්තයි. එනම් පවතින කූමන තත්ත්වයක් යටතේ හෝ වෙළෙඳපළ රැුක ගැනීම ඖෂධ සමාගම්වල පරම අරමුණ වී ඇත.

යම් රටක් තම ජනතාවට ඖෂධ සහනදායී මිලකට ලබා දීමේ දී, එම ඖෂධීය නාමයෙන් භාවිත වන ඖෂධවල ගුණාත්මක බව පහත් යැයි කියමින්, ජනතාව අතර වැරදි මතවාදයක් නිර්මාණය කිරීමට ඖෂධ සමාගම් ක‍්‍රියාත්මක වෙති. අඩු මිල ඖෂධ වෙළෙඳ පළෙහි තිබිය දී වැඩි මිලට ඖෂධ මිල දී ගැනීමට ජනතාව පෙලඹවීමට ද මෙම සමාගම් කටයුතු කරති. ‘මිල වැඩි නම් භාණ්ඩය වටිනාකමින් ඉහළ ය’ යන වැරදි විශ්වාසය ද මේ වැඩි මිලැති භාණ්ඩ මිලට ගැනීමට ජනතාව පොලඹවයි. උදාහරණයක් ලෙස හිසරදය සෑදෙන පුද්ගලයකුට තම රෝගය වෙනුවෙන් ඖෂධ ලබා ගැනීමේ දී මේ ප‍්‍රචාරණයේ ගොඳුරක් බවට පත් වී ඇත. මෙහි දී පැරසිටමෝල් යන ඖෂධීය නාමය සහිත ඖෂධය භාවිත කරනු වෙනුවට විවිධ වෙළෙඳ නම්වලින් විවිධ වූ මිල ගණන්වලට විකිණෙන පෙති වර්ග (පැනඩොල් වැනි) පවතින බව අපි දනිමු.

මෙහි දී පසුගාමී සමාජ ජන විඥානය කෙතරම් පහසුවෙන් බහුජාතික සමාගම්වල පැවැත්මට මුදල් ගෙවන්නේ ද යත්, ජනප‍්‍රිය විවිධ චරිත යොදා ගනිමින් ඇඟ කිළිපොලා යන තරමේ රූපවාහිනී ප‍්‍රචාරක වැඩසටහන් මගින් සුළු මුදලකට ගත හැකි පෙත්තක් ප‍්‍රචාරණ නාමය යටතේ වැඩි මුදලක් වැය කිරීමට ලාංකේය පාරිභෝගිකයා පෙලඹී ඇත.

ජනතාවට දැරිය හැකි මිලට ඵලදායී හා ආරක්ෂා සහිත ඖෂධ ලබා දීමට හැකි කරුණු ඇතුළත් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස් කරන ලද ජනතාවාදී ඖෂධ ප‍්‍රතිපත්තිය අද වනතෙක් මෙරට ක‍්‍රියාත්මක නොවීම පිටුපස සැඟවුණු රහස මෙම ඖෂධ මාෆියාවේ බලවත්කම වන්නට පුළුවන. එම ප‍්‍රතිපත්තියට අනුව වෛද්‍යවරුන්ට වෙළඳ නාමය භාවිත නොකිරීමට හා ඖෂධීය නාමය භාවිත කිරීම නියෝග කෙරෙන අතර, ඖෂධවලට පාලන මිලක් ද නියම කෙරේ. බිබිලේ ප‍්‍රතිපත්තිය තව ටිකක් විස්තර කරමු

මානව ප‍්‍රජාවේ සුබසිද්ධිය උදෙසා ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති ලොව බොහෝ රටවල මේ වන විට සකස් කර ඇත. ශී‍්‍ර ලංකාවේ දැනට එවැනි කෙටුම්පතක් සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නඟන බව සඳහන් කර ඇත. 2006 වසරේ දී එයට සම්බන්ධ ප‍්‍රකාශනයක් පමණක් ඉදිරිපත් වුව ද එහි කිසිදු ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සිදු නොවී ය. කල්මරමින් හෝ මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සකස් කළ ඖෂධ ප‍්‍රතිපත්ති පනත් කෙටුම්පතක් ප‍්‍රකාශයට පත් කොට තිබෙන අතර,  නීති දෙපාර්තූමේන්තූ නිළධාරීන් අස්ථානගත කර තිබුනි.

රෝගීන් වෙතට සෘජු ව ම ප‍්‍රචාරණය කරනවාට වඩා වෛද්‍යවරුන් හරහා රෝගීන්ට වඩාත් සූක්ෂ්ම ව සමිප විය හැකි බව ඖෂධ සමාගම් මැනවින් වටහා ගෙන ඇත. එහි දී ඖෂධ වෙළඳ නියෝජිතයන් හරහා වෛද්‍යවරුන් බිලිබාගැනීමේ උපක‍්‍රමය මැනවින් භාවිත කරයි. රාජකාරී වේලාවල රජයේ රෝහල්වලට ඇතුළු වීම හා වෛද්‍යවරුන් හමු වීම ඖෂධ වෙළඳ නියෝජිතයන්ට රජයේ චක‍්‍රලේඛයක් මගින් තහනම් කර ඇත. එසේ වුව ද කිසිදු වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යාපනයක් නොමැති විකූණුම් ප‍්‍රතිශතය මත වැටුප් ලබන, රැුවටිලි සහගත පුහුණුවීමකට ලක් කළ වෙළඳ නියෝජිතයින්ගේ ග‍්‍රාම්‍ය විස්තර කිරීම් ඇසීමට සමහර වෛද්‍යවරුන් පෙලඹීම ලාංකේය බටහිර වෛද්‍ය වෘත්තියේ අර්බුදය හඳුනා ගැනීමට ප‍්‍රමාණවත් ය.

වෛද්‍යවරුන්ට පෑන්, පැන්සල්, සටහන් පොත්, ?පවාහිනී, ශීතකරන මෙන් ම විදේශ සංචාර හා අධ්‍යාපනික ශිෂ්‍යත්ව වුව ද ප‍්‍රදානය කිරීමට ඖෂධ සමාගම් පසුබට නොවනු ඇත.

මෙය කොතරම් කනගාටුදායක තත්ත්වයක් ද යත් ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබ, ඖෂධ සමාගම්වල අතකොලූ බවට පත්වූ සමහර වෛද්‍යවරුන් ලාංකේය රෝගීන් පත් කරන ඉරණමට සමාව ප‍්‍රදානය කළ නොහැක ය. මන්ද යත්, වෛද්‍යවරුන් හා රෝගීන් අතර පැවතිය යුත්තේ මානුෂීය සම්බන්ධතාවක් විනා වාණිජමය සම්බන්ධතාවක් නො වන හෙයිනි.

මේ වෙනුවෙන් ජනතාවාදී මිනිසුන්ට කළ හැකි එක දෙයක් ඇත. එනම් සිය සෞඛ්‍ය කටයුතූ වඩාත් සිහිබුද්ධියෙන් කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමයි. එලෙස ම දැනුවත් බව මිනිසා ව බොහෝ දේ දිනා ගැනීමට මෙහෙයවනු ඇති බව ද අප අමතක නො කළ යුතු ව ඇත.

ඉන්දික ප‍්‍රසාද් ගමගේ