ආහාර සහ පිළිකාව අතර සම්බන්ධය පිළිබඳ අපි දැනුම්වත් ද?

මිනිසාගේ ඇතැම් ආහාර රටා පිළිකා අවදානම ඉහළ නංවන අතර, ඇතැම් ආහාර රටා පිළිකා අවදානම අඩු කරන බව සොයා ගෙන ඇත. සත්ත්ව ආහාරවලට සාපේක්ෂ ව ශාඛමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම පිළිකාව සැදීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයින් අතර මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ සම්භාවිතාව අඩු බවත් දිනකට පළා වර්ග ග්‍රැම් 20ක් වත් ආහාරයට ගත යුතු බව තහවුරු වී ඇත. මුඛයේ, ගලනාලයේ සහ ආමාශයේ පිළිකා වළක්වා ගැනීම සඳහා එළවළු පලතුරු වැඩි වශයෙන් පරිභෝජනය සුදුසු බව ද තහවුරු වී ඇත.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් මඟින් පිළිකාව පමණක් නො ව අධිරුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුකම වැනි රෝග පවා වළක්වා ගත හැකි බව අපි දනිමු. පියයුරු, පුරස්ථ ග්‍රන්ථී, ගර්භාශ, ඩිම්බ කෝෂ, මහාන්ත්‍ර පිළිකා සඳහා අධික මේද සහිත ආහාර පරිභෝජනය හේතු වන බවත් දිනකට අප ලබා ගන්නා ශක්ති ප්‍රමාණයෙන් 30%කට වඩා අඩු වන ලෙස මේදය මඟින් ලැඛෙන ශක්ති ප්‍රමාණය සීමා කිරීමට උනන්දු විය යුතු බව ද සොයා ගෙන ඇත.

හරක් මස්, ඌරු මස් වැනි රතු මාංශ වර්ග ද සොසේජස්, හැම් බේකන් වැනි කලින් පිසින ලද ආහාර ද පුළුස්සන ලද ආහාර ද අධික උෂ්ණත්වයේ දී පිසින ලද මාංශ ද පිළිකාව සඳහා හේතු වන බව සොයා ගෙන ඇත.

ලූණු දැමීම, අච්චාරු දැමීම, දුම් ගැසීම වැනි ක්‍රම අතීතයේ දී ආහාර කල්තබා ගැනීමට භාවිත කළ ද ඒවා ද පිළිකා වර්ධක බව වර්තමානයේ දී සොයා ගෙන ඇති අතර ශීතකරණය ඒ සඳහා සුදුසු බව පෙන්වා දී ඇත.

සමහර ආහාර ස්වභාවික ව නිෂ්පාදනයේ දී ද බාහිරින් හට ගන්න විවිධ ද්‍රව්‍ය පිළිකා කාරක බවත් එසේ ආහාර මත වැෙඩන දීලීර වර්ගවලින් නිපදවෙන Aකේඑදංසබ නමැති විෂ ද්‍රව්‍ය අක්මාවේ පිළිකා සඳහා හේතු වන බවත් සොයා ගෙන ඇත. එබැවින් රසායනික ඇතැයි සැක කෙරෙන ආහාරවලින් හැකි පමණ වැළකී සිටීමට අප උනන්දු විය යුතු ය.

එසේ ම ආහාර කල් තබාගැනීමට, රසකාරක ලෙස හා වර්ණක ලෙස යොදාගන්නා සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙස ක්‍රියා කරනු ඇත. එලෙස හඳුනා ගත් රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කර ඇත. එබැවින් ආහාර තෝරා ගැනීමේ දී නිසි ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා ගත යුතු අතර එසේ නො වන නිෂ්පාදන සඳහා දැඩි ක්‍රියා මාර්ග, නීති පැනවිය යුතු ය.

ගලනාල පිළිකා සඳහා අධික උණුසුම් ව ආහාර සහ බීම වර්ග පරිභෝජනය හේතු වන බවත් එසේ ම විටමින් වර්ග ඌනතා ද පිළිකා සඳහා හේතු වන බව සොයා ගෙන ඇත. එබැවින් පෝෂණ ගුණයෙන් ඉහළ පෝෂ්‍යදායී ආහාර තෝරාගැනීමට අප උනන්දු විය යුතු ය Aක‍ෑී ක‍දබජැචඑ-ග

ඉහත කරුණු සලකා බැලූ විට, පිළිකාව වැළැක්වීම සඳහා හිතකර ආහාර රටාවකට හුරු වීමේ දී ශාඛමය සහ පෝෂණයෙන් ඉහළ ආහාරවලට මූලිකත්වය දෙමින් හැකි සෑම විට ම නැවුම් ස්වභාවික ආහාර විවිධත්වයකින් යුතු ව පරිභෝජනයේ වැදගත්කම මනාව පැහැදිලි වේ.

මිනිසාගේ ඇතැම් ආහාර රටා පිළිකා අවදානම ඉහළ නංවන අතර, ඇතැම් ආහාර රටා පිළිකා අවදානම අඩු කරන බව සොයා ගෙන ඇත.

සත්ත්ව ආහාරවලට සාපේක්ෂ ව ශාඛමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම පිළිකාව සැදීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරන

ලූණු දැමීම, අච්චාරු දැමීම, දුම් ගැසීම වැනි ක්‍රම අතීතයේ දී ආහාර කල්තබා ගැනීමට භාවිත කළ ද ඒවා ද පිළිකා වර්ධක බව වර්තමානයේ දී සොයා ගෙන ඇති අතර ශීතකරණය ඒ සඳහා සුදුසු බව පෙන්වා දී ඇත.

එසේ ම ආහාර කල් තබාගැනීමට, රසකාරක ලෙස හා වර්ණක ලෙස යොදාගන්නා සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙස ක්‍රියා කරනු ඇත.

සමහර ආහාර ස්වභාවික ව නිෂ්පාදනයේ දී ද බාහිරින් හට ගන්න විවිධ ද්‍රව්‍ය පිළිකා කාරක බවත් එසේ ආහාර මත වැෙඩන දීලීර වර්ගවලින් නිපදවෙන Aකේඑදංසබ නමැති විෂ ද්‍රව්‍ය අක්මාවේ පිළිකා සඳහා හේතු වන බවත් සොයා ගෙන ඇත.

(විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන සහ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ විසින් රචිත ‘පිළිකාවේ සැබෑ තතු’ කෘතියෙන් උපුටා ගත්තකි)