පාසලේ කැන්ටිම හොඳ ආහාර පුරුදු ඇති කළ හැකි තැනක්

අනාගත දරු පරපුර වෙත ඉහළ ම බලපෑමක් ඇති කරනු ලබන ප්‍රධානතම ආයතනය වන්නේ පාසලයි. වයස අවුරුදු 5-18 අතර රටේ ජනගහනය, පැය 6කට වැඩි කාලයක් පාසලේ ගත කරන අතර, මේ හේතුවෙන්, දරුවන්ගේ පෝෂණය ද ඇතුළු ව සියලූ අංශවල යහ පැවැත්මේ තීරණාත්මක කාර්යභාරයක් පාසලට පැවරේ. නිවැරදි පෝෂණ පුරුදුවලට හුරු කිරීමෙන් නිරෝගි දරු පරපුරක් රටට දායාද කිරීමට මෙන් ම අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ද ඉන් මනා පිටුබලයක් ලැඛෙයි.

පාසල් කාලයේ දී, නිවැරදි ආහාර පරිභෝජන රටාවකට යොමු කිරීමට සුදුසු ස්ථානය පාසල් ආපන ශාලාවයි. දරුවන්ගේ රුචි අරුචිකම් මෙන් ම පෝෂණ අවශ්‍යතාවලට ද ගැළපෙන පරිදි ආහාර තෝරා ගැනීමට ඉඩ සැලසිය යුතු ය. මේ සම්බන්ධ ව පාසල් වෙත මාර්ගෝපදේශ සැපයීම පිර්‍ණස, “පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලා පවත්වා ගෙන යෑම” යන මැයෙන් චක්‍රලේඛයක් (35 /2015 අංක දරණ, 2015 දෙසැම්බර් මස 31 දිනැති චක්‍රලේඛය) සහ උපදෙස් සංග්‍රහය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

එහි අරමුණ වී ඇත්තේ පාසල් සිසුන්ගේ නිවැරදි ආහාර පුරුදු ගොඩ නැගීම සඳහා පාසල් පරිසරය තුළ දී අත්දැකීම් ලබා දීම සහ වර්තමානයේ ආපන ශාලාවල බහුල ව ඇති ක්ෂර්‍ණක ආහාර සහ කාබනීකෘත බීම වෙනුවට, ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි පාසල් සිසුන්ගේ නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය වන පරිදි, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් යුක්ත ආහාර පාන ලැඛෙන බව සහතික කිරීමයි. මෙම චක්‍රලේඛය අනුව, පාසල්වල ආපන ශාලාව අභ්‍යන්තරයේ හා අවට පරිසරයේ ආහාර සැපයීම සම්බන්ධ ව නිර්ණායක දක්වා ඇත.

පාසල් ආපන ශාලාවක් පවත්වා ගෙන යාම, පාසල් සංවර්ධන සමිතියේ වගකීමක් වන අතර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර, කොන්ත්‍රාත්කරුවකු වෙත ආපනශාලාව පැවරිය යුතු ය, ආහාරපාන සහ පාරිභෝජන කටයුතු, අදාළ නීති රීති සහ අණපනත්වල විධිවිධානවලට අනුකූල වන පරිදි, සෞඛ්‍යාරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර පාන ලබා දීම සහතික කිරීමත්, ආහාර පාන සකස් කරන පුද්ගලයන්ගේ, ආහාර පාන සපයන ස්ථානවල සහ උපකරණවල පවිත්‍රතාව සහතික කිරීමත්, සෞඛ්‍යයට හිතකර ආහාර අලෙවිය දිරිමත් කිරීමත්, පාසල් ආපන ශාලාවල අලෙවිය තහනම් කරන ලද අධික තෙල්, සීනි සහ ලූණු සහිත ආහාර අලෙවි නොකිරීමත් යන කරුණු දක්වා ඇත. මෙම කරුණු නියාමනය පාසල් සංවර්ධන සමිතියේ පූර්ණ වගකීමක් වේ.

මෙම කාර්යය සුභසාධක කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන අතර, ආපන ශාලාව පවත්වා ගෙන යාම පිළිබඳ ව නිරන්තර සොයා බැලීමට, සාමාජික සංඛ්‍යාව 6ත්, 12ත් අතර සංඛ්‍යාවකින් යුක්ත පාසල් සංවර්ධන සමිතියේ ආහාර පිළිබඳ අනුකමිටුවක් පත් කෙරේ. පාසල් ආපන ශාලාව පවත්වා ගෙන යාමට පාසල අයත් අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිය යුතු ය. පාසල් ආපන ශාලාව පිළිබඳ සොයා බැලීමේ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ද පවරා ඇත. එසේ ම පාසල් පරිසරය තුළ සෞඛ්‍යයට හා පෝෂණයට හිතකර ආහාර සැකසෙන බවට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවක්, පාසල් වාරයකට වරක් ලබා ගැනීම සුදුසු බව ද දක්වා ඇත. ආහාරවල මිල ගණන් තීරණය කිරීම ආහාර කමිටුවේ අනුමැතිය මත විය යුතු අතර, සහනදායි මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය ලබා දීම අනිවාර්ය කර ඇත.

මෙම මාර්ගෝපදේශයෙන් සෞඛ්‍යයට හිතකර ආහාර වර්ග ලබා දීමට මග පෙන්වීම් ලබා දී ඇති අතර ඒ යටතේ එළවළු හා පළා වර්ග, දේශීය ස්වාභාවික පළතුරු, සත්ත්වමය ආහාර සහ මාශ බෝග හා සෞඛ්‍යාරක්ෂිත පාන වර්ග පිළිබඳ මග පෙන්වීමක් ද ලබා දී ඇත. එසේ ම පාසල් ආපන ශාලාවල අලෙවිය තහනම් කර ඇති ආහාර පිළිබඳ ව ද කරුණු දක්වා ඇත. තව ද ආහාර සුරක්ෂිතතාව යටතේ ආපන ශාලාව ඇතුළත හා අවට පරිසරය පිරිසිදු ව පවත්වා ගැනීම, පිරිසිදු ජල සැපයුම, අපද්‍රව්‍ය කළමනාකරණය, ආහාර ගබඩා කිරීම සහ ප්‍රදර්ශනය හා ආහාර සකස් කිරීම සහ ප්‍රදර්ශනය සම්බන්ධ ව මාර්ගෝපදේශ සපයා ඇත. එසේ ම ආපන ශාලාවල භාවිතයට ආදර්ශ ආහාර වට්ටෝරු දහයක් ද හඳුන්වා දී ඇත.

සෞඛ්‍යයට හිතකර ජීවන රටාවක් සඳහා වන පර්‍ණවුඩ ලබා දීම සඳහා සහ පාසල් ආපන ශාලා පරිශ්‍රය යහපත් ලෙස භාවිතයෙන් ශිෂ්‍යයන්ගේ නිරෝගිභාවයට ඛෙහෙවින් ඉවහල් වනවා මෙන් ම පාසල් කාලය තුළ දී ආහාර පරිභෝජනය පිළිබඳ ඇති වන ධනාත්මක වෙනසක් මගින් පෝෂණයෙන් හෙබි දරු පරපුරක් ඇති කිරීමට හැකි වනු ඇත.

පාසල් සිසුන්ගේ නිවැරදි ආහාර පුරුදු ගොඩ නැගීම සඳහා පාසල් පරිසරය තුළ දී අත්දැකීම් ලබා දීම සහ ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි පාසල් සිසුන්ගේ නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය වන පරිදි, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් යුක්ත ආහාර පාන ලැඛෙන බව සහතික කිරීමට උපදෙස් සහ චක්‍රලේඛ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත

පාසල් ආපන ශාලාවක් පවත්වා ගෙන යාම, පාසල් සංවර්ධන සමිතියේ වගකීමකි