ප්‍රාථමික පාසලෙන් ආහාර පිළිබඳ ලබා දෙන දැනුම ප්‍රමාණවත් ද?

දරුවන් යනු ප්‍රජාව වෙත පාසලෙන් ලබා දෙන පර්‍ණවිඩ ගෙන යන මෙන් ම ප්‍රජාවේ හැසිරීම, භාෂාව, සිරිත් විරිත් පාසල වෙත ගෙන එන ප්‍රබල සන්නිවේදකයෙකි. නැත හොත් පාසල් සංස්කෘතිය, ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කරන, ප්‍රජාවේ සංස්කෘතිය පාසල් වෙත සම්ප්‍රේෂණය කරන ප්‍රබල සන්නිවේදකයෙකි. අනෙක් අවධිවලට සාපේක්ෂ ව ප්රාථමික ශ්රේර්‍ණවල දරුවන්ගේ දෙමාපියන්, වැඩිහිටියන් පාසල සමග සම්බන්ධතා පවත්වා ගෙන යාම ද සාපේක්ෂ ව ඉහළ වේ.

පළමු වන ශ්රේර්‍ණයේ සිට පස් වන ශ්රේර්‍ණය තෙක් පරිසරය ආශ්රිත ක්රියාකාරකම් විෂය  ක්ෂේත්රය පරිශීලනය කිරීමෙන් සිසුන් තුළ ආහාරවලට අදාළ ව පහත දැක්වෙන නිපුණතා සංවර්ධනය සඳහා අවස්ථා සම්පාදනය කිරීමට අපේක්ෂා කර ඇත.

  • නිරෝගී දිවි පැවැත්මකට අවශ්ය මූලික හුරුකම් ප්රදර්ශනය කරයි. මිනිස් සමාජය, මිනිස් හැසිරීම, මිනිසා කෙරෙහි ඒවායේ බලපෑම පිළිබඳ ව අවබෝධයෙන් යුතු ව කටයුතු කරයි (පළමු වන ශ්රේර්‍ණයේ ගුරු මාර්ගෝපදේශ  සංග්රහය)

“අප කන බොන දේ” යන තේමාව 1-5 ශ්රේර්‍ණය දක්වා සෑම ශ්රේර්‍ණයක ම මුණ ගැසෙන අතර, ඉහත නිපුණතා ඉටු කර ගැනීමට ප්රබල බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම් තේමාව ගොඩ නංවා ඇත. ඒ අනුව “අප කන බොන දේ”  තේමාව  යටතේ පහත සඳහන් නිපුණතා ශිෂ්‍යයන් අත් කර ගනු ලැබේ.

  1. ආහාර වේලක අඩංගු දෑ සොයා බලා එහි වැඩිපුර ම ඇත්තේ මොනවා දැයි ප්රකාශ කරයි.
  2. ආහාර වේලක් පිළියෙල කර ගැනීමට ශාකවලින් හා සතුන්ගෙන් ලබා ගන්නා දෑ විමර්ශනය කර වාර්තා කරයි.
  3. ආහාරවලින් අපගේ ශරීරයේ වර්ධනයට හා ආරක්ෂාවට ලැඛෙන විවිධ ප්රයෝජන අගයයි.
  4. ආහාරයක් ලෙස පලා වර්ගවල ඇති වටිනාකම් පිළිබඳ ව අවබෝධයකින් යුතු ව දෛනික ආහාර වේල් සඳහා පලා වර්ග එකතු කර ගනී.
  5. රෝගවලින් වැළකී සිටීමට අවශ්ය කරන ආහාර රටා අනුගමනය කරයි.
  6. ආහාර මෙන් ම සුදුසු පාන වර්ග ද ප්රමාණවත් ව ගැනීම පුරුද්දක් කර ගනී.
  7. ආහාරවල වැදගත්කම හා යහ පුරුදු සෞන්දර්යාත්මක ව ඉදිරිපත් කරයි.
  8. මනා ශරීර වර්ධනයක් සඳහා යෝග්ය ක්රියාකාරකම්වල නිරත වෙයි (1 වන ශ්රේර්‍ණයේ ගුරු මාර්ගෝපදේශ සංග්රහය)

මීට අමතර ව ආහාර හා පෝෂණය 1980 අංක 20 දරණ ආහාර විධි විධාන පනත යටතේ ද 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත හා එහි විධිවිධාන අනුව ද සෑම පාසලක ම සිසුන්ට සෞඛ්යාරක්ෂිත ආහාර ලබා ගැනීමේ පහසුව, පෝෂ්ය දායක ආහාර ලබා ගැනීමේ පහසුව ඇති කිරීම සදහා විධි විධාන සකස් කර ඇත. පාසල තුළ දී සෞඛ්ය සම්පන්න දිවියක් සදහා සුදුසු ආහාර මිල දී ගැනීමට අවස්ථාව ලබා දීම, ආහාරවලට අදාළ දැනුම, ආකල්ප, කුසලතා ලබා දීමෙන් හිතකර ආහාර සංස්කෘතියක් පාසලේ ඇති කිරීමට එමගින් උත්සාහ ගෙන ඇත. ආපන ශාලාවලින් සිසුන් ආහාර මිල දී ගැනීම වෙනුවට බැහැරින් ආහාර රැගෙන ඒම, චක්රලේඛය ප්රකාර ව පිළියෙල කළ ආහාර අපතේ යාම  නිසා ආපන ශාලා කරුවන් එම ආහාර පිළියෙල නොකිරීම ආදී ප්රායෝගික ගැටලූ  පාසල්වල පවති. එම නිසා අපේක්ෂිත අරමුණු ඉටු නො වන ස්වභාවයක් හදුනා ගත හැකි ය.

එසේ ම පාසල් පෝෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීම යටතේ, 10 /2017 වැඩසටහන අනුව “නිරෝගී ක්රියාශීලි දරු පරපුරක්” යන තේමාව යටතේ ක්රියාත්මක, පාසල් සිසුන්ගේ නොපැමිණීම අවම කිරීම, යහපත්  ආහාර සහ සෞඛ්යය පුරුදු වර්ධනය කිරීම, දේශීය ආහාර සංස්කෘතියක් ගොඩ නැගීම මගින් රටට වැඩදායි පුද්ගලයකු බිහි කිරීම අරමුණු කර ගත් වැඩ සටහන්වලින් ශිෂ්ය පෝෂණය පිළිබඳ  දැනුම, ආකල්ප, කුසලතා ඇති කිරීමට අපේක්ෂිත වුව ද  ක්රියාත්මක තලයේ යම් ගැටලූ පවතී.

ඉගෙනුම කෙරෙහි ළමයාගේ ආරය සහ පරිසරය යන සාධක දෙක ම බලපෑම් කරයි. බොහෝ විට නූතනයේ දී නිවසේ පිසූ ආහාර වෙනුවට පිටස්තර ස්ථානයක පිසින ලද අධික තෙල්, ලූණු සහ රසකාරක සහිත, නැවුම්  නො වන ආහාර මිල දී ගැනීමට වැඩිහිටි ප්රජාව හුරු වී ඇති අතර, එම ප්රවණතාව, වෙනස් කළ නො හැකි අන්දමට සමාජ ගත වී ඇත. මෙවැනි සංකල්ප සමාජයෙන් තුරන් කිරීමට පැහැදිලි විද්යාත්මක ජන මතයක් ගොඩ නැගීම අත්යවශ්ය  වෙයි. ඒ සදහා සුදුසු ම ක්රමවේදය විධිමත් අධ්යාපනයෙන්  සිසුන් තුළ දැනුවත් බව ඇති කිරීම ය. මේ සදහා ප්රාථමික අවධියේ සිට ලබා දෙන දැනුම, ආකල්ප, කුසලතා  ඉතා වැදගත් ය.

ආහාර පිළිබඳ දැනුම, ආකල්ප, කුසලතා ලබා දීමේ වැදගත්කම

21 වන සියවසේ තුන්වන දශකයට පා තබා ඇතත්, පරිසරය ආශ්රිත ක්රියාකාරකම් විෂයයෙහි පරමාර්ථ කරා මුඵමනින් ළඟා වීමට  අපොහොසත් වී ඇත. එනිසා වර්තමානයේ දී බෝ වන රෝග අභිබවා බෝ නො වන රෝග  ඉස්මතු වී ඇත. බෝ වන රෝග සංස්කෘතිය යටපත් කිරීමට සෞඛ්යය අධ්යාපනය මනා පිටුවහලක් වූ අතර වැසිකිළි භාවිතයට හුරු කිරීම, පාවහන් පැළදීම, වැසිකිළි භාවිතය සහ ආහාර පිළියෙල කිරීමට පෙර සබන් යොදා දෑත් සේදීම වැනි සෞඛ්ය පුරුදු ජනගත කිරීමට සෞඛ්යය අධ්යාපනයට සහ මාධ්යයට හැකියාව ලැබුර්‍ණ. ආහාර පිළිබඳ සාධක බොහෝ  බෝ නොවන රෝග සදහා  හේතු වී ඇති බව වෛද්ය  මතයයි. පාසල් දරුවන්  නිවසේ පිළියෙල කළ ආහාර  වෙනුවට ක්ෂර්‍ණක, සෞඛ්ය ආරක්ෂිත නො වන අධික ලෙස ලූණු සහ මේදය  අඩංගු ආහාර මොනො සෝඩියම් ග්ලුටැමේට් (අජිනොමොටෝ)  වැනි රසකාරක බහුල, අනුමත නො කළ කෘතිම වර්ණ කාරක අඩංගු ආහාර පරිභෝජනය කිරීමට පෙලඹී ඇත. මෙම භාවිතය  පිළිබඳ  ශිෂ්ය අවබෝධය විධිමත් පාසල තුළින් ඉහළ නැංවීම මගින් ළමා මන්දපෝෂණය,  දියවැඩියාව, රක්තහීනතාව, පිළිකාව වැනි රෝග සමාජයෙන් තුරන් කිරිමට හැකියාව ලැබේ.

පාසල් යන වයසේ පසු වන වයස අවුරුදු 5-17 අතර සෑම දරුවන් දස දෙනකුගෙන් දෙදෙනකු ම මන්ද පෝෂණයෙන් පෙළෙන බව ලංකා පෝෂණ වෛද්ය සංගමය කියයි. දරුවන් අතර වයසට සාපේක්ෂ ව උස නොමැතිකම සහ කෘෂ බව (උසට නියමිත බර නොමැතිකම) ඉහළ යාම මෙන් ම, නව යොවුන් වියේ පසුවන දරුවන් අතර පවා රක්තහීනතාව සහ කෘෂ බව ඉහළ යාමට ඉඩ ඇති බැවින්, ඒ පිළිබඳ ව අතිශයින් සැලකිලිමත් විය යුතු ව තිබේ.

ආහාර පිළිබඳ දැනුම අවබෝධය භාවිතය වැඩි කිරීම සදහා යෝජනා

  • ප්රාථමික ශ්රේර්‍ණවල පරිසරය ආශ්රිත ක්රියාකාරකම් විෂයය, තේමා 16ක් යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලිය සිදු කරන අතර, මෙම තේමා අතරින් සෘජු ව ම ආහාර සමග සම්බන්ධ වනුයේ “අපේ ආහාර” යන තේමාව පමර්‍ණ. මීට අමතර ව ආහාර පාන පිළිබඳ ව තවදුරටත් පුළුල් සංකල්ප ලබා දිය හැකි පහත තේමා ද හඳුනා ගත හැකි ය.
  • මෙම අවධියේ දරුවන් තුළ බුද්ධිමය ක්රියාවලියේ විශේෂ දක්ෂතා රැසක් ම සංවර්ධනය වන නිසා දක්ෂතා වඩා ශක්තිමත් කර ප්රතිපෝෂණය කිරීමට අවශ්ය පදනම සකස් කිරීම ගුරුවරයාගේ කාර්යභාරයයි.
  • ශිෂ්යයන්ට සරල පරීක්ෂණ කර අත්හදා බැලීමට, නිර්මාණ කිරීමට, අවස්ථාව දෙන්න.
  • විද්යාව, සමාජ අධ්යයනය යන විෂයවල දී , න්යායාත්මක ඉගැන්වීමට පෙර ඒවා මතු කර ගැනීමට හැකි සුළු සුළු පරීක්ෂණ කරන්නට අවස්ථාව දෙන්න. විදුලි සීනු,  සරල මෙවලම්,  ආහාර පිසීම,  විවිධ කෑම වර්ග,  සරල අත හුරු වැඩ,  කඹ ඇඹරීම, කොහු බැදීම, පැළලි හැදීම, කලාත්මක නිර්මාණ කිරීම,  සිප්පිකටු,  පොල් ලෙලි ආදියට යොමු කරන්න.
  • දරුවන්ට දැනුම පමණක් ලබා දීම වෙනුවට ආහාර සංස්කෘතිය ඇති කිරීමට නූතන ප්රවණතා හා එක් වුණු “ දෙදා ෙැිඑසඩ්කි” වැනි අවස්ථා සම්පාදනය කිරීම
  • සෞඛ්ය ආරක්ෂිත ආහාර නිෂ්පාදනය කිරීම පිළිබඳ සජීවී අත්දැකීම් ලබා දීම, දේශීය ආහාර පිළිබඳ ප්රදර්ශන පැවැත්වීම, දේශීය ආහාර ඛෙදා හදා ගැනීම, වගා කිරීම, ප්රවර්ධනය කිරීම සදහා ප්රාථමික අධ්යාපන අවධියේ සිට වඩාත් තීව්ර ධනාත්මක ආකල්ප ඇති කිරීමට අධ්යාපන ප්රතිසංස්කරණවලින් අවශ්ය පසුබිම සකස් කිරීම.

ආර්. බී. අමිලා සංජීවනී

කළමනාකරු

ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය

ගලෙන්බිඳුණුවැව