
අද දින වේගයෙන් සංවර්ධනය වන තාක්ෂණික යුගයක, ව්‍යාපාරික ලෝකය අධික තරඟයකින් හා අඛණ්ඩව වෙනස් වන පරිසරයකින් යුක්තය. මෙවන් වාතාවරණයක ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යම මූලික ශක්තිය වන්නේ නවීන, විෂයග්රාහී සහ උදාහරණාත්මක අලෙවිකරණයකි. ව්‍යාපාරයක ජීවිත ලාභදායී කිරීම සඳහා අලෙවිකරණය යනු මූලික මෙවලමක් ලෙස සැලකේ.
අලෙවිකරණය යනු පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන, ඒවා සපුරාලීම සඳහා භාණ්ඩ හෝ සේවා නිර්මාණය කිරීම, ගෙවීම් සහ සන්නිවේදන ක්‍රියාවලියක් වන අතර, එය පාරිභෝගික හා ව්‍යාපාරික සබඳතා ගොඩනඟන නවීන ව්‍යාපාරික උපක්රමයකි. පැරණි ව්‍යාපාරික ක්‍රමවල මූලික අවධානය තිබුයේ නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය මත වන අතර, වර්තමානයේ එය පාරිභෝගික මනෝභාවය, අත්දැකීම් සහ සම්බන්ධතා මත අවධානය යොමුකරයි.
නිවැරදිව, නිර්මාණශීලීව, නවෝත්පාදනශීලීව සහ සංවේදීව ක්‍රියාත්මක වන අලෙවිකරණය මගින් ව්‍යාපාරයකට ඉතා විශාල වාසි ලබාදිය හැකිය. උදාහරණයක් ලෙස, කෝකා-කෝලා සමාගම “Share a Coke” ව්‍යාපාරික වැඩසටහන මඟින් පුද්ගල නම් සහිත බෝතල් නිකුත් කිරීමෙන් පාරිභෝගික සම්බන්ධතාව වැඩි කළේය.යුනිලිව(ර්) සමාගම “Lifebuoy” නමැති සත්කාරක සබන් ව්‍යාප්තිය සඳහා ග්‍රාමීය සෞඛ්‍ය ව්‍යාපෘති යොදා ගෙන නවෝත්පාදන දෘෂ්ටියක් ඔස්සේ වෙළඳපොළ දිනා ගත්තේය. තව ද නයික් සමාගම “You Can’t Stop Us” (ඔබට අපව නැවැත්විය නොහැක) වැනි සංවේදී සන්නිවේදන මඟින් සමාජ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමෙන් වෙළඳ නාමය සමාජමය වගකීමකින් යුතු බව පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM, 2023) පෙන්වා දෙන්නේ, සක්‍රිය අලෙවිකරණ උපායමාර්ග යෙදවූ සමාගම්වලින් 80%කට වඩා වැඩි ප්‍රතිශතයකින් වසරක් ඇතුළත ආදායම් වර්ධනයක් ලබා ඇති බවයි. එය පෙන්වා දෙනුයේ අලෙවිකරණය ව්‍යාපාරික වර්ධනයට කෙතරම් බලවත් බලපෑමක් විය හැකිද යන්නයි.
වයඹ විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයකදී, නවීන අලෙවිකරණ ක්‍රම සහ නව බෙදාහැරීමේ නාලිකා වන සමාජ මාධ්‍ය, ඉලෙක්ට්‍රොනික වෙළඳපොළ, ඩිජිටල් ඇප් මගින් ආදායම් වර්ධනයට දැඩි බලපෑමක් ඇති කළ බව ද වාර්තා විය.
විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය ආහාර, විලාසිතා හා සේවා කර්මාන්තවල සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන අලෙවිකරණ ක්‍රමවේද වඩාත් බලවත් බව දැකිය හැක. Facebook, Instagram වැනි ජාල හරහා දැන්වීම්, YouTube හි unboxing වීඩියෝ, සජීවී විකාශන වැනි ක්‍රියාකාරකම් මඟින් තරුණ පරපුර සමඟ වෙළඳ නාමයන්ට ශක්තිමත් සබඳතා බිහි කළ හැකිවී ඇත. Gunawardana (2020) සහ Fernando (2022) සනාථ කරන්නේ මෙවැනි අලෙවිකරණ ක්‍රමවේදයන් මඟින් පාරිභෝගික විශ්වාසය, වෙළඳ නාම බැඳීම හා නැවත මිලදී ගැනීමේ හැසිරීම් වර්ධනය වීමයි.
අලෙවිකරණය ව්‍යාපාරික ක්ෂේත්රයට අලුත් අවස්ථා විවෘත කිරීමෙන් පමණක් නොව, ආර්ථික වර්ධනය, සමාජීය වගකීම්, පාරිසරික සුරැකීම හා සදාචාරමය සන්නිවේදනය සඳහාද උපකාරී වේ.
එබැවින්, නවීන ව්‍යාපාරික ලෝකයේ අලෙවිකරණය යනු පාරිභෝගික සිත තුළ ස්ථාවරව පිහිටීම, වෙළඳ නාම වටිනාකම ගොඩනැඟීම සහ නව සන්ධිස්ථාන සෙවීම සඳහා ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය පෙර මගක් ලෙස සැලකිය යුතුය.
ඩි.ජි.ඩි. හංසමාලි
වාණිජ හා කළමනාකරණ පිඨය
ශ්‍රි ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය