“හදිසි ආපදා හා විපත් අවස්ථාවන්හි මානසික සෞඛ්‍ය සඳහා ප්‍රවේශය”2025 – ලෝක මානසික සෞඛ්‍ය දිනය 2025.10.10

ලෝක මානසික සෞඛ්‍ය දිනය මුල්වරට සමරනු ලැබුයේ 1992 දී ය. ලෝක මානසික සෞඛ්‍ය සංගමයේ උත්සාහයෙන් මෙම දිනය වෙන්කරගන්නා ලදී. මෙම දිනයේ අරමුණ වන්නේ ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපනය, පිළිගැනීම් සහ ආධාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමයි. එය මානසික සෞඛ්‍ය වෘත්තිය ක්ෂේත්‍රවේදීන්ට තම කටයුතු පිළිබඳ කතා කිරීමට සහ සමාජයේ මානසික සෞඛ්‍ය ප්‍රවනතාවයන් හදුනාගෙන සාකච්චා කිරීමට අවස්ථාවක් ලබා දේ. සෑම වසරකම මෙම දිනය විශේෂ තේමාවක් මත අවධානය යොමු කරයි, මෙවර තේමාව වන්නේ “හදිසි ආපදා හා විපත් අවස්ථාවන්හි මානසික සෞඛ්‍ය සඳහා ප්‍රවේශය” යන්නයි.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය පිළිබඳ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව රජයේ කැබිනට් මණ්ඩලය විසින් පසුගිය අගෝස්තු මස විසිපස් වනදා රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදනයක් ද වෙන් කොට ඇත. මෙවන් පසුබිමක් තුළ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ අප ආයතනය විසින් ඒක සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා කරනු ලබන පර්යේෂණ පිළිබඳව ඔබ දැනුවත් කිරීම මෙම පණිවුඩයේ අරමුණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍යයෙන් තොර සංවර්ධනයක් නැත. එසේම සෞඛ්‍යයෙන් තොර කායික සෞඛ්‍යයක් ද නැත එසේනම් රටක මානසික සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම සඳහා බිම් මට්ටමේ දත්ත ඉතාමත්ම වැදගත්ය. එවන් දත්ත නිර්මාණය වන්නේ පර්යේෂණ හරහා ය. අප ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරා මානසික සෞඛ්‍යයට අදාළ පර්යේෂණ රාශියක් සිදු කොට ඇත. අපේ පර්යේෂණ අරමුණු වල මූලික හරය වන්නේ ”පර්යේෂණ ජනතාවගේ යහපත සඳහා යොදා ගැනීමයි” මීට කදිම උදාහරණයක් වන්නේ 2007 වර්ෂයේදී අප පැවැත් වූ දීප ව්‍යාප්ත ව නියැදි දසදහසක් යොදාගෙන කරන ලද පර්යේෂණයයි. එයට අනුව ශ්‍රී ලංකාවේ 10% ජනගහණය මොනයම් හෝ මානසික සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙන අතර එය බරපතල තත්වයකි. විශාදිය හෙවත් මානසික අවපීඩනය නම් රොගයෙන් පෙළෙණ ප්‍රතිශතය 2%කි. මෙම දත්ත පිළිබඳ ව පසුගියදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්අෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් ද සටහන් කරන ලදී.

මේ ආකාරයටම මාතෘ විෂාදිය පිළිබඳ අප ආයතනය විසින් ගැඹුරු මට්ටමේ පර්යේෂණ කොට ඇති අතර ඊට අදාළව මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා ”අඳුරු වලා බිඳ” නමින් පැය භාගයක වාර්ථාමය ටෙලි නාට්‍යක්ද ද නිර්මාණය කරන ලදී. https://www.youtube.com/watch?v=KdRj1ixSS5o&t=1432s මෙම සබැදියෙන් එය නැරබිය හැක. මේ ආකාරයටම මේ වනවිට ගාල්ලේ දකුණු පළාතේ මුල් වරට ඇතිවන මානසික විකෘතිය පිළිබඳ ව්යාපෘතියක්ද කෙරෙමින් පවතී. මේ සියල්ල දෙස බැලීමේදී අප ආයතනය විසින් තීරණාත්මක පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කොට ඇති අතර ඒවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා අනුබද්ධව ජනතාවට සේවා සැපයීම සඳහා යොමුකරමින් පවතී.

නොවැම්බර් මස නම වන දා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාකස් ප්‍රනාන්දු දේශනය සඳහා තෝරාගෙන ඇත්තේ ද අප ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතාවය. පසුගිය අවුරුදු විසි පහක් පුරා අප ආයතනය විසින් කරන ලද පර්යේෂණ පදනම් කොට ගෙන එය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති මාලාවට අනුකූල වන ලෙසින් මෙම දැනුම යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ව එතුමා විසින් එම දේශනය පවත්වනු ඇත. මෙහිදී අප මතුකිරීමට උත්සාහ කරන්නේ දැනට තිබෙන සංඛ්‍යා ලේඛන 2007 වර්ෂයේ අප ආයතනය විසින් කරන ලද පර්යේෂණ මත පදනම් ව සකස්කල ඒවා බව මෙන්ම ඒවා මේ වනවිට අවුරුදු 18 කින් කල් ඉකුත්ව ඇති අතර නැවතත් එවන් දීප ව්‍යාප්ත මානසික සෞඛ්‍ය සංගණනයකට කාලය එළඹ ඇති බවය. තවද මානසික සෞඛ්‍ය ප්‍රවර්යර්ධනය කිරීමෙහිලා රජයට පමණක් මැදිහත් විය නොහැකිය අතර ඒ පිළිබඳ ජනතාව ද සහභාගි විය යුතුයි යන්න අප පර්යේෂණ ආයතනයේ එක් තේමාවක් වන්නේ ය.

පර්යේෂණ සඳහා ජනතාවගේ සක්‍රීය සහභාගිත්වයේ ඇති වැදගත්කම මෙන්ම මේ සියල්ල සලකා බලා මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වන ලෙසත් ඒ කටයුතු සඳහා ආධාර අනුබල දෙන ලෙසත් එම පර්යේෂණ දත්ත හරහා සේවා සැපයුම් ලබා දීමට පෙළ ගැසෙන ලෙසත් අප ප්‍රතිපත්ති සම්පාදකයන් ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. මෙහිදී සුවිශේෂත්වයන් සඳහන් කළ යුතුව ඇත්තේ මෙවර තේමාව වන’ හදිසි ආපදා සහ විපත්වලදී මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී 2024 වර්ෂයේ සුනාමියෙන් පසු අප මෙම දීප ව්‍යාප්ත සංගණනයක් කිරීමත් කොවිඩ් අර්බුදය වැනි කාලවලදී පවා මානසික සෞඛ්‍ය පිළිබඳව අප ආයතනය විසින් කරන ලද කාර්ය භාරයා හුවා දැක්වීමයි.

මේ පිළිබදව වැඩි තොරතුරු දැනගැනීම සඳහා https://ird.lk/ අප වෙබ් අඩවිය වෙත ගොස් කරුණු සොයා බැලීමට අප ඔබට යෝජනා කරමු.

IRD මාධ්‍ය අංශය