
දරුවනට තමන්ගේ හැඟීම් වචනයෙන් ප්‍රකාශ කිරීමට අපහසු විය හැක. එහෙත් චිත්‍ර හරහා එය කළ හැක. තවත් සමහර දරුවන් තම වේදනාව සෙල්ලම් බඩු හරහා තුනී කර ගනී. මෙම මතය අප ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවට මින් පෙර බලපෑ සුනාමි ව්‍යසනයේදීත්, තිස් වසරක යුද්ධයේදීත්, කොවිඩ් වසංගතයේ දීත් අප බිම් මට්ටමෙන් ලද අත්දැකීම් හරහා ය. මෙම ක්‍රියාකාරකම් වලින් දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අපට දැඩි මනෝ සමාජීය සත්කාරයක් සිදුකල හැකි බව අප අද්දැකීමෙන් දනිමු.
අපේ ආයාචනය:-
කොළ/චිත්‍ර කඩදාසි, පාට කූරු, පැන්සල්, වයසට ගැළපෙන සෙල්ලම් බඩු ආරක්ෂිත ස්ථානවල හුදෙකලා වූ දරුවන් වෙත හැකිතාක් ලබාදෙන ලෙස ආයාචනා කරමු. මේ හරහා දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අපට දැඩි බලපෑමක් සිදුකල හැකිබව අප ලද අද්දැකීම් හරහා දැඩිව විශ්වාස කරමු.
සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ
පර්යේෂණ හා සංවර්ධන ආයතනය වෙනුවෙන්
අධ්යක්ෂ, මනෝ වෛද්‍ය චිකිත්සක,
මහාචාර්ය අතුල සුමතිපාල.
2025-11-30
